විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජපාන තානාපති Akio Isomata මහතා අතර හමුවක් (1) කොළඹ දී සිදුවිය.Sri Lanka Latest News
මෙහි දී ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පැවැති රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව ඉදිරියටත් පවත්වා ගෙන යන ලෙසත් ඒ සඳහා තමාගේ උපරිම දායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජපාන තානාපතිවරයා හමුවේ පැවසීය. එසේම පසුගිය කාලය තුළ ජපානය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය උපරිම සහයෝගය විපක්ෂයේ සිට තමා ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
මේ අවස්ථාව සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ද එක්විය.












