• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

අප්‍රේල් 01 ඉඳන් බැංකුවේ තියෙන ගිණුම්වල පොලියට 10%ක් බදු ගෙවන්න වෙනවා! Sri Lanka Latest News

April 7, 2025
in Business, Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

අප්‍රේල් 01 වැනිදා කියලා කියන්නේ හැම එකවුන්ටන් කෙනකුටම ගොඩක් වැදගත් දවසක්. ඒකට හේතුව තමයි හැම එකවුන්ටන්ට් කෙනෙක්ගෙම ෆයිනෑන්ෂල් ඉයර් එක පටන්ගන්නේ අප්‍රේල් 01 වැනිදා. ඉතින් 2025 අප්‍රේල් 01 වැනිදා ගොඩක් හොඳ ප්‍රවෘත්තියක් තමයි ඔබට කියන්නේ. Sri Lanka Latest News

ඔබට මතක ඇති 2025 පෙබරවාරි 17 වැනිදා අයවැය ඉදිරිපත් කළා. මේ අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කරපු යෝජනා තවමත් අපේ පනතට ඇවිල්ලා නෑ. ඒ කියන්නේ 2017 අංක 24 කියන දේශීය ආදායම් පනතට ඇවිල්ලා නෑ. මේ කෙටුම්පත එන්න තියෙනවා. හැබැයි ඔබට මතක ඇති ජනාධිපතිවරයා දෙසැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුවට ගිහින් ප්‍රකාශයක් කළා. ඒ හරහා ආපු යෝජනා නම් දැනටමත් පනතේ අන්තර්ගත වෙලා තියෙනවා. කොහොම වුණත් දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි විත්හෝල්ඩින් ටැක්ස් එක එහෙම නැත්නම් අපිට හැම කෙනකුටගෙම ස්ථිර තැන්පතුවක්, ඉතිරි කිරීමේ ගිණුමක් මත ලැබෙන පොලී ආදායම මේ අප්‍රේල් 01 වැනිදා සිට 10%ක රඳවා ගැනීමේ බද්දක් අඩුකරනවා කියලා කිව්වා. මේකෙදී මම ආයෙත් සොයා බැලුවා අයවැය යෝජනාවෙදී කිව්වේ මොකක්ද කියලා. අයවැය යෝජනාවේ තිබුණේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විතරක්, ලක්ෂ 18ට වඩා අඩු නම්, ලැබෙන පොලී ආදායම කපන්නේ නෑ කියලා. අනිත් අයට වෙන්නේ ලක්ෂ 18ට වඩා අඩු නම් ඒකට රිෆන්ඩ් එකක් දෙනවා කියලා තමයි කිව්වේ. ඒ කියන්නේ බැංකුව අඩුකරලා පසුව අපිට දෙනවා. හැබැයි දැන් මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක් එවලා තියෙනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අද සිට ක්‍රියාත්මක වෙන්න කියලා ඒ කියපු දේට වඩා පොඩ්ඩක් වෙනස් දෙයක්. මොකක්ද මේ වෙනස් දේ? වෙනස් දෙයින් කියැවෙන්නේ හැමෝටම ලැබෙන ආදායම. මේ ආදායම කියන එකේදි තක්සේරු කළ ආදායම කියලා එකක් තියෙනවා. මේක මම සරලව කියන්නම්. ඔබට ලැබෙන පොලී ආදායමක්, ව්‍යාපාර ආදායමක්, ගෙවල් කුලියක් වගේ ලැබෙන ආදායම් ඔක්කොම අවුරුද්දට රුපියල් ලක්ෂ 18ට වඩා අඩුයි නම්, ඔබට බැංකුවෙන් ලැබෙන පොලියට කොහොම වුණත් අද ඉඳලා 10%ක් කැපෙනවනේ. ඒ නිසා ඔබට පුළුවන් ඩොකියුමන්ට් එකක් පුරවලා බැංකුවට භාරදුන්නට පස්සේ බැංකුව ඔබගෙන් 10%ක් අඩුකරන්නේ නෑ. මේක ගැන අපි විස්තර සහිතව කතාකරමු.
මේකට අදාළව නිකුත් වෙන්නේ මාර්තු මාසේ 28 වැනිදා රඳවාගැනීමේ බද්දට යටත් වන පොලී ආදායමක් සහිත නමුත් බදු අයකළ හැකි ආදායමක් නොමැති වාසික පුද්ගලයන් සඳහා චක්‍රලේඛය. වාසික කියලා කියන්නේ නේවාසික කියන එකට. මෙතැනදී මතක තියාගන්න ඕනේ ලංකාවේ පදිංචි අයට තමයි මේක දීලා තියෙන්නේ. මෙතැනදී නැවත වතාවක් කියන්න ඕනේ මේක එදා අයවැය යෝජනාවේ තිබුණු එකක්. මේක කෙටුම්පතකින් තාම ඇවිල්ලා නැහැ. පනතක් විදියට ඇවිල්ලා නැහැ. ඒ නිසා මෙතැනදී කියනවා ගරු මුදල් හා ක්‍රමසම්පාදන ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා 2025 මාර්තු මස 28 වැනිදා පැවැති සාකච්ඡාවෙන් පසු දීපු උපදෙස් අනුව තමයි මේ චක්‍රලේඛය හදලා තියෙන්නේ කියලා. කොහොම වුණත් මේකේ බොහොම සරලව කියනවා ඔබට පොලියක් ලැබෙනවා නම්, ඔබට ස්වයං ප්‍රකාශයක් දෙන්න පුළුවන්, මේ ස්වයං ප්‍රකාශය ඉදිරිපත් කරන්න නම් ශ්‍රී ලංකාවේ වාසික පුද්ගලයෙක් වෙන්න ඕනේ. දෙවැනි කරුණ තමයි බැංකු හරි මූල්‍යායතනයකින් පොලිය ලබාගන්නා පුද්ගලයෙක් වෙන්න ඕනේ. තුන්වැනි කාරණාව තමයි අදාළ තක්සේරු වර්ෂය. තක්සේරු වර්ෂයක් කියලා කියන්නේ අප්‍රේල් 01 වැනිදායින් පටන්ගෙන ඊළඟ වර්ෂයේ මාර්තු 31 වැනිදායින් අවසන් වන වර්ෂයට. අන්න ඒ කාලය තුළ ඔබට ලැබෙන තක්සේරු කළ ආදායම රුපියල් ලක්ෂ 18ට වඩා අඩුවිය යුතුයි. ඒ කියන්නේ පොලී ආදායම විතරක් නෙවෙයි, අනෙකුත් ආදායමුත් මේකෙදී ගන්නවා.
මේ ගැන තවදුරටත් පැහැදිලි කරන්න මම උදාහරණ කීපයක් ගන්නම්. අපි හිතමු ඔබට රුපියල් 2,40,000ක ව්‍යාපාර ආදායමක් ලැබෙනවා කියලා. හැබැයි ඔබට පොලී ආදායම ලැබෙනවා මාසෙක රුපියල් 1,18,000 බැගින් ලක්ෂ 14ක් විතර. ඒවායේ එකතුව බැලුවොත් එන්නේ ලක්ෂ 16ක් විතර. ලක්ෂ 16ක් කියලා කියන්නේ ලක්ෂ 18ට අඩු සංඛ්‍යාවක්. ඒ නිසා ඔබට දැන් පුළුවන් මේ ස්වයං ප්‍රකාශයක් සකස් කරලා බැංකුවට භාරදෙන්න.

අපි තවත් උදාහරණයක් බලමු. ඔබට රැකියාවෙන් රුපියල් ලක්ෂ 39ක් ආදායම ලෙස ලැබෙනවා කියලා හිතමු. ඔබට ව්‍යාපාරයකිනුත් රුපියල් 1,44,000ක් ලැබෙනවා කියලා හිතමු. ආයෝජන ආදායමෙන් ලැබෙන ලක්ෂ 7ක්. ඔක්කොම ආදායම මිලියන 4කටත් වඩා වැඩියි. දැන් ලක්ෂ 18ට වඩා වැඩියි. දැන් ඔබට බැංකුවට ගිහින් කියන්න බෑ පොලී ආදායම ලක්ෂ 7යි, ඒ හින්දා අඩුකරන්න එපා කියලා.

මේකේ තවත් වැදගත් දෙයක් තියෙනවා. අපි දරුවන් වෙනුවෙන් ළමා ඉතුරුම් ගිණුම් ආරම්භ කරනවනේ. ඒ ගිණුම්වලට ලැබෙන පොලී ආදායමෙනුත් 10%ක් කපනවා මේ ක්‍රමය අනුව. අපි හිතමු ඔබේ දරුවෙක් වෙනුවෙන් ඉතිරි කරලා තියෙන මුදලකට ලැබෙන පොලී ආදායම ලක්ෂ 18ට වඩා අඩුයි කියලා. ඒ වගේ වෙලාවට ඔබගේ දුව හෝ පුතා වෙනුවෙන් වෙනම ස්වයං ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකෙදී ඔබ කියන්න ඕනේ ඔබේ දරුවාගේ ආදායම ලක්ෂ 18ට වඩා අඩුයි, ඒ නිසා ඒකෙන් බද්ද අඩුකරන්න එපා කියලා. හැබැයි ඔබගේ ආදායම වැඩි නම් ඒකට ඔබට දෙන්න බෑ. ඒ කියන්නේ හැම වෙලාවෙම බලන්න ඕනේ පොලී ආදායම විතරක් නෙවෙයි. අනෙකුත් ආදායම් බැලුවාම ලක්ෂ 18ට වඩා වැඩිද කියන එක.

මේ ආකෘතිය දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ තියෙනවා. ඕනෑම කෙනකුට ඒක බාගත කරගන්න පුළුවන්.
ඊළඟ කාරණාව තමයි වැදගත්ම දේ. මේ සියලු ප්‍රකාශකයන් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් තියෙන්න ඕනේ. මේක තමයි වැදගත්ම දේ. 2024 ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 18ට වැඩි සියලු දෙනාටම බදු ගොනුවක් විවෘත කරන්න කියලා කිව්වනේ. ඒ අනුව බදු ගොනු විවෘත කරලා තියෙන්නේ මිලියන 3ක විතර පිරිසක් විතරයි කියලා කියනවා. නමුත් අවුරුදු 18ට වැඩි මිලියන 16ක ජනතාවක් ලංකාවේ ඉන්නවා කියලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවම කියනවා. දැන් මොකද වෙන්නේ? ලංකාවේ බහුතරයකට සාමාන්‍ය ඉතුරුම් ගිණුමක් හෝ ස්ථාවර තැන්පතු ගිණුමක් හෝ තියෙනවා. ඉතින් ඔබ බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් මුලින් අරගෙන තමයි මේ ස්වයං ප්‍රකාශය බැංකුවට ලබාදෙන්න සිදුවෙන්නේ. ඒ නිසා පළමු දේ තමයි ඔබ බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් ලබාගන්න ඕනේ.

සමහර විට බැංකු හෝ මූල්‍ය ආයතන කීපයක ඔබේ ස්ථිර තැන්පතු තියෙනවා වෙන්න පුළුවන්. එහෙම මුදල් තැන්පත් කරලා තියෙනවා නම්, ඒ එක් එක් ආයතනයට වෙන වෙනම දෙන්නත් ඕනේ. ඒකත් මතක තියාගන්න. බාල වයස්කාර දරුවෙක් වෙනුවෙන් භාරකරුට ප්‍රකාශනය ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා.

මේ හැම ඉතිරි කිරීමේ ගිණුමකටම රුපියල් 100ක් ලැබුණත්, අප්‍රේල් 01 වැනිදා ඉඳලා 10%ක් කැපෙනවා. ඒක නිසා ඔබට මේ ස්වයං ප්‍රකාශය කියන දේ ගොඩක් වැදගත් වෙනවා.

වැදගත්ම දේ තමයි, ඔබෙන් මේ 10%ක අඩුකරන්න එපා කියලා ඉල්ලීම බැංකුවට ලබාදෙන්න පරක්කු වුණොත් මොකද වෙන්නේ? අපි හිතමු බැරි වෙලාවත් බැංකුව 10% අඩුකරලා තියෙන්නේ කියලා. එහෙම නම් ඔබ බැංකුවට ගිහින් මට ඒ සල්ලි ආපහු දෙන්න කිව්වා කියලා බැංකුවෙන් ඒ සල්ලි ඔබට දෙන්නේ නෑ. එහෙම අවස්ථාවක ඔබට ඒ මුදල ගන්න පුළුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගිහින් ඔබේ වාර්තාව ඉදිරිපත් කළාම. ඒ නිසා තවත් කල් නොයවා ඉක්මනින්ම මේ ස්වයං ප්‍රකාශය ඉදිරිපත් කරන්න මතක තියාගන්න. ඒ වගේම ඔබ මේ සඳහා අසත්‍ය තොරතුරු හෝ වැරැදිසහගත තොරතුරු ඉදිරිපත් කළොත් ඔබට දඩ නියම කිරීමේ හැකියාවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාව තියෙනවා.

Business Advisor යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි! ඇමෙරිකානු සරසවිය සමග සහයෝගිතා ගිවිසුමකට අත්සන් තබයි! Sri Lanka Latest News

Next Post

ලංකාවේ ඉඳන් තමිල්නාඩුවට ගිය මෝදි ලංකාවයි ඉන්දියාවයි යාකරපු දුම්රිය මගේ ඉන්දියාව පැත්තේ අවසන් පාලම විවෘත කරයි! VIDEO I Sri Lanka Latest News‍

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.