• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

දෙවනගල දෙවනත් කරන වුවමනාව කාගේද?

June 8, 2020
in News, Politics
Reading Time: 4 mins read
A A
දෙවනගල දෙවනත් කරන වුවමනාව කාගේද?
Share on WhatsAppShare on Facebook

ලංකාවේ කාලයෙන් කාලයට එක එක සෙල්ලම් මතුව එයි. ඒවා කාලයේ තාලයට ගැළපෙන පන්නයට ලෑස්ති කරගැනීම දේශපාලනයේ විදියයි. මේ එන්නේ එහෙම සෙල්ලම් වැහි වහින කාලයයි. මහ ඡන්දය අත ළඟට ඇවිත් තිබේ. දැන් මල් බයිසිකල්වලටත්, කස, ගිනිබෝලවලට තිබුණ කාලය අවසන්ය. දැන් එන්නේ මාලක්කන් උඩ ගහන පිනුම්ය. බඩපිනුම්ය. හබැයි සමහර තැන්වල විසිල් විතරය. සමහර තැනක බල්ටි විතරය. බල්ටිත් විසිලුත් එකතු වූ විට නැටුම සම්පූර්ණය. මුලින් නටන්නේ තිර පිටුපසය. ඒ කාලේ හැංගි හැංගි වෙස් බඳී. හැබැයි නැටුම තියෙන්නේ එළිපිටය. එතකොට කියන්නට තියෙන්නේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියාය. හැබැයි සමහර සෙල්ලම් ජාමෙට කලින්ම එළියට එයි. මේකත් ඒ ජාතියේ සෙල්ලමකි. අපි සියල්ලටම පෙර එළි කරමු. ලෙඬේ ඔඩු දුවන්නට පෙර හොඳ කරගත හැකි නම් රටටම හොඳක් වෙනු ඇත. නැත්නම් වෙන්නේ තුවාලෙ නරක් වෙන එකය. එහෙම නරක් වූ හුඟාක් තුවාලවලින් පීඩා විඳින්නේ මිනිසුන්ය. සිංහල, දෙමළ, මුස්ලිම් වෙනසක් නැතිව ඔක්කොම මිනිසුන්ය. අපිට වරදිනා තැනත් ඔතැනය.

මේ අලුත් නාට්‍යයේ නම ‘දෙවනගල බේර ගැනීමේ සටනයි’. කූරගල වගේම දෙවනගලත් හොඳ මාර්කට් කළ හැකි ජාතිවාදී දේශපාලන ආයුධයකි. දේශපාලන ගෝත්‍රවාදීන්ට ඒවා ටේස්ට්ය. යූටියුබ් එකේ සෙල්ලම් දාන විට ඕවා මිල අධික සහ අධික ලාභ ලැබිය හැකි ආම්පන්න බවට පත්වෙයි. හැබෑවටම යූටියුබ් එකේ ජාතිකත්වය මිල අධිකය. හැබැයි දෙවනගල ආරක්ෂා විය යුතුය. ඒ ගැන තර්ක විතර්ක නැත. දෙවනගල පමණක් නොව සියලුම ආගමික සිද්ධස්ථාන, පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන ඇතුළු උරුමයන් ආරක්ෂා කරගත යුතුය. එය හැමෝගෙම වගකීමකි.

දෙවනගල පිහිටා ඇත්තේ මාවනැල්ල, හෙම්මාතගම, සිස්ගහපිටිය පැත්තේය. නුවරට ඒ හැටි දුරක් නැත. බක්මීදෙණිය උයන්වත්ත පැත්තෙන් දෙවනගලට ළඟය. ටක්කෙටම කියනවා නම් මාවනැල්ල හෙම්මාතගම පාරේ කිලෝමීටර් හයක් විතර ගිය විට දෙවනගල ගමට පිවිසිය හැක. දෙවනගල ගමේ දෙවනගල පර්වතය තිබේ. මේ ගලේ හැඩය ඉබ්බෙක්ගේ වගේ නිසා ඒ ගැන වෙනම විශේෂත්වයක් තිබේ. පර්වතය මුදුනේ බෞද්ධ විහාරයකි. බොහෝ කලක සිටම උස් කඳු මුදුන්වල වෙහෙර විහාරස්ථාන තැනීම අපේ සිරිතකි. පන්සලට අයිති විහාර මන්දිරයත්, දාගැබත්, පැරැණි සංඝාවාස සහ ශෛලමය විහාර නටබුනුත් කඳු මුදුනේ තිබේ. මේ කඳු මුදුනට නඟින්නට ඇත්තේ පියගැට පෙළකි. පියගැටපෙළ දිගේ කඳු මුදුනට නැඟගත් විට මනෝරම්‍ය දසුනකින් නෙත් සිත් පිනා යයි. ඈතින්ම පෙනෙන්නේ දොළොස්බාගේ කඳුවලට අයිති කඳු පන්තීන්ය. ඇල්පිටිය, බෙල්ලාකඩ, බලන, දෙකිඳ, සැලව, ඌරකන්ද කඳු වළල්ල දෙවනගල වටකොට සිටී. මාඔය දෑලේ නිල්ල නිලන කෙත්වතු එක යායට පෙනේ. මේ සියල්ල අතර දෙවනගල රජමහා විහාරය අදත් ජීවමානය.
දෙවනගල වූ සෙල්ලිපියක් ගැනද කියැවේ. එහි පළමුවන විමලධර්මසූරිය රජ දවස උන් දෙවනගල රතනලංකාර හිමියන්ගේ ශාසන සේවය ගැන කියැවේ. ඒ පෘතුගීසි ආක්‍රමණ දැඩිව පැවැති යුගයකි. ඒ හමුවේ සිංහලේ රජ කෙනෙක් බිහිවීම වෙනුවෙන් දෙවනගල රතනාලංකාර හිමියෝ මුල්තැන ගෙන කටයුතු කර තිබේ. එසේ රජ වෙන්නේ කොනප්පු බණ්ඩාරය. පසුව විමලධර්මසූරිය නම් ගන්නේ ඔහුය.

මහනුවර යුගයට අයිති පිළිමගේ වගේම ඊට මඳක් එපිටින් වූ කළුගල් පිළිමගේ නටබුන්ද විශේෂය. ඒවා සමහර විට මහනුවර යුගයට වඩා ඈත ඉතිහාසයකට හිමිකම් කියන වගට මතයකි.
අප දන්නා පරිදි දෙවනගල සුරක්ෂිතය. වෙන දෙයක් නැත. දෙවනගල කඳ පාමුල වූයේ ඉපැරැණි දේවාලයකි. එය දැඩිමුණ්ඩ දෙවියන්ට කැප කළ එකකි. ඒ වටා වූයේ මුස්ලිම් බහුතරයක් සහිත ජනාවාසයකි. ප්‍රශ්නය තියෙන්නේ එතැනය. දෙවනගල විහාරස්ථානයට සැලකිය යුතු දුරකින් මුරදෙල් අබ්රාර් ජුම්මා මුස්ලිම් පල්ලිය පිහිටා තිබේ. ඒ දෙවනගල විහාරස්ථානයට පමණක් නොව දෙවනගල ගමටත් දුරය. හැබැයි දැන් මේ සියල්ල පටලවා ගැනීමේ උවමනාවක් කාට හෝ තිබේද පෙනෙන්නට තියෙන්නේ එහෙමය.
ගැටුම පටන් ගන්නේ දෙවනගල බලන්නට ගිය කෑගලු මාධ්‍ය මිතුරු හමුවට මුස්ලිම් ගම්මානයේදී ආ බව කියන විරෝධයත් සමඟය. ඒ කතාවේ වීඩියෝවක්ද තිබේ. දෙවනගලට යන පිරිස ආපසු එද්දී ගමේ පිරිසක් ඔවුන් සමග මේ ගැන කතා කරයි. ඔවුන් කියන්නේ තමන් සතුව ඔප්පු ඇති බවකි. ඉඩමකට ඔප්පුවක් ඇත්නම් ඒ ගැන ඉන් එහාට ප්‍රශ්න කරන්නට දෙයක් නැත. අපි මේ කතා කරන්නේ කාට හෝ පක්ෂව නොවන බව සිහියේ තබාගත යුතුය. අපි කියන්නේ සාමාන්‍ය නීතිය ගැනය. වෙන ඒවා පටලවා ගත යුතු නැත.
කෙසේ වෙතත් එහිදී අපූරු කතා කීපයක්ම සිදුවේ. මාධ්‍යවේදීන්ව වීඩියෝ කරන්න අයිතියක් නෑ කියනා එක ඒ වගේ එකකි. ඒ අවස්ථාවෙ ගම්වාසියා කියන්නේ ඔයාලා දෙගොල්ලගෙ ප්‍රශ්න ඔයාලා බේරගන්න අපිට ඒක අදාළ නෑ කියාය. ඒ අතර සෙල්ලිපියකට ඇසිඞ් දැමූ කතාවක්ද එළියට එමින් තිබේ. ඇත්තටම කිසිවෙක් එවැන්නක් කළා නම් එය බරපතළ වරදකි. ඔහුට හෝ ඇයට එරෙහිව නීතියෙන් පියවර ගත යුතුය. එසේ පියවර ගන්නට තරම් ලංකාවේ සිවිල් නීතියත්, පුරාවිද්‍යා නීතියත් සවිමත්ය. ඒ සම්බන්ධව ජාති, කුල, ආගම් බේදවලින් තොරව පියවර ගත යුතුය. රටක ඉතිහාසය විකෘති කිරීම හෝ විනාශ කිරීම ඉතාම පහත් මට්ටමේ වරදකි. දැන ගන්නට ලැබෙන පරිදි ඉන් ඒ සෙල්ලිපියට හානියක් සිදුව නැත. නමුත් පුරාවිද්‍යා උරුමයන් රැකගැනීමට ‘පුරාවිද්‍යාව’ මීට වඩා ආරක්ෂිත උපක්‍රම යෙදිය යුතු බව සැලකිය යුතුය. දැනට පුරාවිද්‍යාවෙන් කරන ලොකුම වැඬේ ඒ අසල පුරාවිද්‍යා වටිනාකමකින් යුතු බවට වූ බෝඞ් ලෑල්ලක් දැමීමය. අඩුම තරමේ ඒ ස්ථානය කුමක්ද. එහි ඇති පුරාවිද්‍යා වටිනාකම කුමක්ද කියාවත් සඳහන් වෙන්නේ නැත. ඒ නිසා මේ කතාවේදී කෙසේ වෙතත් පොදුවේ ගත්කල පුරාවිද්‍යාවට මීට වඩා වගකීමක් තිබේ.

නමුත් දැන් මේ එන්නේ සෙල්ලම් එළියට එන සමයයි. නුදුරු දිනෙක යූටියුබ් වීරයෝ දෙවනගලට ගොඩවෙනු ඇත. ඒ ගොඩවෙන්නේ රට බේරා ගැනීමේ අපිරිමිත වෙහෙස දැරීමේ අදහසින් බව ඔබට හිතෙනු ඇත. නමුත් ඇත්ත ඊට වඩා බොහෝ වෙනස්ය. යූටියුබ්වලට අවශ්‍ය ‘වීව්ස්’ය. ඒවා මිස වෙන බම්බුවක් නැත. කූරගලට ඔය සමහර අයියලා ගොඩවුණෙත් ඒකය. දෙවනගලටත් එහෙමය. ඊළඟට ජාතිවාදී ඡන්ද පදනම අතිශය වැදගත්ය. ඒ පදනම තියෙන්නේ ජාතිවාදී, වර්ගවාදී කතන්දර එක්කය. බොහෝ විට මේ ඒ වගේ උත්සාහයක් විය හැක. අද හෙටම මේ ‘දෙවනගල සටන’ ඇරඹෙනු ඇත. නමුත් ඔබ රැවටිය යුතු නැත. දෙවනගල තවමත් සුරක්ෂිතය. නොතිබූ ගැටුමක් ඇතිකර මේ යන්නේ වාසි ගන්නටද? ඔය සමහර විට අපිට අපේ නොදැනුවත්කමට හිතෙනා දෙයක් විය හැක. එහෙම නම් කාරණා කාරණා දන්නා උදවිය අපට සමාව දිය යුතුය. නැත්නම් මේ සෙල්ලම නතර විය යුතුය. කොහොමටත් ජාති, කුල, ආගම් බේද අවශ්‍ය වෙන්නේ මැතිවරණ දිනන්නටය. ඒ අපි අවුරුදු ගානක් තිස්සේ අත්විඳ ඇති ඛේදවාචකයකි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පත්තර රජා පත්තර 112ක් වහයි: ලෝකය පුරා ඊ-පේපර් රැල්ලක් එයි

Next Post

වෙරළේ වැලි මාලිගාවෙ-ඇත්තම මගඩිය හොයන්න… ගල්කිස්සෙන් මූදු ගිහින්-වැල්ලවත්තෙ නතර වෙන්න…

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.