ජාත්‍යන්තර රූපලාවණයේ ශ්‍රී ලාංකීය අනන්‍යතාව ඩී්‍රම්රොන් වෙතින් , ලාංකීය සමට හිතකර සහ ගැළපෙන අයුරෙන් ශාකසාර නිෂ්පාදන පෙළක් අවුරිකා නමින් පසුගියදා වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම සිදු කෙරිණි.
වසර 20කට අධික කාලයක් දේශීය රුපලාවණ්‍ය නිෂ්පාදන කේෂ්ත්‍රයේ සහ බෙදාහැරීම කටයුතුවල නිරත වෙමින්, තම පාරිභෝගිකයාට හොඳම සහ ගුණාත්මක නිෂ්පාදන ලබා දෙමින්, ශක්තිමත් වෙළෙඳපොළක් ගොඩනඟා ගැනීමට ඔවුන් සමත්වී තිබේ. හිස කෙස් සම්බන්ධ නිෂ්පාදන තුළින් වැඩි වෙළෙඳපොළ කොටසක් අත්පත් කරගනිමින් වෙළෙඳපොළේ ඔවුන්ටම ආවේණික රටාවක් ඔස්සේ පාරිභෝගිකයාට හොඳම නිෂ්පාදන ලබා දීමට කටයුතු කිරීමම, සැබවින්ම තරගකාරී රූපලාවණ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයක් තුළ පහසු කටයුත්තක් නොවන බව සඳහන් කළ යුතුයි.
පසුගිය දිනක , වෙළෙඳපොළට අවුරිකා නමින් ඉදිරිපත් කරන ලද්දේ ශාකසාරවලින් නිෂ්පාදනය කරන ලද, සමේ ස්වභාවික සුන්දරත්වය ඔප්නංවන නිෂ්පාදන පෙළකි. එම නිෂ්පාදන අවුරිකා සන්නාමය යටතේ ෆේෂල් වොෂ්, ෆෙයාර්නස් ක්‍රීම්, ඬේ සහ නයිට් ක්‍රීම් සහ තවත් නිෂ්පාදන රැසකින් සමන්විතය.











