තමා කොරෝනා වෛරසයට වඩා භයානක වන අතර කොරෝනා වෛරසයෙන් පුද්ගලයින් 9 දෙනෙකු පමණක් මිය ගියත් තමන් අලිමංකඩදි එක රැයකදි දෙදහසත් තුන්දහසත් අතර හමුදාවක් මරා දැමු බවට කර තිබූ සදහන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා අද (25) කරුණා අම්මාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
මෙම ප්‍රකාශයට අදාළව කරුණා අම්මාන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙස ඔහුට පසුගිය ජූනි මස 23 වන දා දැනුම් දී තිබුණි.
ඒවැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ආරම්භ කළ පරික්ෂණයට අදාළවයි.
නමුත් ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට නොහැකි බව කරුණා අම්මාන් සිය නිතීඥයින් මාර්ගයෙන් එදින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වෙත දන්වා තිබුණි.










