ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් හා අනුගත වෙමින් විදේශ ප්‍රේෂණ දිරිමත් කිරීමේ අභිලාෂයෙන් විශේෂ තැන්පතු ගිණුම Special Deposit Acount (SDA) ලංකා බැංකුව විසින් හඳුන්වා දී ඇත. 2020 අප්‍රේල් මස 8 වැනිදා සිට 6 මසක කාලයක් මෙම ගිණුම විවෘත කිරීම සඳහා ඉඩ සලසා ඇති අතර, විදේශ මුදලින් හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් ප්‍රේෂණ යොමු කරන ගනුදෙනුකරුවන් මෙම ගිණුම විවෘත කිරීමට හැකියාව ඇත. විදේශවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන්, ද්විත්ව පුරවැසිභාවය දරන්නන්, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති විදේශවල වාසය කරන්නන්, විදේශ සම්භවයක් ඇති ශ්‍රී ලංකාව තුළ සිටින හෝ විදේශිකයන්, අරමුදල්, ආයතනික ව්‍යුහයන්, විදේශික ලියාපදිංචි සංවිධාන මේ සඳහා සුදුසුකම් දරයි.
විදේශික පුරවැසියන් හෝ විදේශයන්හි ලියාපදිංචි අරමුදල් ආයතන සහ සංවිධානය හැරුණුකොට අනෙකුත් ගනුදෙනුකරුවන්ට තම අභිමතය පරිදි ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් මෙම ගිණුම් විවෘත කළ හැකි අතර, ඉහත සඳහන් කළ විදේශික පුරවැසියන් ආයතන සහ අරමුදල් සඳහා වන ගිණුම් විවෘත කළ හැකි වන්නේ ලංකා බැංකු මූලස්ථානයේ පෞද්ගලික ශාඛාවේදී (Personal Branch) පමණි.
මෙම විදේශ තැන්පතු විවෘත කළ හැකි වන්නේ මාස 6 සහ මාස 12 සඳහා වන කාලයකට වන අතර, 06 මාසික කාලයක් සඳහා වන තැන්පතු සඳහා අදාළ මුදල් තැන්පතු වර්ගය සඳහා වන පොලිය වන 1%ක ප්‍රමාණයක් සහ මාස 12ක කාලයක තැන්පතු සඳහා 2%ක වැඩි පොලියක් මෙම ගිණුම් සඳහා ප්‍රදානය කරනු ලබයි.











