කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (01) දහවල් සමාජ ක්‍රියාකාරියෙකු වන නාමල් කුමාරව අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
කාදිනල් හිමිගේ ප්‍රතිරූපයට හානි වන අන්දමේ හඬපටයක් පිළිබඳව නාමල් කුමාර නමැත්තා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
එම පැමිණිල්ල පිළිබඳ විමර්ශනයක් සිදුකර සාධාරණය ඉටුකරන ලෙස කතෝලික සභාව ද පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබුණි.










