• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

මුල බැසිල්-මැද අකිල-අග අනුර : ‌ගෝල්පේස් රැල්ල

August 24, 2019
in Politics
Reading Time: 4 mins read
A A
මුල බැසිල්-මැද අකිල-අග අනුර : ‌ගෝල්පේස් රැල්ල
Share on WhatsAppShare on Facebook

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරාගැනීම සඳහා පසුගිය 18 වැනිදා පැවැති ජන රැලියේදී කොළඹ ගෝල්ෆේස් පිටිය අතුරු සිදුරු නැතිව පිරී ගියේ බොහෝ දෙනකු විමතියට පත්කරමිනි. “එක්වෙමු අපි” තේමාව කරගනිමින් සංවිධාන කළ එම දැවැන්ත රැලියේදී ගොල්ෆේස් පිටිය පුරවන බවට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන නායකයන් කලින් ප්‍රකාශ කර තිබූ නමුත් එය එතරම් ලේසි පහසු දෙයක් නොවනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසය විය. නමුත් පැවසූ ආකාරයටම ගෝල්ෆේස් පිටිය අතුරු සිදුරු නැතිව පිරවීමට ජනතා විමුක්ති පෙරමුණට හැකි විය. ඒ අතිවිශාල ජන ගඟ ඉදිරියේ ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අභිසෙස් ලැබීය.
ගෝල්ෆේස් පිටිය වැනි අතිවිශාල ඉඩකඩක් ජනතාවගෙන් පිරවීම සැබැවින්ම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. බොහෝ දේශපාලන පක්ෂ තමන්ගේ රැලි සඳහා ගෝල්ෆේස් පිටිය තෝරා නොගැනීමට හේතුව වන්නේද එයමය. නමුත් පැරැණි මතක ඇවිස්සීමේදී පෙනීයන්නේ 90 දශකයට පෙර නම් එය එතරම් අසීරු කටයුත්තක් ලෙස දේශපාලනඥයන් නොසිතූ බවය. ජේ.ආර්. ජයවර්ධන යුගයේ සහ ආර්. ප්‍රේමදාස යුගයේ එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලි බොහොමයක් පැවැත්වූයේ කොළඹ ගෝල්ෆේස් පිටියේදීය. ඒ සියලුම රැලි සඳහා ගෝල්ෆේස් පිටිය පිරී ඉතිරී යන තරමේ අතිවිශාල ජන ගඟක්ද සහභාගි වූහ.

බැසිල් ‌ගෝල්පේස් පුරවපු හැටි


නමුත් ඉන් අනතුරුව දේශපාලන රැලි සඳහා ගෝල් ෆේස් පිටිය යොදාගන්නට දේශපාලනඥයන් එතරම් උනන්දුවක් දැක්වූයේ නැත. ගෝල්ෆේස් පිටිය පිරවීමට තරම් ජනතාවක් එකතු කරගැනීමට තමන්ට හැකියාවක් ඇතැයි යන විශ්වාසය ඔවුන්ට නොමැති වීම ඒ සඳහා මූලික විය. කෙසේ නමුත් එම අභියෝගය භාරගනිමින් නැවත වරක් මැයි රැලියකදී ගෝල්ෆේස් පිටිය පිරවීමට කටයුතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණය. ඒ, 2017 වසරේ පැවැති මැයි රැලියේදීය. එම මැයි රැලිය සංවිධාන කිරීමේ සම්පූර්ණ වගකීම දැරුවේ බැසිල් රාජපක්ෂ මහතාය. ඒ අනුව ජේ.ආර්. – ප්‍රේමදාස යුගයෙන් පසු ඊළඟට ගෝල්ෆේස් පිටිය පිරවීමට සමත් වූ දේශපාලනඥයා ලෙස ඉතිහාසගත වන්නේ බැසිල් රාජපක්ෂ මහතාය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැලිය ගෝල්ෆේස් පිටියේදී පැවැත්වීමට තීරණය කෙරුණද, ඒ සඳහා ගෝල්ෆේස් පිටිය ලබාගැනීමද එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. මැයි රැලිය සඳහා ගෝල්ෆේස් පිටිය ලබාදිය නොහැකි බව ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා සමාගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත දන්වා තිබූ නමුත් ඒ සියලු බාධක මැඬගනිමින් මැයි රැලිය සඳහා ගෝල්ෆේස් පිටිය ලබාගැනීමට බැසිල් රාජපක්ෂ මහතාට හැකිවිය. පොදුජන පෙරමුණේ මැයි රැලිය සඳහා ගෝල්ෆේස් පිටිය ලබාදීමට මුල් වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බව පසුව වාර්තා විය. දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහස වූයේ කිසිදු ලෙසකින් ගෝල්ෆේස් පිටිය පිරවීමට තරම් ජනතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලියට නොපැමිණෙතැයි ජනාධිපතිවරයා තුළ වූ විශ්වාසය එලෙස ගෝල්ෆේස් පිටිය ඔවුන්ට ලබාදීමට මුල්වූ බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එතරම් ජන බලයක් නැතැයි ඒත්තු ගන්වා ඒ හරහා දේශපාලන වශයෙන් එම පක්ෂය සිරකිරීම ජනාධිපතිවරයාගේ අදහස විය. නමුත් කිසිවකු අපේක්ෂා නොකළ තරමේ ජන ගඟක් ගෝල්ෆේස් පිටියට ගෙන්වා ශ්‍රී ලංකාවේ අලුත් දේශපාලන පරිච්ඡේදයක් ඇරැඹීමට තමන්ට හැකි බව පෙන්නුම් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ බැසිල් රාජපක්ෂ මහතාගේ සංවිධාන ශක්තියට හැකි විය.

අකිල ‌ගෝල්පේස් පුරවපු හැටි


ඉන් අනතුරුව ගෝල්ෆේස් පිටිය අතුරු සිදුරු නැතිව පිරී ගියේ පසුගිය දෙසැම්බර් 17 වැනිදාය. ඒ එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ “යුක්තියේ ජන සටන” ජන රැලියේදීය. එම ජන රැලිය පැවැත්වූයේ වසර හතරහමාරක් ඉක්මයෑමට ප්‍රථම පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයා ගත් තීරණය වැරැදි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් පසුවය. නමුත් රැලිය සංවිධාන කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කෙබඳු වේදැයි නොදන්නා පසුබිමකය. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හේතුවෙන් රැලිය කලින් පැවැත්වීමට නියමිත වූ දිනයද වෙනස් කිරීමට සිදුවූ නමුත් ගෝල්ෆේස් පිටිය පිරී ඉතිරී යන ජන ගඟක් කොළඹට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයට හැකි විය. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස හිටි හැටියේ මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපතිවරයා තීරණය කරන විටද සංවිධාන ශක්තිය අතින් එජාපය සිටියේ ඉතා දුර්වල මට්ටමකය. ආණ්ඩු බලය තිබියදී, පළාත් පාලන මැතිවරණය පරාජය වීම ඊට එක් උදාහරණයක් වූ අතර ඔක්තෝබර් 26 වැනිදා වන විට පෝස්ටරයක් ඇලවීමට තරම්වත් උනන්දු පාක්ෂිකයන් එක්සත් ජාතික පක්ෂය සතුව නොමැති බව පැහැදිලිව පෙනෙන කරුණක් විය. නමුත් ජනාධිපතිවරයාගේ හදිසි තීරණයත් සමඟ ඒ සියල්ල කණපිට හරවමින් ගෝල්ෆේස් පිටිය පිරවීමට තරම් දැවැන්ත ජන ගඟක් ඒකරාශී කරගැනීමට එජාපයට හැකි විය. එම රැලිය සඳහා ගෝල්ෆේස් පිටිය ලබාදීමටද මැදිහත් වූයේ ජනාධිපතිවරයාය. ජනාධිපතිවරයාගේ එම තීරණයට හේතු වූයේද ගෝල්ෆේස් පිටිය පිරවීමට එජාපයට හැකි නොවෙතැයි ජනාධිපතිවරයා තුළවූ විශ්වාසයයි. නමුත් ජනාධිපතිවරයාගේ එම තීරණයද වැරැදි බව පෙන්නුම් කරමින් ගෝල්ෆේස් පිටිය පිරවීමට මහා ජන ගඟක් කොළඹට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේ ළාබාලතම මහලේකම්වරයා වූ අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංවිධාන ශක්තියට හැකි විය.
කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂය යනු මෙරට පවතින පැරැණිතම දේශපාලන පක්ෂයය. මෙරට පවතින දේශපාලන පක්ෂ අතරින් වැඩිම ඡන්ද පදනමක් සහිත පක්ෂය ලෙස සැලකෙන්නේද එක්සත් ජාතික පක්ෂයය. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු 2015 වසරෙන් පසු මෙරට බිහිවූ පෙරළිකාරම දේශපාලන පක්ෂය ලෙස හැඳින්විය හැකිය. 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණු ඡන්ද ලක්ෂ 58න් බහුතරය එකතු වී සිටින්නේද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟය. අවසන් වරට පැවැති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද ලක්ෂ 49කට වැඩි ප්‍රමාණයක් හිමිවූ අතර එක්සත් ජාතික පක්ෂයට ඡන්ද ලක්ෂ 36කට වැඩි ප්‍රමාණයක් හිමිවී තිබිණි. එබැවින් එවැනි දැවැන්ත ජන පදනමක් සහිත එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෝල්ෆේස් පිටිය පිරවීම එක් අතකින් එතරම් පුදුම වන්නට දෙයක්ද නැත. නමුත් අවසන් පළාත් පාලන මැතිවරණයේදීද ඡන්ද ලක්ෂ 07කට ආසන්න ප්‍රමාණයක් හිමි කරගත් ජනතා විමුක්ති පෙරමුණ මේ ආකාරයෙන් ගෝල්ෆේස් පිටිය පිරවීම සැබැවින්ම පුදුමයට කරුණක් බව පිළිගත යුතුය. රැලිය සඳහා සහභාගි වූ සියලු දෙනාට අසුන්ගත හැකි ලෙස ගෝල්ෆේස් පිටිය පිරෙන්නට ආසන පනවා තිබීමද අනෙක් රැලිවලදී නොදුටු විශේෂත්වයක් විය.
ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ වසර 20කට පසුවය. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ වසර 37කට පසුවය. එබැවින් දේශපාලන වශයෙන් ඉතා වැදගත් තීන්දුවක් වූ අපේක්ෂාවේ අපේක්ෂකයා නම්කිරීමේ අවස්ථාවට මෙතරම් ජන ගඟක් සහභාගි කරගැනීමට ජනතා විමුක්ති පෙරමුණට හැකිවීම ඔවුන් ලද ජයග්‍රහණයක් බව දේශපාලන විචාරකයන්ගේ අදහසය. එසේම එය ජනතා විමුක්ති පෙරමුණේ බිම් මට්ටමේ සංවිධාන ශක්තිය මුළු රටටම ඔප්පු කර පෙන්වූ අවස්ථාවක් ලෙසද හැඳින්විය හැකිය. ජනතා විමුත්කි පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ‘දැන් ඉරිදා මව්රට’ පුවත්පතට පැවැසූ ආකාරයට මේ දැවැන්ත ජන රැලියේ සංවිධාන කටයුතු සිදුකර ඇත්තේ මාසයකටත් අඩු කාලයක් තුළය. එනම් පසුගිය ජූලි 20 වැනිදාට පසුවය.
“ජාතික ජන බලවේගය පිළිබඳ අවසන් තීරණය ගත්තේ පසුගිය ජූලි 20 වැනිදා. එදායින් පස්සේ තමයි මේ රැලියේ සංවිධාන කටයුතු සියල්ල සිද්ධ කළේ. අපිට මාසයකටත් අඩු කාලයක් තමයි තිබුණේ. ඒ කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්, දිස්ත්‍රික් සංවිධායකවරු වගේම ප්‍රාදේශීය සංවිධායකවරු එකතුවෙලා ග්‍රාමීය මට්ටමේ පුංචි පුංචි රැස්වීම් රාශියක් සංවිධාන කළා. අපි හිතුවට වඩා වැඩි උනන්දුවක් ජනතාව තුළ තියෙනවා කියලා අපිට තේරුම් ගියේ මේ රැස්වීම් අතරතුරේදී. ඒ හින්දා කලින් සැලසුම් ටිකක් වෙනස් කරන්නත් සිද්ධ වුණා. ඇත්තටම එක් ග්‍රාමසේවා වසමකට එක් බස් රථයක් වගේ යොදවන්න තමයි අපි සැලසුම් කරලා තිබුණේ. නමුත් අන්තිමට ග්‍රාමසේවා වසමකට බස් රථ දෙකක් යොදවන්න අපිට සිදු වුණා. ඇත්තටම අපේ බිම් මට්ටමේ සාමාජිකයන්ගේ සහ ක්‍රියාකාරීන්ගේ දක්ෂතාව තමයි මේ වැඬේ මෙච්චර සාර්ථක කරගන්න හේතු වුණේ.”
වර්තමාන ශ්‍රී ලංකාවේ සංවිධාන ශක්තිය අතින් ඉහළම දේශපාලන සංවිධානය ජනතා විමුක්ති පෙරමුණ බව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව බොහෝ දෙනකු පිළිගන්නා කාරණයක් වී ඇත. ඒ බව තවත් පැහැදිලි වන්නේ ජාතික ජන බලවේගය සඳහා පැමිණි ජනතාව හැඩගැස්සවූ ආකාරය පිළිබඳ බිමල් රත්නායක මහතා හෙළිකරන කරුණු කාරණා තුළින්ය.

අනුර ‌‌‌ගෝල්පේස් පුරවපු හැටි


“මූලික සංවිධාන කටයුතු ඒ ආකාරයට සිද්ධ වුණාට පස්සේ අපි ඊළඟට අවධානය යොමු කළේ රැලියට එන ජනතාවගේ පහසුකම් ගැන. එදින පැමිණි බොහෝ දෙනකු දිවා ආහාරය සකසාගෙන ඇවිත් තිබුණා. නමුත් ගොඩක් දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි ජනතාවගේ දිවා රාත්‍රී ආහාර පහසුකම් පිළිබඳ අපිට සැලසුම් කරන්න සිද්ධ වුණා. ඒ වගේම පැමිණි ජනතාව ආපසු යද්දී ඔවුන් පැමිණි බස් රථය සොයාගැනීම පහසුවෙන් කරන්නේ කොහොමද වගේ දේ ගැනත් අපි අවධානය යොමු කළා. අපි ඒ ගැන ජනතාව කලින්ම දැනුවත් කළා. ඊට අමතරව මේ රැලිය සඳහා පැමිණි බස් රථවල රියැදුරන්ට අපි විශේෂ උපදෙස් පත්‍රිකාවක් නිකුත් කළා. අනතුරක් කරගන්නේ නැතිව පරිස්සමෙන් මේ ගමන ගිහින් එන ආකාරය ගැන එහිදී විශේෂයෙන් ඔවුන් දැනුවත් කළා. ඒ හින්දයි ලංකාව වටෙන්ම මෙච්චර බස් රථ ඇවිල්ලත් කිසිම අනතුරක් සිද්ධකර නොගෙන ඔවුන් ආපහු ගියේ.”
බිමල් රත්නායක මහතා පවසන ආකාරයට මේ රැලිය සඳහා දිවයිනේ සියලුම ප්‍රදේශ නියෝජනය කරමින් ජනතාව සහභාගිවී ඇත. යාපනය පේදුරුතුඩුවේ වෙල්වැටිතුරෙයි ප්‍රදේශයෙන් මෙන්ම මුලතිව් ප්‍රදේශයෙන්ද ඒ සඳහා බස් රථ පැමිණ ඇත. සිංහළ, දෙමළ සහ මුස්ලිම් ජනතාව මෑත ඉතිහාසයේ මේ ආකාරයෙන් විශාල වශයෙන් ඒකරාශී වූ දේශපාලන රැලිය මෙය බවද රත්නායක මහතාගේ අදහසය.
අපේ රටේ දේශපාලන රැලි ගැන කතාකිරීමේදී ඒ සමඟ බැඳී පවතින අනෙක් වචනය මත්පැන්ය. අධික ලෙස මත්පැන් පානය කළ පුද්ගලයන් හැසිරෙන ආකාරය දේශපාලන රැලි අතර අප ඕනෑ තරම් දැක ඇත. දේශපාලන රැලි සඳහා ජනතාව සහභාගි වන්නේ බත් පැකට්ටුවක් සහ අරක්කු බෝතලයක් නිසාවෙන් බවට ජන මතයක් රට තුළ ගොඩනැඟී ඇත්තේද ඒ නිසාය. නමුත් ජාතික ජන බලවේගය රැලියේදී අප දුටු තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්ය. වෙන රැලිවලදී නොමිලේ බෙදාදෙන අරක්කු බෝතලය වෙනුවට පසුගිය 18 වැනිදා ගෝල්ෆේස් පිටියේදී බෙදා දුන්නේ වටිනා පොත්පත්ය. එමෙන්ම රැලිය අවසානයේ ඊට සහභාගි වූ ජනතාව හැසිරුණු ආකාරයද සැබැවින්ම අනෙක් පාක්ෂිකයන්ට ආදර්ශයක් විය. තමන් වාඩිවී සිටි ආසන එක තැනක ගොඩගැසූ ඔවුහු තමන් රැඳී සිටි ස්ථානය පිරිසුදු කළේ කිසිවකුගේ උපදෙසකින් හෝ බලකිරීමකින් තොරවය. බිමල් රත්නායක මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ද ජනතාව සමඟ එක්ව භූමිය පිරිසුදු කරන ආකාරය සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වූ අතර එවැනි දැවැන්ත රැලියක් පැවැත්වූවාදැයි සිතාගත නොහැකි ලෙස ඊට පසු දින ගෝල්ෆේස් පිටිය පවතින ආකාරයද සමාජ ජාලවල පළවිය. ඒ සම්බන්ධව බිමල් රත්නායක මහතා අදහස් දැක්වූයේ මෙසේය.
“ඒක එදා විතරක් සිද්ධ වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ පාක්ෂිකයන්ගේ පුරුද්දක්. ලංකාවේ කොතැනක අපේ රැස්වීමක් තිබුණත් අපේ පාක්ෂිකයෝ ඒ විදියට තමයි හැසිරෙන්නේ. තමන් හිටපු තැන අස්පස් කරන එක ශිෂ්ටසම්පන්න කෙනකුගේ ලක්ෂණයක්. ඒත් අපේ දේශපාලන පක්ෂ සහ නායකයෝ මිනිසුන්ගේ ඒ ශිෂ්ටසම්පන්න බව නැති කරලයි තියෙන්නේ. ඒ හින්දයි ඒ ශිෂ්ටසම්පන්න බව මතුවීම ප්‍රවෘත්තියක් වෙන්නේ. ඇත්තටම එදා රැලිය ඉවරවෙද්දී ඒ ආව ජනතාව විසින්ම මුළු ගෝල්ෆේස් එකම ශුද්ධ පවිත්‍ර කරලා ඉවරයි. ඔවුන්ට මඟහැරුණු යම් යම් තැන් කිහිපයක් විතරයි අපිට ශුද්ධ කරන්න ඉතුරු වෙලා තිබුණේ.”
කාර්යක්ෂම සංවිධාන ශක්තියක් ඔස්සේ සියලු දෙනා පුදුමයට පත් කළ දැවැන්ත ජන රැලියක් ජනතා විමුක්ති පෙරමුණ අවසන් කළේ ඒ ආකාරයෙනි. ජාතික ජන බලවේගය දැවැන්ත ජන රැලිය පිළිබඳ බිමල් රත්නායක මහතා අවසන් වශයෙන් දැක්වූයේ මෙවැනි අදහසකි.
“ගෝල්ෆේස් පිටිය පුරවන එක මැජික් එකක් කියලයි හැමෝම හිතාගෙන හිටියේ. ඒක කරන්න පුළුවන් කෝටි ප්‍රකෝටිපතියන්ගේ අනුග්‍රහය ලැබෙන ධනපති පක්ෂවලට විතරයි කියලයි හැමෝම හිතුවේ. ඒත් මේ රටේ දුප්පත් ජනතාවගේ පක්ෂයකටත් ඒක කරන්න පුළුවන් කියන එක අපි ඔප්පු කළා. ජනතාව එක්ක ඉන්නව නම් ගෝල්ෆේස් නෙමේ වෙන ඕන තැනක් පුරවන එක මැජික් එකක් නෙවෙයි කියලත් අපි ඔප්පු කළා.”

SendShareShare
Previous Post

සජිත් මාතර යද්දි කබීර්-රංජිත් කරුගෙ ‌ගෙදර ගිහින්

Next Post

මහමුදලි‌ගේ අශ්වගාලට බාවා එක්ක එකතු ‌වෙලා සුනේත්‍රා කරපු ‌දේ

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.