• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මවුපිය තරු උරුමයට බාල්දිය දැම්ම කන්ගනා

June 27, 2020
in Heart
Reading Time: 2 mins read
A A
මවුපිය තරු උරුමයට බාල්දිය දැම්ම කන්ගනා
Share on WhatsAppShare on Facebook

එක්දහස් නවසිය පනස් ගණන්වල සිටම උතුරු ඉන්දියානු සිනමාවේ සුපිරි තරු බිහිවූයේ වැඩිහරියක්ම ‘බූදල්’ විලාසිතාවට අනුවය. ඒ සඳහා ඉතාම පැහැදිලි නිදසුනක් වන්නේ, කපූර් පරම්පරාවය. නර්ගිස් දත් සමඟ සොඳුරු පෙම් පලහිලව්වකට මැදිව හුන් රාජ් කපූර්ට ප්‍රේක්‍ෂකයන් සැලකුවේ දේවත්වයෙනි. එකී ඇදහීම හරහා රාජ් කපූර් වියපත්ව යන විට ඔහුගේ පුත්‍ර සමාගම ඉන්දියානු සිනමාව පුරා සිය අණසක පතුරවන්නට විය.
රන්බීර්, ශෂී, රිෂී යන තුන් කට්ටුවට පියාගේ ආභාසය මත තැනුණු ගෞරවය තුරු රෑනට එක්වීමේ වාසනාව උදාවිය.

ඒ යුගයද කෙමෙන් ගෙවී යන විට ඔවුන්ගේ දූදරුවන්ද, සිය පියවරුන්ගේ ආකර්ෂණය මත සිනමාවට පිවිසිණි. ඒ නියෝජන තුළ කරන් කපූර්, කරීනා කපූර්, කරිෂ්මා කපූර්, තුෂාර් කපූර් සහ රන්බීර් කපූර්ද පියවරෙන් පියවර ඉන්දියානු හින්දි සිනමා අංගණය තුළ සිත්සේ රැඟූහ. එවකට කිසියම් පුවත් කලාවේදියකු විසින් ප්‍රකාශ කර තිබුණේ හින්දි සිනමාව කපූර්ලාගේ තෝ තැන්නක්ම පමණක් බවය. එම ලිපියෙහි සිරස්තලය සඳහා ඔහු භාවිත කොට තිබුණේ ‘ඉන්දියානු සිනමාව සහ කපූර් කන්ධාන්’ යන වචන පෙළය. කන්ධාන් යන්නෙහි අරුත ‘පෙළපත’ යන්නය.
ඒ කපූර්ලාගේ කතාවය.

බූදල් විලාසිතාවට හින්දි සිනමාවට පැමිණෙන තරු ක්‍රමය තවමත් බච්චන්ලාගෙන් පසුවද අද වන තෙක්ම දීපව්‍යාප්තව ඇත. කපූර්ලාගේ සම්බන්ධයක් නොවුණාට ඔවුන්ද මවුපිය තරු ක්‍රමයට පැමිණි දූපුතුන්ය.

අනිල් කපූර්ගේ සුන්දර දියණිය වූ සෝනම් කපූර්ද මහේෂ් බාට් හරහා පූජා බාට්ගෙන් පසුව ආලියා බාට්ද සයිෆ්ගේ දූ සාරා ඛාන්ද, ශ්‍රී දේවි සහ බොනී සුසංයෝගයෙන් පාව ආ ජාන්වී කපූර්ද, චින්කි පාන්ඬේගේ දූ අනන්‍යා පාන්ඬේද, ඬේවිඞ් ඛන්‍ාන්ගේ පුත්‍ර, කඩවසම් කොලු ගැටයකු වූ වරූන් බවාන්ද ඒ අතර කිහිපදෙනෙකි.
මේ අතර කතා නොකරම බැරි තවත් එක් සුපිරි මිනිසකු වන්නේ කරන් ජොහාර්ය. කරන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ යාෂ් ජොහාර්ගේ පුත්‍රරත්නයයි.
සත්තකින්ම මේ කියන බූදල් තරු ක්‍රමයට කිසිවකුගෙන් බාධාවක් නොවීය. ඔවුහු රිසි සේ සිය රාජ්‍යයන් පිහිටුවාගෙන රජ කළහ.
මඳකට සිතා බැලුවහොත් ඇත්තෙන්ම එහි වරදක් වෙයිද?

වත්මන් සුපිරි තාරකාවක ලෙස කාගෙත් කතාබහට ලක්ව සිටින කන්ගනා රහනාවුත් නම් කියන්නේ මෙම මවුපිය තරු ක්‍රමය අසාධාරණ බවය. කොටි දෙනක මස් කුට්ටියක් ‘ගොදුරකට’ නිතර කුරුමානම් අල්ලන කන්ගනා බාල්දියක් පෙරලීම සඳහා කාව හෝ ඉලක්ක කොට ගන්නේ අහේතුකවය.

පෙරළිකාර, නිර්භීත, මේ ලස්සන තරුණිය කියා සිටින්නේ උතුරු ඉන්දීය සිනමාව තුළත්, දූර දර්ශන් වැනි රූපවාහිනී සේවාවල විකාශනය වන රියැලිටි වැඩසටහන් මෙහෙය වීමට වාගේම චිත්‍රපට අධ්‍යක්‍ෂණය සඳහාත් මවුපිය තරු ක්‍රමය අහෝසිකර පිටස්තරයනට තැන දිය යුතු බවය.
කන්ගනා ‘වහෙන් ඔරෝ’ තාලෙට දොස් නඟා තිබුණේ, මූලිකවම ‘කරන් ජොහාර්ව’ කේන්ද්‍රකොට ගෙනය.

‘ඔබ කරන් ජොහාර්ට විරුද්ධව නිතර වචන පාවිච්චි කරන්නේ ඇයිදැයි’
මාධ්‍යවේදියකු පසුගිය දිනෙක කන්ගනාගෙන් ඇසූ මොහොතක කන්ගනා ඊට දුන් පිළිතුර ඕනෑවට වඩා උණුසුම් විය.
කරන් ජොහාර් හරි ලොකු මිනිහෙකැයි ඔබ සිතනවාද? කරන් ඔහුගේ අසුන අටවාගෙන සිටින්නේ සිය තාත්තාගේ නම උඩයි.
කරන්ගේ චිත්‍රපට තුළද පෙන්වන්නේ ඉතා හිස් ආටෝපයන් පමණයි. රාජ වංශයේ කතා පුවත් සහ ලේ හැලීම් මිස ඔහුට ආවේණික වෙනත් රසයක් නැහැ. ‘යාශ් ජොහාර්’ මහත්තයා නොසිටින්නට කරන් ජොහාර් ගැන දන්නා කිසිවකු ඉන්දියාවෙහි කවදාවත් නොසිටින්නට තිබුණා මම හිතන්නේ.

කන්ගනා කරන් ජොහාර්ට සේම ආලියාට සහ සෝනම් කපූර්ටද චෝදනා කර තිබිණි. එයට හේතුව වූයේ, කරන් ‘කොෆි විත් කරන්’ වැඩසටහනට සෝනම්ව සහ ආලියාව ගෙනැවිත් කළ කදිම රංගනයයි. ඔවුන් එතැනදී ‘මවුපිය තරු ක්‍රමය මත බිහිවූ’ ලස්සන කෙල්ලන්, කොල්ලන් ගැනය. ඒ අපූරු වැඩසටහන බොහෝ අය විසින් නරඹා තිබිණි.

‘කන්ගනා කියන්නේ කා සමඟ හෝ ඇමිණෙන්නට බලා සිටින බාල්දි කොක්කක්, කොහොමත් ඈ මා සමඟ තරහයි. කෝපි එකක් බොන්නට මා සමඟ එක්වන්නට කියා මම ඇයට ආරාධනා නොකරපු ද්වේශයට ඈ මට මඩ ගහනවා.’

කන්ගනා දෙඩූ අවිනීත කතාවට කරන් එසේ පිළිතුරු දුන්නේ ඉතා සන්සුන්වය.
හොඳ නිර්මාණ කරන්නට පුළුවන්, බොහෝ තරුණ කෙල්ලන්, කොල්ලන් ඉන්දියාවේ අහුමුලුවල ඕනෑ තරම් සිටියදී මවුපිය උරුමයට තරු පොකුරු ඇතිකිරීම නව නිර්මාණ බිහිවීමේ සියලු මංපෙත් වසා දමන බව කන්ගනා රනාවත් පුන පුනා කියන්නීය.

කරන් ජොහාර්ගේ නිර්මාණ විලාසිතා රටාව වෙනස් කළ යුතු නම් එය කෙසේ වෙනස් විය යුතු බව දැයි ඔබ කියන්නේ, යි.
කන්ගනාගෙන් සිනමා විචාරකයකු ඇසූ මොහොතේ,

‘එවැන්නක් මට අදාළ නැහැ, ඔහුව වෙනස් කිරීමට මම ඔහුගේ කවුද? වෙනස් විය යුත්තේ ඔහුයි. කරන් ජොහාර් චිත්‍රපට තැනිය යුත්තේ ‘යාෂ් ජොහාර්’ මහතාව අනුස්මරණය කිරීමට නොවේ. ඔහු චිත්‍රපට තැනිය යුත්තේ, තමාට අලුත් යමක් කළ යුතු බව ප්‍රේක්‍ෂකයාට පෙන්වීමටය.’
යනුවෙන් ඈ එයට පිළිතුරු දී තිබිණි.

මවුපිය උරුමය හරහා තරු වූ දූ පුතුන් දෙස බලන්න. ඔවුන් හැම අයකු තුළම වන්නේ තම මවුපියන්ගේම අනුරුවයි. අනුකරණයක මිස අනුගමනයක් ඔවුන් තුළ නැහැ.

ඇතැම් විට මා මේ කතා කරන කාරණය තුළ තව බොහෝ දෙනකු විමසිලිමත්වනවා වන්නට පුළුවන්. සමහර දිනෙක කන්ගනා රනාවත් ලෙස මා දුන් මේ ආරම්භය ඔවුනට උත්තේජනයක්ද විය හැකියි.

කන්ගනා නම් වූ මේ සුපිරි පුලාන් දේවිය පවසන කාරණය සමහර විට ඇත්තක් විය නොහැකි යැයි සිතන්නට බැරිය.
බොහෝ විට බොහෝ මිනිසුන් කතා කළයුතු බොහෝ දේ කිසිවකුගේ අවුලවාලීමක් එළිදැක්වෙන තුරු සඟවාගෙන සිටිති.

පාරම්පරිකව පැවැත එන මවුපිය උරුමය සහිත තරු විලාසිතාව ගැන කන්ගනා සිය සිතැඟි චෝදනාවක් කොට පුපුරවා හැරියාය.
ඊළඟට කුමක් විය හැකිද?
එය නම් කියන්නට දන්නේ නැත.
දන්නේ එකකි. ඒ, කන්ගනා රනාවත්, නම් පෙරළිකාර, සුන්දර මිනිස් බෝම්බය ලෙහෙසියෙන් කිසිවක් අතහැර නොදමන බවය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ආසියාවේ ලොකු ඇතින්නගේ පිටෙන් පැන්න නදීෂා

Next Post

යහපාලන ආණ්ඩුව බැංකුවලට කරපු දේවල් හොයන්න තවත් කොමිසමක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.