• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රයිනි එක්ක ජයශ්‍රී හන්තානේ තනිවෙයි

May 30, 2020
in Heart
Reading Time: 2 mins read
A A
රයිනි එක්ක ජයශ්‍රී හන්තානේ තනිවෙයි
Share on WhatsAppShare on Facebook

ජයශ්‍රී සංගීත කණ්ඩායමේ අලුත්ම මියුසික් වීඩියෝව පසුගියදා ‘හදවත කීරි ගසයි’ නමින් එළිදැක්වුණා. මේ ඒ පිළිබඳව ජයශ්‍රී සංගීත කණ්ඩායමේ නියමු රෝහිත ජයලත් අප සමඟ අදහස් දැක්වූ අයුරු.
රෝහිත මොකක්ද මේ ඕගොල්ලන්ගෙ අලුත් වැඬේ?
මම සෑහෙන කාලෙක ඉඳල රෙගේ ඩුවට් එකක් කරන්න ආසාවෙන් හිටියෙ. ඉතින් අපි රයිනිත් එක්ක එකතු වෙලා ‘හදවත කීරි ගසයි’ කියන අපේ අලුත් රෙගේ මියුසික් වීඩියෝ එක කළා.
කවුද මේ සින්දුව ලිව්වෙ?
සින්දුව ලිව්වෙ ‘රේරු රේරු’ කියල ගර්ල් කෙනෙකුයි මමයි. මියුසික් කළේ අපේ ‘ජයශ්‍රී’ බෑන්ඞ් එක. සින්දුව ලියල සෑහෙන කාලයක් වෙනව. මං හිතන්නෙ අවුරුදු දෙකකට වැඩියි.
මොකද රිලීස් කරන්න මෙච්චර පරක්කු වුණේ?
මුලින් අපි රෙකෝඞ් කළා පොඩි ඩමි එකක්. ඒත් හිතන් හිටපු විදිහට වැඬේ කරගන්න බැරිවුණා. මොකද අපි මෙහෙ එනව, යනව එක දිගට ඉන්නෙ නැති නිසා. කොහොම හරි අපි ගිය සැරේ ආපු වෙලාවෙ තමයි සින්දුව රෙකෝඞ් කළේ. ඊට පස්සෙ ආයෙත් ඔස්ටි්‍රයා ගෙනිහිල්ල මික්ස් කරල තමයි වැඬේ ඉවර කරගත්තෙ.
සින්දුව ලියනකොටම අයිඩියා එකක් තිබුණද රයිනිත් එක්ක තමයි කියන්නෙ කියල?
අනිවාර්යෙන්. මට ලොකු ආශාවක් තිබුණ රයිනි එක්ක ඩුවට් එකක් කරන්න. මොකද මම එයාගෙ අම්මගෙ වොයිස් එකටත් ආසයි. එයාගෙ වොයිස් එකත් සෑහෙන්න රෙගේ පැත්තට බරයි. ඒ හින්ද රයිනිව ගන්නව කියල තමයි හිතාගෙන හිටියෙ. ඒක රයිනිට කිව්ව ගමන් රයිනිත් සෑහෙන්න ඒකට සතුටු වුණා. එයාගෙ හස්බන්ඞ්ගෙනුත් මේකට අපිට ලොකු සපෝට් එකක් හම්බවුණා.
මීට කලින් ඩුවට් කරල තියෙනවද?
මීට කලින් මම නිරෝෂත් එක්ක එහෙම ඩුවට් කරල තියෙනව. හැබැයි මේක මගේ පළමුවෙනි රෙගේ ඩුවට් එක.
ජයශ්‍රී බෑන්ඞ් එකෙන් රෙගේ සින්දුවක් එළියට ආවෙ කොච්චර කාලෙකට පස්සෙද?
2018 ‘ලව්’ කියල අපේ අලුත් ඇල්බම් එක එළියට දැම්ම. ඊට පස්සෙ තමයි මේක කළේ. හැබැයි ඒ අතර බූඩිගෙ ෆිල්ම් එකකට සින්දුවක් කෙරුව. ඒ වගේ ෆිල්ම්වලට, ටෙලිඩ්‍රාමාවලට තනි තනි සින්දු කෙරුව. හැබැයි මේ විදිහට රෙගේ එකක් කළේ අවුරුදු දෙකකින් විතර පස්සෙ.
ජයශ්‍රීලගේ සින්දු ගොඩක් දුරට ලියන්නෙ රෝහිතමයි. ඒ ඇයි?
ගොඩක් අය අපිට සින්දු ලියල එවනව. එතකොට මම ඒගොල්ලන්ට කියන්නෙත් ලියන කෙනා හිතන්න ඕනෙ මම ලියන්නෙ ජයශ්‍රීලට කියල. නැතුව එයාගෙ හිතේ තියෙන විදිහට මොකක් හරි මල් සින්දුවක් ලියල අපිට එවන එකේ තේරුමක් නෑ. මම සින්දු ලියද්දිත් එකපාර එක තැනක ඉඳල සින්දුව ලියල ඉවර කරන්නෙ නෑ. සමහර සින්දුවක් ඉවර කරන්න අවුරුදු දෙකක් විතර යනව. අපි ගොඩක් වෙලාවට සින්දුවක් ලියන්නෙ සමාජයට පණිවුඩයක් දෙන්න පුළුවන් කාලීන මාතෘකාවක් අරගෙන. අපි ආදර සින්දුවක් කළත් කරන්නෙ හදවතට දැනෙන්න, විඳින්න පුළුවන් විදිහට. ඒක නිසා තමයි අපේ සින්දු අවුරුදු 20ක් විතර පරණ වෙලත් තාමත් ඒව මිනිස්සු ඉල්ලන්නෙ.
ජයශ්‍රීල මියුසික් වීඩියෝ කරල තියෙන්නෙ බොහොම අඩුවෙන් නේද?
අපි ගොඩක් යූටියුබ්, වීඩියෝ පස්සෙ එළවගෙන යන සංගීත කණ්ඩායමක් නෙමෙයි. අපි බෑන්ඞ් එකක් විදිහට ගොඩක් සජීවී ඉදිරිපත් කිරීම් කරන්න තමයි කැමති. අපේ රසිකයොත් හැදිල තියෙන්නෙ ඒ විදියට.
කොහොමද මේ මියුසික් වීඩියෝ හැදෙන්නේ?
මේ විඩියෝ එක කරන්නෙ නුවර ‘ත්‍රී වේ ප්‍රඩක්ෂන්’ කියල වීඩියෝ ටීම් එකක් එක්ක. ඒ ගොල්ලන් අපිට කිව්ව හොඳ වීඩියෝ එකක් මේකට කරමු කියල. ඊට පස්සෙ අපිටත් හිතුණ ඒගොල්ලන්ට අවස්ථාවක් දීල හොඳ වීඩියෝ එකක් කරන්න. මේකට අපිත් අයිඩියාස් දීල තමයි සිම්පල් මියුසික් වීඩියෝ එකක් කළේ. මාරවිල ශ්‍රී බීච් එකේ තමයි මේක ෂූට් කරේ. බීච් පාටියක් වගේ ෂූට් කරල, ඊට පස්සෙ පූල් පාටි එකකින් ඉවර වෙන විදිහට තමයි වැඬේ කළේ.
රටේ තියෙන තත්ත්වෙත් එක්ක කොහොමද සින්දුවේ වැඩ ඉවර කරගත්තේ?
ජනවාරි මාසෙ මුල් කාලෙ තමයි අපි ෂූට් එක කළේ. ඔස්ටි්‍රයාවල ඉඳල ඇවිල්ල හිටිය මගේ යාළුවො ටිකක් තමයි ඒකෙ ඇට් කරන්නෙ. ජනවාරි ෂූට් කරාට අපිට ඒ එක්කම වැඬේ එළියට දාගන්න බැරිවුණා. මොකද අපි ආයෙත් ඔස්ටි්‍රයා ගිහිල්ල එනකොට මෙහෙ තත්ත්වය දරුණු වෙලා තිබ්බෙ. ඊට පස්සෙ අපි වට්ස්ඇප්වලින් කතා කර කර තමයි එඩිට් එක ගහල මේ විදිහට වැඬේ ඉවර කරගන්න පුළුවන් වුණේ.
සින්දුවෙන් කියවෙන්නෙ හන්තානෙ ගැන කතාවක්නෙ. ඇයි ඉතින් බීච් එකක ෂූට් කළේ?
ලංකාවෙ ගොඩක් මියුසික් වීඩියෝවල සින්දුවෙ යන කතාවනෙ වීඩියෝ එකට ගන්නෙ. ගොඩක් වෙලාවට එකම වගේ කතානෙ අපිට දකින්න හම්බවෙන්නෙ. මං හිතන්නෙ අපි ඒකෙන් මිදිල වැඩක් කරන්න තමයි උත්සාහ කළේ. අනිත් එක අපි මේ සින්දු එක්ක ලෝකෙ වටේම යන හින්ද ඒ ඕඩියන්ස් එකත් ටාගට් කරල තමයි මේ වැඬේ කළේ. පිටරට ඕඩියන්ස් එකට වීඩියෝ එකේ කතාවක් වැඩක් නෑ. බීට් එකයි, ස්ටයිල් එකයි ලස්සනට ගැළපිලා තියෙනවද කියන එක තමයි පිටරට ඕඩියන්ස් එකට වැදගත් වෙන්නෙ. රෙගේ එක්ක අපිට ලංකාවෙ බීච් එක තමයි හොඳටම ගළපන්න පුළුවන්. එහෙම හිතල තමයි අපි ඒ විදිහට වැඬේ කළේ.
රොහාන්ව ඇයි මේ සින්දුවෙන් හැලුණෙ?
එහෙම එකක් නෑ. ඩුවට් එකක ගොඩක් වෙලාවට දෙන්නෙක්නෙ සින්දුව කියන්නෙ. එහෙම ප්‍රශ්නයක් තමයි තිබ්බෙ. සින්දුවෙ හාමනීවලට තමයි රොහාන් අපිත් එක්ක එකතු වුණේ.
කොහොමද සින්දුවට ලැබෙන ප්‍රතිචාර?
ඒක නම් කියල වැඩක් නෑ. අපි ඕකෙ කරල තියෙන්නෙ ‘ලවර්ස් රෙගේ’ කියන ස්ටයිල් එක. ඉතින් ඒකට හැමෝගෙන්ම ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනව. ඇත්තෙන්ම ලැබිච්ච ප්‍රතිචාරවලට අපිට ඉතාම සතුටුයි.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

කොමිස් ගැහුවද: ක්‍රිකට් මාෆියාවට යටවුණාද: දික්කසාදෙට කෝටි 50ක් ගෙව්වද: දූෂණ චෝදනා තියෙනවා නේද- මේ කව්ද මොනවද කරන්නේ…

Next Post

පාර්ලිමේන්තුවේ හදිසි පුටු පෙරළියක් (රාජ්‍ය රහස්)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.