නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක් තමයි රනිල් කුලසිංහ කියන්නේ. ඉතින් ඔහුගේ එකම සිහිනයක් වුණේ අධ්යක්ෂවරයකු වීමට. ඒත් ඊට කලින් ඔහුව බොහෝ දෙනකු දැන හඳුන ගත්තේ රංගන ශිල්පියකු ලෙසය. ‘දූවිලි මල්’ ටෙලිනාට්‍යය හරහා. ඔහු රඟපෑ ඒ චරිතයෙන් බොහෝ දෙනෙක්ගේ කතාබහාට ලක්වුණා. ඔහු පසුකාලීනව ‘පුරි’ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින් අධ්යක්ෂණයටද පිවිසුණා. මේ දවස්වල ‘පානාමංකඩ’ ටෙලිනාට්‍ය වෙනුවෙන් ඔහු සූදානම් වන බව අපට ආරංචි වුණා. ඒ පිළිබඳ දැනගැනීමට අපි රනිල් සමඟ කතා කළා.
රනිල් ඔබ දැන් රඟපෑමෙන් මිදිලා අධ්යක්ෂණයට දක්වන නැඹුරුව වැඩි වගේ?
මම නළුවෙක්. කලින් මගේ හීනයක් තිබුණේ අධ්යක්ෂවරයකු වීම තමයි. එය පහසු කටයුත්තක් නොවේ. ඒත් මම ජීවත් වුණු වටපිටා පරිසරයත් එක්ක මට අධ්‍යක්ෂණය පැත්ත ගැන යම් දැනීමක් තිබුණා. හොඳ නිර්මාණයකින් ආරාධනාවක් ලැබුණොත් රඟපානවා.
පසුගියදා ඔබ තවත් වැඩකට මුලපිරුවා. එය ගැන කතා කළොත්?
මම නිර්මාණය කරන හතර වැනි ටෙලිනාට්‍ය තමයි ‘පානාමංකඩ’ ටෙලිනාට්‍ය. ජූලි මාසයේ සිට රූපගත කිරීම් සිදුවෙනවා. කල්තොඩ ආශ්‍රිතව ප්‍රදේශයක තමයි පානාමංකඩ ටෙලිනාට්‍ය රූපගත කිරීම් සිදුවන්නේ.
‘පානාමංකඩ’ ටෙලිනාට්‍යය හරහා ඔබ කීමට උත්සාහ කරන්නේ මොනවගේ තේමාවක්ද?
අපේ දේශීය උඩරට නර්තන කලාව ආශ්‍රිතව තමයි පානාමංකඩ ටෙලිනාට්‍ය හරහා මම කතා කිරීමට අදහස් කරගෙන තිබෙන්නේ.
ඔබේ ආදරණීය බිරිය මේනකා පීරිස් දක්ෂ නර්තන ශිල්පිනියක්. ඒ නිසාමද එවැනි නිර්මාණයක් කිරීමට අදහස් කළේ?
ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් බව ඇත්ත. නමුත් පානාමංකඩ ටෙලිනාට්‍යයේ ගුරුන්නාන්සේ කෙනෙක් ආශ්‍රිතව තමයි කතා කිරීමට උත්සාහ කරන්නේ.
ඔබේ නිර්මාණවල මේනකට විශේෂ තැනක් හිමිවෙනවා නේද?
එහෙම විශේෂ තැනක් නැහැ. නමුත් ඇය දක්ෂ රංගන ශිල්පිනියක් බව කවුරුත් දන්නවා. ඇයට සුදුසු චරිතයක් මගේ නිර්මාණවල තිබුණොත් ඒ අවස්ථාව ඇයට දීමට පැකිලෙන්නේ නැහැ මම.
අද බහුතරයක් නිර්මාණ හදමින් ඔවුන්ගේ නිර්මාණවල අධ්‍යක්ෂණයත්, ප්‍රධාන චරිතයත් රඟපානවා. ඒත් ඔබ එයින් බැහැර වීමට හේතුව?
මට රඟපාන්න ඕනෙ නම් වෙනත් නිර්මාණවලින් ලැබෙන ආරාධනා එක්ක මම රඟපානවා. නමුත් මම කරන නිර්මාණයක මම ර`පාන්නේ නැහැ. අධ්‍යක්ෂණය කියන්නේ 100% උපරිම කැප කිරීමකින් කළයුතු වගකීමක්. මම එයට උපරිම කැපවීමට තමයි උත්සාහ කරන්නේ.
වසන්ත විතාරණගේ











