• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සිරිපා බිමට රහසේ එන එය සුදු ඇතා

May 30, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සිරිපා බිමට රහසේ එන එය සුදු ඇතා
Share on WhatsAppShare on Facebook

සුදු ඇතකුගේ සම්ප්‍රාප්තිය එහෙමත් නැත්නම් ආගමනය හරි අපූරු ඉතිහාසයකට උරුමකම් කියනවා. ඒ ඉතිහාස කතා ගොන්නේ එකින් එක පිළිවෙළ හොයාගෙන ගියොත් අපිට නතර වෙන්න විශේෂ තැනක් තියෙනවා. අපට කතාව පටන් ගන්න එතැන, ඒ කතාව, ඒ සිදුවීම හොඳටම ගැළපෙනවා. ඒ ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා ලෝක සත්වයාගේ දුක නිවපු නිවනට මඟ එළිපෙහෙළි කරදුන් සිදුහත් උත්පත්තියටත් මාස කිහිපයකට එපිට දවසක්.

එදා හරි අපූරු දවසක්. ලස්සනට හඳ පායලා තියෙන සිසිල් සුළං රැලි හමන, චමත්කාරජනක රාත්‍රියක්. සුව පහසු රාජකීය සිරියහන් ගබඩාවේ සැතපිලා සුව නින්දේ උන්නු මහාමායා දේවියගේ මුහුනේ පින්බර සිනා රැල්ලක් ඇඳෙනවා. ඇය හරි අපූරුවට නින්දෙන් හිනාවෙන ලස්සන සිරි යහන් ගබඩාවේ එක් පසෙක උන්නු සුද්දෝදන මහ රජතුමා ඇසිපිය නොගසා බලාගෙන ඉන්නවා. ඇයව අවදි කරන්න රජතුමාට ලෝභයි. ඒත් හිටි හැටියෙ හිනාවේගනම ඇස් අරින මහාමායා දේවිය තමන් දුටු ලස්සන හීනය ගැන අකුරක් නෑර කියනවා. සුදු ඇත් පැටවෙක් නෙලුම් මලකුත් හොඬෙන් අරගෙන තමන්ගේ කුස තුළට ඇතුළු වූ බව ඇය කිව්වාම රජතුමා පසුදා පහන්වෙනතුරු බලා සිටියෙ නොඉවසිල්ලෙන්. ඒ සිහිනයෙ අර්ථය බමුණන්ගෙන් අසා දැනගන්නට. සම්මා සම්බුද්ධත්වයට උරුමය රැගෙන උපදින සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම දැනුම් දුන්නෙ එහෙම ඒ විදිහට ඇතකු හරහා.

එතැනින් පස්සෙ සුදු ඇතුන් ගැන බොහෝ කතා අපට හමුවෙනවා. අනෙක් ඇතුන්ට වඩා පින්වන්ත, ගරු සැලකිලි ලබන්න වාසනා ගුණ ඇති සුදු ඇතකු දැකීම මෙන්ම හමුවීමද දුර්ලභ සිදුවීමක් නිසාම සුදු ඇතුන් රාජකීය මංගල හස්ති රාජයින් ලෙස පිළිගන්නේද ඈත අතීතයෙ සිටමය.

ජනප්‍රවාද සමඟ බැඳෙමින් සුදු ඇතුන් ගැන සොයද්දී හමුවන සුදු ඇතුන් ප්‍රමාණය විශාලය. හතර කෝරළයේ අලුත් නුවර දෙවියන් ගමන් බිමන් ගියේද සුදු ඇතකු පිට නැඟිලාය. බෞද්ධ පොතපතට අනුව ශක්‍ර දෙවියන්ගෙ ඵෙරාවන ඇතාද අමතක කළ නොහැක. ඒ ඵෙරාවනද සුදු ඇතකු නිසාය.

සිදුහත් කුමර උත්පත්තිය සිදුවූ දින කපිලවස්තු නුවර වටා ඇතුන් පන්සියයක් ප්‍රදක්ෂිණා කළ පුවතක් බෞද්ධ සාහිත්‍යයේ කියැවෙයි. එහිදී ඇත්තේ විශේෂත්වයකි. එනම් ඒ සියලුම ඇතුන් සුදු ඇතුන් වීමයි. අහසින් යා හැකි සුදු ඇතුන් ගැනත් කතා තිබේ. හිමාලයේ ජීවත්වන බව කියැවෙන උපෝසථ – චද්දන්ත කුලවලට අයත් ඇත්තු ස්වභාවයෙන්ම සුදු පැහැයක් ගන්නා අතර චක්‍රවර්ති රජකු පහළ වූ විට එම ඇතුන් අහසින් රජු වෙත එන බවද කියති.
වෙස්සන්තර ජාතකයට අනුව වෙස්සන්තර රජු දන් දුන්නේද සුදු ඇතෙකි. නියඟය කාලයට වැසි ලබාදීමේ විශේෂ බලයක් එම ඇතාට තිබූ බවටත් ඉතා දුර්ලභ වර්ගයට අයත් මේ මහා බලවත් සුදු ඇතාගෙ කටයුතු කාරණා සඳහා පන්සියයක් පිරිවර සිටි බවත් ඇතාගේ අභරණ සැරසිලිවල පමණක් වටිනාකම රන් කහවණු සූවිසි ලක්ෂයක් බවත් බුත්සරණ කර්තෘ හරි අපූරුවට විස්තර කරයි.

හෙළ රාජාවලියේ විශිෂ්ට රජකෙනකු ලෙස ලියැවුණු දුටුගැමුණු රජුට සිටි කඩොල් ඇතාද සුදු ඇතෙකි. ථූපවංශයට අනුව ගැමුණු රජුගේ වාසනා ගුණයට හිමාලයේ සිටි අහසින් ආ සුදු ඇතින්නක මේ ඇත් පැටවා ගංගාවක් අසල දමා ගිය බවත් කියයි. ඉතිහාස ජනප්‍රවාද අතර තවදුරටත් සක්මන් කළ හැකි නම් තවත් සුදු ඇතුන් ඕනෑ තරම් සොයා ගන්නට අපහසු නැත. එහෙත් මෑත කාලයේ වඩ වඩාත් කතාබහට ලක්වුණු සුදු ඇතකු වේ නම් ඒ ශ්‍රීපාදස්ථානය පිහිටි සමනල අඩවියේ සැරිසරණ සුදු ඇතාය. එම ඇතා සමනල අඩවියට අධිපති සමන් දෙවියන්ගේ ඇතා බවටද ජනප්‍රවාදයේ කියැවෙයි.
සිරිපා සමය ආරම්භයත් සමඟින් මිනිසාගේ ඇස නොගැටී නොපෙනී යනවාය කියන මේ අපූරු සත්වය යළිත් සිරිපා සමය නිමවීමත් සමඟින් ශ්‍රීපාද මළුවට පැමිණෙන බවත් කියයි. එසේම සමනල අඩවිය භාර සමන් දෙවියන්ට බැවින් දෙවියන්ට අයිති සුදු ඇතාද ශ්‍රීපාද අඩවිය ආරක්ෂාව වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරන බවටත් බොහෝදෙනකු විශ්වාස කරයි.

ජනප්‍රවාද ඇසුරේ හසළ දැනුමක් ඇති වැඩිහිටියන්ගේ අදහස් මෙහිදී අමතක කළ නොහැකිය. ඈත අතීතයේ සිටම මේ සුදු ඇතාගේ කතා පුවත ගැන තිබූ අත්දැකීමක් ගැන මහනුවර ප්‍රදේශයේ ජීවත්වන අසූපස් හැවිරිදි මුතුබණ්ඩා නමැත්තකු අප සමඟ පැවැසුවේ මෙලෙසිනි.

ඉස්සර ඉඳන්ම ඔය සුදු ඇතා සිරි පතුල වඳින්න එනවා. අපේ කාලේ විතරක් නෙමේ අම්මා තාත්තලත් ඔය ගැන කතා කියලා තියෙනවා. දැන් වුණත් අවාරයට ඔය සුදු ඇතා එනවා කියලා කිව්වට ඇත්තටම වෙන්නෙ ඒක නෙවෙයි. ඇතා හැමදාමත් සමනල කන්දෙ ඉන්නවා. හැබැයි ඌ හැම කෙනාටම පේන්නෙ නැහැ. එනිසා කවුරුත් ඇතාව දකින්නෙ නැහැ. මහා පිං බලයක් තියෙන පන්සිල් රකින පිංකාරයෙක් ගියොත් ඒ ඇත්තන්ට සුදු ඇතාව පේනවා කියලා තමයි ඒ කාලෙ ඉඳන්ම විශ්වාසය තිබුණෙ. අනිත් එක තමයි ශ්‍රීපාදය වන්දනා කරන්න යන ඇත්තන්ට කරදරයක් වෙන්ට ගියොත් පිහිට වෙන්නෙ ඔය ඇතාලු. එහෙම වෙච්ච තැනුත් ඒ කාලෙ අපි අහලා තියෙනවා.

එක කාලෙක වන්දනාවේ ගිය දරුවෙක් අඩිය ලිස්සලා පහළට වැටිලා තියෙනවා. නඬේ ඇත්තො කලබල වෙලා දරුවා හොයන්න ලෑස්ති වෙද්දි මෙන්න වැටිච්ච දරුවා ඉහළ පඩියක ඉඳලා කට්ටියට කතා කරනවලු. වුණේ මොකක්ද කියලාවත් හිතා ගන්න වෙලාවක් තිබිලා නැහැ. දරුවත් කියලා තියෙන්නෙ වැටෙනවා වගේ දැනුණා. ඒත් කවුරුහරි මාව මෙතැනින් ගෙනත් තිබ්බා මතකයි කියලලු. ඒ දේවල් කරන්නෙ මේ සුදු ඇත්රාජයා කියලා තමයි කියන්නෙ.
මට මතකයි අපේ වැඩිහිටියෝ කියනවා ශ්‍රීපාද වන්දනාවට යනවා නම් පස් පව්වලින් වැළකිලා පේවෙලා ගියොත් ශ්‍රීපාදයත් වන්දනා කරගෙන සුදු ඇතත් බලාගෙන එන්න පුළුවන්ය කියලා. අනෙක් එක ඔය ඇතාට අහසින් යන්නත් පුළුවන්ලු. ඌ ශ්‍රීපාද මළුවට ඉහළින් යන්න කිසිම කෙනකුට ඉඩ දෙන්නෙත් නැතිලු”

මෙවැනි බොහෝමයක් විශ්වාසයන් සහ ජනප්‍රවාදයන් සමන් දෙවිඳුගෙ සුදු ඇතා සම්න්ධයෙන් අසන්නට තිබේ. වර්තමානයේද ඇතැම් අය සමනල අඩවියේදී සුදු ඇතකු දුටු බවට තොරතුරු පැතිරෙයි. කෙසේ නමුත් බොහෝ පිරිසක් අවාරයට සිරිපා වඳින්නට යන්නේද සුදු ඇතා කොහෙදි හෝ දකින්නට ලැබෙනු ඇතැයි යන විශ්වාසයෙන් බවත් රහසක් නොවේ. එහෙත් ජනප්‍රවාද අනුව බලන විට එලෙස වාරයට හෝ අවාරයට සමනල අඩවියට ගියා යැයි කියන සුදු ඇතා දකින්නට ලැබෙන්නේ නැත. ඊට පින් තිබිය යුතුය. පිංවන්තයා වාරයට ගියද අවාරයට ගියද සුදු ඇතාව දැකගන්නට ලැබෙනු ඇත.

කිසිවකුට නෙපෙනුණද ඌ සිරිපා වාරයේ වන්දනාමාන කටයුතු සඳහා පැමිණෙන ලක්ෂ ගණනක් බැතිමතුන් දෙස බලා සිටිනවා ඇත. කාට කොතැනක තම උදව්ව, උපකාරය අවශ්‍ය දැයි අවධානයෙන් සිටිනවා ඇති. ඒ සෑම තැනකදීම දෙවරක් නොසිතා පිහිට වෙනවාත් ඇති. එලෙසම කිසිවකු නොපැමිණෙන අවාරයට මේ සුදු ඇත් රජු නිදහසේ සමනල් බිමේ සැරිසරනවා ඇති. ශ්‍රීපාද වන්දනාවට වාරයක් අවාරයක් ඇත්තේ එනිසාම යැයි සිතුවද වරදක් නැත. වාරය මිනිසාගෙ වෙද්දි අවාරය සුදු ඇතුට අයිතිය. එසේ නම් අපි උගේ වාරය උදුරා ගත යුතුද නැත. මන්දයත් එවිට සුදු ඇතුට පමණක් නොව සමනල අඩවියට අධිපති සමන් දෙවියන්ටද මිනිසා කරදරයක් විය හැකි බැවිනි.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

සජිතුත් එජාප කෘත්‍යාධිකාරිය කැඳවයි: 65න් 37ක් ඇවිත්

Next Post

DFCC තැන්පතු හිමියන්ට සුවිශේෂී සහනයක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.