ශ්‍රී ලංකා වරලත් පුද්ගල කළමනාකරණ ආයතනය (Chartered Institute of Personnel Management Sri Lanka – CIPM)මානව සම්පත් අධ්‍යාපනයේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව ඇත. එනම් එම ආයතනය විසින් පවත්වනු ලබන DPHRM ඩිප්ලෝමාවට, HRM පිළිබඳ ජාතික මට්ටමේ ඩිප්ලෝමාවට සමාන NVQ5 පිළිගැනීමක් හිමිකර ගෙන ඇත. මෙය ජාතික මට්ටමේ පිළිගැනීමකි. මෙම සුවිශේෂ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ මානව සම්පත් අධ්‍යාපනය සඳහා නව මිනුම් ලකුණක් සකසන අතර, අපේක්ෂා කරන මානව සම්පත් වෘත්තිකයන්ට සාර්ථකත්වයේ මාවතක් සපයයි. මානව සම්පත් කළමනාකරණයේ ජාතියේ ප්‍රමුඛයා ලෙස CIPM ආයතනය විසින් NVQ5 මට්ටමේ ප්‍රමිතියට ගැළපෙන සහ නවීන මානව සම්පත් පරිචයන් සඳහා ශක්තිමත් පදනමක් සපයන ඩිප්ලෝමාවක් ලෙස DPHRM ඩිප්ලෝමාව ඉදිරිපත් කර ඇත. එය මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනයේ, කීර්තිමත් වරලත් සුදුසුකම් සඳහා දියත් කිරීමේ පුවරුවකි.
මෙම ජාතික පිළිගැනීම, තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් NVQ Level 5 මට්ටමට සමාන ජාතික මට්ටමේ පිළිගැනීමකි. ඒ අනුව DPHRM ඩිප්ලෝමාව, දේශීය හා ජාත්‍යන්තරව ගරු කරන සුදුසුකම් සහතික කරමින් ගෝලීය මානව සම්පත් ප්‍රමිතීන්ටද අනුකූල වෙයි. මෙහිදී උපාධිධාරීන්ට ගෝලීය අවස්ථා සඳහා දොරටුව විවෘත කෙරෙන අතර, CIPD-UK බි්රතාන්ය සාමාජිකත්වය ලබාගනිමින් මානව සම්පත් වෘත්තිකයන්ගේ ලෝක ව්‍යාප්ත ජාලයේ ප්‍රවේශය ලබාගත හැකිය. මෙම වැඩසටහන මගින් CIPM ඉදිරි පරම්පරාවේ මානව සම්පත් වෘත්තිකයන්ගේ කැපවීම සහ පැහැදිලි අනාගතය පිළිබිඹු කරයි.












