ලංකාවේ උසස්ම තත්ත්වයේ ෆ්ලෝ ටයිල්ස් සහ වෝල් ටයිල්ස් නිෂ්පාදනය කිරීමේ පුරෝගාමියා වන ලංකා ටයිල්ස් සමාගම ඇමසොන් (AMAZON) වෙබ් අඩවිය මගින් ස්වකීය වෙළෙඳ කටයුතු ව්‍යාප්ත කර ඇති අතර එමගින් ජාත්‍යන්තර මට්ටමින් අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කටයුතු සිදු කරන ආසියාවේ පළමු සහ එකම ටයිල් සමාගම බවට පත් විය.
ඇමරිකා එක්සත් ජනපදය තුළ ස්වකීය පාරිභෝගික ජාලය වඩාත් පුළුල් තලයකට ව්‍යාප්ත කරගැනීම උදෙසා ලංකා ටයිල්ස් සමාගම ඇමසොන් (AMAZON) වෙබ් අඩවිය ඔස්සේ නිෂ්පාදන පාරිභෝගිකයා වෙත පමුණුවනු ලබයි. අද වන විට ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් ව්‍යාපාර කාර්යය සිදු වුවද ඉදිරියේදී අනෙකුත් ප්‍රකට අන්තර්ජාල වෙළෙඳ පොළ මඟින්ද ස්වකීය වෙළෙඳ කටයුතු ප්‍රචලිත කිරීමට ලංකා ටයිල්ස් සමාගම අපේක්ෂා කරයි.
ලංකා ටයිල්ස් අවසාන අරමුණ වනුයේ වඩා උසස් තත්ත්වයේ පාරිභෝගික අත්දැකීමක් ලබා ගැනීමේ අවකාශය නිර්මාණය කර දීමයි. ඇමසොන් (AMAZON) වැනි විශ්වාසදායී ලොව ප්‍රකට වෙළෙඳ වෙබ් අඩවියක ගනුදෙනුකරුවන්ට වඩාත් සුරක්ෂිත සේවාවක් සැලසෙන අතරම නිෂ්පාදනයක උසස් තත්ත්වය ද තහවුරු කරමින් නිසි කලට ස්වකීය ඇණවුම් ලබා දීමද සිදු කරනු ඇත.











