නිවෙසකට ප්‍රධාන දොරක් තැබීමේදී එය ක්‍රම කිහිපයකට තැබිය හැකි බව පෙන්නා දෙයි. එයින් ප්‍රධාන වශයෙන් නිවෙසේ දිග කොටස් නවයකට බෙදාගෙන තබන ක්‍රමයද වඩාත් නිවැරැදි ක්‍රමය බව හඳුනාගෙන තිබේ. සුබ පාදයක ප්‍රධාන දොර තැබීමෙන් මහත් දියුණුවක් ලැබීමට හේතු වන බව වාස්තු විiාව උගන්වයි. මෙම පාද බෙදීමේදී පාද සලකුණු කරන්නේ දක්‍ෂිණාවර්ත ආකාරයෙනි. එනම් උතුරු දිසාවට දොරක් තබන්නේ නම් වයඹ සිට ඊසාන දක්වා පාද සටහන් කළ යුතුයි. නැඟෙනහිර දිසාවට දොර තබන්නේ නම් ඊසාන සිට ගිනිකොන දක්වා පාද සටහන් කළයුතුය. නිවෙසේ ප්‍රධාන දිගු ප්‍රධාන කොටස් නවයකට බෙදාගත යුතුය. එයින් තුන්වන හා 4 වැන පාදය වඩාත් සුදුසු යැයි පෙර සිටි ඍෂින් විසින් පෙන්නා දී ඇත. එම පාද (9)ය මෙසේ සඳහන් කළ හැකිය. 1. ශිඛී පාදය, 2. පර්ජන්‍ය පාදය, 3. ජයන්ත පාදය, 4. මහේන්ද්‍ර පාදය, 5. සූර්ය පාදය, 6. සත්‍ය පාදය, 7. හෘෂ පාදය, 8. අන්තරීක්‍ෂා පාදය, 9. අනල පාදය, එම එක් එක් පාදයන්හි ප්‍රධාන දොරටුව තැබීමෙන් ඇති වන සුබ හෝ අසුබ පල මෙසේ දක්වා ඇත.
ශිබී පාදය
මෙම පාදයෙහි ප්‍රධාන ද්වාරය තැබීමෙන් ස්වභාවික විපත්වලින්, කරදරවලින් හානි පැමිණෙන බවත්, නිවැසියන්ට මහත් විපත්, කරදර එන බව පෙන්නා දෙයි.
පර්ජන්‍ය පාදය
මෙම ස්ථානයේ දොර තැබීමෙන් වඳ ස්ත්‍රීන් හා කණවැන්දුම් ස්ත්‍රීන් ඇතිවන බවත්, විවාහ නොවන ස්ත්‍රීද ඇතිවන බවත් උගන්වයි.
ජයන්ත පාදය
මෙම පාදයේ දොර තැබීමෙන් නිවැසියන්ට මහත් ධන ලාභ ලැබෙන බවත්, දියුණුව ඇතිවන බවත් කියාපායි.
මහේන්ද්‍ර පාදය
මෙම ස්ථානයේ ප්‍රධාන ද්වාරය තැබීමෙන් උගත් හා බුද්ධිමතුන් ආශ්‍රයටත්, මහත් කීර්ති, ප්‍රශංසා ලැබෙන බවත් කියාපායි.
සූර්ය පාදය
මෙම ස්ථානයේ දොර තැබීමෙන් රාජ බය, ගිනි බිය හා නීතිමය ප්‍රශ්න ඇති වන බවත් උගන්වයි.
සත්‍ය පාදය
මෙයද අසුබ පාදයකි. මෙම ස්ථානයේ ප්‍රධාන දොරටුව තැබීමෙන් වාස්තු හානි, අඬදබර ඇති වීමට හා අන්‍යයන්ගේ රැවටීම්වලට ලක්වීමටත් හේතු වන බව පෙන්නා දෙයි.
හෘෂ පාදය
මෙයද අසුබ පාදයකි. මෙහි දොර තැබීමෙන් නිවැසියන් අතර අඬදබර, කලකෝලාහල හා අසමඟිය ඇතිවන බවත් පූර්වාචාරීන් විසින් පෙන්නා දී ඇත.
අන්තරීක්‍ෂා පාදය
රෝග ව්‍යාධි හා පාරිසරික හේතු නිසා අලාභහානි, විපත් සේම මෙම ස්ථානයේ ප්‍රධාන දොර තැබීමෙන් උදාවන බව පෙන්වා දෙයි.
අනල පාදය
මෙම ස්ථානයේ ප්‍රධාන ද්වාරය තැබීමෙන් රෝග පීඩා හා වස විස හා ගිනි භිය හා මහත් චිත්ත පීඩාත් ඇති වන බව පූර්වචාරීන් විසින් පෙන්වා දී ඇත.
මේ නිසා නිවෙසකට ප්‍රධාන දොර තැබීමේදී තුන් වැනි හා හතර වැනි පාදය වඩාත් සුදුසු යැයි වාස්තු විiාව පෙන්වා දෙයි.
ජ්‍යොතිෂවේදී නන්දන වීරසිංහ











