• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

පත්තර රජා පත්තර 112ක් වහයි: ලෝකය පුරා ඊ-පේපර් රැල්ලක් එයි

June 8, 2020
in News, Politics
Reading Time: 4 mins read
A A
පත්තර රජා පත්තර 112ක් වහයි: ලෝකය පුරා ඊ-පේපර් රැල්ලක් එයි
Share on WhatsAppShare on Facebook

‘කොරෝනා කරුමය’ නිසා ලොව හතරදිග් බාගයම ගිනි ගත්තෙහිය. මැරි, මැරී වැටෙන මිනිසුන්ගේ ජීවිතවල අඩුවක් දක්නටද නැත. හැම තැනකින්ම ඇසෙන්නේ දුක් අඳෝනාය. ලොව මහා අනාවැකිකරුවන් කියූ කාලවලදී පැමිණි ලෝක විනාශයක් නැති වුවත්, දැන් ලෝක විනාශය ඇවිත් ඇත්තේ අනාවැකිකරුවන්ටද උසුළු, විසුළු කරමින්ය. කොරෝනා ‘මාරක පෙළහර’ නිසා ලොව රටවල් රැසකම ආර්ථිකයන්ද මහා අගාධයකට ඇද දැමුවේය. ඒ හෙයින් අතෝරක් නැතිව සෑම ව්‍යාපාරික ක්‍ෂේත්‍රයක්මද කඩාවැටුණේය. ඔබට මේ කියන්නට යන කතාවද එක්තරා සුවිශේෂී ව්‍යාපාරික ක්‍ෂේත්‍රයකට වැදුණු ‘කොරෝනා හෙණයක්’ ගැන වගතුගකි. එම ක්‍ෂේත්‍රය නම් අප එදිනෙදා ඔබත් සමඟ කටයුතු කරන පුවත්පත් මාධ්‍ය ක්‍ෂේත්‍රයයි.
මෙයට දින කිහිපයකට පෙර ඕස්ටේ්‍රලියාවෙන් අසන්නට ලැබුණු අලුත්ම ප්‍රවෘත්තිය වූයේ, කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් එරට පවත්වාගෙන ගිය පුවත්පත් 100කට අධික ප්‍රමාණයක් වසා දැමීමට යනවා යැයි පැවසෙන පුවතකි. මෙතෙක් විවිධ වෙනත් ව්‍යාපාරික ක්‍ෂේත්‍රවල කඩාවැටීම් ගැන දැනගන්නට ලැබුණත්, ලොව මාධ්‍ය ක්‍ෂේත්‍රයට අදාළව ඇසුණු පළමු පුවත මෙය විය. එනම් ඕස්ටේ්‍රලියාවේ පිහිටුවා තිබෙන ජාත්‍යන්තර මට්ටමේ ප්‍රධානතම පුවත්පත් මාධ්‍ය ආයතනය වන්නේ ‘නිව්ස් කෝර්ප් ඕස්ටේ්‍රලියා’ නමැති සමාගම වෙයි. මාධ්‍ය ක්‍ෂේත්‍රයේ විවිධ අංශ රැසක් නියෝජනය කරන මෙම සමාගමේ ප්‍රධානතම කටයුත්ත වන්නේ පුවත්පත් මුද්‍රණයයි. 1923 වසරේදී ආරම්භ කර දැනට වසර 97ක ඉතිහාසයක් ඇති මෙම ආයතනයේ පුවත්පත් 170කට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කරයි. ඕස්ටේ්‍රලියාවේ විවිධ නාගරික සහ ප්‍රාන්ත ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම පුවත්පත් මුද්‍රණය කෙරෙමින් තිබිණි. කොරෝනා වසංගතය ඇරැඹීමට පෙරද මෙම කටයුතු බොහෝ සාර්ථකව සිදුකෙරිණි.
එහෙත් කොරෝනා වසංගතය ඇරැඹී දිනෙන් දින ගතවත්ම මෙම ආයතනයේ කටයුතුවලට කණකොකා හඬන්නට විය. ලොව බොහෝ රටවල මාධ්‍ය ආයතනවලට මෙම අභාග්‍යසම්පන්න තත්ත්වය උද්ගත වන්නට වුවත්, මෙම සමාගමට මෙය සුවිශේෂී වූයේ එය අති විශාල මහා පරිමාණ මාධ්‍ය ආයතනයක් වීම හේතුවෙනි. මුළු ඕස්ටේ්‍රලියාව පුරාම විසිරී තිබෙන මෙම සමාගමේ කාර්යාලවල සේවකයන් 8,000ක පමණ පිරිසක් සේවය කරන අතර, ඉන් 3000ක පිරිස වන්නේ මාධ්‍යවේදීන්ය. මෙම දැවැන්ත ආයතනයට පසුගිය කාලයේ කොරෝනා වසංගතය හේතුවෙන් මහා විශාල මූල්‍යමය පාඩුවක් සිදුවී ඇත. එනම් එය පළමු වශයෙන් බලපා ඇත්තේ තම ආයතනයේ පුවත්පත් වෙත මෙතෙක් සාර්ථකව ලැබෙමින් තිබුණු ව්‍යාපාරික දැන්වීම් ප්‍රමාණය 90%කින් පමණ අඩු වීමය. එසේම පුවත්පත්වල අලෙවියද අතිශය දරුණු ලෙස පහත බැසීමය. මේ නිසා එම කාලයෙහි ‘නිව්ස් කෝර්ප් ඕස්ටේ්‍රලියා’ මාධ්‍ය ආයතනය අතිශය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දුන්නේය. මේ එතැන් සිට ලියා තැබෙන නවතම කතාන්දරයයි.
මෙම දැවැන්ත මාධ්‍ය ආයතනය මෙයට දින කිහිපයකට පෙරදී තීරණය කළේ තමන්ගේ සමාගම විසින් මෙතෙක් මුද්‍රණය කරගෙන ආ පුවත්පත් 170 අතරින් පුවත්පත් 112ක්ම නවත්වා දැමීමටය. අප මෙතෙක් සමාජයේදී අසා ඇත්තේ පත්තර එකක් හෝ දෙකක් නවත්වා දමන කතාන්දර පමණි. එහෙත් මෙසේ එක්වරම පුවත්පත් 112ක් මුද්‍රණයෙන් බැහැර කිරීම අදහාගත නොහැකි විය. එහෙත් එය ඉතා පැහැදිලි සත්‍යයකි. එසේ මුද්‍රණය නවත්වනු ලබන පුවත්පත්වල නම්, ගම් පවා එම සමාගම මින් දින කිහිපයකට පෙර නිවේදනය කළේය. මාධ්‍ය කලාවට ආදරය කරන මිනිසුන්ට මෙය සැබෑ ලෙසම මහා ශෝකදායක පුවතක් විය. එහෙත් කොරෝනා මාරයාගේ අභිමුව එම ඛේදවාචකය සිදුවී ඇත.
කෙසේ හෝ පුවත්පත් කලාවට සිදුකෙරෙන යම් ගෞරවනීය තත්ත්වයක් උදෙසා මෙලෙස මුද්‍රණයෙන් නවතාලන පුවත්පත් යම් ප්‍රමාණයක් අන්තර්ජාල පුවත්පත් නොහොත් ‘ඊ’ පුවත්පත් ලෙස ප්‍රකාශයට පත්කිරීමට මෙම සමාගම තීරණය කර ඇත. මෙතෙක් මෙම සමාගම මුද්‍රණය කරනු ලැබූ ප්‍රකාශනවලින් 142ක් පුවත්පත් වන අතර, ඉතිරි ප්‍රකාශන 38 සඟරා වර්ග වෙයි. පුවත්පත් වර්ග 142 මෙතෙක් කාලයක් පුරා දිනපතා, සති අන්ත, දෙසතිය, තෙසතිය යන පදනම මත මුද්‍රණය කෙරිණි. කෙසේ හෝ දැනට සම්පූර්ණයෙන්ම මුද්‍රණ ක්‍රමවේදයෙන් ඉවත් වන පුවත්පත් 112න් පුවත්පත් 36ක් මුළුමනින්ම නවතා දමනු ලබයි. එනම් එම පුවත්පත් අන්තර්ජාල ප්‍රකාශන වශයෙන් හෝ එළිනොදකියි. එහෙත් ඉතිරි පුවත්පත් 76 මේ වන විට ‘ඊ පුවත්පත්’ වශයෙන් එළිදැක්වීමට කටයුතු යොදා ඇත. එම පුවත යම් ආකාරයකින් සතුටුදායක පුවතක්වී ඇති අතර, මෙම සතියේ සිටම එම පුවත්පත් ‘ඊ පුවත්පත්’ ලෙස අන්තර්ජාලය හරහා ප්‍රකාශිත වෙයි.

කෙසේ හෝ මෙලෙස එක්වරම පුවත්පත් 112ක් මුද්‍රණයෙන් නවතා දැමීම අද ලෝක වාර්තාවක් වී ඇත. මෙයින් පුවත්පත් 76ක් අන්තර්ජාලයෙන් ප්‍රකාශිත වුවද, සමස්තයක් ලෙස එක්වරම පුවත්පත් 112ම යන්ත්‍රානුසාර මුද්‍රණයෙන් නවතා දැමීම මෙම ලෝක වාර්තාව නිර්මාණය කිරීමට හේතු වී ඇත. අද මෙම ශෝකාන්තය වීමට ප්‍රධාන ලෙසම බලපෑමක් සිදුකළේ, වෙනත් කිසිදු කරුණක් නොව මෙතෙක් ලොව ගිලගෙන සිටින කොරෝනා වසංගතය වෙයි. මෙම වසංගතය ඇරැඹි මුල් සමයේ සිටම මෙම දැවැන්ත මාධ්‍ය ආයතනයට සුවිශාල ලෙස මූල්‍යමය පාඩු සිදුවන්නට පටන්ගෙන ඇත්තේ, දැන්වීම්කරණය අතිශය දරුණු ලෙස පහත වැටීම හේතුවෙනි. මාධ්‍ය ආයතනයේ ප්‍රධානතම ආදායම් මාර්ගය එය විය. ඉන්පසුව සාම්ප්‍රදායික මුද්‍රිත පුවත්පත් කියවන පාඨකයන්ගේ ප්‍රමාණය අතිශය දරුණු ලෙස පහත වැටෙන්නට ගත්තේය. කොරෝනා සමයේදී මුල සිටම ඕස්ටේ්‍රලියාවේ නගර මුළුමනින්ම වසා දැමුවේ නැත. ඒ හෙයින් පුවත්පත් මුද්‍රණයද සිදුවෙමින් තිබිණි. එහෙත් කොරෝනා සමයේදී නිරන්තරයෙන්ම ජනතාව උණුසුම් පුවත් දැනගැනීමට භාවිත කළේ රූපවාහිනී මාධ්‍යය සහ අන්තර්ජාල මාධ්‍යය වන්නට විය.
මෙම තත්ත්වය සැබෑ ලෙසම යුග පරිවර්තනයක් බඳුවිය. එනම් පුවත්පත් මුද්‍රණය වී වෙළෙඳපොළට පැමිණියත් එම ප්‍රකාශනවල බොහෝ විට තිබුණේ කල් ඉකුත් වූ පුවත්ය. එයට හේතු වූයේ කොරෝනා පුවත් පැයෙන් පැය අලුත් වන්නට වූ හෙයිනි. එහිදී එම පුවත් වාර්තා කිරීමට හැකියාවක් තිබුණේ රූපවාහිනියට, ගුවන්විදුලියට හෝ අන්තර්ජාලයට පමණි. සාම්ප්‍රදායික පුවත්පත් සිටියේ මේ සියල්ලටම පිටුපසිනි. ඉන් පසුව මෙවැනි දැඩි තරගකාරී තත්ත්වයක් යටතේ පුවත්පතට සිදුවූයේ පසුබසින්නටය. මෙතෙක් පුවත්පත් සමඟ බොහෝ සමීපව සිටි සුවිශාල සමාගම් සියල්ලම පාහේ පත්තර මානයෙන් ඉවත් වන්නට විය. ඔවුන් තම ව්‍යාපාරික දැන්වීම් ලබා දුන්නේ රූපවාහිනිය සහ අන්තර්ජාලය මාධ්‍ය ප්‍රකාශනවලට පමණි. එනම් ‘ඊ – පුවත්පත්’ සඳහා පමණි. මේ නිසා මුද්‍රිත පුවත්පත් ආයතන බලා සිටියදී කඩාවැටෙන්නට විය. කෙසේ හෝ පත්‍ර මුද්‍රණය කර වෙළෙඳපොළට නිකුත් කළත් ඒවා මිලදී ගැනීමට පාඨකයන් නොවීය. මේ නිසා මෙම මාධ්‍ය ආයතනවල දෙවැනි ආදායම් මාර්ගයද අවහිර විය. දැන්වීම්කරණය සහ විකිණීම මෙසේ ශුන්‍ය තත්ත්වයට ඇදවැටෙද්දී එම මාධ්‍ය ආයතනවලට වෙනත් කරන්නට විකල්පයක් නොවීය.
මේ අතර ‘නිව්ස් කෝර්ප් ඕස්ටේ්‍රලියා’ මාධ්‍ය සමාගමේ පුවත්පත් සහ සඟරා ප්‍රකාශන 50ක පමණ ප්‍රමාණයක් තවද මුද්‍රණයේ තබාගැනීමටද එම සමාගම තීරණය කර ඇත. ඕස්ටේ්‍රලියාවේ ප්‍රධානතම නගර කේන්ද්‍ර කරගෙන ප්‍රකාශිත වන මෙම පුවත්පත් සහ සඟරා සඳහා මේ වන විටද සැලකිය යුතු තරමින් දැන්වීම් ලැබෙන හෙයින් මුද්‍රණ කටයුතු තවදුරටත් සිදුකෙරෙයි. එහෙත් එම පුවත්පත්වලද පාඨක ඉල්ලුම බොහෝ ශීඝ්‍ර ලෙස පහත බැස ඇත. ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි අගනුවර කේන්ද්‍ර කරගෙන මෙම පුවත්පත් ප්‍රකාශනය වෙයි. ලොවම ගිලගෙන තිබෙන මෙම කොරෝනා වසංගතයට පෙරදී, මෙම පුවත්පත් ආයතනය කිසිදු මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටියේ නැත. එහෙත් මාස 4ක් වැනි ඉතා කෙටි කාලයක් තුළදී මූල්‍යමය කඩාගෙන වැටීම සිදුවිය. තවද මෙවැනි තත්ත්වයක් යටතේ උද්ගතවී ඇති අනෙක් බැරෑරුම් ප්‍රශ්නය නම් එම ආයතනයේ සේවකයන් සිය, දහස් ගණනකගේ රැකියා අහිමි වීමය. මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් ප්‍රමුඛව අනෙකුත් අංශවල සේවකයන් රාශියකගේද රැකියා මේ වන විට අහිමි වෙමින් පවතියි. රැකියා අහිමි වන සේවකයන්ගේ ප්‍රමාණය කොතෙක්දැයි මේ වන විට ප්‍රකාශ කර නැතත්, එම සංඛ්‍යාව දහස් ගණනක් වනු ඇත. කෙසේ හෝ මෙම රැකියා අහිමි වන සේවකයන්ට සුවිශේෂී වන්දි මුදලක් ගෙවීමට එම සමාගම බලාපොරොත්තු වෙයි.
‘නිව්ස් කෝර්ප් ඕස්ටේ්‍රලියා’ මාධ්‍ය ආයතනය ඕස්ටේ්‍රලියාවේ විශාලතම මාධ්‍ය ප්‍රකාශන සමාගම වන අතර, එය ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන කිහිපයෙන්ද එකකි. මෙම ආයතනයේ තනි හිමිකරුවා වන්නේ, ලොව මහා මාධ්‍ය බලවතකු මෙන්ම, මහා ධන කුවේරයකුද වන රූපට් මර්ඩොක්ය. ඔහු ඕස්ටේ්‍රලියාවේ උපත ලද ඕස්ටේ්‍රලියානු සහ ඇමෙරිකානු ජාතිකයකු වෙයි. තම පියා සතු මාධ්‍ය ආයතනයක් වූ මෙම සමාගම, තම පියා 1952 වසරේදී මියගිය පසු තමන් වෙතට අයිතිය හිමිවූයේය. රූපට් මර්ඩොක් දැනට 89 වියෙහි පසුවන අතර, ඔහුට මෙම මාධ්‍ය ආයතනයට අමතරව තවත් සුවිශාල මාධ්‍ය ආයතන කිහිපයක්ම හිමිය. එම ආයතන සමහරක් ඇත්තේ ඇමෙරිකාවේ වන අතර, ඉන් ප්‍රධානතම රූපවාහිනී මාධ්‍ය ආයතනයක් වන්නේ ලොව සුප්‍රකට ‘ෆොක්ස් කෝපරේෂන්’ සමාගමයි. මෙය කෙතරම් සුවිශාල, එමෙන්ම සාර්ථක රූපවාහිනී මාධ්‍ය ආයතනයක්ද යත්, 2019 වසරේ එම සමාගමේ ආදායම ඩොලර් බිලියන 12කි.
කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට ලොව කිසිදු රූපවාහිනී මාධ්‍ය ආයතනයක් කඩාවැටී නැත. එහෙත් රූපට් මර්ඩොක්ගේ පුවත්පත් ආයතනයට මෙන්ම, ලොව තවත් පුවත්පත් ආයතන රැසක්ද කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි අර්බුදවලට මුහුණදී ඇත. රූපට් මර්ඩොක් මෙලෙස ව්‍යාපාරික, ආර්ථික අර්බුදයකට හසුවුවත්, මේ වන විට ඔහුගේ තනි වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 17කට ආසන්නය. කලින් කලට විවාහ හතරක් සිදුකරගත් ඔහු අවසාන වරට 2016දී ද ඔහුට වඩා වයසින් අවුරුදු 28ක් බාල කාන්තාවක් හා විවාහ විය. ඇය ප්‍රකට නිළියක් මෙන්ම මෝස්තර නිරූපිකාවක වන සුරූපී ජෙරී හෝල් ය. අඩි 5යි, අඟල් 10ක උසකින් යුත් ඉතාමත් සුරූපී මෙම කාන්තාව, ඉන් පෙර අතිශය ප්‍රකට පොප් ගායක මයික් ජැගර් සමඟ විවාහ වී සිටියේය. මර්ඩොක්ගේ සුපිරි ජීවිතය ගැන බිඳක් ලියා තැබුවේ ඔහු මේ සියල්ලම උපයාගත්තේ මාධ්‍ය කලාවට පින්සිදු වන්නටය. ඔහුගේ මාධ්‍ය ආයතන අද කඩාවැටුණත් ඔහුට තිබෙන ධන වත්කම් පරම්පරා 7කට ඇතිය. එම වගතුග කෙසේ වෙතත් රූපට් මර්ඩොක්ට අයත් යටකී ‘නිව්ස් කෝර්ප් ඕස්ටේ්‍රලියා’ මාධ්‍ය ආයතනය, මෙම වත්මන් කොරෝනා වසංගතය හේතුවෙන් 2020 පළමු වැනි කාර්තුවේදී ලැබූ අලාභය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1ක් යැයි ප්‍රකාශ වෙයි. මෙය සැබෑ ලෙසම කෙටි කාලයක් ඇතුළත ලැබූ අතිශය ඉමහත් දරාගත නොහැකි අලාභයකි. එම සමාගම වහා තම පුවත්පත් 112ක් නවතා දැමීමට තීරණය කළේ ඒ හෙයිනි. තවදුරටත් එම පුවත්පත් සහ සඟරා මුද්‍රණාවාරයෙන් තබාගත්තා නම් සිදුවන අලාභය තවත් අතිශය දරුණු වනු ඇත. කෙසේ හෝ මෙම තත්ත්වය නැවැත වසරක කාලයකදීවත් ප්‍රතිවර්තනය නොවනු ඇතැයි එම සමාගම විශ්වාස කරයි.
ඕස්ටේ්‍රලියාවේදී මෙසේ පුවත්පත් අති විශාල ප්‍රමාණයක් එක්වර නවතා දැමීම ඉතා සුවිශේෂී සිදුවීමක් හෙයින් එයට වඩාත් අවධානය යොමු කරන ලදී. එහෙත් තවත් ලෝකයේ රටවල් රැසකද මේ ආකාරයෙන්ම යම් පමණකින් පුවත්පත් මුද්‍රණාවාරයෙන් නවතා දැමීමට කටයුතු කර ඇත. ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව ඇතුළු යුරෝපයේ රටවල් රැසක්ද මෙම තත්ත්වයට ගොදුරුව ඇත.
මෙම බටහිර රටවල දැනට දශක ගණනාවක සිට ඇති වෙනස් මඟක් ගත් පුවත්පත් ප්‍රචාරණයක්ද මෙම කොරෝනා වසංගතය හේතුවෙන් ඉතා තදබල ලෙස බලපෑමකට ලක්ව ඇත. එය නම් පාඨකයන්ට නොමිලයේ බෙදා හරින පුවත්පත්ය. අදාළ මාධ්‍ය ආයතන මෙම පුවත්පත් නිර්මාණය කරන්නේ 100%ක්ම ව්‍යාපාරික දැන්වීම් මත යැපෙමින්ය. එනම් එම පුවත්පත් සඳහා ඉතා විශාල පරිමාණයෙන් විවිධ දැන්වීම් ලැබෙන අතර, එම සමාගම් යටකී පුවත්පත් පාඨකයන්ට ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලයේය. මෙසේ නොමිලයේ ලබාදෙන පුවත්පත්වලට පසුගිය කොරෝනා වසංගත සමයේ දැන්වීම් නොලැබීම හේතුවෙන් එම සමාගම් නඩත්තු කිරීමට නොහැකිව වසාදමා ඇත. ඒ හෙයින් එම පුවත්පත් පාඨකයන්ට නොලැබී ගියේය. සමාගම්වල ආදායම ශුන්‍ය බවට පත්විය.
මෙම කොරෝනා වසංගතය ඉන්දියාවේ පුවත්පත් කර්මාන්තයටද තදබල ලෙස බලපෑ අතර, ඉන්දියානු පුවත්පත් රැසක්ද තම මුද්‍රණවාර නවතා දමා අන්තර්ජාල ‘ඊ-පුවත්පත්’ බවට පරිවර්තනය වී ඇත. මෙවැනි ගෝලීය තත්ත්වයක් යටතේ දැන් ලෝකය පුරාම ‘ඊ – පුවත්පත්’වලට ඇති ඉල්ලුම බොහෝ ඉහළ ගොස් ඇත. ‘හැම දෙයක්ම වෙන්නේ හොඳට’ යැයි කියමනක්ද ඇත.

ලංකාවේ ඊ-පේපර් රැල්ල හැදුවේ මව්රට

‘ඊ-පුවත්පත’ නොහොත් ‘ඉලෙක්ට්‍රෝනික පුවත්පත’ යන නිමැයුම ලොවට බිහිවී තවද ගතවී ඇත්තේ වසර 10ක පමණ ඉතා කෙටි කාලයකි. මෙම නිමැයුම තවත් කෙටි වදනකින් හඳුන්වන්නේ ‘අන්තර්ජාල පුවත්පත’ වශයෙනි. නූතන පරිගණකමය ‘ඉලෙක්ට්‍රෝපොරෙටික් ඩිස්ප්ලේ තාක්‍ෂණික ක්‍රමවේදය ආශ්‍රිතව මෙය නිර්මාණය කෙරෙයි. මෙම නූතන පුවත්පත ’ඔන්ලයින් පුවත්පත’ වශයෙන්ද හඳුන්වයි. තමන්ට කැමැති ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයකදී තමා අත ඇති ස්මාර්ට් දුරකතනයෙන්, ටැබ් පරිගණකයෙන්, ලැප්ටොප් පරිගණකයෙන් හෝ මේස පරිගණකයෙන් මෙම ‘ඊ-පුවත්පත’ පරිශීලනය කළ හැකිය. මේ වන විට ශ්‍රී ලංකාවේද ‘ඊ – පුවත්පත්’ කිහිපයක්ම ඇතත්, පසුගිය කොරෝනා වසංගත සමයේ ශ්‍රී ලංකාවේ වැඩිම පාඨක පිරිසක් කියැවූ ‘ඊ-පුවත්පත’ වූයේ අපගේ ‘මව්රට’ ‘ඊ-පුවත්පත’ය. එය කොරෝනා අර්බුද උත්සන්න සමයේ සති 8ක් තුළදී ලක්‍ෂ 28ක පාඨක පිරිසක් කියවා තිබිණි. මෙය නිල සංඛ්‍යා ලේඛන ආශ්‍රිත කරගත් සත්‍ය වගතුගකි. ඒ කතාව මෙසේය.
2020 මාර්තු මාසය මැද වන විටදී කොරෝනා වසංගත අර්බුදය ටිකෙන් ටික උත්සන්න විය. කෙසේ හෝ මාර්තු 22 වැනිදා වන විට අනෙක් පුවත්පත් මෙන්ම අපටද ‘මව්රට’ පුවත්පත මුද්‍රණය නොකර ඉන්නට සිදුවිය. මෙයට පෙර සිටම ‘මව්රට’ ‘ඊ-පුවත්පතක් ප්‍රකාශිතව තිබුණද, මෙම කොරෝනා අර්බුදය මැද එම කටයුත්ත අප තවත් දැඩි ලෙස උද්දීපනයකට පත්කරන්නට කටයුතු කළේය. අපගේ පුවත්පතේ අන්තර්ගතය බොහෝ භාව්‍යමය එමෙන්ම හරබර අයුරින්ද පවත්වා ගැනීමට අප මහත් වෙහෙසක් ගත්තේය. හරියටම ගතවූයේ සතියක් පමණි. අප වටා රොදබැඳගන්නා පාඨකයන් දිනෙන් දින වැඩි විය. කොරෝනා අර්බුද සමයේ පළමු ‘ඊ – පුවත්පත’ මාර්තු 22 වැනිදා ප්‍රකාශිත විය. ඒ සතියේ ‘පෝස්ට් රීච්’ එක ලෙස අපගේ පාඨකයෝ 341,606 දෙනකු අපගේ පුවත්පත කියැවූ බවට නිල වශයෙන් වාර්තා විය. ඉන් පාඨකයන් 8,943ක් ප්‍රතිචාර (ක්‍දපපැබඑි) දක්වා තිබීමද සිදුකර තිබිණි. මාර්තු 29 වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා අර්බුදය නරක අතට හැරුණු අතර, අපගේ ‘ඊ-පුවත්පත’ට ලැබුණු පාඨක ප්‍රතිචාරය 200,562ක් විය. ඉන් 6,822ක පිරිසක් අප සමඟ අදහස් බෙදාගෙන තිබුණේය. ඉන්පසු අප්‍රේල් 5 වැනිදා වන විට එම ප්‍රමාණය 212,859 දක්වා ඉහළ ගිය අතර, ඉන් 14,358 දෙනෙක් සිය අදහස් පළකර තිබුණේය. අප්‍රේල් 12 වැනිදා වන විට අපේ පාඨක ප්‍රතිචාරය වාර්තාගත ලෙස ඉහළ ගියේය. එම සංඛ්‍යාව 415,512ක් විය. ඉන් පාඨකයෝ 16,860ක් අප සමඟ අදහස් බෙදා ගත්තේය. අප්‍රේල් 19 වැනිදා වන විට එය 448,225ක් බවට පත්වූ අතර, ඉන් 30,000කට අධික පිරිසක් අදහස් බෙදා ගත්හ. ඉන්පසු පාඨක ප්‍රතිචාරය ඉතාමත් ඉහළ ගිය අතර, එම ප්‍රමාණය 519,602ක් විය. මේ ආකාරයට සති 8ක කාලයක් යන විට අපට ලැබුණු පාඨක ප්‍රතිචාරය ලක්‍ෂ 28ක් ඉක්මවා ගියේය. මෙම තත්ත්වය දිවයිනේ අනෙකුත් සියලුම ‘ඊ-පුවත්පත්’ අභිබවා යෑමේ ජයග්‍රහණයකි. කිසිදු මූල්‍ය ලාභයක් කෙරෙහි බලාපොරොත්තු නොතබමින් මෙම අවදානම් සහිත කාලයෙහි අපි ඔබ වෙනුවෙන් සාර්ථක මෙහෙවරක් ඉටුකර ඇත්තෙමු. තම මවුරට වෙනුවෙන් ‘මව්රට’ පත්තරයෙන් ලැබුණු ආදරය එය විය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

චීනය රටවල් 77ක ණය අත්හිටුවයි: ලංකාව එක්කත් සාකච්ජා

Next Post

දෙවනගල දෙවනත් කරන වුවමනාව කාගේද?

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.