කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ රග්බි ක්‍රීඩා ජර්සි ඇඳුම් පිරිනැමීම සහ අනුග්‍රාහක උපහාර උළෙල 2025, පසුගියදා විද්‍යාලයේ ගරු නිකලස් පෙරේරා පියනම අනුස්මරණ ශාලාවේදී උත්සවාකාරයෙන් පවත්වන ලදී. ශාන්ත පීතර විද්‍යාලයීය රග්බි ක්‍රීඩාවේ සාඩම්බර උරුමය සනිටුහන් කරමින් පැවැති මෙම උත්සවය ශාන්ත පීතර විද්‍යාලයේ රග්බි පදනම විසින් සංවිධානය කර තිබිණි. විද්‍යාලයේ විදුහල්පති පියනමගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය කරන ලදී. රග්බි නිල ජර්සි එළිදැක්වීම මෙන්ම ඒවා රග්බි ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ප්‍රදානය කිරීමද සිදුකෙරිණි. එසේම මෙම රග්බි ක්‍රීඩා වාරය සඳහා අනුග්‍රාහකත්වය දක්වන ප්‍රධාන පෙළේ ව්‍යාපාරික සමාගම් මගින් ඔවුන්ගේ අනුග්‍රාහක නිල චෙක්පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුකෙරිණි. එසේම එලෙස මූල්‍ය අනුග්‍රාහකත්වය දක්වන සමාගම්වලට විද්‍යාලය විසින් ගෞරවය දැක්වීම උදෙසා සමරු ඵලක පිළිගැන්වීමද මෙහිදී සිදුකෙරිණි. ශාන්ත පීතර විද්‍යාලයේ රග්බි ක්‍රීඩාවේ ජීවගුණය අඛණ්ඩව සවිබල ගන්වන එම අනුග්‍රාහකයන්ට විදුහල විසින් තම කෘතවේදීත්වය පිරිනමන ලදී.

ප්‍රියන්ත හෙට්ටිගේ











