තම පියාණන් එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24) දින සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දීමට අද (25) දිනයේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගත්තේය.
එහිදී ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියේ තම පියාණන්ට චෝදනා එල්ල කරන අගමැති මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේදී ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම සදහා එල්.ටී.ටී.ඊ සංවිධානයට මුදල් ලබා දීමට පියවර ගත් බවකි.
එහිදී ඔවා දෙනු පරහට- තමා සම්මතයේ පිහිටා සිට යන වදන සිහිපත් කළ ප්‍රේමදාස මහතා අනුන්ට චෝදනා කිරීමට පෙර තමන් යහපත් චරිතයේ පිහිටා සිටිය යුතු බවද සදහන් කර සිටියේය.










