• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොතරම් වෙහෙස වින්දත් දෙවියන් පල්ලා… නැත තව තුරන් වූයේ කුරුමිණි බිල්ලා…

June 7, 2020
in News, Politics
Reading Time: 4 mins read
A A
කොතරම් වෙහෙස වින්දත් දෙවියන් පල්ලා… නැත තව තුරන් වූයේ කුරුමිණි බිල්ලා…

In this photo taken Saturday, Feb. 1, 2020, a desert locust feeds on an Acacia tree in Nasuulu Conservancy, northern Kenya. As locusts by the billions descend on parts of Kenya in the worst outbreak in 70 years, authorities are flying low over affected areas in small planes and spraying pesticides in what experts call the only effective control. (AP Photo/Ben Curtis)

Share on WhatsAppShare on Facebook

‘කෘමින්ගියා’ හෝ ඊට සමාන වූ නමකින් හෝ කුරුමිණි වසංගතයක් නමසිය හැත්තෑ දෙකේ දී (1972) පමණ රට පුරා පැතිර ගියේය. කුරුමිණියා පොල් ගසේ ගොබය පමණක් කෑවේය. ඒ නිසා ඌ පොල් කුරුමිණියා නම් වූවේය. ඒ අවදියේ කිසියම් සන්නද්ධ කණ්ඩායමක් රටේ කලබලයක් ඇති කළ හෙයින් සෑම දඩබ්බර තරුණයකුම පාහේ වැඩිහිටියන් විසින් හඳුන්වනු ලැබුවේ ත්‍රස්තවාදියකු බැවින් කුරුමිණියාද ත්‍රස්තවාදී පොල් කුරුමිණියා වූවේය.
මේ ත්‍රස්තවාදියා එන එන ගොබය කන්නට පටන් ගත් නිසා පොල් කර්මාන්තය නැත්තටම නැතිවෙන්නට ගියේය. පොඩි පොල් ගස්වලට නම් බෙහෙත් ඉස්සේය. (ඒ කාලයේ රසායනික දියර හැඳින්වූයේ බෙහෙත් යනුවෙනි) අඩි විස්ස තිහ හතළිහ උස පොල්ගස්වලට මොන තෙල් ඉසිල්ලක්ද? පොල් කුරුමිණි රාස්සයා විනාශ කරන වෙනත් කෘමියකු කොහේදෝ රටක සිටින බව කීයෙන් තොග පිටින් ඌ ආනයනය කරනු ලැබිණි. ඒ ගෙනා කුරුමිණියා රාස්සයන් කන බරාස්සයා නම් විය. බරාස්සයා රාස්සයන් කෑම පැත්තක දමා පොල් ගස්ටිකම කන්නට පටන් ගත් බව කියන පුවත පැතිරයාම නිසා එදා ආණ්ඩුවේ සිටි වගකිව යුත්තන්ට මිනිස්සු පලු යන්නටම බනින්නට වූහ. එහෙත් කුරුමිණියා වඳ කරන්නට නම් බැරි විය.
බලි තොවිල් කෙම් කිරීමෙන් ‘කෘමින්ගියා’ වඳ කළ හැකි බවට මතයක් පැතිර ගියෙන් සබන් දියකළ වතුර බාල්දි පිටින් එල්ලා ගෙන ගස් නැග කරටියට ඉස්සෝය. වැඩක් නැත. සුරාවෙන් හෝ සූදුවෙන් හෝ තම ඥාතියා හෝ මිතුරා හෝ බේරා ගැනීමට ඉතා සුදුසු (ජීවම්කළ) සුවඳ දුමක් එක්තරා ගුප්ත විදා්‍යාධරයකු විසින් නිෂ්පාදනය කරනු ලැබ ඉතා ජනප්‍රියව තිබුණේය. එතුමා පොල් කුරුමිණියා වන්ද්‍යාකරණය කිරීමට (වඳකිරීමට) තඹ කොළයක ලියූ යන්ත්‍රයක් සුරයකුත් සමග රුපියල් හතළිස් පහකට මිල නියමකර වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය.
හතළිස් පහේ සුරයක් පොල් කරටියේ එල්ලූ විට වසංගතය දුරු වෙන බව කීයෙන් සුර මසුරං ලෙසට අලෙවි වූවේය. එහෙත් කුරුමිණියා නිදුකින් සිටියේය.
ප්‍රවීණ මාධ්‍යවේදියකු වන මගේ හිත මිත්‍ර තලන්ගම ජයසිංහ ඔය කරුණු සියල්ල අලළා දස පද සැහැල්ලද සහිතව කුරුමිණි සඳෙස නමින් ලියූ කවි පංතියක් සරසවිය පත්‍රයේ අවසාන පිටුවේ පළ විය.

සැරද කුරුමිණි සඳ – පොල් ගස්වලට පිළිලෙව්

ජාවා බුරුම චීනය සහ ලාට රට
මේවා නැතොත් වෙන අන් කිසි දෙසක සිට
තෝ වාගේ යකෙක් මින් පෙර මගේ රට
ආවා යැයි කින්නට නම් නො හැක මට

සරුවට වැඩුණු ගස් වනසයි ගොබලු කඩා
දරු ණුයි නුඹේ සෙල්ලම වූ නමුදු කුඩා
කුරු මිණි කියන කැන්සර් එක හැදුණු ලෙඩා
බොරු වක් නොවේ පොල් ගස යැයි කියමි අඬා

ගැහැනුන් වගේ එල්ලෙන්නට හදන ඇඟේ
එතෙමින් ඇඳුම්වල එයි ගෙතුලටද මගේ
මිනිසුන් සබන් ගා නාවන නිතර වගේ
නුඹවන් පිනැත්තෙක් ලෝ තුළ නොමැත හැඟේ

අත හැර සුරා සූදුව ගඳ දුම් අල්ලා
හත ළිස් පහක සුරයක් කරටියෙ එල්ලා
කොතරම් වෙහෙස වින්දත් දෙවියන් පල්ලා
නැත තව තුරන් වූයේ කුරුමිණි බිල්ලා

සේනා දළඔු වසංගතය නමින් කෘමි උවදුරකින් 2018 වසර අවසානයේ සහ 2019 වසර ආරම්භයේදී රට පුරා පැතිරී ගොවි තැනට හානි සිදු විය. 2018 වසරේදී වසංගත මර්දනය සඳහා රුපියල් කෝටි දොළහක්ද (12,00,00,000) එම වසරේ අය වැයෙන් 2019 වර්ෂය සඳහා රුපියල් කෝටි අටසිය පනහක්ද (8,50,00,00,000) වන පරිදි රුපියල් කෝටි අට සිය හැට දෙකක් වෙන් කළ බවද, ඊට අමතරව විනාශයට වන්දි වශයෙන් අක්කරයකට රුපියල් හතළිස් දහස (40,000) බැගින් ගෙවන බවද එවකට කෘෂිකර්ම ඇමති පී. හැරිසන් මහතා කීිවේය.
පසු ගිය මැයි සෙනසුරාදා (30) තවත් කෘමි වසංගතයක් පාත් වී ඇති බවට ආරංචි පැතිර ගියේය.
කෘමි උවදුර පිළිබඳව පළමුවෙන්ම කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.ඇම්.ඩබ්ලිව්. වීරකෝන් මහතාට පසු ගිය සෙනසුරාදාම (30) ආරංචිය ලැබී තිබුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ප්‍රදේශයේ ප්‍රැන්සිස්කාවත්ත ගම්මානයේ ගෙවතු වගාවලට ලක්‍ෂ ගණනින් කෘමීන් බෝවී ඇති බවටය.
මෙයට ටික කලෙකට පෙර ඉන්දියාවේ බෝග වගාවට කාන්තාර පළඟැටියා නම් කෘමියෙකු බෝවී මහත් විනාශයක් කෙළේය. සියලුම පාහේ බෝග කා දමා ගොවීන්ටත් ආර්ථිකයටත් තදබල හානියක් කළේය. ඒ ප්‍රාණියා පලා ගිරවෙකුටත් වඩා ලොකුය.
සිංහල රජුන් සමයේ සිටම කෘෂිකර්මයෙන් රට පෝෂණය කළ පරම්පරාවලින් පැවැත එන මාවතගම ප්‍රදේශයේ ගොවි මහත්වරුන්ට තම කුඹුරට හේනට වින කරන සතා සිව්පාවා ගැන කෘමියා ගැන හොඳ අවබෝධයක් තිබේ.
එහෙත් පසුගිය සතියේ මුලදී එකා දෙන්නා වශයෙන් ගැවසුණු පළඟැටි වර්ගය සති අන්තය වනවිට රොද බැඳගෙන ගහ කොළවල පැලපදියම් වී සිටීම මහා නස්පැත්තියක ආරම්භය බව ඔවුහු අවබෝධ කර ගත්හ. මේ නම් උපන් හදවියකට දැක නැති සත්ව කොට්ඨාසයක් බව ඔවුනට පෙනිණි. වෙනදා දකින පලා ගිරවුන්ට පළඟැටියන්ටත් වඩා වෙනස්ය. සෑහෙන ප්‍රමාණයට වඩා ලොකුය.
අනුමානයක් නැත. මේ නම් ඉන්දියාව වැනසූ කාන්තාර පළඟැටියාමය. නාඳුනන ආක්‍රමණිකයා ගැන ඒ විස්තරත් සමග ඔවුහු කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරයාගේ පිළිසරණ පැතූහ.
පේරාදෙණියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීම සහ පැළෑටි සංරක්‍ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂිකා ජානකී හෙට්ට්ආරච්චි මහත්මිය සමග පේරාදෙණිය විශ්වවිදා්‍යාලයේ කීට විදා්‍යා අංශයේ විදා්‍යාඥ පිරිසක් එදිනම (30) ස්ථානීය පරීෂණයක් පවත්වා තිබේ.
ඒ පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත්තේ නාඳුනන ප්‍රාණියා ආක්‍රමණිකයකු නොව අපේ රටේම “කහ තිත් පළඟැටියා’ බවයි.
කහතිත් පළඟැටියා මහ පොළොවේ බිත්තර දමා පැටවුන් බෝ කරන්නෙකි. ඒ නිසා බෝවීම, පැතිරීම පාලනය කිරීම පහසුය. ඒ සඳහා බිම කොටා පස පෙරළීම ප්‍රමාණවත්ය. පෙරලූ පස පිලිස්සීම වඩාත් පලදායක වේ. කහතිත් පළඟැටියා ඔක්තෝබර් සහ නොවැම්බර් අතර කාලයේ බිත්තර දමයි. ජනවාරි තරම් වනවිට බිත්තර පුපුරයි. බිත්තර අවස්ථාවෙන් පසුව ප්‍රාණියා අවස්ථා පහක් පසු කරයි. ඒ අවස්ථා ශිෂු අවස්ථා ලෙස හැඳින්වේ. ඒ අවස්ථා පහ පළමු ශිෂු අවස්ථාව, දෙවන ශිෂු අවස්ථාව, තුන්වැනි ශිෂු අවස්ථාව ආදී වශයෙනි.
මාවතගම ප්‍රැන්සිස්කාවත්ත ගම්මානයෙන් හමුවූයේ තුන්වැනි ශිෂු අවස්ථාවද පසු කළ කහතිත් පළඟැටියෝය. තුන් වැනි අවස්ථාව පසු කළ පසු සතුන් මර්දනය මඳක් දුෂ්කරය. ඊට හේතුව ඒවන විට හොඳට වැඩුණු ශක්තිමත් තටු නිසා සත්වයාට උඩින් පියාසර කිරීමට හැකියාව ඇති බැවිනි.
මාවතගම ප්‍රදේශයේදී හමුවූ කහ තිත් පළඟැටියන් හොඳින් වැඩුණු අය බව පේරාදෙණියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීම සහ පැළෑටි සංරක්‍ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂිකා ජානකී හෙට්ට්ආරච්චි මහත්මිය කීවාය.
කහතිත් පළඟැටියාගේ ජීවන චක්‍රය (ආයු කාලය) මාස පහකට වැඩි නොවන බව පැවසූ ඒ මහත්මිය මෙසේද විස්තර කළාය.
මේ අයගෙ ගැහැනු සතෙකු ජීවිත කාලය තුළ දී තුන් වරක් පමණ බිත්තර දානවා. එක් වරකට බිත්තර පනහත් (50) හැටත් (60) අතර ගණනක් තමයි දාන්නේ. ඒ අනුව එක්කෙනෙක් මුළුජීවිත කාලයේදීම බිත්තර දෙසියයකට (200) ආසන්න ගණනක් දානවා කියල ගණනය කරන්න පුළුවනි. මාවතගමදී හමුවුණු කහතිත් පළඟැටියන්ට වැඩෙන්න හොඳ පරිසරයක් තිබුණා. මේ වර්ෂාව කාලෙ. ගස්වල පැළෑටිවල හොඳ දලු. ඒ කියන්නෙ ළා දලු තියෙනවා.
පළඟැටි ව්‍යාප්තිය කෙසේ දැයි මව්රට කළ විමසීමේදී ඒ මහත්මිය පැවසුවේ වාර්තා වන අන්දමට කෑගල්ල, ගම්පහ, හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලින් මේ සතා හමුවී ඇති බවය.
රඹුක්කන කෑගල්ල සහ මාවනැල්ල අවට ගම්මාන ගණනාවක මේ අලුත් වසංගතය පැතිරී ඇති බවට තොරතුරු දැනගන්නට ලැබුණෙන් කෑගල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂිකා නිල්මා රාජපක්‍ෂ මහත්මිය ඇමතුවෙමි.
මේවන විට (4දා) කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය හැර සෙසු සියලුම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල පළඟැටි වසංගතය පැතිරී ඇති බවට වාර්තාවෙන බව ඒ මහත්මිය කීවාය.
කෑගල්ල, මාවනැල්ල, රඔුක්කන, රුවන්වැල්ල, ගලිගමුව සහ වරකාපොළ යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ එසේ වාර්තාවන බව ඕ කීවාය.
කහ තිත්පළඟැටියා අණසක පතුරා ඇති ප්‍රාදේශීය ලේකම් ප්‍රදේශවල ගම්මාන මෙසේය.
– කෑගල්ල-දෙල්ගමුව, අල්ගම, ඉහළ ලෙනගල, ඇත්නාවල සහ කළුගමුව
– මාවනැල්ල – අත්තනගොඩ සහ වැලිගල්ල
– රඹුක්කන – වල්ගම, දැළිවල සහ කිරිවල්ලාපිටිය
– වරකාපොළ-තෝලංගමුව
– රුවන්වැල්ල-පුරන්පොත්ත
– ගලිගමුව – හැලමඩ, පිටගල්දෙණිය සහ පලපලුව

කෑගල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂිකා නිල්මා රාජපක්‍ෂ මහත්මිය මෙසේ කීවාය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ කහතිත් පළඟැටි උවදුරට පාත්‍ර වූ සමස්ත භූමි ප්‍රදේශය කොපමණදයි කියන්න බැහැ. ගෙවතු වගාවල තමයි වැඩියෙන් ඉන්නෙ. රඹුක්කන කිරිවල්ලාපිටියෙ පොල් වගාවකටත්, වල්ගම ප්‍රදේශයේ පැළපොල් වගාවකටත් හානි වෙලා තියෙනවා.
කෑගල්ල දිස්ත්‍රික්කයට මේ සතා අමුත්තෙක් නෙමෙයි. අදට අවුරුදු සියයකටත් පෙර මේ සතා හිටපු බවට වීඩියෝවක් තියෙනවා, මෙයට අවරුදු හතරකට පෙරත් වාර්තා වුණා. 2019දී යටියන්තොටිනුත්, මාවනැල්ලෙනුත් වාර්තා වුණා. කහතිත් පළඟැටි උවදුර තම ගෙවත්තේ හෝ ඇත්නම් ප්‍රදේශයේ කෘෂිකර්ම ක්‍ෂේත්‍රයට සම්බන්ධ නිලධාරි මහතා හමුවී උපදෙස් ලබා ගැනීම සියල්ලටම පෙර කළ යුතුයි.

(ගන්නොරුව, ජාතික තොරතුරු සහ සන්නිවේදන අංශයේ අධ්‍යක්‍ෂ එස්. පෙරියසාමි, සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ සහ සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ඇම්. කමිස් යන මහත්වරුන්ගෙන් තොරතුරු ලබා ගැනීම සඳහා ලද සහයට මව්රට උපහාරය පිරිනමමු)

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ආසියාවේ ‘ගිනි පොලියා…’: ලංකාව ඇතුලු රටවල් 10කට සිය දිවි නසාගන්න වෙයිද?

Next Post

තොණ්ඩාගේ කුමාරයාගේ රටම බය කරපු කොරෝනා තොණ්ඩුව

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.