2011 ලෝක කුසලානය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, හිටපු විශිෂ්ට ක්‍රීඩකයන්ට අසත්‍ය චෝදනා කරමින් වත්මන් ආණ්ඩුව චරිත ඝාතන ව්‍යාපාරයක් ආරම්භ කොට ඇති බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුවට ජනතාව ඉදිරියට පැමිණ මැතිවරණ සමයේදී කීමට කිසිවක් නොමැති බැවින් මේ වනවිට කීර්තිමත් ක්‍රීඩකයන් ඇපයට ගෙන ජනතා අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහ ගනිමින් සිටින බවකි.
මේ ආකාරයට විශිෂ්ට ක්‍රීඩකයන්ට චෝදනා නොකොට වහාම ඩුබායි රටේ පිහිට ජාත්‍යන්තර ක්‍රිකට් මූලස්ථානය වෙත හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබදව පැමිණිලි කරන ලෙසත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.










