• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ යන විදිහට ගියොත් තව අවුරුදු දෙකකින් ආපහු විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යන්න වේවි! ඒක ස්ථිරයි! සජිත් කියපු අලුත්ම අනාවැකිය මෙන්න! මීට කලින් කියපු ඔක්කොම අනාවැකි හරිගියා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 3, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
මේ යන විදිහට ගියොත් තව අවුරුදු දෙකකින් ආපහු විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යන්න වේවි! ඒක ස්ථිරයි! සජිත් කියපු අලුත්ම අනාවැකිය මෙන්න! මීට කලින් කියපු ඔක්කොම අනාවැකි හරිගියා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වන විට අතිශය පීඩාකාරි අයි එම් එෆ් ගිවිසුමක් හරහා රටේ ආර්ථිකය ක්‍රියාත්මක වන බවත් වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටින විට ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී නව අයි එම් එෆ් ගිවිසුමක් හරහා ජනතාවට සහන ලබා දෙන බව පැවසූ නමුත් දැන් පසුගිය රජය එකග වූ ගිවිසුමම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බවත් මේ ඇති කර ගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව කර ගෙන යා හැකි පසුබිමක් නිර්මාණය වී ඇත් ද කියා රජයෙන් ප්‍රශ්න කරන බවත් ජනතාවට සත්‍ය හෙළිදරව් කිරීම රජයේ වගකීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රට මුහුණ දී ඇති සැබෑ සත්‍ය නම් අප රටට ප්‍රධාන ඉලක්ක ගණනාවක් සම්පූර්න කළ යුතු බවත් ඒ අතර වේගවත් ආර්ථික වර්ධනය සහ ඉහළ රාජ්‍ය ආදායමක් පවත්වා ගැනීම බවත් එය එසේ නොකරන්නේ නම් තව වසර 2-3ක් යන විට තවත් ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළකට යා යුතු බවත් මේ කතාව තමා ස්ථිරවම කියන බවත් තමා පසුගිය කාලයේ පවා මෙවැනි අනාවැකි කියන විට හිනා වුණත් ඒවා හැම දෙයක්ම සත්‍ය වූ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

ලෝකයේ විවිධ රටවල් ඇති කර ගත් අයි එම් එෆ් ගිවිසුම් සංගණනයකට ලක් කර එහි සාර්ථක භාවය දෙස බැලූ විට ඒ අත්සන් කළ ගිවිසුම්වලින් 59%ක්ම නැවත ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යාම බවත් මේ කරුණු කාරණා ජනතාවගෙන් හංගන බවත් කවුරුත් මේවා ජනතාවට නොකියන බවත් තවත් ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනකට යනවා යනු ජනතාව දුකට කරදරයකට පත් කිරීම බවත් එය අභියෝගාත්මක බවත් ඉදිරි ගමන ප්‍රශ්න ගැටලු රැසක් මැද යාමට ඇති නිසා අපි රටක් ලෙස ඒ අභියෝගවලට මුහුණ දී රට රැකගත යුතු බවත් එම නිසා අයි එම් එෆ් එකත් සමග සාකච්ඡා කරන්න බිය නොවන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ මොහොත වන විට අප රට රටේ සුවහසක් ජනතාව ප්‍රශ්න ගැටලු රාශියකට මුහුණ දෙන බවත් ඒ ගැටලු හා අභියෝගවලට උත්තර අපේක්ෂාවෙන් සිටින බවත් රටක ජනතාව රාජ්‍ය පාලනයක් පත් කරන්නේ රට හොද ශක්තිමත් ප්‍රතිපත්ති තුලින් ජනතාවටත් රටටත් යහපත් කලදසාවක් උදා කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට බවත් ගැටලුවලට ප්‍රශ්නවලට උත්තර සපයන්න බවත් ජනාධිපතිවරණයක් සහ මහමැතිවරණයක් පවත්වා ගතවූ ටික කාලයේ සිදු වු දේ ගැන සාමාන්‍ය ජන ජීවිතයේ මුහුණ දෙන ප්‍රශ්නවලට ගැටලුවලට රජය දුන් විසදුම් ගැන ප්‍රශ්න කළ යුතු බවත් මෙය රාජ්‍ය පාලනය සම්බන්ධ ලිට්මස් පරික්ෂණය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය කරන කියන දේවල් ජනතාව ප්‍රශ්න කළ යුතුයි

අද වන විට ජන සමාජයේ සහල් හිගයක් ඇති බවත් පොල් හිගයක් ලුණු හිගයක් ඇති බවත් දරාගත හැකි මිලකට බඩුමිල වැඩි වී ඇති බවත් ආදායම් මාර්ග කඩා වැටී ජනතාව වැඩි වැඩියෙන් අසරණ වී ඇති බවත් මෙවන් තත්ත්වයක් තුළ වත්මන් රජය ජනතාව ජීවත් කරවීම උදෙසා ප්‍රශ්නවලට ලබා දෙන උත්තර ගැන රටේ ජනතාව සෑහීමකට පත්වන්නේ ද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදුලි බිල අඩු කළොත් ජනතාවගේ බලපෑම මතයි

රජය අයි එම් එෆ් එක සමග සාකච්ඡා කර රටේ ජනතාවට මුහුණ දෙන ගැටලුවලට සහන දිය යුතු බවත් පසුගිය දා ජනතාවගේ බලකිරීම මත විදුලි බිල අඩු කිරිම 20%ක සාමාන්‍යයෙකින් සිදුවිය යුතු බව නිර්දේශ කළ බවත් එය සිදුවූයේ ජනතා කැලබීම හා නිර්දේශ මත බවත් එය රජයට ඕන නිසා සිදු නොවු බවත් රජය විදුලි බිල වැඩි කරන්න තීරණය කර ඇති මොහොතක ජනතාවගේ කැලබීම මත මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල අඩු කළ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

විදුලි බිල තුනෙන් එකකින් අඩු කරන්න හැකි බව රජය කියූ බවත් මීට වඩා සහනදායී ජන ජිවිතයක් උදා කරන්න වත්මන් රජයට හැකියාවක් තිබුණත් ඔවුන් එය නොකරන බවත් එයට හේතුව ඔවුන්ට රටක් රාජ්‍යයක් පාලනය කරන්න ඇති නොහැකියාව බවත් ජනතා ප්‍රශ්න විසදන්න බැරි අදක්ෂ කම බවත් මේ නිසා ජන ජීවිත කඩා වැටෙයි කියා බියක් ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වගකිය යුතු විපක්ෂයක් ලෙස ප්‍රශ්න ගැටලු වෙනුවෙන් පෙනී සිටින බවයි.

SendShareShare
Previous Post

හොරු එක්ක සාකච්ඡා කරන්න ගිහින් සජබෙයි එහි නායකයන්වයි විනාශ කරන්නද මේ යන්නේ? සජබෙ තරුණ නායකයන් ඩීල්කාරයන්ට‍ විරුද්ධව කැරැල්ලකටද මේ සූදානම් වෙන්නේ? VIDEO I Sri Lanka Latest News

Next Post

තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ දේහය තවමත් නොදිරන්නේ ඇයි? ගෝවේ ගියොත් අදටත් දැකබලා ගන්න පුළුවන්! Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.