• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි! ඇමෙරිකානු සරසවිය සමග සහයෝගිතා ගිවිසුමකට අත්සන් තබයි! Sri Lanka Latest News

April 7, 2025
in Business
Reading Time: 12 mins read
A A
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි! ඇමෙරිකානු සරසවිය සමග සහයෝගිතා ගිවිසුමකට අත්සන් තබයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියාය. ඈ පැමිණියේ NSBM හරිත සරසවියටත් ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපනයක් ලැබීමට නොනිත් ආශාවෙන් පෙළෙන ශ්‍රී ලාංකික දරු දැරියන්ටත් සුබාරංචියක් රැගෙනය. ඇය හරිත සරසවියට ආවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළම පිළිගැනීමක් තිබෙන ඇමරිකානු විශ්වවිද්‍යාලය සමග සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබන ගෞරවනීය අවස්ථාවට සහභාගි වීමටය. ඒ නිසා ඇය හරිත සරසවියට පැමිණි ගමන ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබීමට නොනිත් ආශාවෙන් පෙළෙන ශ්‍රී ලාංකික දරු දැරියන්ට ගෙනා සුබාරංචියකි. ඒ සඳහා විශ්වවිද්‍යාල දෙක අතරත්, රටවල් දෙක අතරත් අවබෝධය ඇතිකොට මඟ පෙන්වා දී තිබුණේ වර්තමානයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපති ගරු මහින්ද සමරසිංහ මැතිතුමාත්, එතුමාගේ මෙහෙයවීමෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් විසිනි. Sri Lanka Latest News

හරිත සරසවිය සමග සහයෝගිතා ගිවිසුමකට එළඹුණ ඇමරිකානු සරසවිය 1893 දී පිහිටවනු ලැබූ දැනට වසර එකසිය තිස් දෙකක් පැරණි ඓතිහාසික වටිනාකම් රැසක් රැගත් වොෂිංටන් නගරයේ තිබෙන විශ්වවිද්‍යාලයකි. එය සියවසකට අධික කාලයක් ඇමෙරිකාවේත් ලෝකය පුරාමත් දේශපාලන නීති, ජනමාධ්‍ය සංස්කෘතික සේම ආර්ථික ක්ෂේත්‍රයේ මැදිහත්වීම් කරනු ලැබූ කීර්තිමත් විශිෂ්ටයන් බිහි කළ විශ්වවිද්‍යාලයකි. වසර සියයක් ඉක්මවා විශ්වවිද්‍යාලයක් පවත්වාගෙන යන විට අත්පත් කර ගන්නා ගුණාත්මක හා හරයාත්මක බරසාර වටිනාකම් ලොව කවර විශ්වවිද්‍යාලයකට වුව අත්පත් කර ගැනීම දුර්ලභ කාරණයකි.

ඇමරිකානු විශ්වවිද්‍යාලය මේ සහයෝගිතා ගිවිසුම අත්සන් කළේ ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ විශ්වවිද්‍යාලය සමගය. ඒ නිසා ලොව පිළිගත් නූතන අධ්‍යාපන ක්‍රමවේදයන් ඉතාමත් ඉහළින් ක්‍රියාත්මක කරන ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නූතන ඵලදායී මොඩලය වූ හරිත විශ්වවිද්‍යාලය ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටනයේ ඓතිහාසික විශ්වවිද්‍යාලයක් සමග අත්වැල් බැඳ ගැනීම කාලෝචිතය.

මෙම සහයෝගිතාව හරහා NSBM හරිත සරසවියේ සිසුන්ට ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියේ මුල් වසර දෙක ශ්‍රී ලංකාවේදී සහ අවසන් වසර දෙක ඇමරිකාවේ වොෂින්ටනයේ ඇමෙරිකානු විශ්වවිද්‍යාලයේදී හැදෑරීමෙන් ඇමෙරිකානු විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් බවට පත් වීමට හැකි වේ. එසේම එය මෙරට දරුවන්ට ලොව පිළිගත් ජාත්‍යන්තර උපාධියක් සාපේක්ෂව ඉතා අඩු පිරිවැයකින් ලබා ගැනීමට පහසු මාර්ගයක් විවර කර දීමකි.

එපමණක් නොවේ, එය NSBM හරිත සරසවියේ උපකුලපති මහාචාර්ය E. A. වීරසිංහ මහතා උසස් අධ්‍යාපනය පිළිබඳව දරන සාර දර්ශනය ක්‍රියාවට නගන NSBM හි ගෝලීය ව්‍යාප්ති ප්‍රයත්නයන්හි ඉදිරි ගමනකි. එය ඉදිරි දැක්මක් සහිතව යන නොනවතින ගමනේ සන්ධිස්ථානයකි. සහයෝගිතා ගිවිසුම අත්සන් කළ තානාපතිනිය තම කෙටි දෙසුම මෙම වදන්වලින් සැරසුවාය.

‘‘මේ හරිත සරසවියට පැමිණ එය ගවේෂණය කරනකොට එය ඉතාම සුන්දර විශ්වවිද්‍යාලයක් බව දැනුණා. හරිත සරසවිය උසස් අධ්‍යාපනයේ සහ නවෝත්පාදනයේ කේන්ද්‍රස්ථානයක් හැටියට දශකයකට ආසන්න කාලයක් ශ්‍රී ලාංකික සිසුන් පෝෂණය කරලා තිබෙනවා.’’

හරිත සරසවියේ සුන්දරත්වය පිළිබඳ ඉතාමත් සතුටටත්, පුදුමයටත් පත් වුණ ඇමෙරිකානු තානාපතිනිය මේ විශ්වවිද්‍යාල අතර අත්සන් කළ ගිවිසුම නිසා ලාංකික සිසුන්ට ජාත්‍යන්තර ලැබෙන වටිනාකම ගැනද විස්තර කළේ ඉතා සතුටිනි.

මෙම ගිවිසුමට අත්සන් කරනු ලැබුවේ NSBM හරිත සරසවිය පාර්ශ්වයෙන් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය E. A. වීරසිංහ මහතා වෙනුවෙන් ව්‍යාපාර පීඨයේ පීඨාධිපති සහ වැඩබලන කුලපතිනි තිලිණි ද සිල්වා මහත්මිය සහ ඇමරිකානු විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර හවුල්කාරිත්ව සහ උපායමාර්ගික මුල පිරීම් අධ්‍යක්ෂ ටෂීනා ගිරෝඩ් මහත්මිය ය.

ඇමෙරිකානු තානාපතිනි ජූලි චෑන්ග් මහත්මිය මෙම ඓතිහාසික සහයෝගිතාව සිහිපත් කිරීමට හරිත සරසවි බිමේ ජාතික වෘක්ෂය වූ නා පැළයක් රෝපණය කළාය. නා පැළය අනාගතයේ විසල් වෘක්ෂයක් බවට පත්ව හරිත සරසවියේ හරිත වර්ණයට එක්වෙමින් මේ සහයෝගිතාව ගැන විශ්වයට කියාපානු ඇත.

SendShareShare
Previous Post

මෛත්‍රීපාලත් CID ඇවිත්! ජනාධිපති අරමුදලෙන් සල්ලි දීපු හැටි කියන්න වෙයි!  I Sri Lanka Latest News‍

Next Post

අප්‍රේල් 01 ඉඳන් බැංකුවේ තියෙන ගිණුම්වල පොලියට 10%ක් බදු ගෙවන්න වෙනවා! Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.