• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර්ලිමේන්තුවේ නොගැළපෙන ඇඳුම් නිසා වෙච්ච අලකලංචි! Sri Lanka Latest News

January 1, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
පාර්ලිමේන්තුවේ නොගැළපෙන ඇඳුම් නිසා වෙච්ච අලකලංචි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනවාරි 07 වැනිදා නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම්වල ආරම්භක දිනයයි. රට සහ පොදු මහජනතාව වෙනුවෙන් වැදගත් කරුණු නව වසරේදීවත් මැතිසබය තුළ කතාකෙරෙනු ඇතැයි අපේක්ෂා කළද වර්තමානයේ පාර්ලිමේන්තුවේ මතුවී ඇති ආචාර්ය, මහාචාර්ය, වෛද්‍ය, අධිනීතිඥ ගැටලු නම් සමාජ තුළ තවමත් කතාබහ වෙමින් පවතී. (Sri Lanka Latest News)

ඇතැම් සමාජ මාධ්‍ය ජාලද මෙම සිදුවීම්වලට හොඳ හැටි ලුණු ඇඹුල්ද එකතු කරමින් පවතින නිසා ජනවාරි 07 වැනිදායින් ආරම්භ කරන පාර්ලිමේන්තු සතියේද මෙම පට්ටම් පිළිබඳ කරුණු සාකච්ඡා විය නොහැකි යැයි කිසිවකුටත් සහතික විය නොහැකිය.

විවිධ පට්ටම් ගැන වර්තමාන පාර්ලිමේන්තුව තුළ ඇතිවී තිබෙන අලකලංචිය ගැන කතාකරන විට මීට පෙර මැතිසබය තුළ ඇතිවූ ඇතැම් අලකලංචි පිළිබඳ සිහියට නැගෙන්නේ නිතැතින්මය.

රටේ උත්තරීතරම ආයතනය වශයෙන් සැලකෙන පාර්ලිමේන්තුව තුළ ඉතා සියුම් කරුණක් සිදුවුවද ඒ සඳහා සමාජය තුළ ඇතිවන අවධානය සහ ඒ පිළිබඳ සිදුවන කතාබහ ඉතා ප්‍රබලය. ඊට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේද පාර්ලිමේන්තුව රටේ උත්තරීතරම ආයතනය හෙවත් රට පාලනය කිරීම සඳහා නීතිරීති සම්පාදනය කරන ස්ථානය වීම නිසාය.
මෙදා පාර්ලිමේන්තුවේ අලකලංචි පට්ටම් නිසා ඇතිවී තිබෙන අතර, එදා ඇතැම් අවස්ථාවලදී ජනතා නියෝජිතයන්ගේ විවිධ හැසිරීම් සහ සිදුවී ඇති අලකලංචි බොහෝය.
ඉනුත් ඇඳුම් පැලඳුම්, සූට් බූට්, ටයිකෝට් ඇතුළු ජනතා නියෝජිතයන්ගේ කිට් නිසා ඇතිවූ අලකලංචිද තවමත් මතකයට නැගෙන්නේ එය ඉතා රසවත් වන නිසාය.
එම නිසා මැතිසබය තුළ ඉතිහාසයේ සිදුවූ රටට හා පොදු ජනතාවට ඉතා වැදගත් සිදුවීම් වාගේම ඉතා රසවත් සිදුවීම්ද අපූරු අත්දැකීම් වශයෙන් ‘මව්රට’ පාඨකයන්ට ‘ගැලරියේ සිට ලියමි’ තුළින් ගෙන ඒමට කටයුතු කරන්නේ එම දුර්ලභ ඇතැම් සිදුවීම් අපූරු අත්දැකීමක් ලෙස ඔබගේ මතකයට එක්කිරීමේ අරමුණෙනි.

පාර්ලිමේන්තුවේ ඇඳුම් පැලඳුම් නිසා මෑත කාලයේදී ඇතිවූ අලකලංචිය වාර්තා වන්නේ මීට වසර 4කට පමණ පෙරය.
එය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ආරම්භක කාලයේදී වූ සිදුවීමක් බව කීවොත් නිවැරැදිය.
අදාළ ජනතා නියෝජිතයා වන්නේ ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම්. අතාවුල්ලාය. ඔහු එදා ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය ලබාදීමෙන් අනතුරුව ගෝඨා ජනපති-මහින්ද අගමැති ආණ්ඩුවේ ප්‍රභලයකු ලෙස ආණ්ඩු පක්ෂයේ කටයුතු කළේය.

එක් දිනක් උත්සවයකට ගොස් පාර්ලිමේන්තුවට පැමිණි අතාවුල්ලා මන්ත්‍රීවරයා දෙස බොහෝ දෙනකුගේ අවධානය යොමුවූයේ ඔහු හැඳ සිටි කමිසය පිළිබඳවයි. ඊට හේතුව කමිසයට උඩින් කබායක් (ජැකට්) එකක් පැලඳගෙන සිටීමයි.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව වර්තමානයේදී ජනතා නියෝජිතයන්ට සභා ගර්භයට පැමිණීම සඳහා සුදුසු ඇඳුම් කිහිපයක් නියම කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ජාතික ඇඳුම, සම්පූර්ණ යුරෝපීය ඇඳුම, කලිසම හෝ රෙද්ද (සරම) සමග බෙල්ල දක්වා පියවන ලද අත් දිග මියුනික් කොලරය සහිත කබාය.
කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සඳහා සාරිය සහ හැට්ටය, ආගමික සිරිත් හා සම්ප්‍රදායන්ට අනුව පිළිගත් ඇඳුම්.

ආගමික සිරිත් හා සම්ප්‍රදායන්ට අනුව පිළිගත් හිස් වැසුම්.
මන්ත්‍රීවරුන් හැකි සෑම විටම ළා පැහැ ඇඳුම් ඇඳිය යුතු අතර, තද පැහැති වර්ණයන් හෝ ඉරි සහිත / චෙක් ඇඳුම් පාර්ලිමේන්තු සභාවට ඇඳීමෙන් වැළකිය යුතුයැයි යනුවෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සහ පාර්ලිමේන්තුවේ ආචාරධර්මවල සඳහන් කර ඇත.

අතාවුල්ලා මන්ත්‍රීවරයා තම අත් දිග කමිසයට උඩින් මෝදිගේ මෙන් කබායක් පැලඳ සිටීම නිසා මැතිසබය තුළට එසේ පැමිණිය නොහැකි බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අතාවුල්ලා මන්ත්‍රීවරයාට දැනුම් දෙන ලදී.

එය ගණනකට නොගත් අතාවුල්ලා මන්ත්‍රීවරයා දිගටම සභා ගර්භයේ මන්ත්‍රී ආසනයේ අසුන්ගෙන සිටි අතර, අතාවුල්ලා මන්ත්‍රීවරයා ඉවත් නොවන නිසා මේ බව ඒ අවස්ථාවේදී මැතිසබයේ අසුන්ගෙන සිටි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට දැනුම් දීමට වේත්‍රධාරී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කටයුතු කර තිබිණි.
ඒ අවස්ථාවේදීම අතාවුල්ලා මන්ත්‍රීවරයා දෙසට අවධානය යොමුකළ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා, අතින් සංඥා කරමින් කියා සිටියේ සභාවෙන් දැන්මම ඉවත් වන ලෙසයි. සුදුසු ඇඳුමක් ඇඳගෙන පැමණෙන ලෙසද මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා විසින් අතාවුල්ලා මන්ත්‍රීවරයාට දැනුම් දී තිබිණි.

වරක් දකුණු කොළඹ මන්ත්‍රී බර්නාඩ් සොයිසා ටයි පටිය නොමැතිව කබාය, ෂර්ට් එක හා කලිසම හැඳපැලඳ පාර්ලිමේන්තු සභාවට පැමිණි විට එවක කතානායකව සිටි ස්ටැන්ලි තිලකරත්න, බර්නාඩ් සොයිසාට සභාවෙන් වහාම ඉවත් වන ලෙසට දැන්වීය.

ඉන් ටික කාලයකට පසුව සමගි පෙරමුණු ආණ්ඩුවේ එවක කතානායක ස්ටැන්ලි තිලකරත්නගේ ප්‍රධානත්යෙන් 1973 වසරේ දෙසැම්බර් මස 14 වැනිදා පක්ෂ නායක රැස්වීමක් පැවැත්විණි. බර්නාඩ් සොයිසාට සභාවෙන් ඉවතට යෑමට සිදුවූ ප්‍රශ්නය නිසාම පාර්ලිමේන්තුවේ සභා ගර්භයට උචිත ඇඳුම් පිළිබඳ නිශ්චිත වශයෙන් තීන්දුවක් ගනු ලැබූ අතර, එදා සිට වර්තමානය දක්වා එය යම් යම් අවස්ථාවලදී යාවත්කාලීන වෙමින් පැමිණ තිබේ.

පාර්ලිමේන්තු ඇඳුම ගැන කතා පවතින්නේ අද ඊයේ නොවේ. ඉතා ඈත අතීතයටද හිමිකම් කියයි. 1947 සිට 1952 දක්වා පැවැති පළමු වැනි පාර්ලිමේන්තුවේ :්‍යදමිැ දf ඍැචරුිැබඒඑසඩැි* කුරුණෑගල ඡන්ද කොට්ඨාසය නියෝජනය කළේ ස්වාධීන මන්ත්‍රී අධිනීතිඥ හර්බට් නිශ්ශංකයි. තමාට වැඩිපුරම ඡන්දය දී ඇත්තේ රෙදි කෝට් අඳින ගම්බද ජනතාව බැවින් මැති සබයට පැමිණෙන විට තමා ඔවුන්ගේ ඇඳුම අඳින බවත්, රජය ගතානුගතික සම්ප්‍රදායික අදහස්වලින් මිදිය යුතු බවත් ඒ මහතා පවසා ඇත.
ඒ අනුව ශ්‍රී නිශ්ශංක මහතා සුදු පලේකාට් සරමකින් හා කර වැසුණු සුදු කබායකින් සැරසී පැමිණ සභාගැබට ඇතුළු වීමට තැත්කළ විට ආරක්ෂක නිලධාරීන්ගෙන් ඊට බාධා එල්ල විය.

නමුත් නිශ්ශංක මහතාගේ කර වැසුණු සුදු කබාය ජාතික ඇඳුමේ උඩ කොටසටත් සුදු පලේකාට් සරම ජාතික ඇඳුමේ පහළ කොටසටත් සමාන බැවින් එය සභාගැබට උචිත ඇඳුමක් සේ සලකා සභාවට නිශ්ශංක මහතාට ඇතුළු වීමට කතානායකුමාගේ අනුමැතිය ලැබිණි.

අපේ රටේ පාර්ලිමේන්තුවේ වාර්තා කිහිපයක්ම පිහිටුවා තිබෙන හිටපු අමාත්‍යවරයකු වූ විජයානන්ද දහනායක මහතා පාර්ලිමේන්තුවේ පෙරළිකාරයකු ලෙසින්ද ප්‍රසිද්ධියට පත්ව තිබේ.

දේශීය නිෂ්පාදන දිරිගැන්වීමට 60 දශකයේ ආණ්ඩුව ගෙනගිය වැඩසටහනට සහාය ලබාදීම සඳහා ගාලුමුවදොර පැවැති පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට විජයානන්ද දහනායක මහතා පැමිණියේ අමුඩයකින් සැරසීගෙනය. අමුඩය නිසා විජයානන්ද දහනායක මහතාට පාර්ලිමේන්තුවට ඇතුළු වීමට අවසර හිමි නොවීය.
1977 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය 140ක් හිමිවිය.

එම පාර්ලිමේන්තුවේ මංගල දින රැස්වීම ආරම්භ කිරීමට විනාඩි 40ක් පමණ තිබියදී එක්සත් ජාතික පක්ෂයේ පොල්ගහවෙල මන්ත්‍රී සුනිල් රන්ජන් ජයකොඩි පැමිණියේ අත්කොට කමිසයකින් සැරසීගෙනය.
මේ බව දුටු රණසිංහ ප්‍රේමදාස මහතා සුනිල් රන්ජන් ජයකොඩිට දැනුම් දුන්නේ වහාම සුදුසු ඇඳුමකින් සැරසී පැමිණෙන ලෙසයි.

වහාම කොළඹ කොටුවේ චැතම් වීදියේ රෙදි සාප්පුවකට ගොස් සොයාබැලුවද සුනිල් රන්ජන් ජයකොඩි මහතාට සුදුසු ඇඳුමක් සොයාගත නොහැකි විය.
කළ හැකි හොඳම විකල්පය වූ ජාතික ඇඳුමෙහි උඩ කොටසක් මිලදී ගෙන කලිසම සමග ඇඳීම වූ අතර, එසේ සැරසුණු සුනිල් රන්ජන් ජයකොඩි දකින විට ඇතැම් දෙනාට සිනහ පහළ වුවද එය ගැටලුවක් නොවූයේ එම ඇඳුම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැනි නොවූ නිසාය.

1994 වසරේ බලයට පත්වූ ආණ්ඩුවේ පරිසර ඇමැතිවරිය වූයේ ශ්‍රීමනී ඇතුලත්මුදලි මහත්මියයි. 1996 වසරේ නොවැම්බර් මාසයේ දිනයක පරිසර අමාත්‍යාංශයට අදාළ විවාදයකට ඇය අනිවාර්යයෙන්ම සහභාගි විය යුතුව තිබුණද ඇයට බාධාවක් වී තිබුණේ ඇඳුමයි. ඊට හේතුව ඇමෙරිකාවේදී ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව ඇය මෙරටට පැමිණ සිටි අතර, සැත්කම හේතුවෙන් ඇයට සාරියකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වී තිබිණි.

ශ්‍රීමනී ඇතුලත්මුදලි අමාත්‍යවරිය එදින පාර්ලිමේන්තුට පැමිණ සිටියේ ගවුමකින් සැරසිලාය. ගවුමකින් සැරසී සභාගර්භයට පැමිණීමට නොහැකි නිසා මේ ගැන එවක නියෝජ්‍ය කතානායකව සිටි අනිල් මුණසිංහ මහතාගෙන් විමසා සිටි අතර, ඔහු එම පැනය එවක පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ප්‍රියානි විජේසේකර මහත්මියට යොමු කළේය.
‘අපිට විශේෂම හේතුවක් මත ගවුමකින් සැරසී සභාගර්භයට පැමිණිය හැකිද?’ යනුවෙන් පියානි විජේසේකර මහත්මිය විමසා සිටියේ එවක පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී විජය පල්ලියගුරුගේ මහතාගෙනි.

1954 දී පාර්ලිමේන්තුව විවෘත කිරීමට දෙවැනි එලිසබත් මහ රැජින පැමිණ ඇත්තේ අත් මේස් හිස් වැසුම් පැලඳ බටහිර ගවුමෙන් සැරසී බවත්, 1982 දී එංගලන්තයේ අගමැතිනි මාග්‍රට් තැචර් මහත්මියත් එලෙසින්ම ගවුමකින් සැරසී පැමිණ පාර්ලිමේන්තුව අමතා ඇති බවත් නිල ලේඛන සහිතවම පෙන්වා දී ඇති වේත්‍රධාරී විජය පල්ලියගුරුගේ මහතා, ඒ අනුව අසනීප වැනි විශේෂ තත්ත්වයක් යටතේ ශ්‍රීමනී ඇතුලත්මුදලි අමාත්‍යවරියට ගවුමකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණීම ගැන අවධානය යොමුකළ හැකි බව විජය පල්ලියගුරුගේ මහතා විසින් දැනුම් දී තිබේ.

ඒ අනුව, විශේෂ හේතුවක් යටතේ මැතිසබයට ගවුමකින් සැරසී පැමිණි පළමු කාන්තාව වන්නේ ප්‍රකට දේශපාලනඥයකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ බිරිය වන ශ්‍රීමනී ඇතුලත්මුදලි මහත්මියයි.

ඊ.එල්. සේනානායක මහතා කතානායක ධුරය ඉසිලූ කාලයේද රසවත් සිද්ධියක් වාර්තා වී ඇත.

එකල මහියංගණය නියෝජනය කළ මන්ත්‍රී කපිතාන් ඩී.පී.ජේ. සෙනෙවිරත්න මහතාගේ අමුත්තකු වශයෙන් පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණ ඇත්තේ ආදිවාසී නායකයෙකි.
ආදිවාසී නායකයා උඩුකය නිරුවතින් සිටීමත් අත් පොරොවක් තම උරහිසේ රඳවාගෙන සිටීමත් නිසා කතානායක ගැලරියට පිවිසීමට ආරක්ෂක අංශවලින් ඉඩ ලැබුණේ නැත.
එය ආදිවාසීන්ගේ සම්ප්‍රදාය වන නිසා ඊට ගරු කරමින් ආදිවාසී නායකයාට කතානායක ගැලරියේ අසුන් ගැනීමට ඉඩ ලබාදෙන ලෙස කතානායක ඊ.එල්. සේනානායක මහතා දැනුම් දී තිබිණි.

ආදිවාසී නායකයාගේ අතේ පොරෝ කෙටියක් තිබෙන නිසා එවක වේත්‍රධාරී රොනී අබේසිංහ මහතා එවක නියෝජ්‍ය වේත්‍රධාරී විජය පල්ලියගුරුගේ මහතාට ප්‍රකාශ කර ඇත්තේ සූදානම් ශරීරයෙන් ආදිවාසී නායකයාගේ අසලින්ම සිටින ලෙසයි.

තවත් එවැනිම සිදුවීමක් වාර්තා වන්නේ කේ.බී. රත්නායක මහතා කතානායකවරයාව සිටියදීය.
වරක් ටොංගා රාජ්‍යයේ නියෝජිතයකු පැමිණියේ එම රටේ ජාතික ඇඳුමකින් සැරසීගෙනය. පන් කොළවලින් වියූ කුඩා පැදුරක් වැනි දෙයක් ඇඳුම වූ අතර, ඉණේ පැලඳි කුඩා කිරිච්චි පිහියක්ද විය.

ආරක්ෂක හේතූන් මත ඔහුටද කතානායක ගැලරියට පිවිසීමට බාධා එල්ල වූ අතර, පසුව කතානායකගේ උපදෙස් හා අතීත පූර්වාදර්ශ සැලකිල්ලට ගෙන වේත්‍රධාරී දෙපාර්තමේන්තුවේ නිලධාරියකු සූදානම් ශරීරයෙන් ළඟ තබා එම ටොංගා ජාතිකයාට කතානායක ගැලරියේ සිට පාර්ලිමේන්තු සභාව නැරඹීමට හැකි විය.

පාර්ලිමේන්තුවට පැමිණෙන ජනතා නියෝජිතයන්ගේ ඇඳුම් ආයිත්තම් ගැන කතාකරන විට පාවහන් ගැනද කතා නොකර බැරිය. ඊට හේතුව කිසිම පාවහන් යුගලක් හෝ අඩුම වශයෙන් රබර් සෙරෙප්පු දෙකක්වත් නොමැතිව පාර්ලිමේන්තුවට පැමිණි ජනතා නියෝජිතයන්ද සිටින නිසාය.
වැලිමඩ මන්ත්‍රී එස්.ආර්. මද්දුමබණ්ඩාර, හොරණ මන්ත්‍රී විදුර වික්‍රමනායක, ත්‍රිකුණාමලය මන්ත්‍රී එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන පාර්ලිමේන්තුවට පැමිණියේ සපත්තු සෙරෙප්පු කිසිවක් නොමැතිව වීම විශේෂත්වයකි.

මීට අමතරව ජනතා නියෝජිතයන්ගේ ඇඳුම් පැලඳුම් සම්බන්ධයෙන් තිබෙන කතා ඉතා රසවත්ය. මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෙන්ම පාර්ලිමේන්තුවේ හිටපු වේත්‍රධාරී විජය පල්ලියගුරුගේ මහතා සඳහන් කළේ ඇතැම් අවස්ථාවලදී සුදුසු ඇඳුම්වලින් සැරසී නොසිටි අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ඇඳුම් සුදුසු පරිදි සකස් කර ඇතැම් අවස්ථාවලදී ජනතා නියෝජිතයන්ට ලබාදීමටද ක්‍රියා කළ බවයි.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

කාදිනල් හිමි සම්බන්ධ සිද්ධියකට නාමල් කුමාර අත්අඩංගුවට! Sri Lanka Latest News

Next Post

නීතිපති දෙපාර්තමේන්තුව! අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව! අධිකරණ පද්ධතිය! රාජ්‍ය සේවය! පරිසරය! රටම සුද්ද කරන්න අනුර ලෑස්ති වෙයි! ‘ඔබ ඔබගේ වගකීමට වග වෙන්න සූදානම් වෙන්න’! ‘ක්ලීන් ශ්‍රී ලංකා’ අරඹමින් අනුර කරපු සම්පූර්ණ කතාව මෙන්න! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලංකාවේ විතරක් නෙවෙයි මේ ආදරේ හොයන් තායිලන්තයටත් ගියා… සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු, අද වනවිට ‘සිදු’, ‘ශක්ති’,...

Read more
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.