• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

2024 කොළඹට මොකද වෙන්නෙ

June 20, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
2024 කොළඹට මොකද වෙන්නෙ
Share on WhatsAppShare on Facebook

ස්වාභාවික විපත් කිව්වාම එක එක විදියට එය අප වෙත ළඟා වෙන්න පුළුවන්. සමහරවිට ගංවතුරක්, නියඟයක්, සුළිසුළඟක් එහෙමත් නැත්නම් ඊටත් වඩා ප්‍රබල විපතක් වුණත් වෙන්න බැරිකමක් නැහැ. ඒ කියන්නෙ සුනාමියක් එහෙමත් නැත්නම් අපට සමීපම අත්දැකීම වන කොරෝනා වසංගතය වගේ දෙයක් වෙන්නත් පුළුවන්. මේ විදියට කොයි මුහුණුවරකින් ආවත් බොහෝ ස්වාභාවික විපත්වල අවසන් ප්‍රතිඵලය විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් මේ මහපොළොවට අහිමි කිරීම වෙන්නත් බැරි නැහැ.

කොහොම වුණත් මේ වෙද්දි බොහෝ දෙනෙක්ගෙ මතය සහ විශ්වාසය වෙලා තියෙන්නෙ කාලෙන් කාලෙට ස්වභාවධර්මය විසින්ම මිනිසාගේ ක්‍රියාකාරකම් පාලනය කිරීමට මෙවැනි විපත් නිර්මාණය කරනවා යන්නයි. එම අදහසේ අර්ථයක් නැතැයි කියා ඉවත දමන්නට බැරි බව අද වෙද්දි හොඳටම පැහැදිලි වෙලා තියෙනවා.

මේ මොහොත වන විටත් ලෝකයේ රටවල් 200කට අධික ප්‍රමාණයක ජීවත්වන මිනිසුන් කෝටි ගණනක් භීතියට පත්කරගෙන සිටින කොරෝනා වසංගතය ගැන හිතද්දී කොතරම් සූක්‍ෂ්මව ස්වභාවධර්මය මිනිසාව පාලනය කරන්නට සමත්වෙලාද කියලා පැහැදිලි වෙනවා. මිනිසා සිදු කළ අධික පරිසර දූෂණය මේ වෙද්දි පාලනය වෙලා. වායුගෝලයට එකතුවන විෂ වායු, විෂ රසායන, වගේම පරිසරයට අහිතකර සියලු ක්‍රියාකාරකම් පාලනයට නතුවෙලා. ලෝකයේ මිනිසුන්ගෙන් බහුතරයකගේ මුඛ ආවරණය කරන්න ස්වභාවධර්මයට හැකිවෙලා. වෙනදාට අසීමිතව නිකුත් වූ හඬවල් අද වෙද්දි පාලනය වෙලා. මිනිසා කොන්ක්‍රීට් බිත්ති අතරට සිරකරලා. සතා සිවුපාවා නිදහසේ පරිසරයට බැහැලා. මේ සියල්ල දවස් ගණනක් තුළ කරන්නට තරම් ස්වභාවධර්මය ප්‍රබල වෙලා. එහෙම බැලුවාම කොතරම් තාක්‍ෂණය දියුණු වුණත් ස්වභාධර්මයට අභියෝග කරන්න මිනිසා අසමත්ද නැද්ද කියලා තව සැරයක් දෙසැරයක් නෙවේ කිහිප වතාවක් හිතුවොත් හොඳයි කියලා මිනිසා තේරුම් ගතයුතු කාලය උදාවෙලා.

ස්වාභාවික විපර්යාස එහෙම නැත්නම් ස්වාභාවික විපත් ගැන කියද්දී මේ දේවල් වෙන්න කලින් දැනගන්න, දියුණුයි කියන තාක්‍ෂණික ක්‍රමවේද බොහොමයක් මිනිසා විසින් සොයාගෙන ඇතත් ඒ සියලු නවීන ක්‍රම පරදන ජ්‍යොතිෂ ක්‍රම සහ ආධ්‍යාත්මික ක්‍රමවේද යම් තරමක ඉදිරියෙන් පසුවෙනවාද කියන එකත් කෙනකුට හිතෙන්න පුළුවන්. එහෙම හිතන්න සාධාරණ හේතුන් මේ වෙද්දි ගොඩක් ඉදිරිපත් වෙමින් තිබෙනවා. ඒ අනාවැකි සම්බන්ධව යම් විශ්වාසයක්ද මිනිසා තුළ ගොඩනැඟෙමින් තිබෙනවා. 2004ට පෙර මුහුද ගොඩගැලීමක් ගැන අනාවැකි කියද්දී ඒ අනාවැකිකරුවන්ට හිනාවුණු අය සුනාමියෙන් පස්සේ ඒ ගැන පසුතැවුණා පමණක් නොවේ අනාවැකිකරුවන්ගේ ප්‍රකාශ ගැන විශ්වාස කළා නම් ජීවිත විශාල ප්‍රමාණයක් ආරක්‍ෂා කරගන්නට තිබුණාය කියලත් හිතන්න ගත්තා. හැබැයි 2004 පස්සේ මුහුද ගොඩගැලීම ගැන අනාවැකියක් ඇහෙද්දී මිනිස්සු යම් උනන්දුවකින් ඒ ගැන හිතුවා. ඒ සුනාමි අත්දැකීම නිසයි. හැබැයි මුහුද ගොඩගැලිල්ල එහෙම නැත්නම් සුනාමි ගැන එහෙම හිතුපු ගොඩාක් දෙනෙක් ඊට පස්සේ කියපු 2020 මහා වසංගතය ගැන අනාවැකිය නොසලකා හැරිය. ඒ මේ තරම් තාක්‍ෂණය දියුණු කාලෙ එහෙම වසංගතයකට හිස උස්සන්න පහසු නැහැ කියලා හිතලා. හැබැයි ඒ අනාවැකියත් සැබෑවක් කරමින් පරද්දන්න බැහැ කියපු තාක්‍ෂණයත් පරදවමින් ස්වභාවධර්මය කොරෝනා වසංගතය එවලා ලෝක ප්‍රජාවම තිගැස්මට පත්කර ගත්තා.

තත්ත්වය එහෙම වෙද්දි සුනාමියට කලින් සුනාමි ගැන කියපු කොරෝනාවට කලින් කොරෝනා ගැන කියපු අනාවැකිකරුවන් ගැන මිනිස්සු හොයන්න පටන්ගත්තා. ඉතින් ඊට ආසන්නම උදාහරණය සපයන කොරෝනා ගැන 2019 අනාවැකියක් කියපු කෙනෙක් තමයි ශ්‍රීපාද අඩවියේ භාවනානුයෝගීව වැඩවසන ලේල්වල සද්ධජීව ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ පවසන්නේ ස්වභාවධර්මයට පිටින් කටයුතු කර කිසිවකුටත් ජයගත නොහැකි බවයි. එනිසා සිදුවූ විපත් ගැන පසුතැවිලි නොවී අනාගතයේ සිදුවන්නට නියමිත ව්‍යසන වළක්වා ගන්නට හෝ ඒවායින් ගැලවී සිටින්නට කටයුතු කරන ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටිනවා.

කෙසේ නමුත් 2019 උන්වහන්සේ ප්‍රකාශ කළ අනාවැකිවලට අනුව 2030 සැප්තැම්බර් 22දා න්‍යෂ්ටික පිපිරුමකින් කෝටි ගණනක් මිනිසුන්ට ජීවිත අහිමිවිය හැකි අතර, 2024දී සිදුවන මහා විපතක් ගැනත් උන්වහන්සේගේ අනාවැකිවල ප්‍රකාශව තිබෙනවා. එනම් 2024 දී ආසියාතික රටවලට ප්‍රබල විපත් ගෙනදෙන සුනාමි තත්ත්වයක් ගැනයි. එම සුනාමි තත්ත්වයෙන් ලංකාවේ උතුරු කෙළවරේ සිට නැඟෙනහිර මුහුද දක්වාත්, බස්නාහිර දිශාවෙන් කොළඹ – මහරගම දක්වාත් මුහුදු රළට බිලිවන බව උන්වහන්සේ තමන්ගේ අනාවැකියෙන් ප්‍රකාශ කරනවා. මේ සියලුම විපත්වලින් ස්වභාවධර්මය උත්සාහ කරන්නේ 2030 සිදුවන මහා ව්‍යසනයට මිනිසා හුරුකිරීමට බවයි උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ.

මේ විපත්, කරදර ගැන කොතරම් කලින් දැනගත්තද කිසිවකුට මේවා නතර කළ නොහැකි බවයි. අධික වර්ෂාවත් සමඟ කැලණි ගඟ, ගිං ගඟ පිටාර ගලනවා සේම, 2020 කොරෝනා, 2024 සුනාමිය, 2030 න්‍යෂ්ටික පිපිරුම සිදුවන බවත්, මිනිසාට කළ හැක්කේ එයින් ආරක්‍ෂා විය හැකි ක්‍රමවේදයන් සූදානම් කරගැනීම පමණක්ම බවත් උන්වහන්සේ ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා.

2020 කොරෝනා වසංගතය හමුවේ ලෝකයම බියට පත්ව තිබුණත් එය ඉතාම සරල සිදුවීමක් ලෙස ප්‍රකාශ කරන උන්වහන්සේ පවසන්නේ මෙය 2030 මහා විනාශයට පෙරහුරුවක් පමණක්ම බවයි. නිසැකවම 2030 සැප්තැම්බර් 22 අලුයම 3.42 මුල්ම න්‍යෂ්ටික පිපිරුම සිදුවන බවට සිය අනාවැකියෙන් ප්‍රකාශ කරන හිමියන් පවසන්නේ මේ මහා විපත්වලින් බේරී සිටින්නට නම් සියලුම ජනයා පස්පවින් වැළකී, කුසල් දහම්හි යෙදෙන ලෙසයි. දහමෙහි හැසිරෙන්නා දහම විසින්ම සුරකින බවත්, කුසල් වැඩූ මිනිසුන්ට මේ මහ විපත්වලින් බේරී සතුටින් සිටීමට වාසනාව උදාවනු ඇති බවත් උන්වහන්සේ සිය අනාවැකිය අවසානයේ ප්‍රකාශ කරන්නේ සියල්ලන්ටම තම තමන්ගේ ක්‍රියාකාරකම් ගැන දෙවරක් සිතාගන්නට සිහිපත් කරමින්.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

කොමර්ෂල් බැංකුව Fiserv සමග ‘ComBank Digital’ අරඹයි

Next Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බ්‍රෑන්ඞ් ෆයිනෑන්ස් සම්මානයට පාත්‍ර වේ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.