• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ආසියාවේ ‘ගිනි පොලියා…’: ලංකාව ඇතුලු රටවල් 10කට සිය දිවි නසාගන්න වෙයිද?

June 7, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
ආසියාවේ ‘ගිනි පොලියා…’: ලංකාව ඇතුලු රටවල් 10කට සිය දිවි නසාගන්න වෙයිද?
Share on WhatsAppShare on Facebook

චීනයට ණය ගැති රටවල් විසි තුනකින් (23) රටවල් දහයකට (10) සියදිවි නසා ගැනීමේ තත්ත්වයකට මුහුණ පෑමට සිදු වී තිබේ. චීන ණය උගුලේ හිරවූ රටවලට මෙසේ සිදුවී ඇත්තේ සියයට හයයි දශම දෙකක (6.2%) වාර්ෂික පොලියකට ගත් ණය මුදලට මේ වන විට පොලිය සියයට එකොළහයි දශම හයක් (11.6%ක්) වශයෙන් ගෙවීමට සිදු වී ඇති බැවිනි.
මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් රටවල් දහයට (10) අපේ ශ්‍රී ලංකාවද අයත්ව තිබේ. ගත් ණය මුදල ආපසු ගෙවීමට නොහැකි නම් ඒ වෙනුවට ඒ රටේ (ණය ගැති) යටිතල පහසුකම් සංවර්ධන කාර්ය දෙන ලෙසට ණය හිමියා (චීනය) ඉල්ලයි. ණය දීමේ විනිවිදභාවයක්ද දකින්නට නැති හෙයින් තත්ත්වයේ අවදානම ද වැඩිවෙමින් තිබේ.
ඇමරිකාවේ වොෂින්ටනයේ ගෝලීය සංවර්ධනය සඳහා වූ මධ්‍යස්ථානය විසින් කරන ලද අධ්‍යයනයකින් මේ තොරතුරු අනාවරණය වී තිබේ.
මාරක කොරෝනා වසංගතයෙන් උද්ගත අතුරු අර්බුද සම්බන්ධව විමර්ශනයක් කිරීම වෙනුවෙන් ආර්ථික දුෂ්කරතාවට පත් රටවල් ගෙන ඇති ණය සම්බන්ධ නියැඳිය තෝරාගෙන ඇත. ඒ සඳහා පාදක කරගෙන ඇත්තේ චීනයේ ඕ.බී.ඕ.ආර්. (O.B.O.R.) ව්‍යාපෘතිය යටතේ ණය පහසුකම් ලබා ගත් රටවල්ය. ඒ අනුව රටවල් හැට අටක් (68) සමීක්‍ෂණයට ලක් කෙරී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මතය අනුව චීනය ආර්ථික වශයෙන් දුෂ්කර (දුප්පත්) රටවලට සියයට හයයි දශම දෙක (6.2%) බැගින් වාර්ෂික පොලියකට දුන් ණය පහසුකම්වලට 2013-2016 දක්වා කාලය වෙනුවෙන් සියයට එකෙළහ (11%) බැගින් වූ වාර්ෂික පොලියක් ගෙවීමට සිදුවී ඇත.
කටඋත්තර නැති අන්දමට ණය උගුලේ බෙල්ලටම හිර වූ රටවල් දහය (10) මෙසේය. කිර්ගිස්තානය, පාකිස්තානය, ශ්‍රී ලංකාව, තජිකිස්තානය, ජිබුති, මාලදවයින, ලාඕසය, මොන්ගෝලියාව, මොන්ටෙනිග්‍රෝ සහ ඇන්ගෝලියාවය.
කිර්ගිස්තානය ඇමරිකන් ඩොලර් බිලියන එකයි දශම පහක් (1.5) හෙවත් කෝටි එකසිය පනහක් (1,50,00,00,000) චීනයට ණය වී ඇත. (බිලියනයක් යනු කෝටි සියයකි-100,00,00,000) ඒ ණය ප්‍රමාණය කිර්ගිස්තානයේ සමස්ත දේශීය ණය ප්‍රමාණයෙන් සියයට හතළිහකි (40%). චීනය කිර්ගිස්තානයේ බල ශක්ති ව්‍යාපෘතියක් වෙනුවෙන් ඇමරිකන් ඩොලර් බිලියනයක් (කෝටි සියයක්-100,00,00,000) ආයෝජනය කර තිබේ. ව්‍යාපෘතියේ සමස්ත ශ්‍රම බළකාය (සේවක කාරකාදීන්) චීන්නුය. මේ නිසා චීන සේවකයන් සමග දේශීයයන් (කිර්ගිස්තානුවන්) අතර වෛරයක් පැසවමින් තිබුණි. කොරෝනා වසංගතය නිසා ඒ වෛරය දැන් දෙගුණ තෙගුණ වී තිබේ.
පාකිස්තානයේ සම්පූර්ණ ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන හැට දෙකකි. (කෝටි හය දහස් දෙසියයකි 62,00,00,00,000). ඉන් සියයට අසූවක් (80%) චීනයෙනි. ඒ අතරින් ඇ.ඩො. බිලියන පහයි දශම නවයක් (5.9) කෝටි පන්සිය අනුවක් (5,90,00,00,000) සියයට දෙකේ (2%) සිට පහයි දශම දෙක (5.2%) දක්වා වාර්ෂික පොලියකටය. ඇ.ඩො. මිලියන අටසියයක් හෙවත් කෝටි අසුවක් (80,00,00,000) සියයට පහයි දශම දෙකේ (5.2%) පොලී අනුපාතයටය.
පකිස්තානය පසුගිය අප්‍රේල් මැද භාගයේදී එම ණය අලුත් කර එම කොන්දේසිවලටම යටත්ව තවත් ඇ.ඩො. මිලියන සියයක හෙවත් කෝටි දහයක (10,00,00,000) ණයක් ඉල්ලා ඇත.
චීනය සංවර්ධන ණය වශයෙන් මුදල් යෙදවීමෙන් අපේ රටද (ශ්‍රී ලංකාව) ණය උගුලේ හිරවී ඇත. හම්බන්තොට ව්‍යාපෘතිය වෙනුවෙන් චීනය දෙදහස් දහයේ (2010) සිට දෙදහස් පහළොව (2015) දක්වා කාලය තුළ ඇ.ඩො. බිලියන පහක් (5,00,00,00,000) සියයට හයයි දශම තුනක (6,3%) වාර්ෂික පොලී අනුපාතයකට ණය දී ඇත. චීනය ණය ගැන කල් ඇතිව දැනුම් දුන්නත් ගෙවිය නො හැකිවීම නිසා හම්බන්තොට වරාය ඇ.ඩො. බිලියන එකයි දශම දෙකකට (1.2) හෙවත් කෝටි එක සිය fදාළහකට (1,12,00,00,000) 2017 දී අනූ නම අවුරුද්දකට චෛනා මර්චන්ට් පෝට් හෝල්ඩිංස් සමාගම අතට ගියේය.
තජිකිස්තානය ණය අර්බුදයෙන් දුප්පත්කම නිසාම ඈත්වී ඇත. ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිළිගැනීම අනුව තජිකිස්තානය ආසියාවේ දුප්පත් රටකි. ඒ නිසා ඒ රටේ ප්‍රවාහන බල ශක්ති ආදී යටිතල පහසුකම් සංවර්ධනය කිරීමාදිය චීනය අතට පත්ව තිබේ.
ජිබුටිය චීනයට ඉතා වැදගත් වන්නේ ඒ රට ජාත්‍යන්තර නාවික ගමනාගමන පථයේ ඇති බැවිනි. සංඛ්‍යා ලේඛන අනුව වාර්ෂිකව නාවික යාත්‍රා විසි දහසක් (20,000) ඒ ආසන්නයේ සංසරණය වේ. එරට ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් ගත වූ වර්ෂ කීපය තුළ සියයට පනහේ (50%) සිට සියයට අසූ පහ (85%) දක්වා වර්ධනය වී තිබේ. එරට ණයවලින් සියයට අසූවක්ම (80%) ලැබී ඇත්තේ චීනයෙනි. ඒ රටේ චිනයට අයත් විදේශ හමුදා කණ්ඩයක්ද තිබේ. ඒ වෙනුවෙන් සෑම වර්ෂයකදීම ඇ.ඩො. මිලියන විස්සක් හෙවත් කෝටි දෙකක් (2,00,00,000) බැර කළ යුතුව තිබේ.
මාලදිවයින චීනයට ඇ.ඩො. බිලියන තුනයි දශම හයක් (3.6) හෙවත් කෝටි 3,6000,00,000) ණය වී ඇත. සමාගම් සමග ගිවිසුම්ගතව චීනෙන් ලබා ගෙන ඇති ණය මිලියන නමසිය තිස් පහක් හෙවත් අනූ තුන් කෝටි පනස් ලක්‍ෂයකි. (93,50,00,000) යටිතල පහසුකම් යටතේ මාලදිවයිනේ ගුවන්තොටුපොළ ආසන්නයේ නගරයක් නවීනරණය කිරීමේ ව්‍යාපෘතියක් චීනය භාර ගෙන තිබේ. චීනයත් ලාඕසයත් අතර ප්‍රධාන මුහුදු මාර්ගයේ චීනය වැදගත් ආර්ථික කලාපයක් අත්පත් කර ගැනීමට යයි.
ලාඕසය ආසියාවේ දිළිඳුම රටකි. ඇ.ඩො. බිලියන හයයි දශම හතක් (6.7) හෙවත් ඩොලර් කෝටි හයසිය හැත්තෑවකට (6,70,00,00,000) චීනය එරටේ ඉදිකිරීමට භාරගත් දුම්රිය මාර්ග ව්‍යාපෘතියෙන් රට බංකොළොත් වී ඇත.
මොන්ගෝලියාවේ අධිවේගී මාර්ගයක් සහ ජල විදුලි ව්‍යාපෘතියක් ඇ.ඩො. බිලියනයකින් හෙවත් කෝටි සියයකින් (100,00,00,000) ඉදිකිරීමට චීනයේ එක්සිම් බැංකුව භාරගෙන තිබේ. වියදම ණය පහසුකම් යටතේ දැරීමටය. වැය බරෙන් ඇ.ඩො. මිලියන තිහක් හෙවත් කෝටි තුනක් චීනය දීමටද කැමැත්ත ප්‍රකාශ කර තිබේ. ස්වභාවික සම්පත්වලින් ආඪ්‍ය මොන්ගෝලියාව මෙමගින් අසල්වැසි බලවතාගේ ගොදුරක් බවට පත් වෙන බව පැහැදිලිවී ඇතැයි කියති.
අප්‍රීකාවේ ඛනිජ සම්පත් (තෙල්) නිෂ්පාදනයෙන් දෙවැනි ස්ථානය හිමි ඇන්ගෝලාවටය. චීනයට තිබූ ඇ.ඩො. බිලියන විසි පහක ණය මුදල (25,00,00,00,000) බොර තෙල් සපයන පොරොන්දුව මත කපා ඉවත් කර ගෙන ඇත. මේ ගනුදෙනුවෙන් ඇන්ගෝලාව ආර්ථික වශයෙන් මහත් දුෂ්කරතාවට පත්ව ඇත. ඇන්ගෝලාවේ නිෂ්පාදන ධාරිතාවෙන් සියයට අනූනමයක්ම (99%) අපනයනය කෙරෙන්නේ චීනයටය.
ඇන්ගෝලාව සමග චීනය 1983දී ඇතිකර ගත් තානාපති සම්බන්ධතා අනුව චීනය ඇ.ඩො. බිලියන හැටක් හෙවත් කෝටි හයසියයක් (600,00,00,000) යටිතල පහසුකම් සංවර්ධනයට යොදවා ඇත. ඇන්ගෝලාවට ණය ගෙවීමේ හැකියාව ඇත්තේ තෙල් නිෂ්පාදනය මතය. මේ වන විට සෑම ඇන්ගෝලා පුරවැසියකුම චීනයට ඇ.ඩො. හත්සිය පනස් හතර (754) බැගින් ණයකාරයෙකි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

පාතාල මර්දනය ඇරඹේ: ‘ගොනාකෝවිලේ රාජු’ පොලිස් වෙඩි පහරින් මරුට

Next Post

කොතරම් වෙහෙස වින්දත් දෙවියන් පල්ලා… නැත තව තුරන් වූයේ කුරුමිණි බිල්ලා…

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.