හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසු තංගල්ලේ නිවසට ගොස් තමන්ට දුරකතන ඇමතුමක් ලබා දුන් සිදුවීමක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පළමු වරට රටට අනාවරණය කළේය.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා ‘එහෙනම් ඔයාලා මාව පැරැද්දුවා නේද’ යනුවෙන් විමසා සිටි බවද තමන්ද ඊට පිළිතුරු දුන් බවද රණවක මහතා කියා සිටියේය.










