සනීපාරක්ෂාව සහ පිරිසිදු කිරීම සම්බන්ධයෙන් කීර්තිමත් මෙන්ම විශ්වාසදායී සන්නාමයක් වන George Steuartys Sterill” COVID-19 වෛරසයට එරෙහි සටනට ශක්තියක් සපයමින් උසස්ම තත්ත්වයේ දෑත් පිරිසිදුකාරක ජෙල් නිෂ්පාදනයක් (Hand Sanitizer Gel) පසුගියදා වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙනු ලැබීය.
මනාව වැඩිදියුණු කරමින් අමතර ඔලිව් සාරයද එක් කරමින් නිෂ්පාදනය කරනු ලැබූ මෙම නවතම දෑත් පිරිසිදුකාරක ජෙල් නිෂ්පාදනය (Hand Sanitizer Gel) මගින් හානිකර විෂබීජ 99.99%ක් සම්පූර්ණයෙන්ම විනාශ කරනා බව පරීක්‍ෂණ මගින් තහවුරු කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දෑත් සනීපාරක්‍ෂාව සම්බන්ධ මාර්ගෝපදේශයන්ට අනුව covid-19 යනු මාරාන්තික ශ්වසන රෝගී තත්ත්වයක් වන අතර, එය වෛරසය පවතින පෘෂ්ඨයන් ස්පර්ශ වීමෙන් සම්ප්‍රේෂණය වී ඇස්, කට හෝ නාසය යන මාර්ගයන් ඔස්සේ ශරීරගත වන්නකි. එසේ වුවද රසායනික විෂබීජ නාශක භාවිත කිරීම තුළින් මෙම වෛරසය මැනවින් අක්‍රිය කිරීමේ හැකියාව ඇත. එබැවින් රෝග පාලන වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) මගින් නිර්දේශ කරනු ලබන්නේ අවම වශයෙන් ඇල්කොහොල් ප්‍රමාණය 60%ක ප්‍රතිශතකයකින් යුතු දෑත් පිරිසිදුකාරක නිෂ්පාදනයක් භාවිත කරන ලෙසටය. මෙයට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නියෝගයන්ට අනුව, සෑම මතුපිට පිරිසිදු කිරීමේ කාර්යයක් සිඳහා ඇල්කොහොල් ප්‍රමාණය 70%කින් යුතු නිෂ්පාදනයන් භාවිත කළයුතු අතර, ඒ සඳහා බ්ලීචිං අඩංගු නිෂ්පාදන භාවිතය යෝග්‍ය නොවේ. සියලුම ජාත්‍යන්තර මාර්ගෝපදේශයන් දැඩිව අනුගමනය කරමින්, නියමිත ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කරනු ලබනන Sterill සනීපාරක්‍ෂක නිෂ්පාදන, 70%ක මද්‍යසාර ප්‍රමාණයක් අන්තර්ගත වන අතර, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය සහිතව ලියාපදිංචි කරනු ලැබූ නිෂ්පාදනයකි.











