• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලැජ්ජයි ….ලෝ ලැජ්ජයි! Sri Lanka Latest News

February 22, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ලැජ්ජයි ….ලෝ ලැජ්ජයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, රට තුළ උද්ගතව ඇති වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පසුගියදා අදහස් දක්වා සිටියා. මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ප්‍රේමචන්ද්‍ර මහත්මිය පළකළ එම කරුණු දැක්වීම පහත සඳහන් වේ. Sri Lanka Latest News

මාධ්‍යවේදියා
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර මේ දවස්වල සාකච්ඡා පැවැත්වෙනවා. ඔබතුමිය ඒ සම්බන්ධයෙන් දරන්නේ මොන වගේ අදහසක්ද?

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
මම පෞද්ගලිකව හිතන්නේ මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ ආසන 40ක් තිබෙන ප්‍රධාන පක්ෂය තමයි සමගි ජන බලවේගය. සමගි ජන බලවේගයේ නායකයත්, එක්සත් ජාතික පක්ෂයේ නායකයත් අතර මේ වෙලාවේ සාකච්ඡාවක් ඇතිවෙනවා. ඒ කණ්ඩායම් දෙක අතර. අපි එකතු වෙලා ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙනවද නැද්ද කියලා. මට මේ සම්බන්ධයෙන් කාරණා කීපයක් කියන්න තියෙනවා. මම අවංකව පක්ෂයේ නායකයා වෙනුවෙන් හිටගෙන ඉන්න කෙනෙක් විදියටයි මේ දේ කියන්නේ. එක එක්කෙනාට එක එක මත තියෙන්න පුළුවන්. හැබැයි මම පෞද්ගලිකව හිතන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා පහුගිය වර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා වෙනම ඉල්ලුවා. ඒකෙන් තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ මනාප ගොඩක් නැතිවුණේ කියලා සාමාන්‍යයෙන් සමාජයේ මතයක් තියෙනවා. ඊළඟට කතාවක් තියෙනවා එතුමා උතුරේ දෙමළ ජනතාව නියෝජනය කරන නායකයෙක්ව දාන්නත් මැදිහත් වුණා කියලා. ඒ අනුව අපිට තේරෙනවා එතැනදීත් අපිට තියෙන ඡන්ද ගොඩක් අඩුවුණා කියලා.

අනෙක් කාරණාව තමයි එතුමා පැහැදිලිව ජනාධිපතිවරණ වේදිකාවේදී කිව්වා සජිත් ප්‍රේමදාසට ඡන්දේ දෙනවට වඩා අනුර කුමාර දිසානායකට දෙන එක හොඳයි කියලා. ඉතින් මේ කාරණා ඔක්කොම මම නැවත මතක් කරන්නේ අපේ පක්ෂයේ සියලු දෙනා වෙනුවෙන්. අපෙන් ගිය හරීන් ගත්තත්, මනුෂ ගත්තත්, තලතා මැතිනිය ගත්තත් ඉතාමත් නිර්දය විදියට අපේ නායකතුමාව විවේචනය කරලා ප්‍රධාන වේදිකාවේ ලොකු කැම්පේන් එකක් කරගෙන ගියා. අපි සාමාන්‍යයෙන් කතාවට කියනවනේ දේශපාලනයේ හතුරොත් නෑ මිතුරොත් නෑ කියලා. ඒ මතය අරගෙන බැලුවොත් එහෙම දැන් ඔබ බලන්න පහුගිය කාලෙදී දිගටම සමුපකාර ඡන්ද සජබය ජයග්‍රහණය කරමින් ආවා. දැන් මම පෞද්ගලිකව දන්නවා මගේ ආසනය ඇතුළේ ඉතා උත්සුකව අපේ පක්ෂයට අලුතෙනුත් සාමාජිකයෝ බැඳෙනවා. අපේ පක්ෂයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා නම් දීපු කට්ටිය දැන් අඩියක් පස්සට ගන්න හදනවා. ඒ පක්ෂ දෙක එකතු වුණොත් අපිට ඉල්ලන්න බෑ කියලා. ඒකට හේතුව ඊයේ පෙරේදා ලොකු ලිස්ට් එකක් නලින්ද ජයතිස්ස මහත්මයා කියෙව්වා, අරගලය වෙලාවේ ගිනි තියපු ගෙවල්වලට වන්දි ගත්ත අයගේ. ඒ වන්දි ඔක්කොම ජනාධිපතිවරයා විදියට අනුමත කළේ කවුද? රනිල් වික්‍රමසිංහ මහත්මයා. දැන් අපි හොරු එක්ක එකතු වෙන්නේ නෑ කිය කියා අපිට පුළුවන්ද මෙවැනි තත්ත්වයකදී රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කණ්ඩායමත් එක්ක හෝ එතුමා එක්ක එකතු වෙලා මේ ගමන යන්න? ඉතින් මම පෞද්ගලිකව හිතන්නේ එතුමාට ඕනේ තරම් අවස්ථාව තිබුණා සජිත් ප්‍රේමදාස මහත්මයාට පහුගිය අවුරුදු කීපය ඇතුළතදීම කකුලෙන් අදින්නේ නැතුව ඕනේ තරම් උදව් කරන්න. ජනාධිපතිවරණයේදී ඔයිට වඩා උදව් කළා නම් සමහර විට අපිට ජයග්‍රහණයකටත් යන්න තිබුණා. එහෙම නැතුව දැන් ඔවුන් වැටිලා ඉන්න වෙලාවේ, අලියා ලකුණෙන් ඡන්දේ ඉල්ලලා ඔවුන්ට එක ආසනයක්වත් පාර්ලිමේන්තුවේ නැති අවස්ථාවක, එතැනින් එහාට ඔවුන් දන්නවා ප්‍රාදේශීය සභාවට ඔය විදියට තනියෙන් ඉල්ලුවොත් එහෙම කිසිම ඡන්දයක් ලැබෙන්නේ නෑ කියලා. අනිත් එක ඔවුන්ට තියෙන ඡන්ද ප්‍රමාණයෙන් අපිට කිසිම වාසියක් වෙනවා කියලා මම නම් හිතන්නේ නෑ.

සජබය ආරම්භ කරපු දවසේ ඉඳන් අද වෙනකල් විශාල ජනතාවක් සජිත් ප්‍රේමදාස කියන නමට ගරු කරමින්, එතුමා එක්ක තියෙන ආදරයට, විශ්වාසයට අවුරුදු දෙක තුනක් තිස්සේ තිබුණු සියලු ඡන්දවලට තමන්ගේ අතින් මුදල් වියදම් කරගෙන සජබය වෙනුවෙන් නැගීහිටපු පිරිසක් ඉන්නවා. දැන් හදිසියේදීවත් යම්කිසි පළාත් පාලන මැතිවරණයකදී අපේ එක කොටසක් යූ.ඇන්.පී. එකට දෙනවා, තව කොටසක් සජබයට දෙනවා කියලා අන්තිමට අපේ මිනිස්සුන්ගේ ඡන්ද, අපේ මිනිස්සුන්ගේ මහන්සියෙන් අපිට ලැබෙන ආසන කීය හරි, අර නිකන් හිටපු, අපේ කකුලෙන් ඇදපු, මෙච්චර කාලයක් අපිට කිසිම සහයෝගයක් නොදීපු අයට දෙන්නද? මගේ පෞද්ගලික මතය නම් අපේ මේ වෙලාවේ ස්වාධීනව යන්න ඕනේ කියන එකයි.

තවත් දෙයක්, දැන් දෙපැත්තේ නායකයෝ කතා කරනවා. මේවා අපිට අදාළ දේවල් නෙවෙයි, නමුත් අපෙන් මිනිස්සු අහන දේවලට අපි උත්තර දෙන්න ඕනනේ. ඉතින් මම හිතන්නේ එක්කෝ එකතු වෙනවා නම් සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහත්මයා දරන්න ඕනේ, සහ අපි දුරකතනය ලකුණෙන් ඉදිරියට යන්න ඕනේ. ඒවට ඒගොල්ලො කැමැතිත් නෑනේ. ඉතින් අපි එහෙම තුට්ටු දෙකට වැටෙන්න ඕනෙද? මොකද අපි මන්ත්‍රී ධුර 40ක් තියාගෙන අභිමානයෙන් ප්‍රධාන විපක්ෂය විදියට ඉන්න පක්ෂයක්. මේ අවස්ථාවේ මාලිමාවට ආසන 159ක් දීලා, විශාල බලයක් දීලා මිනිස්සු දැන් විශාල ඉච්ඡාභංගත්වයකට පත්වෙලා ඉන්නේ. ඔවුන්ට හාල් ටික දීගන්න බෑ තවම. වීවලට හරියට මිලක් නියම කරගන්න බෑ. වී ගබඩා ටික රතු තරුවේ කට්ටියයි, හමුදාවයි එකතු වෙලා අස්පස් කළා. දැන් ඒවා වෙන දේකට තමයි යොදාගන්න වෙන්නේ. එතැනින් එහාට පොල් මිල හරියට කරන්න බෑ, ලුණු ටික හරියට කරගන්න බෑ.

මට මතකයි මාලිමාවේ නායකයෝ උගුර ලේ රහ වෙනකල් කෑගගහා අමුඩ ඇඳගෙන ගිහිල්ලා ගොවි මහත්තුරුත් එක්ක උද්ඝෝෂණ කළා. උද්ඝෝෂණ කරනකොට ඒ අය කිව්වා මේ තරම් සශ්‍රීක රටක් ඇතුළේ ප්‍රධාන ආහාරය බත් වෙච්ච රටක් ඇතුළේ පිට රටින් හාල් ගෙන්වන්න නායකයෝ අවශ්‍යද කියලා. ඉතින් ඒකමනේ මේගොල්ලොත් කරන්නේ. පහුගිය දවසක විදුලිය විසන්ධි වෙච්ච වෙලාවේ ඇමැතිතුමා කියනවා වඳුරෙක් පැනපු හින්දයි ඒක වුණේ කියලා. නමුත් එතැන හිටපු ආරක්ෂක නිලධාරියා කියනවා වඳුරෙක් පැන්න බවක් තමන් දැක්කේ නෑ කියලා. ඒ අදාළ අමාත්‍යවරයා ඉංජිනේරු මහත්මයෙක්. ඔහු එදාම හවස කියනවා පහුගිය ආණ්ඩුවෙන් වෙච්ච අඩුපාඩු නිසා තමයි විදුලිය විසන්ධි වුණේ කියලා. ඕකට තමයි ඔබතුමාලට ඡන්දේ දුන්නේ මිනිස්සු. පහුගිය ආණ්ඩුව හරියට කරපු නැති නිසානේ ඔබතුමාලට මිනිස්සු ඡන්දේ දුන්නේ. දැන් මේ ආණ්ඩුව පත්වෙලා මාස හතරක් වෙනවා. එතකොට පහුගිය ආණ්ඩුවලට වැරැදි කිය කියා, අරක වුණා මේක වුණා කිය කියා ඉන්න එක හරියන්නේ නෑ. ඉතින් ඒ නිසා තමයි 159ක් දීලා ඔබතුමාලව පත්කළේ. පරණ දේවල් ගැන කිය කියා හරියන්නේ නෑ. දැන් වැඩ කරලා පෙන්වන්න. ඒ නිසා මට කියන්න තියෙන්නේ ඔවුන්ගේ නොහැකියාව අපි මුල ඉඳන්ම කිව්වා. මේ ආණ්ඩුව ආවොත් මාස හයෙන් වැටෙන්න පටන්ගන්නවා කියලා.

මේ රටේ මිනිස්සු මොන තරම් බලාපොරොත්තු තියාගෙනද මේගොල්ලන්ව පත්කරගත්තේ? වර්තමාන ජනාධිපතිතුමා මේසෙට ගහලා දාපු පාට් එකේ හැටියට, මම හිතුවා ඩඩ්ලි සිරිසේන ජනාධිපතිතුමා පස්සෙන් වැඳගෙන යයි කියලා. අද ඩඩ්ලි සිරිසේනට අවශ්‍ය විදියට මිල පාලනය වෙන්නේ. ඒකනේ ඇත්ත කතන්දරේ. ඒ කියන්නේ එයා තමයි දැන් හාල්වල මිල කීයද කියන එක තීරණය කරන්නේ. ඉතින් මේගොල්ලන්ගේ බොරු කතන්දර ගැන අපි එදා ඉඳන්ම කියලා තියෙනවා.

SendShareShare
Previous Post

බාල බෙහෙත් ගෙනත් කෝටි ගාණක් වංචා කළ කෙහෙළියගේ නඩුවේ තවත් ලොකු හෙළිදරව්වක්! බෙහෙත් ඉන්දියාවෙන් ගෙන්නුවා කිව්වට ඉන්දීය සමාගම ඒක ප්‍රතික්ෂේප කරලා! එතකොට කෙහෙළියලා බෙහෙත් ගෙනත් තියෙන්නේ කොහෙන්ද? Sri Lanka Latest News

Next Post

මාලිමාව සෝදා පිරිසිදු කරගනිමු! Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.