• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දරු දුකට අඬන ශාරුක්

June 6, 2020
in Heart
Reading Time: 1 min read
A A
දරු දුකට අඬන ශාරුක්
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ මුස්තාර්දුර් දුම්රිය පොළෙහි පසුගිය දිනෙක ඇඟ කිලිපොළා යන අන්දමේ දුක්බර සිදුවීමක් වාර්තා විය. සරලව සැකෙවින් එය සඳහන් කරන්නේ නම්, ළදරු වියෙහි පසුවන සිඟිති දැරියක් තම අම්මාට නින්දෙන් ඇහැරෙන්නැයි කියා හඬමින් ඇවිටිලි කරන එම සිදුවීමට අයත් රූප රාමු එකින් එක දුම්රිය පොළෙහි සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවෙහි පෙළගැසී තිබිණි.

දැරිය දැඩි කුසගින්නකට මැදිව සිටියාය. කිරි අවැසි යැයි අම්මාට කීවද අම්මා තනපුඩුව තම දෙතොළඟට ළං කිරීමට වෙනදා මෙන් වෙහෙස ගත්තේ නැත්තේ ඇයිද? යන ප්‍රශ්නයෙන් පුංචි එකී කම්පිතව හිටියාය. අම්මා මැදිව සිටි තද නින්දෙන් ඈ අවදි කරන්නට, කුස පුරා කිරි බොන්නට පෙරුම් පිරූ දැරිය ගත් උත්සාහය අපමණ විය. එහෙත් අම්මා මරණයට පත්ව ඇති බවක් යළි කිසිදිනෙක තම මුවගට ඇගේ තනපුඩුවේ උණුසුම නොදැනෙන බවක් දැරිය නොදැන සිටියාය.

නොනවත්වා හඬන දැරිය වටා මිනිසුන් එක්කෙනා දෙන්නා එක්රොක් විය. දුම්රිය ස්ථානයේ නිලධාරීන් වෙතද සිදුවීම සැලවිය. අනතුරුව පොලිසියටත්, ප්‍රවෘත්ති අංශයටත් ‘සී.සී.ටී.වී.’ කැමරා වෙතින් ලද රූප රාමුද ලැබිණි.
ඕනෑම ඕපාදූපයක් පළකරන සමාජජාලා වෙබ් අඩවිවලද මේ සංවේදී සිදුවීම ප්‍රචාරය විය. කෝටි ප්‍රකෝටි ගණන් එය නරඹන්නට වූයේ හද කකියවන තරමේ දුක්බර හැඟීමකින්ය.

සාමාන්‍ය ජන සමූහය අතර එකී සංවේදී සිදුවීම හරහා කඳුළෙන් දෙනෙත තෙත් කරගත් එක් සුවිශේෂී මිනිසකු විය. සුපිරි ජීවිත ගෙවන සුපිරි ධනවතුන් අතර සුපිරි තරුවකු වූ ඔහු අන් කවරකුවත් නොව ඛාන්ලා අතර කිරුළ ලද ‘කිං ඛාන්’ විය. තවත් පහසුවට කියනවා නම් ඔහු ‘ෂාරුක් ඛාන්’ය.
‘වහාම ඒ දරුවා ගැන තොරතුරු හොයන්න…’
ෂාරුක් සිය ලේකම්වරයාට කියා සිටියේ සියල්ල ඉතා කඩිනමින් සිදුවිය යුතු බවට ඉඟියක්ද දෙමින්ය.
සුපිරි තරු ගැන උණුසුම් පුවත් හොයන පැපරාසිනට මෙම ප්‍රවෘත්තිය ෆ්‍රයි කළ කජු පිඟානක් තරමටම රසවත් විය.
එලෙසම සිදුවීමට සම්බන්ධ කුඩා දරුවාගේ වගකීමට උරදෙන්නට සූදානම්ව සිටින ෂාරුක්, මාධ්‍ය හමුවේ ඒ පිළිබඳව කතාබහ කළේද ඉතාම සංවේදී ස්වරයෙනි.

දරුවකුට අම්මා සහ තාත්තා යන දෙදෙනාම අහිමි වෙනවාය කියන්නේ දැඩි කම්පනයක්. එම කම්පනය තුළ දරුවකු විඳින වේදනාව අකුරෙන් අකුර පවා මට කියන්න පුළුවන් වන්නේ ඒ නපුරු අත්දැකීමට මාද මුහුණ දුන් නිසයි.
මගේ තාත්තා නැතිවූයේ මම ඉතාම කුඩා දරුවකුව සිටින කාලයේ. ඒ වගේම මගේ අම්මා නැති වන විට මගේ වයස අවුරුදු විසිහතරකි.

තරුණ පුතකු අම්මා කෙනකුට කෙතරම් නම් සමීපද? මමද එතරම්ම මගේ අම්මාට සමීපව සිටියා. ඇයගේ අහිමි වීම තුළ මම දැඩිව කම්පනය වුණා.’
ඉතින් දෙවියනේ, අර කිරි දරුවා එය කෙසේ විඳදරා ගන්නද?
ෂාරුක් ඒ දුක්බර ප්‍රශ්නය එල්ල කළේ සමස්ත ලෝකයටමය.
සීයාගේ රැකවරණයෙහි සිටින දරුවා හමුවීමට ගිය ෂාරුක් දරුවාගේ හෙට දවස ගැන ඉතා සරලව කතාබහ කළේය. තමාට අයත් ‘මීර්’ පදනම විසින් දරුවාගේ අනාගතය ඉතා සුරක්‍ෂිත කරනු ඇති බව දරුවාගේ සීයා සමඟ ෂාරුක් පැවැසුවේය.

සහතික වශයෙන්ද එහි සියලු කටයුතු නිමවෙමින් පවතී. අසරණයන් පීඩාවට පත්ව සිටින අවස්ථාවන්හිදී වෙස්වළාගෙන පැමිණෙන සුර දූතයන්ද වෙයි. ෂාරුක් ඛාන්ද එවැනි සුරදූතයෙකි.

ෂාරුක් සිය ට්විටර් ගිණුමෙහි, මවුපියන් අහිමිව කතාවේ කටුක අත්දැකීම් තුළ මම තවම පීඩා විඳින්නෙමි. මවුපියන් නැතිව අසරණ වන දරුවන්ට හැකි පමණ පිහිට වීමටද මම උත්සාහ දරන්නෙමි.
එලෙසම…
මගේ දරුවන් වෙතද පියකුගේ රැකවරණයේදී ඇති වන බොහෝ හිස්තැන් සපුරාලන්නෙමි.
තාත්තා යනු..,
ඉතා ගුණවත් චරිතයකි. එය කෙලෙසන අය කෙරෙහි මම පිළිකුල්සහගත වෙමි. එවැන්නන්ට මම මෙසේ පවසමි.
‘දරුවන්ගේ සාක්කු සල්ලිවලින් පුරවන පමණට ඔබට හොඳ තාත්තකු විය නොහැකිය.’
දරුවා ඔබේ ඇසුර අවැසි තැන කොතැනදැයි විමසිලිමත් වන්න. එතැනට යන්න. දරුවාගේ ඇස් දිහා කෙළින් බලා දරුවාගේ දෑතින් හෝ දෙඋරෙන් මෘදුව අල්ලාගෙන,
‘ඇයි පුතේ.., ඔයා නොදන්නේ දැයි’ ආදරයෙන් අහන්න.
එවිට ඔබේ දරුවා කිසිම දිනෙක ඔබ හැර නොයනු ඇත.
මම එය හොඳින් දනිමි.
මන්දයත්,
මම මගේ දරුවන් හමුවේද එලෙස පෙනී සිටින්නෙමි.
දරුවන් නොව බොහෝ තාත්තලාද ෂාරුක්ගේ ඒ දයාවන්ත පෝස්ටුවට ප්‍රතිචාර දී තිබිණි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මෙතෙක් කිසිදු මාධ්‍යයක පළ නොවුණු ගොනාකෝවිලේ රොහා-අංජු පාතාල යුද්ධය (EXCLUSIVE)

Next Post

ලංකා බැංකුවෙන් විශේෂ තැන්පතු ගිණුම්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.