සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාත් අද (29) දිනයේ කැඳවා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේම කෘත්‍යාධිකාරී මණ්ඩලය බව දැනගන්නට තිබේ.
ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේගය කාර්යාලයේ සවස 2ට පැවැති මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සම්පූර්ණ සාමාජිකයන් වූ 65න් 37ක් සහභාගී වී ඇත.
මෙහිදී පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා වී ඇති අතර සජිත් ඇතුලු 99ක කණ්ඩායම එජාපයෙන් ඉවත් කළ බවට වූ තොරතුර සම්බන්ධයෙන්ද සාකච්ජා වී තිබේ.
එවිට පැමිණ සිටි පිරිස දැනුම් දී ඇත්තේ තමන්ට එවැනි කිසිදු ලිපියක් ලැබී නොමැති බවකි.
මෙය එජාපය ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමක් බවද එහිදී පිරිස පෙන්වා දී ඇති බව දැනගන්නට තිබේ.










