• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ දේහය තවමත් නොදිරන්නේ ඇයි? ගෝවේ ගියොත් අදටත් දැකබලා ගන්න පුළුවන්! Sri Lanka Latest News

February 3, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ දේහය තවමත් නොදිරන්නේ ඇයි? ගෝවේ ගියොත් අදටත් දැකබලා ගන්න පුළුවන්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තොටගමුවේ රාහුල හාමුදුරුවෝ එහෙමත් නැත්නම් ෂඩ්භාෂා පරමේෂ්වර රාහුල හාමුදුරුවෝ කිව්වාම දෙස් විදෙස් බොහෝ දෙනෙක් දන්න නමක් බවට පත්වෙලා තියෙන්නේ. ඒ තමයි උන්වහන්සේ අපවත් වූ පසුවත් දේහයේ කොණ්ඩය, රැවුල සහ නියපොතු වැවීමත්, සිරුර නොදිරා තිබීමත් කියන කාරණා මේ සියල්ල සමග සම්බන්ධ වුණු හරි අපූරු කතා පුවතකුත් උන්වහන්සේගේ ජීවිත කතාව ඇතුළේ තියෙනවා. ඒ කතාව අපිට කියන්නෙත් අපේ වැඩිහිටියෝ, අම්මලා, තාත්තලා. කතාවේ හැටියට මේ සිදුවීම වෙලා තියෙන්නේ රාහුල හාමුදුරුවෝ පුංචි කාලෙදිමයි. Sri Lanka Latest News

ඒ කාලෙ පුංචි රාහුල හාමුදුරුවෝ වැඩසිටියේ වීදාගම මෛත්‍රිය හාමුදුරුවන්ගේ පන්සලේ. යන්ත්‍ර මන්ත්‍ර වගේම වෙදකම ගැනත් පරතෙරටම දැනගෙන හිටපු වීදාගම හාමුදුරුවෝ තමයි රාහුල හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ වුණේ.

වීදාගම හාමුදුරුවන්ට යන්ත්‍ර මන්ත්‍ර ගැන කොයි තරම් දැනීමක් තිබුණාද කියලා කිව්වොත් තමන්ගේ විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු කරන්න මිනිසුන්ට කරන්න බැරි බොහෝ වැඩ යක්කු බැඳගෙන කරගන්න තරම් උන්වහන්සේ දක්ෂ වුණාලු. ඒ කාලේ යක්කු ලවා ගෙන්වා ගත්තු මහා ගල්කණු, ගල් කුට්ටි එදා වීදාගම හාමුදුරුවෝ වැඩසිටි තෙල්වත්ත පන්සලේ තාමත් තියෙනවලු.

ඊළඟ කාරණය තමයි වීදාගම හාමුදුරුවන්ට ධර්ම දේශනා කිරීමේ විස්මිත හැකියාවක් තිබුණලු. කවදාවත් කිසිම ධර්ම දේශනයකදි වීදාගම හාමුදුරුවන්ට වචන පැටලෙන්නෙ නැහැ. වචන අමතක වෙන්නෙ නැහැ. කොළයක් බලාගෙන කියනවා වගේ හරි අපූරුවට මුල ඉඳලා අගටම ධර්මය දේශනා කරනවා පැයක්, දෙකක් තුනක් වුණත්. ඒ විදියමයි. ඒත් මේ විදියට ධර්ම දේශනා කිරීමේ රහසක් තිබුණා. ඒ රහස දැනගෙන හිටියේ පුංචි රාහුල හාමුදුරුවො විතරයි.
හැමදාම ධර්ම දේශනයකට යන්න කලින් ලොකු හාමුදුරුවෝ අල්මාරිය ඇරලා මොනව හරි රහස් දෙයක් කරනවාය කියන සැකේ රාහුල හාමුදුරුවන්ට තිබුණු නිසා උන්වහන්සේ මේ ගැන විපරමෙන් හිටියා. අන්තිමට රාහුල හාමුදුරුවෝ දැනගත්තා ලොකු හාමුදුරුවෝ අල්මාරිය ඇරලා ‘සරස්වතී තෛලය’ කියන තෙල් බෝතලය අරගෙන, ඒකට අශ්ව කෙන්දක් දාලා අරන් එය හත්වරක් ගසලා ඉතිරි වෙන ස්වල්පය දිවේ ගාගෙන ධර්ම දේශනය සඳහා යන්නෙ කියලා. ඒ වගේම එනිසා තමයි වීදාගම හාමුදුරුවෝ අමතක නොවී මතකයෙන් පැය ගණනක් බණ කියන්නෙ කියලත් රාහුල හාමුදුරුවෝ දැනගත්තා.

එදා ඉඳලා රාහුල හාමුදුරුවෝ හිටියේ කුතුහලයෙන්. ඔය අතරේ දවසක් ලොකු හාමුදුරුවන්ට බැරිවීමකින් යතුරු කැරැල්ල දාලා යනවා. එදා පුංචි රාහුල හාමුදුරුවෝ අල්මාරිය ඇරලා සරස්වතී තෛලය බෝතලය අතට අරගන්නවා. අශ්ව කෙන්දකින් දිවේ ගාගෙන ලොකු හාමුදුරුවෝ මෙච්චර හොඳට බණ කියනවා නම් මං මේ බෝතලේ බිව්වාම කොහොම වෙයිද කියලා හිතපු පුංචි රාහුල හාමුදුරුවෝ තෙල් බෝතලේ කටේ තියාගෙන බොනවා. අන්තිමට සිහිසුන්ව අල්මාරිය ළඟ ඇදවැටුණු රාහුල හාමුදුරුවන්ට වීදාගම හාමුදුරුවෝ ආපසු එනකම්ම එහෙමම ඉන්න සිද්ධ වෙනවා.

වීදාගම හාමුදුරුවෝ සිදුවෙලා තියෙන දේ දැනගෙන ඒ ආසන්න ගම් හතේම පුංචි දරුවන්ට කිරිදෙන අම්මලාට පණිවුඩ යවනවා හැකි උපරිමයෙන් තන කිරි දොවාගෙන අරගෙන එන්න කියලා. ඒ කාලේ වීදාගම හාමුදුරුවන්ට මහා ඉහළින් සලකපු ගම්වැසියන් එසැණින් කිරි දොවාගෙන පන්සලට අරන් ඇවිත් තියෙනවා. අවසානයට වීදාගම හාමුදුරුවෝ රාහුල හාමුදුරුවන් බෙහෙත් ඔරුවේ දාලා ඒ ඔරුව තනකිරිවලින් පුරවලා දවස් ගණනක් තියලා තමයි රාහුල හාමුදුරුවන්ට සිහිය අරගෙන තියෙන්නේ.

පස්සෙ කාලෙකදි රාහුල හාමුදුරුවෝ අපවත් වෙනවා. ඒ, ඊට අවුරුදු ගණනාවකට පස්සේ. හැබැයි උන්වහන්සේ අපවත් වුණාට පස්සෙත් කොණ්ඩ, රැවුල, නියපොතු ආදිය වැවෙන්න පටන් ගන්නවා. මේ හේතුව නිසා ඒ කාලේ ජීවත් වූ මිනිස්සු රාහුල හාමුදුරුවන්ගේ දේහයට වැඳුම් පිදුම් කරන්න පටන් ගන්නවා. මේ බව පෘතුගීසි දැනගන්නෙ ඊට පස්සෙයි. අන්තිමට ඔවුන් රාහුල හාමුදුරුවන්ගෙ දේහය බලලා පුදුමයට පත්වෙලා දේහය ගෝවට අරගෙන යනවා.
පෘතුගීසි රාහුල හාමුදුරුවන්ගේ දේහය ගෝවට ගෙනියන්නෙ නිකම් නෙවෙයි. නැවේදි ඔවුන් රාහුල හාමුදුරුවන්ගේ දේහයට මැරුණු පූජකයකුගෙ ඇඳුමක් අන්දනවා. අන්තිමට හැමෝම හිතුවලු මේ ඒ පූජකයාමයි කියලා. හැබැයි මේ කතාවේ වටිනාම දේ තමයි රාහුල හාමුදුරුවන්ගෙ සිරුරේ කෙස්, නිය එවක පටන්ම ක්‍රමයෙන් වැවෙනවාය කියන එක. ඒ අනුව රාහුල හාමුදුරුවන්ගේ ශරීරය මෙසේ නොදිරා තිබෙන්නේ කෙසේද යන්න විමසීමේදී කරුණු දෙකක් කියැවෙනවා. එයින් පළමුවැන්න වනුයේ කුඩා කල සරස්වතී තෛලය පානය කිරීමේ අනුහස නිසා සිරුර නොදිරා තිබෙනවා යන්නයි. ඒත් සමගම කියැවෙන අනෙක් කතාව වන්නේ රාහුල හාමුදුරුවන් මරණයෙන් පසු සිය සිරුර නොදිරා කාලාන්තරයක් පවතිනවායි සිතා ‘සිඳුඅළු රසය’ නැතහොත් ‘සිදුහත් රසය’ නමින් හඳුන්වන තෛලය පානය කළාය යන කතාව. කාරණා දෙකෙන් කුමක් හෝ සත්‍ය වීමෙන් අදටත් උන්වහන්සේගේ සිරුර පියවි ඇසින් දැකගන්නට වාසනාව ලැබී තිබෙනවා.

පෘතුගීසීන්ගේ උපක්‍රමය නිසා ක්‍රිස්තියානි බැතිමතුන් සිය ආගමික ප්‍රචාරකයකු වූ ශාන්ත ෆ්‍රැන්සිස් ෂේවියර් නම් පූජකවරයා යැයි සිතුවද එලෙස නොදිරා තිබෙන්නේ අපේ රාහුල හාමුදුරුවන්ගෙ දේහය බවට සැකයක් නැහැ.

වසර ගණනාවක් පුරා ගෝවේ දේවස්ථානයක රඳවා තබා ලෝකයම වැඳුම් පිදුම් කරන තොටගමුවේ රාහුල හිමියන්ගේ සිරුර සෑම වසර දහයකට වරක් තබා ඇති උස් ස්ථානයෙන් පහළට ගෙන ප්‍රදර්ශනය කරන අතර, එය අවසන් වරට ප්‍රදර්ශනය කර ඇත්තේ 2014 දීය. ඒ අනුව තවත් වසර 3කින් යළිත් උන්වහන්සේගේ සිරුර අසලටම ගොස් නරඹන්නට සියලු දෙනාට අවස්ථාව හිමිවනු ඇත.

කෑගල්ල පුරවරයේ ඉපිද කෝට්ටේ රාජධානියේ වැඩවසමින් සැලළිහිණි සංදේශය, ගිරා සංදේශය, පරවි සංදේශය, කාව්‍යශේකරය ඇතුළු ග්‍රන්ථ රැසක් ජාතියට දායාද කළ උන්වහන්සේ මාතර, ඇල්පිටිය ප්‍රදේශයේදී අපවත් වුවද අද මේ සියලු සීමාවන්ගෙන් දුරස්ව මහ මුහුදින් එතෙර තැනකද ලෝ වැස්සන්ගේ ගෞරවාදරයට පාත්‍ර වන්නේ පෙර කළ මහා පුණ්‍යකර්මයකට බව නම් සැකයක් නොවේ. එහෙයින් උන්වහන්සේ ලක්බිමටත්, ජාතියටත් ගෙන දුන්නේ, ගෙන එන්නේ මහා ගෞරවයක් බව මේ මොහොතේ මතක් කළ යුතුමය.

(අන්තර්ජාලයෙනි)

SendShareShare
Previous Post

මේ යන විදිහට ගියොත් තව අවුරුදු දෙකකින් ආපහු විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යන්න වේවි! ඒක ස්ථිරයි! සජිත් කියපු අලුත්ම අනාවැකිය මෙන්න! මීට කලින් කියපු ඔක්කොම අනාවැකි හරිගියා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

පාස්කු ප්‍රහාරයට ගෝඨා සහ සලේ අත්අඩංගුවට ගැනීමේ සැලසුමක්! ගම්මන්පිල ප්‍රශ්න 8කට ආණ්ඩුවෙන් උත්තර ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.