Mans Lankaපෞද්ගලික සමාගම මෙරටට ගෙන්වා බෙදා හරින Man තණකොළ කපන යන්ත්‍රය (MEN Brush Cutter) ගොවිපොළ යාන්ත්‍රිකරණ පර්යේෂණ මධ්‍යස්ථානය පිරිනමන FMRC විශිෂ්ටතා සහතිකයෙන් පිදුම් ලැබීය. කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සම්බන්ධව ඇගැයීම් කර එවන් විශේෂ සහතික නිකුත් කිරීමේ බලතල පැවැරී ඇති එකම රාජ්‍ය ආයතනය වන්නේ මහඉලුප්පල්ලම ගොවිපොළ යාන්ත්‍රිකරණ පර්යේෂණ මධ්‍යස්ථානයයි. MEN තණකොළ කපන යන්ත්‍රය FMRC විශිෂ්ටතා සහතිකයෙන් පිදුම් ලැබුවේ එහි ඇති කැපී පෙනෙන සුවිශේෂ කරුණු රැසක් මුල් කර ගෙනය. අතිශය තියුණු තලයකින් සමන්විත වීම ඉන් ප්‍රධාන වේ. ප්‍රබල එන්ජිමකින්ද සමන්විත මෙම යන්ත්‍රය ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවකින්ද යුතුය. එය ලීටර් 1.2ක ටැංකියකින් සමන්විත වීමද සුවිශේෂ කරුණකි.
MEN තණකොළ කපන යන්ත්‍ර මෙරටට ගෙන්වා බෙදා හරින Mans Lanka සමාගම අයත් වන්නේ මෙරට සාඩම්බර සමූහ ව්‍යාපාරයක් වන Macksons සමූහ ව්‍යාපාරයටය. Mans Lanka සමාගම මෙරටට ගෙන්වා බෙදා හරින සුප්‍රසිද්ධ Chillington කිඹුලා උදලු තලද මීට පෙර FMRC විශිෂ්ටතා සහතිකයෙන් පිදුම් ලැබීම විශේෂත්වයකි.











