• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දෙවියන් රහාට තෑගි දීලා තියෙන්නේ මේ ලෝකේ හොඳම තාත්තා! Sri Lanka Latest News

January 13, 2025
in Heart
Reading Time: 3 mins read
A A
දෙවියන් රහාට තෑගි දීලා තියෙන්නේ මේ ලෝකේ හොඳම තාත්තා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බොලිවුඩ් සිනමාව පුරා අණසක පතුරවපු කපූර් පෙළපතට නෑකම් කියන ලස්සන සිඟිති දැරියකගේ තත්පර ගණනක ලස්සන වීඩියෝවක් පසුගිය දවස්වල සෝෂල් මීඩියා පුරාම වයිරල් වුණා. පසුගිය දවස්වල කියලා කිව්වට ඒ වීඩියෝ තවමත් වයිරල් වෙනවා. (Sri Lanka Latest News)

කවුද ඒ කපූර් පවුලට නෑකම් කියන පුංචි දැරිවිය?

ඇය රහා කපූර් (Raha Kapoor) රන්බීර්ගෙත්, ආලියා බාට්ගෙත් පුංචි දෝණි. තවත් විදියකට කියනවා නම් රිෂී කපූර්ගෙයි නීතු සිංගෙයි මිණිබිරී. කරීනා, කරීක්ෂ්මා කියන්නේ පුංචි ඇගේ නැන්දලා දෙන්නා.

වීඩියෝ එකේ තියෙන්නේ මොන වගේ සීන් එකක්ද?

දැකලා නැත්නම් පුදුමයි. වීඩියෝ එකේ තියෙන්නේ ඉන්දියානු ගුවන් තොටට ආව ආලියා-රන්බීර් දෙන්නව වටකර ගන්න ආව ඡායාරූප ශිල්පීන්ට හා මාධ්‍යවේදීන්ට පුංචි ‘රහා’ ඉතාම සුහදව ප්‍රතිචාර දක්වන ආකාරයයි. ‘බායි’ කියමින් ‘හුළං හාදු’ දෙමින් මේ සුන්දර දැරිය ඔවුන්ව කුල්මත් කළා. රන්බීර් වගේම ආලියාත් ඇගේ අපූරු ආලිංගනය ගැන මවිතව සිටියා. කැමරා එළි දසදහස් ගණනක් එකවර දැල්වුණේ අසුරු සැණකිනුයි.

ඒ ලස්සන වීඩියෝව ඒ විදියට එහෙම වයිරල් වෙනකොට රන්බීර්, රහා එක්ක තියෙන අපූරු බැඳීම ගැන රසවත් ඕපාදූපයකුත් ඒ එක්කම දිගහැරෙන්න ගත්තා. ඕපාදූපය පතුරුවලා තියෙන්නේ ආලියා බාට්මයි.

රහා කපූර් කියන්නේ රන්බීර් කපූර්ගේ පණලු. එක වතාවක් රන්බීර් රහා නිසා කෝටි තුන් හාරසීයක මුදලකටත් දෙපාරක් නොහිතා පයින් ගැහුවලු.
මොකක්ද ඒ කතාව?

ඒක මෙහෙමයි. රන්බීර් කොයි වෙලාවෙත් ට්‍රයි කරන්නේ රහා එක්ක වැඩිපුර කාලය ගතකරන්නලු. ඒ වෙනුවෙන් ඔහු විශාල මුදලක් ගෙවන චිත්‍රපට පවා රිජෙක්ට් කරනවලු. පසුගිය අවුරුද්දේ මුල් දවස්වල පුංචි රහා එක්ක සතියක් දෙකක් නිවීසැනසිල්ලේ ගෙවන්න හිතාගෙන ඔහු පික්නික් එකක් ලෑස්ති කළාලු. හැම දේම ප්ලෑන් කරනකොට රන්බීර්ට ෆිල්ම් දෙකකට ඇග්‍රිමන්ට් සයින් කරන්න ආරාධනාවකුත් ඇවිදින් තියෙනවා ඉහළ ඉල්ලුමකට.

රහා එක්ක රන්බීර්ගේ පික්නික් එක කැන්සල්ද?

වචන දෙකක් නැහැ. බේබි රහාගේ සෙනෙහෙවන්ත බැඳීම වෙනුවෙන් රන්බීර් කෝටි සියයක දෙසීයක ඔෆර් එකකට ෆ්ලියින් කික් එකක් දුන්නේ ආලියාවත් පුදුම කරවමින්. ඒ විතරක් නෙවෙයි, රහාට අසීමිතව ආදරය කරන මේ කඩවසම් තාත්තා ඔහුගේ හුරුබුහුටි ඒන්ජල් එක්ක ගතකරන්නට සූදානම් වෙන ඒ සති ගණන තුළ ඇයටම වෙන්කර ගන්න ඕනෑ නිසා පොදු ජංගම දුරකතනය පවා ඕෆ්කර දැම්මලු. මොන තරම් වැදගත් ඇමතුම් ආවත් ඒ හැමදේම රහා වෙනුවෙන් වෙන්කර තිබුණු දවස් ගණනට වඩා වැදගත් නොවන බවයි ඔහු ආලියාට සහ මව නීතුට කියා තිබුණෙ. ඒ කිව්වා වාගෙම පික්නික් එක නිමවී කපූරු මැඳුරට එනතුරුම ඔහුගේ ජීවිතයේ හැම තත්පරයක්ම ගෙවුණේ රහා වෙනුවෙන්ම තමයි කියලා ආලියා කියා තිබුණේ ලොකු සතුටකින්.
‘දෙවියන් රහාට තෑගි දීලා තියෙන්නේ මේ ලෝකේ හොඳම තාත්තලා විදියට උන්වහන්සේ තෝරපු කිහිප දෙනා අතරින් එක්කෙනෙක්වයි….’
පික්නික් එකේ ලස්සනම ෆොටෝස් පෙළක් දාලා හදපු පෝස්ට් එකක් එක්ක ආලියා ඒ ආදරණීය අකුරු ටිකත් අමුණලා තිබුණා.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

වැඩි කතා නැහැ – හිනාව විතරයි! හැබැයි ලොකුකමට නෙවෙයි! Sri Lanka Latest News

Next Post

ගෙලිඔයෙන් පැහැර ගත් සිසුවිය අම්පාරේ බස් එකකින් මතුවෙයි! සැකකරුත් එක්ක රෑ ගතකරලා තියෙන්නේ තානායමක! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා කියන්නේ සමක ආසන්න රටක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය මේ දවස්වල සෙල්සියස් අංශක 34 හෝ...

Read more
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.