• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්ලැරන්ස් – ජෝ – ජෝතිපාල – නිහාල් සිල්වා – මිල්ටන් – නාරද – කේ.ඩී.කේ. – හල්පිට! කලාකාරයන්ගේ බොරැල්ලේ රස සාගරය! Sri Lanka Latest News

April 20, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ක්ලැරන්ස් – ජෝ – ජෝතිපාල – නිහාල් සිල්වා – මිල්ටන් – නාරද – කේ.ඩී.කේ. – හල්පිට! කලාකාරයන්ගේ බොරැල්ලේ රස සාගරය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බොරැල්ල පොදු සුසාන භූමිය කියලා කියන්නේ කොළඹ නගරය ආශ්‍රිතව පිහිටි සුවිශාල බිම්කඩක් පුරා පැතිරුණු මළවුන්ගේ නවාතැනක්. මේ සුසාන භූමිය සිය ජීවිතයේ අවසන් නවාතැන කරගත්ත ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එහි මේ වෙද්දී මිහිදන් වෙලා ඉන්නවා. ඒ අතර කෝටිපති ව්‍යාපාරිකයන්, උගතුන්, කලාකරුවන්, දුප්පතුන්, පොහොසතුන්, මධ්‍යම පාන්තිකයන් කියා භේදයක් නැහැ. මේ සෑම කොටසකට අයිති අපේ රටේ මිනිස්සු මේ භූමියේ මිහිදන් වෙලා ඉන්නවා. නමුත් මේ ලිපියෙන් කතාකරන්නේ බොරැල්ල පොදු සුසාන භූමියේ මිහිදන් වෙලා ඉන්න අපේ රටේ නමගිය කලාකරුවන් කිහිප දෙනකුගේ සොහොන් කොත් ගැනයි. ‘චාරික සටහන්’ යූටියුබ් නාලිකාව බොරැල්ල සුසාන භූමියේ සිදුකළ සංචාරයකදී මේ කලාකරුවන්ගේ සොහොන් කොත් ගැන කරපු විශේෂ වැඩසටහනකින් තමයි මේ ලිපිය ලියැවෙන්නේ. Sri Lanka Latest News

මේ භූමියේ ගායක ගායිකාවන් විශාල පිරිසකගේ දේහයන් මිහිදන් වෙලා තියෙනවා. මම මුලින්ම බලන්න යන්නේ මම පෞද්ගලිකව ඉතාම ප්‍රිය කරන, අපේ රටේ හිටපු අද්විතීය, ප්‍රවීණ ගායන ශිල්පියෙක් වුණු ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සොහොන පිහිටි ස්ථානයයි. මට සජීවීව එතුමාව දකින්න ලැබිලා නැහැ. නමුත් මම ඔහුගේ රූපවාහිනී වැඩසටහන් ගොඩක් දැකලා තියෙනවා. දැන් මම ඇවිල්ලා ඉන්නේ එතුමාගේ සොහොන පිහිටි තැනටයි. මේක පිහිටා තියෙන්නේ බොරැල්ල සුසාන භූමිය ඇතුළේ තියෙන 04 වැනි පටුමගට පොඩ්ඩක් කලින්. මේ සොහොන හරිම සුවිශේෂ විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒක දකිද්දී ඔහුගේ ගීත අපේ මතකයට නැගෙන්නේ නිතැතින්මයි. එහි ඉහළින්ම සටහන් කරලා තියෙනවා ‘මලට බඹරෙකු සේ – සිතට ඔබ එනවා’ කියන ඔහුගේ අතිශය ජනප්‍රිය ගීත පාඨය. ඒ වගේම තවත් ඔහුගේ ජනප්‍රිය ගීත රැසක කොටස් මේ සොහොනේ සටහන් වෙලා තියෙනවා. ‘ඔබ එන්නේ කවදාදෝ සිත විමසන්නේ – මග බලමින් ඉන්නේ…’ ‘දුක වේදනා ඉතින් රිදුම් නොදේ – ජීවිතේ පුරා පවන් සැලේ…’ ‘හිරුගේ ලොවේදී අපි වෙන්වෙමු – සඳුගේ රැයේදී යළි හමුවෙමු…’ ‘පියඹා යනවා මා ආකාසයේ – අවසානයි ප්‍රේමාදරේ…’ ‘මාගේ වියෝවෙන් – ඈ කල්පනාවෙන්…’ ‘මා එතැයි කියා සිතා සිටින්නෙපා…’ කියන ගීත කොටස් තමයි ඒ විදියට සටහන් කරලා තියෙන්නේ. ඒ වගේම මේ සොහොන් කොත පහළට වෙන්න ඔහුගේ තවත් සුවිශේෂ ගීතයක කොටසක් ලියැවිලා තියෙනවා. ඒ තමයි ‘කඳසුරිඳුනි ඔබේ පිහිට ලැබේවා – මගෙ රට සව්සිරියෙන් සපිරේවා…’ කියන ගීත කොටස. ඒත් සමගම ක්ලැරන්ස්ගේ අස්සනත් මේ සොහොන් කොතේ පාමුලට වෙන්න ලස්සනට සටහන් කරලා තියෙනවා අපට දැකගන්න පුළුවන්.

ක්ලැරන්ස් විජේවර්ධනයන්ගෙන් සමුගෙන අපි දැන් යන්නේ අපේ රටේ සිනමාවට ඉමහත් සේවාවක් සිදුකරපු, ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකුගේ සොහොන පිහිටි ස්ථානයට. ඔහු තමයි ජෝ අබේවික්‍රමයන්. කළු ගලකින් ලස්සනට නිර්මාණය කරලා තියෙන මේ සොහොන් කොතේ ‘ලාංකේය සිනමා රංග වංශයේ මහාමේරු පර්වතය…’ කියලා විශාල අකුරෙන් සටහන් කරලා තියෙනවා.

ඒ වගේම මෙරට සිනමා ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් ඉටුකරපු එම්.එස් ආනන්දයන්ගේ විශාල ප්‍රමාණයේ සොහොන් කොතත් මේ ආසන්නයේම පිහිටා තියෙනවා. චිත්‍රපට රැසකට නිෂ්පාදනයෙන්, අධ්‍යක්ෂණයෙන් සහ කැමරාකරණයෙන් දායක වුණු ආනන්දයන් රටට දායාද කළ චිත්‍රපට නාමාවලියකුත් එම සොහොන් කොතේම දැකගන්න ලැබීම විශේෂත්වයක්.

ඊළඟට අපි ඔබව රැගෙන යන්නේ ශ්‍රී ලාංකේය සංගීත වංශයේ නොමැකෙන, සදාදරණීය ගායකයාගේ දේහය මිහිදන් කරලා තියෙන ස්ථානයට. ඔහු තමයි ඔබත්, මමත් එක සේ ප්‍රියකරන එච්.ආර්. ජෝතිපාලයන්. ඔහු වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන සොහොන් කොතත් ඉතා සුවිශේෂයි. එය ඉදිකරලා තියෙන්නේ ස්ථම්භයක ආකාරයෙන්. අඩි 15ක් විතර උසට ඉදිකරලා තියෙන මේ ස්ථම්භයේ ඉහළ සිට පහළටම ඔහු ගායනා කළ අතිශය ජනාදරයට පත්වූ ගීත රාශියක් සටහන් කරලා තියෙනවා. ‘මේ නොනිමෙන දිවි ගමනේ’ ‘ටජ්මහලක් තනවන්න බෑ මට’ ‘සමනොල මුදුනේ සිරිපද සිඹ සිඹ’ ආදී ගීත ඒ අතර දැකගන්න පුළුවන්. ‘හුදී ජන පහන් සංවේගය සඳහා 35 වසරක් අඛණ්ඩව ගී ගැයූ එච්.ආර්. ජෝතිපාලයාණන්’ කියලා මේ ස්ථම්භය පාමුල සටහන් කරලා තියෙනවා.

ඒ ආසන්නයේම පිහිටා තියෙන තවත් කලාකරුවෙක්ගේ සොහොන් කොතක් ගැනයි දැන් ඔබට කියන්න සූදානම් වෙන්නේ. ඔහු ශ්‍රී ලාංකේය ප්‍රහසන කලාවට නව අරුතක් එක්කරපු විශිෂ්ට රංගන ශිල්පියෙක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔහු තමයි 80 දශකයේ අග භාගයේ මෙරට වේදිකා නාට්‍ය කලාවට නව ප්‍රබෝධයක් රැගෙන ආපු නිහාල් සිල්වා මහතා. මේ සොහොන් කොතේ මේ විදියට සටහන් කරලා තියෙනවා.

‘නාට්‍ය ශිල්පී හා චිත්‍රපට නළු, 80 දශකයේ සුප්‍රසිද්ධ සාජන්ට් නල්ලතම්බි නාට්‍යය නිෂ්පාදක හා එහි ප්‍රධාන චරිතයට පණපෙවූ නිහාල් සිල්වා මහතා සිහිවීම පිණිස, සදාදරණීය මෑණියන් වන මටකැටිය රාජපක්ෂගේ ලුසිහාමි මහත්මිය විසින් කරවන ලදී….’

දැන් අපි ඔබව කැඳවාගෙන යන්නේ තවත් සුප්‍රසිද්ධ ගායකයෙක්ගේ සොහොන් කොත පිහිටි තැනට. ඔහු සමුගෙන ගිහින් දැන් දශක 3කට ආසන්න කාලයක් ගතවුණත් ඔහු ගැයූ ගීත වත්මන් පරපුර අතර පවා තවමත් ඉතා ජනප්‍රියයි. මේ අපි කවුරුත් ප්‍රියකරන අපේ රටේ සංගීත වංශකතාවේ සුවිශේෂ පරිච්ඡේදයක් නියෝජනය මිල්ටන් මල්ලවාරච්චි කලාකරුවා. ඔහුගේ සොහොන් කොත නිර්මාණය කරලා තියෙන්නෙත් විශේෂ ආකාරයකට. එහි ඉහළින්ම තබ්ලාවක් සහ සර්පිනාවක් කළු ගලෙන් නිර්මාණය කරලා තියෙන ආකාරය දැකගන්න පුළුවන්. පහළ ඇති පුවරුවේ ඔහුගේ ඡායාරූපයක් සමග මේ විදියේ සටහනක් තියෙනවා.

‘ආදරණීය මිල්ටන් මල්ලවාරච්චි,
ආදරයේ සෙනෙහසේ දූතයාණෙනි,
නව යොවුන් සිහිනයේ කුමාරයාණෙනි,
සුවඳ කුසුමක සුවඳක් වූ ඔබ,
වසන්තයේ සදහටම නොපෙනී ගියා කියා නොසිතේ…
තවම ළඟින් හිඳ හඬ රැව්දෙන සඳ කෝකිලයා
මැවිලා පෙනේවි සඳසේ… මුව මඳහාසේ…
ඇසී නෑසී යළි ඇසේවී
කෝකිල ගී රස මිහිරිය මී සේ…’

ඒ වගේම ඔහුගේ අතිශය ජනප්‍රිය ගීත රැසක කොටසුත් මේ පුවරුවේ ඉහළ සිට පහළට සටහන් කරලා තියෙනවා.
විශිෂ්ට ගායන කුසලතාවකින් ලාංකේය කලාකාමී හදවත් පෝෂණය කරපු තවත් සුවිශේෂ ගායන ශිල්පියෙක් තමයි නාරද දිසාසේකර කියන්නේ. අපි දැන් ඉන්නේ ඔහුගේ සොහොන් කොත අබියස.

‘සංගීතවේදී නාරද දිසාසේකරයාණෙනි,
නිවන් දකිනතුරු
භවයෙන් භවයට
අපි හමුවිය යුතු වේ…’ කියලා එහි විශාල අකුරෙන් සටහන්ව තියෙනවා.
ඒ වගේම,
‘ගමන නොනිමෙයි ජීවිතේ මේ
පුරුදු ජීවන මං තලේ
ගැටෙන සැප දුක මාරු වී යයි
පුරුදු ජීවන මං තලේ…’ කියන ඔහුගේ ජනප්‍රිය ගීත කොටසකුත් දිසාසේකරයන්ගේ සොහොන් කොතේ පුවරුවේ දැකගන්න පුළුවන්.

ශ්‍රී ලාංකේය ගීත කලාව ගැන කතාකරද්දී අමතක කරන්න බැරිම ගීත රැසක් රචනා කරපු අතිදක්ෂ ගේයපද රචකයෙක් වුණු කේ.ඩී.කේ. ධර්මවර්ධනයන්ගේ සොහොන් කොත අසලට දැන් අපි ඇවිත් ඉන්නවා. ගීත රචකයෙක් වගේම ප්‍රතිභාපූර්ණ හඬ පෞරුෂයක් හිමි විශිෂ්ට මාධ්‍යවේදියෙක් විදියටත් ඔහුව හඳුන්වා දෙන්න පුළුවන්. ඔහු රචනා කරපු අතිශය ජනප්‍රිය ගීතයක කොටසක් වන ‘සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ’ යන්න ඔහුගේ සොහොන් කොතේ පහළින් සටහන් කරලා තියෙන ආකාරය දැකගන්න පුළුවන්.

‘නිවන් දක්නා ජාතික දක්වා
මේ දිගු සංසාර වන්දනාවේදී
පෙම්බර හිමි සඳුනි ඔබ මට හමුවේවා…
දයාබර බිරිඳ

සමදරා කෝට්ටගේ ධර්මවර්ධන…’ යනුවෙන් සටහනකුත් මේ සොහොන් කොතේ අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම පණ්ඩිත් අමරදේව, වික්ටර් රත්නායක ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් ගායනා කළ, ධර්මවර්ධනයන් රචනා කළ ගීත රැසක මුල් කොටස් මේ සොහොන් කොතේ අනෙක් පස සටහන් කරලා තියෙනවා.

තවත් ප්‍රකට ගීත රචකයෙක් වෙච්ච හේමසිරි හල්පිට මහත්මාගේ සොහොන් කොත පිහිටි ස්ථානයත් අපට ඒ ආසන්නයේදී දැකගන්න ලැබෙනවා. හේමසිරි හල්පිට කියන්නෙත් ගීත රචනා කලාවට වගේම ප්‍රසංග නිවේදන කලාවට විශාල දායකත්වයක් දක්වපු දක්ෂයෙක්. ඔහු රචනා කළ ගීත රැසක මුල් කොටස් මේ සොහොන් කොතේ සටහන් කරලා තියෙනවා.

මේ අපි ඔබට කිව්වේ බොරැල්ල පොදු සුසාන භූමියේ මිහිදන් කරලා තියෙන කලාකරුවන් අතිවිශාල ප්‍රමාණයක් අතුරෙන් කිහිප දෙනකුගේ සොහොන් කොත් ගැන විතරයි. මීට අමතරව අපේ ඇස නොගැටුණු තවත් කලාකරුවන් රැසකගේ සොහොන් කොත් විශාල ප්‍රමාණයක් මෙහි තියෙන බවත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ සොහොන් කොත් ගැනත් තවත් දවසක ඔබට කියන්න බලාපොරොත්තුවෙන් මේ ලිපියෙන් අපි සමුගන්නවා.

Charika Satahan යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

මාර පචනේ කියලා තියෙන්නේ..! VIDEO I Sri Lanka Latest News

Next Post

පිල්ලෙයාන් අල්ලලා තියෙන්නේ පාස්කු ප්‍රහාරයට නෙවෙයි! මේ ටිල්වින්ම කියන්නේ ඇල්ලුවෙ මොකටද කියලා! අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

Load More
ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාව ශ්‍රී ලංකාවේ සුබසාධන රාජ්‍යයේ ප්‍රධාන පදනම වුවත් වර්තමාන අධ්‍යාපන පද්ධතිය වාර්ෂික රැකියා වෙළෙඳපොළේ අවශ්‍යතා...

Read more
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.