• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සිංහල සිනමාව ගිනිගත්ත සනෝජාගේ මංගල තෑග්ග

June 27, 2020
in Heart
Reading Time: 1 min read
A A
සිංහල සිනමාව ගිනිගත්ත සනෝජාගේ මංගල තෑග්ග
Share on WhatsAppShare on Facebook

සිනමාව, ටෙලි නාට්‍ය සහ වේදිකාව යන අංශ තුනෙන්ම එක වගේ දක්ෂතා පෙන්නපු කලාකරුවෝ රැසක් අපේ රටේ ඉන්නවා. ඒත් අපේ රටේ ඒ අංශ තුනම එක වගේ ජය ගත්ත කලාකාරිනියෝ ඉන්නේ අතලොස්සයි. සනෝජා බිබිලේට ඒ අතර හිමි වන්නේ ප්‍රධාන තැනක්. ක්ෂේත්‍රයට පැමිණි දවසේ ඉඳන් අද වෙන තෙක්ම සිනමාව, ටෙලි නාට්‍ය සහ වේදිකාව කියන අංශ තුනෙන්ම එක වගේ ජනප්‍රියත්වය රැක ගන්න ඇය සමත් වෙලා තියෙනවා. ඒ අතරේ සනෝජා බිබිලේ සහ වීනා ජයකොඩි කියන ප්‍රවීණ නිළියන් දෙදෙනා මීට කාලෙකට කලින් රඟපෑව චිත්‍රපටයක දර්ශන පෙළකුත් පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සේ ජනප්‍රිය වුණා. ඒ හැම දේම ගැන කතා කරන්නත් එක්ක, අපේ රටේ කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අතීත තොරතුරු හොයා ගෙන යන ගමනේ තවත් පියවරක් විදියට සනෝජා බිබිලේ හොයා ගෙන යන්න අපි තීරණය කළා.
මං හිතන්නේ ඔබ සිනමාවෙන් තමයි මුලින්ම කලාවට යොමු වෙන්නේ.?
නැහැ. මම මුලින්ම කලාවට යොමු වෙන්නේ වේදිකාවෙන්. ඒ “මාෂා සහ ශේන්” කියන වේදිකා නාට්‍යයෙන්. ඊට පෙර පාසල් වේදිකාව හරහා මට රංගනය ගැන අවබෝධයක් ලැබිලා තිබුණා. කොහොම වුණත් මම සිනමාවට සම්බන්ධ වෙන්නේ නම් ඉතාම අහම්බයකින්.
අපි ඒ ගැන මතකය අවදි කරමු?
මාව ආසියානු රූ රැජින තරගය සඳහා තේරුණු වෙලාවේ සුනේත්‍රා පීරිස් මහත්මිය තමයි මුලින්ම චිත්‍රපටයක් සඳහා මට ආරාධනා කළේ. නමුත් ඇයගේ චිත්‍රපටය සමඟ සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණේ නැහැ. ඊට පස්සේ මම කැලණියේ යාළුවකුගේ ගෙදර ඉන්න වෙලාවක අහම්බයකින් තමයි “ජය ශ්‍රී මංගලම්” චිත්‍රපටය සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාව හිමි වෙන්නේ. මාව හම්බ වුණු මර්වින් සිල්වා සහ ජෝ මයිකල් මහත්වරු විජය එක්ක රඟපාන්න කැමැතිද කියලා මගෙන් ඇහුවා. ඇත්තටම මම ඒ වෙද්දී සිනමාව ගැන කිසි දෙයක් දැන ගෙන හිටියේ නැහැ. කොහොමහරි මට ඒ චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැබුණා. නමුත් අවාසනාවකට ඒ චිත්‍රපටය අද වනතුරු ප්‍රචාරය වුණේ නැහැ. ඊට පස්සේ “ජය කොතැනද” චිත්‍රපටය සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒක තමයි රන්ජන් රාමනායකගේ පළමු චිත්‍රපටය. ඊළඟට “මංගල තෑග්ග” චිත්‍රපටය සඳහා මට අවස්ථාව ලැබෙනවා. එහිදී මට නැඟී එන නිළිය සඳහා සම්මාන හිමි වෙනවා. මංගල තෑග්ගෙන් තමයි මාව බොහෝ දෙනෙක් අඳුන ගත්තේ.
සනෝජා බිබිලේ ටෙලි නාට්‍ය සඳහා සම්බන්ධ වෙන්නේ ඒ ජනප්‍රියත්වය හින්දද?
නැහැ. මම ටෙලි නාට්‍ය සඳහා සම්බන්ධ වෙන්නෙත් චිත්‍රපට සඳහා මුලින්ම සම්බන්ධ වුණු කාලෙදිමයි. ධම්ම ජාගොඩ මහත්තයාගේ “මිහිකත දරුවෝ” තමයි මගේ මුල්ම ටෙලි නාට්‍ය. ඊට පස්සේ චන්ද්‍රරත්න මාපිටිගමයන්ගේ “ඉරට හඬන මල්” සමඟ සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙනවා.
රංගනයට සම්බන්ධ වුණු මුල්ම කාලේ මුහුණ දුන්නු අමතක නොවන සිදුවීම් ගොඩක් ඇති?
ඒ වගේ සිදුවීම් ගොඩක් තියෙනවා. ජය ශ්‍රී මංගලම් චිත්‍රපටයේ මුල්ම දර්ශනය තිබුණේ කැලණියේ පෙට්‍රල් ෂෙඞ් එකක් ළඟ. විජයව හැමෝම දන්නවා වුණත්, ඒ වෙද්දී මාව කවුරුවත් දන්නේ නැහැ. මේකෙ ප්‍රධාන නිළිය කවුද කියලා රූගත කිරීම් බලන්න ආව අය මගෙන්ම ඇහුවා. පස්සේ විජය තමයි බලන් හිටිය අයට කිව්වේ මේක ප්‍රධාන නිළිය මම කියලා. ඒ වගේම ඒ චිත්‍රපටය අතරෙදි තව දෙයක් වුණා. ඒ කාලේ මට ඩ්‍රයිවින් බැහැ. ඒත් මට ඩ්‍රයිවින් බැහැ කියලා මම කාටවත් කිව්වේ නැහැ. චිත්‍රපටයේ එක් දර්ශනයක් තිබුණා මට වාහනයක් පදවන්න. බැරි වැඩ කරන්න ගිහින් එතැනදි මට අනතුරකුත් වුණා. ඒ වගේම මංගල තෑග්ග චිත්‍රපටයේ මම රඟපෑවේ ගණිකාවකගේ චරිතයක්. එහි එක් දර්ශනයක් සඳහා උඩුකය නිරුවත් වෙන්න ඕනෑ කියලා අධ්‍යක්ෂ මට කිව්වා. රංගනයේදී ඒක කරන්න ඕනෑ විදිය ගැන මට අවබෝධයක් තිබුණේ නැහැ. ඒ හින්දා මට බැහැ කියලා මම ගෙදර ගියා. පස්සේ ඒ අය ඇවිත් මට තේරුම් කර දුන්නට පස්සේ තමයි මම නැවත රඟපාන්න කැමැති වුණේ. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා.
“මංගල තෑග්ග” චිත්‍රපටය ඒ දවස්වල ලොකු සමාජ කතාබහක් ඇති වුණා. ඊට පස්සේ කාලෙක ඔබ සහ වීණා ජයකොඩි එකට රඟපෑ “සුර යහන ගිනිගනී” චිත්‍රපටයත් ලොකු ආන්දෝලනයක් ඇති කළා. ඒ ගැන කතා කළොත්?
ඇත්තටම සුර යහන ගිනි ගනී චිත්‍රපටය ඒ කාලේ ඔය තරම් ලොකු ආන්දෝලනයක් ඇති කළේ නැහැ. ඒ වෙද්දී මං වගේම වීණා ජයකොඩි මහත්මියත් චිත්‍රපට විශාල ප්‍රමාණයක් රඟපාලා තිබුණේ. මං හිතන්නේ ඊට වැඩිය ලොකු ආන්දෝලනයක් “මංගල තෑග්ග” චිත්‍රපටය නිසා ඇති වුණා. ඒකෙදි සමහරු මට බැනපු අවස්ථා පවා තිබුණා. නමුත් සුර යහන ගිනි ගනී තිරගත වෙද්දී ඒ වගේ තත්ත්වයක් ඇති වුණේ නැහැ. නමුත් පසුගිය කාලයේදී ඒ චිත්‍රපටයේ දර්ශන අන්තර්ජාලයට එකතු කරලා තියෙන බව මාත් දැක්කා. දැන් ඒවගෙන් වැඩක් නැහැ කියලයි මම හිතන්නේ. මොකද කාන්තාවක් වරදකට යොමු වෙන්නේ කොහොමද කියන එකයි අපි ඒ චිත්‍රපටය හරහා කතා කළේ. ඒක තවත් එක චිත්‍රපටයක් විතරයි. ඒ වගේම ඒක ඉතාම හොඳ කතාවක් රැගත් චිත්‍රපටයක්.
විවිධාකාරයේ චරිත හරහා රසිකයන්ගේ ආදරය දිනා ගත්ත සනෝජා බිබිලේ එක්තරා කාලයකදී හාසf්‍යා්ත්පාදක නිළියක් විදියට අතිශය ජනප්‍රිය වුණා.?
ඔව්. ඒ නෝනාවරුනි මහත්වරුණි ටෙලි නාට්‍ය හරහා. ඇත්තටම ඒක මට ලොකු අභියෝගයක් වුණා. මොකද විජය නන්දසිරි, රොඞ්නි වර්ණකුල වගේ හාසf්‍යා්ත්පාදනයේ ප්‍රබලයෝ තමයි ඒ නාට්‍යයට එකතු වෙලා හිටියේ. ඉතිං ඒ අභියෝගය මම බාර ගත්තා. ඇත්තටම මිනිස්සු හිනස්සන එක ලේසි වැඩක් නෙවෙයි. මම විජය නන්දිසිරිගෙන් ඒ ගැන ඉතාම සියුම්ව ගොඩක් දේ ඉගෙන ගත්තා. ඒ හරහා ඒ අභියෝගය ජය ගන්න මට පුළුවන් වුණා. ඇත්තටම එහි මාලි නන්දනීගෙ චරිතයට මිනිස්සු තාම ආදරෙයි. මම කළු චරිත ගොඩක් රඟපෑව නිළියක්. ඒත් නෝනාවරුණි මහත්වරුණි හරහා කළු චරිතවලින් ඇති වෙලා තිබුණු ප්‍රතිරූපය වෙනස් වුණා. එතැනින් පස්සෙත් මම කළු චරිත රඟපෑවා. නමුත් මිනිසුන්ගේ ආදරය දිනා ගන්න චරිතයකින් ලැබෙන සතුට ඒ හරහා ලැබෙන්නේ නැහැ.
සනෝජා බිබිලේගේ වර්තමාන කලා දිවිය මොන වගේද?
එරංග සේනාරත්නගේ චිත්‍රපටයක වැඩ කටයුතු අවසන් කළා. ඒ චිත්‍රපටය ඉදිරියේදී විකාශනය වේවි. ඒ වගේම ජයසේකර අපොන්සුගේ ටෙලි නාට්‍යයක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා.
චිත්‍රපට නිෂ්පාදනයට අත ගහන්න ගිහින් සිද්ධ වුණු අකරතැබ්බයක් ගැනත් අපිට දැන ගන්න ලැබුණා. අවසන් වශයෙන් ඒ ගැන කතා කළොත්?
ඔව්. ලංකාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන පද්මසිරි කොඩිකාර මහත්තයා මට අඳුන්වලා දුන්නු කෙනෙක් හින්දා මම ලොකු අමාරුවක වැටුණා. එතුමාගේ වචනය හින්දා මම නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වුණු චිත්‍රපටයක තිර පිටපත ලිවීම කෙනකුට බාර දුන්නා. ඇත්තටම ඔහුත් රටම දන්න කෙනෙක්. නමුත් ඔහු මට විශාල මුදල් වංචාවක් සිදු කළා. ඒ හින්දා ඒ චිත්‍රපටයේ වැඩ කටයුතු නතර වෙලා තියෙන්නේ. පොලිසි ගිහින් ඒ සල්ලිවලින් බාගයක් ගත්තත්, මුළු මුදල ගන්න තවම පුළුවන් වුණේ නැහැ. ඇත්තටම ඒ චිත්‍රපටය හරහා සම අධ්‍යක්ෂවරියක් විදියටත් කටයුතු කරන්න මගේ බලාපොරොත්තුවක් තිබුණා. මොකද කලාවෙන් ඉගෙන ගත්ත දෙයින් ඒක පෝෂණය කරන එක අපේ වගකීමක්. නමුත් එක වංචාකාරයෙක් හින්දා ඒ වැඬේ ප්‍රමාද වෙලා තියෙන්නේ.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මහනුවරින් මතුවුණු රාජකීය උමග

Next Post

ක්‍රිස්බ්‍රෝ නිෂ්පාදන ගල්ෆ් කලාපයට

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.