• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සිනමාවෙන් ජෝඩුවුණු සැබෑ ලොවේ තරු

May 30, 2020
in Heart
Reading Time: 3 mins read
A A
සිනමාවෙන් ජෝඩුවුණු සැබෑ ලොවේ තරු
Share on WhatsAppShare on Facebook

රිදී තිරයේ ආදරවන්තයන් දෙදෙනෙක් සැබෑ ලෝකයේදීත් ආදරවන්තයන් බවට පත් වීම ටිකක් විරල සිදුවීමක්. මේ කියන්නේ තිරයෙන් පිටත ආදර සබඳතා ගැන පැතිර යන කටකතා ගැන නෙවෙයි. සැබෑ ජීවිතයේදී නීත්‍යනුකූලව විවාහ වෙලා වසර ගණනාවක් පුරා සාර්ථක යුග ජීවිත ගත කෙරුව රිදී තිරයේ ආදරවන්තයන් ගැන තමයි මේ කතා කරන්නේ.
සාමාන්‍යයෙන් අපිට ඒ වගේ තරු යුගල ගොඩක් හම්බ වෙන්නේ බොලිවුඩයේදී. හොලිවුඩය පැත්තෙනුත් ඒ වගේ යුගල කිහිපයක්ම හොයා ගන්න පුළුවන්. ඒ වගේම අපේ සිනමාවෙත් ඒ වගේ තරු යුගල කිහිපයක්ම ඉන්නවා. ඒ සියලු දෙනා අදටත් ඉතා සාර්ථක යුග ජීවිත ගත කරනවා. ඒ අය කවුද කියලා පොඞ්ඩක් හොයලා බලන්න තමයි මේ හදන්නේ.

ප්‍රියංකර- දිල්හානි
මෑත කාලයේ හැමෝගෙම ආදරයට ලක් වුණු ජනප්‍රිය සිනමා තරු යුගලක් තමයි මේ. ජනප්‍රිය ගායන ශිල්පී මිල්ටන් පෙරේරා මහතාගේ පුතු ලෙසින් ගායන ලෝකයට උරුමකම් සහිතව උපත ලැබුවත්, ප්‍රියංකර දක්ෂ නළුවෙක් ලෙසින්ද ජනප්‍රියත්වයට පත් වෙනවා. 1991 වසරේදී සිනමාවට පිවිසෙන දිල්හානි වර්තමානයේදීත් තම ජනප්‍රියත්වය ඒ විදියටම රැක ගන්න සමත් වුණු නිළියක්. 1996 වසරේදී තිරගත වුණු “මධුරි” තමයි ප්‍රියංකර- දිල්හානි එකට රඟපෑ පළමු චිත්‍රපටය ලෙසින් සැලකෙන්නේ. වසර ගණනාවක් පුරා දිව යන ඒ ආදර කැදැල්ලේ උරුමය හිමි වෙලා තියෙන්නේ දිල්මිත් පෙරේරා. ප්‍රියංකර- දිල්හානි යුවළගේ ආදරණීය පුතණුවන්, ඔහුත් මේ වෙද්දි ජනප්‍රිය ගායන ශිල්පියෙක්.

බිමල් – සුජානි
බිමල්, සුජානි දෙන්නම රසිකයන් අතර ජනප්‍රිය වෙන්නේ ටෙලි නාට්‍ය කලාව හරහා. ටෙලි නාට්‍ය කලාව හරහා ජනප්‍රිය වූ බිමල් 2006 වසරේදී තමයි තම මංගල සිනමා නිර්මාණයට එකතු වෙන්නේ. ඒත් සුජානි මේනකා සිනමාවට එකතු වෙලා තියෙන්නේ ඊට ගොඩ කාලෙකට කලින්. ඒ 1987 වසරෙදි ළමා චරිතයක් නියෝජනය කරමින්. ටෙලි නාට්‍ය කලාව හරහා ජනප්‍රයි වුණා වගේම මේ දෙන්නගේ ආදර කතාව පටන් අරන් තියෙන්නෙත් ඒ හරහා. 2000 වසරේදී රූගත කරන ලද “රම්‍ය සුරම්‍ය” ටෙලි නාට්‍ය අතරතුරේදී තමයි බිමල්- සුජානි ආදර කතාව ඇරඹිලා තියෙන්නේ. නව පරපුරේ ආදර්ශවත් තරු යුගලක් විදියට අදටත් මේ දෙන්නා හැමෝගෙම ආදරය දිනාගෙන තියෙනවා.

තුමිඳු- කළණි
අද වෙද්දි කලා ලෝකයේ ජනප්‍රිය තරු යුගලක් බවට පත් වෙලා තිබුණත්, තුමිඳු- කළණි දෙන්න හමු වෙලා තියෙන්නේ රූපගත කිරීමක් අතරතුරේදී නෙවෙයි. ඒ හින්දා මේ ආදර කතාව අනෙක් ආදර කතා හැම එකකටම වඩා වෙනස් එකක්. 2007 වසරේදී “සංඛාරා” චිත්‍රපටය සමඟින් කලා ලෝකයට අවතීර්ණ වූ තුමිඳු ජනප්‍රියත්වයේ හිණිපෙත්තට ළඟා වෙන්නේ 2017 වසරේදී විකශනය වුණු “කූඹියෝ” ටෙලි නාට්‍ය හරහා. තුමිඳුගේ ආදරණීය බිරිඳ වන කළණි සිනමාවට එකතු වෙන්නේ පසුගිය වසරේ තිරගත වුණු “තාල” චිත්‍රපටයෙන්. ඒත් වසර ගණනාවක ඉඳන් තුමිඳු වගේම කළණිත් වේදිකාවේ තම හැකියාව මොනවට පෙන්නුම් කරලා තියෙනවා. මේ දෙන්නා විවාහ වෙලා තියෙන්නේ 2014 වසරේදී. අද වෙද්දී ඔවුන් දෙදෙනා පුංචි පුතකුගේ දරු සුරතල් බලනවා.

ශ්‍රියන්ත – කුසුම් රේණු
මේ දෙන්නා ගැන අමුතුවෙන් විස්තර කියන්න ඕනෑ නැහැ. ශ්‍රියන්ත, කුසුම් රේණු දෙන්නම සිනමාව විතරක් නෙවෙයි ටෙලි නාට්‍ය සහ වේදිකාවත් එක වගේ ජය අරන් තියෙනවා. ඒ වගේම ඔවුන් දෙදෙනා වසර ගණනාවක් පුරා ඉතාම සාර්ථක යුග දිවියක් ගත කරනවා. 1984 වසරේදී වේදිකා ගත කළ “පණ්ඩුකාභය” වේදිකා නාට්‍යයේදී තමයි මේ දෙන්නගේ ආදර කතාව ආරම්භ වෙලා තියෙන්නේ. 1986 වසරේදී ඔවුන් දෙදෙනා විවාහ දිවියට එළැඹෙනවා. ශ්‍රියන්ත- කුසුම් රේණු යුවළට දාව දියණියන් දෙදෙනෙක් ඉන්නවා.

රෝයි – සුමනා
ජනප්‍රිය සිනමා නළුවෙක් ලෙසින් කලා ලෝකයට පිවිසුණු රෝයි ද සිල්වා පසුව විශිෂ්ට ගණයේ සිනමා අධ්‍යක්ෂවරයකු ලෙසින් සිනමා කෘති කිහිපයක් සිංහල සිනමාවට දායාද කරනවා. සිංහල සිනමාවේ “ස්වීට් ගර්ල්” ලෙසින් හැඳින්වූ සුමනා අමරසිංහ බොහෝ දෙනකුගේ ආදරය දිනා ගත් සිනමා තාරකාවක්. පසුව සහාය අධ්‍යක්ෂවරියක් සහ නිෂ්පාදිකාවක් ලෙසින්ද ඇය සිංහල සිනමාවට විශාල මෙහෙයක් ඉටු කර තිබෙනවා. රිදී තිරයේ පෙම්වතුන් වූ රෝයි සහ සුමනා සැබෑ ලෝකයේ ආදර කතාව අරඹලා තියෙන්නේ 1969 වසරේදී. ඒ “හතර පෙරළිය” චිත්‍රපටය අතරතුරේදී. වසර කිහිපයක් ගලා ගෙන ගිය ආදර කතාව අවසානයේ 1975 වසරේදී ඔවුන් දෙදෙනා විවාහපත් වෙනවා. කෙසේ නමුත් පසුගිය 2018 වසරේදී රෝයි ද සිල්වා ඒ ආදර කතාවට විතරක් නෙවෙයි ජීවන ගමනටත් නිමාව තියනවා. ඒත් ඒ ආදර කතාව තවමත් අමරණීයයි.

ආනන්ද- මානෙල්
දශක හයකට වැඩි කාලයක් දිවෙන කලා ඉතිහාසයක් සහිත යුවළක් තමයි මේ. ආනන්ද- මානෙල් යුවළ විවාහ වෙලා තියෙන්නේ 1984දි. සිනමාව, ටෙලි නාට්‍ය වගේම වේදිකාවත් ජය ගත් මේ යුවළගේ විවාහ දිවියත් ඉතාම සාර්ථකයි. මොවුන් දෙදෙනාට දාව පුතුන් දෙන්නෙක් ඉන්නවා. ඒ ජනිත් ගමගේ සහ සංඛේත් ගමගේ. ඔවුන් දෙදෙනාත් මේ වෙද්දී ජනප්‍රිය කලාකරුවන් බවට පත් වෙලා.

SendShareShare
Previous Post

ලංකා හොස්පිටල්ස් වෙතින් කොවිඩ් 19 අරමුදලට ලක්ෂ 67ක පරිත්‍යාගයක්

Next Post

ආණ්ඩුව සමග ඩීල් ගැසූ එජාප කල්ලියට විරුද්ධව සජිත් පිලෙන් විශ්වාසභංගයක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.