සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද කරුණා අම්මාන් ගැන කතා කළද එදා සජිත්ගේ පියාණන් වූ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා කොටි සංවිධානයට ආයුධ පවා ලබා දුන් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය.
ඊයේ (24) මැතිවරණ වේදිකාවේ අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව සදහන් කර සිටියේය.
කරුණාගේ ඉතිහාසය මුලු ලංකාවටම රහසක් නොවන බවද අගමැතිවරයා එහිදී සදහන් කළේය.










