ටෙලි තරු අතර ලස්සනම ලස්සන නිළියක් විදියට සඳනි ප්‍රනාන්දුව මුල් පෙළටම තියන්න පුළුවන්. ඔව්. සැකයක් නැහැ. වචන දෙකක් නැහැ. සඳනි හරිම ලස්සනයි. ජනප්‍රිය ගායන ශිල්පී පියත් රාජපක්ෂ එදා වගේම හැමදාමත් කියන්නේ ‘ගමේ ලස්සනම ලේලි’ සෝන්ග් එකට සඳනිව ගත්තෙත් ඒ ආකර්ෂණීය පෙනුම හින්දමලු. (Sri Lanka Latest News)
සඳනි එයාගේ ලස්සන ගැන ආඩම්බර වෙනවද?
සමහර දෙනා කියනවා හැබැයි සඳනි ටිකක් ලොකු සීන් කියලා. ඒ එයාගේ පෙනුම නිසාද කියන්න දන්නේ නැහැ. හැබැයි පියත් නම් කියන්නේ ඈ හරිම නිහතමානී සරල චරිතයක් කියලයි. ඒක ඇත්ත වෙන්න පුළුවන්. මොකද කියනවා නම් මේ ලස්සන නිළි තාරකාව මාධ්‍ය එක්ක බොහොම සුහදයි. ‘බොරු බිසී’ නැහැ. ඉන්ටර්වීව්වලට කතා කළාම ටයිමින් දෙන්න බොරුවට ඩයරි පෙරළන්නෙත් නැහැ. පුළුවන්කමක් තියෙනවා නම් ඒකට ඇපොයින්මන්ට් එක දෙනවා. කතා කරන වෙලාවට ෆෝන් එක ඕෆ් කරගන්නෙ නැතිව හරිම සුහදව මිත්‍රශීලීව කතාව පටන් ගන්නවා.
‘මම කතාබහ කරන්නේ හරි අඩුවෙන්. හුඟක්ම කරන්නේ හැමෝම එක්ක හිනාවෙලා නිහඬව ඉන්න එකයි. අන්න ඒ නිසා සමහරු හිතනවා මම ආඩම්බරයි කියලා…’
සඳනි එයා ගැන එයාගෙම වචනවලින් කිව්වේ එහෙමයි. ඒකත් ඇත්ත වෙන්න පුළුවන්. පියත් ළඟකදී ‘චැට් ෂෝ’ එකකට ඇවිදින් කිව්වා ප්‍රියාවි මියුසික් වීඩියෝ එකට සඳනිව තෝරගත්ත වෙලාවේ මුලින්ම මූණට මූණ හම්බවෙච්ච දවසේ කතාබහ කළේ හරිම අඩුවෙන්ලු. කොයි වෙලේ බැලුවත් හිනාවෙනවා විතරලු. මියුසික් වීඩියෝ එක කෙරෙන විදිය ගැන අදහස් දෙන්නත් කතාකරන කොට වැඩිපුර කළේ නිහඬව සවන් දුන්න එකලු.
පියත්ට වැඩේ කරන්න වෙන කෙනෙක්ව ගන්න හිතෙන්නත් ඇති සමහර විට නේද?
එහෙමත් නැහැ. එතකොටත් දුටු සැණින්ම පියත්ට සඳනිව හිතට දැනිලලු තිබුණේ.
ලස්සනට රෝස මල වගේ හිටියට ඇය කොච්චි කරල වගේ සැරයි කියලත් කියනවා.
‘ටිකක් තරහා යනවා තමයි. ඒත් එයා හරිම කරුණාවන්ත, දනට පිනට ළැදි, කාට වුණත් උදව් කරන හිත හොඳ කෙල්ලක්…’
ඒක කියලා තිබුණෙත් ඉතින් එයාගේ ආදරණීය මහත්තයා පියත්ම තමයි ඔන්න.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු










