• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

14 ඡන්දේ තිබ්බොත් වාසිය කාටද? 14 පහුවුණොත් අවාසිය කාටද? ඊළඟ පෙරළිය කවදාද? ගෝඨා විසිවෙනවා – රනිල් විසිවෙනවා – අනුර එනවා කියලා හරියටම කියපු කේ.සී.ජේ. රත්නායක මහ ඡන්දය ගැන අනාවැකි කියයි! Sri Lanka Latest News

November 4, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
14 ඡන්දේ තිබ්බොත් වාසිය කාටද? 14 පහුවුණොත් අවාසිය කාටද? ඊළඟ පෙරළිය කවදාද? ගෝඨා විසිවෙනවා – රනිල් විසිවෙනවා – අනුර එනවා කියලා හරියටම කියපු කේ.සී.ජේ. රත්නායක මහ ඡන්දය ගැන අනාවැකි කියයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපි හැමෝම දන්නවා පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන්නේ 2024 නොවැම්බර් 14 වැනිදා බව. ඒ බව දැනට ප්‍රකාශයට පත්වෙලා තියෙනවා. මේ දිනය වෙනස් වේවිද කියලා දැන්ම කියන්න බැහැ. නමුත් දැනට පේන්නේ එය වෙනස් නොවන බවයි. මේ දවසත් එක්කම ඇතිවන මැතිවරණ ප්‍රතිඵලය ගැන පූරෝකථනයක් කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. (Sri Lanka Latest News)

යම් විදියකට මේ මහ මැතිවරණය පැවැත්වෙන දිනය 2024 නොවැම්බර් 16 වැනිදායින් පසු දිනයකට යෙදුණා නම් ජනාධිපතිවරණයෙන් ජයගත් ජාතික ජන බලවේගයට පැහැදිලි විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්න ඉඩකඩ තිබුණා. නමුත් නොවැම්බර් 16ට පෙර ඡන්දය පැවැතුණොත් ඔවුන්ට ඒ තරම් වාසියක් ලබාගන්න බැහැ. ඒ වගේම කෙටිකාලීන සහ දිගුකාලීනව යම් අවාසිසහගත තත්ත්වයක් ඇතිවීමට නියමිතයි. ඒක සිදුවෙන්නේ කොහොමද කියන එක අපි දැන් බලමු.
ජාතික ජන බලවේගයට ලැබෙන කෙටිකාලීන අවාසිය තමයි නොවැම්බර් 16 වැනිදායින් පසුව මහ මැතිවරණය පැවැත්වුණොත් ඔවුන්ට වාර්තාගත ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන්. ජන වරමක් හැටියට ගත්තොත් 62% ඉක්මවා යන සුවිශාල ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන්. 2/3 ඉක්මවා යන බලයක් ලබාගැනීමේ හැකියාව ඔවුන් සතුව තිබෙනවා. නමුත් නොවැම්බර් 14 වැනිදාට ඒ වාසිය නැහැ. ඒ වගේම විපක්ෂය ඉතාම අවාසිදායක තත්ත්වයකටයි ගමන් කරමින් පසුවෙන්නේ නොවැම්බර් 16 වැනිදායින් පසුව. ඒ අවාසිදායක තත්ත්වයෙන් විපක්ෂය ගැළවෙනවා. මේක කොහොමද වෙන්නේ කියන එක සිද්ධාන්තත් එක්ක ගළපලා බලමු.

ජාතික ජන බලවේගයට මේ මහ මැතිවරණයෙන් ලැබෙන්න පුළුවන් අවාසිදායක කෙටිකාලීන ප්‍රතිඵලය තමයි ඔවුන්ට මේ ඡන්දය නොවැම්බර් 16න් පසුව පවත්වන්න හැකියාව තිබුණා නම්, ඔවුන් 2/3 ඉක්මවන 1977 වගේ 5/6ක් හෝ එවැනි ලංකා මැතිවරණ ඉතිහාසයේ වාර්තාගත සුවිශේෂ බලයක් ලබාගැනීමේ පහසු ඉඩකඩක් ග්‍රහචාරය අනුව සකස් වෙලා තියෙනවා. ඒ වගේම ඒ කාලය වනවිට ඔවුන්ට එරෙහිව තරග කළ ප්‍රතිවාදීන්, දැන් විපක්ෂය බවට පත්වෙලා ඉන්න බලවේගයන් ඉතා දුර්වල මට්ටමකටයි පත්වෙන්නේ නොවැම්බර් 16 වැනිදායින් පසුව. නමුත් මහ මැතිවරණය නොවැම්බර් 14 වැනිදාට යොදාගෙන තිබෙන නිසා ජාතික ජන බලවේගයට එවැනි අසහාය අද්විතීය බලයක් ලබාගැනීමේ හැකියාව අහිමිවී ඔවුන් සාමාන්‍ය බලයක් ලබාගන්නවා. ඒ වගේම ඉතා නින්දිත පරාජයකට ලක්වීමට තිබුණු අවස්ථාවෙන් විපක්ෂය බේරෙනවා. මොකද නොවැම්බර් 16 වැනිදායින් පසු ඔවුන්ගේ තත්ත්වය ඉතා දුර්වල වෙනවා.
ජාතික ජන බලවේගය පහුගිය ජනාධිපතිවරණයේදී 50%කට අඩු නමුත්, තමන්ගේ ළඟම ප්‍රතිවාදියාට වඩා ලක්ෂ 16ක පමණ ඡන්ද පරතරයක් ලබාගනිමින් ජයග්‍රහණය ලැබුවේ සෙනසුරු ග්‍රහයා වක්‍රව සිටියදී. ඒ මොහොතේ කරපු විශ්ලේෂණයේදී මම කිව්වා මේක 50ට 50 තත්ත්වයක්, සැකයේ වාසිය යෙදුවොත් තමයි වමට බර මැද මාවත ජයග්‍රහණය කරන්නේ කියලා. ඒක ඒ විදියටම සිදුවුණා ඒ අවාසිය සහිතව. නොවැම්බර් 16 වැනිදා ඔවුන්ට එතෙක් අවාසිව තිබුණු සෙනසුරුගේ වක්‍රය අවසන් වෙනවා. නිවෘතව ගමන් කරනවා. ඒ කියන්නේ ඔවුන්ට ඉතා වාසිදායක දේශපාලන බිමක් සකස් වෙනවා. නමුත් නොවැම්බර් 14 වෙද්දිත් සෙනසුරු වක්‍ර ග්‍රහයෙක් විදියට කලින් තිබුණු අවාසිදායක තත්ත්වය එලෙස තිබියදීම තමයි ඔවුන් මේ සටනට යන්නේ. මැතිවරණයෙන් ඔවුන් ජයග්‍රහණය කරනවා. ඒකේ විවාදයක් නෑ. ඒක සාමාන්‍ය බුද්ධියට වැටහෙන දෙයක්. නමුත් අපි නක්ෂත්‍රය භාවිත කරන්නේ සාමාන්‍ය බුද්ධියට නොවැටහෙන දේ පුරෝකථනය කරන්නයි. ඒ අනුව පෙනෙන්නේ සෙනසුරු ග්‍රහයා වක්‍රව සිටියදී ඔවුන්ට ඒ අවාසිසහගත තත්ත්වය තිබියදී තමයි එන්නේ කියන එක.
ඒ වගේම තවත් දෙයක් තිබෙනවා. පහුගිය ඔක්තෝබර් 06 වැනිදා ඉඳලාම ගුරු වක්‍ර වෙනවා. ඒ ගුරුගේ වක්‍ර වීම විපක්ෂයට ඉතා අවාසියි. ඔවුන් වෙන් වෙන් වශයෙන් වුණත් ලබාගත්ත ඡන්ද ප්‍රමාණය ගුරු වක්‍ර වීම නිසා විපක්ෂයේ සියලු දෙනාට බලපානවා මෙවර ඡන්දයේදී. ඡන්දය 14 වැනිදා පැවැත්වුණත් ඒක ඔවුන්ට තියෙනවා. ඔවුන් නින්දිත පරාජයකට ලක්වීම පැහැදිලිව පේනවා. නමුත් ජාතික ජන බලවේගය තරග කරන්නෙත් අවාසිදායක කොන්දේසියක සිට නිසා විපක්ෂය ඒ ඓතිහාසික නින්දිත පරාජයෙන් වැළකෙනවා. ඒ වගේම ඔවුන් තමන්ට ලැබෙන්න නියමිත අවාසිය හැකිතාක් දුරට සමනය කරගන්න සමත් වෙනවා. ඒක තමයි කෙටිකාලීනව මුහුණ දෙන්න සිදුවෙන අවාසිය.

දැන් අපි බලමු දිගුකාලීන අවාසිය මොකක්ද කියලා. හැබැයි ඒකට මම අතීත උදාහරණ කිහිපයක් ගන්නවා. 1956 මහ මැතිවරණයෙන් බණ්ඩාරනායක මැතිතුමා ඇතුළු ඒ පංච මහා බලවේගය ජයග්‍රහණය කරන අවස්ථාවේදී ගුරු කටක රාශියේ වක්‍රයි. සෙනසුරු වෘශ්චික රාශියේ වක්‍රයි. ඒක ඓතිහාසික ජයග්‍රහණයක් වුණත් ඒ බලය පවත්වාගෙන යන්න බැරි වුණා. බොහොම ඛේදවාචකයකට ලක්වුණා. ශෝකාන්තයක් හෝ සුරංගනා කතාවක් වෙලා ඒ සටනට නායකත්වය දුන්න බණ්ඩාරනායක මැතිතුමාගේ ජීවිතයත් නැතිවෙලා තමයි ඒක ඛේදවාචකයක් බවට පත්වුණේ. ඒ වගේම 1994 අගෝස්තු 16. මේ තමයි 17 අවුරුද්දක් පැවැති එජාප ආණ්ඩුව පරාජයට පත්වුණු වෙලාව. නමුත් ඒ වෙලාවේ යුරේනස් සහ සෙනසුරු ග්‍රහයෝ දෙන්නම වක්‍රයි. මේ වෙලාවේ පොදුජන එක්සත් පෙරමුණට වැඩිපුර ලැබුණේ පාර්ලිමේන්තුවේ එක ආසනයක් විතරයි. නමුත් 1994 නොවැම්බර් 09 වැනිදා පැවැති ඡන්දය වනවිට ගුරු නිවෘතයි. යුරේනස් නිවෘතයි. ඒ වාසිය අරගෙන චන්ද්‍රිකා මැතිනිය 62%කට ආසන්න විශාල වාර්තාවක් සහිතව තමයි ජයග්‍රහණය කළේ. මේ එක උදාහරණයක්.

තවත් හොඳම උදාහරණයක් තියෙනවා. ඒ තමයි 2000 ඔක්තෝබර් 10 වැනිදා සෙනසුරු සහ ගුරු වෘෂභ රාශියේ වක්‍රයි. යුරේනස් මකර රාශියේ වක්‍රයි. චන්ද්‍රිකා මැතිනිය මැතිවරණයෙන් ජයග්‍රහණය කළා තමයි. නමුත් ඒ ආණ්ඩුව අවුරුද්දකට වඩා පවත්වාගෙන යෑමට බැරිවුණා. 2001දී නැවත ඡන්දයකට යන්න සිදුවුණා. එහිදී එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රහණය කළා. සෙනසුරු, ගුරු සහ යුරේනස් කියන ග්‍රහයන් වක්‍රව සිටියදී ලබන ජයග්‍රහණය දිගුකාලීනව පවත්වාගැනීමට නොහැකි වන ආකාරයේ දැවැන්ත අභියෝග එන බව ඒ අනුව හොඳටම පැහැදිලියි.

කොහොම නමුත් වත්මන් ජනාධිපතිතුමා අභියෝගවලට අභියෝග කරන කෙනෙක්. ඔහු මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළෙත් ඒ විදියටයි. අපි බලමු ඔහුට ඉදිරි දේශපාලන අභියෝග ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද කියලා. ඔහුට ඒ හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද අපිට ස්ථාවර රටක්, ස්ථාවර ආර්ථිකයක් අවශ්‍යයි. නමුත් ඔහු මේ භාර අරගෙන තියෙන්නේ විශාල අභියෝගයක් මේ දිනය තෝරාගැනීමෙන්. 2000 ඔක්තෝබර් 10 වැනිදා තිබුණු ග්‍රහචාරය ඒ විදියටම 2024 නොවැම්බර් මාසේ 14 වැනිදා පැවැත්වෙන ඡන්දයේදීත් බලපානවා. මොකද සෙනසුරු, ගුරු සහ යුරේනස් වක්‍රයි.

2020 අගෝස්තු 05 තිබුණු මහ මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණ විශාල ජයග්‍රහණයක් ලැබුවා. නමුත් බලන්න ඒ ජයග්‍රහණය ඔවුන් ලබද්දී තිබුණු ග්‍රහ පිහිටීම දිහා. ඔබ පුදුම වෙයි. ගුරු ධනු රාශියේ වක්‍රයි. සෙනසුරු මකර රාශියේ වක්‍රයි. එදා ජයග්‍රහණය කරපු ආණ්ඩුවට සිදුවුණු දේ ගැන ඔබට හිතාගන්න පුළුවන් නේද? අවුරුදු එකහමාරක් දෙකක් යනකොට අගමැතිවරයත් ඉවරයි, ඒ ආණ්ඩුවත් ඉවරයි, ඒ පක්ෂයත් ඉවරයි. ඒ පාර්ලිමේන්තුව තමයි මේ විසුරුවාහැරලා නැවත පවත්වන්නේ. නියමිත කාලයවත් පවත්වාගෙන යන්න බැරිවුණා. ඛේදවාචකයක් බවට පත්වුණා. ඒ ග්‍රහචාරය තමයි මේ වතාවෙත් තියෙන්නේ. නමුත් එවැනි අවදානමක් නැහැ මෙවර මහ මැතිවරණය 2024 නොවැම්බර් 16 වැනිදායින් පසු දවසකට යොදාගත්තා නම්.

දැන් මම ඔබට කියන්නම් නොවැම්බර් 14 වැනිදා යෙදිලා තියෙන ග්‍රහචාරය මොකක්ද කියලා. 2024 නොවැම්බර් මාසේ 14. බලන්න ගුරු සහ යුරේනස් කියන ග්‍රහයෝ දෙන්නම වෘෂභ රාශියේ වක්‍රයි. ඒක විපක්ෂයට මාරාන්තික අවාසියක්. ඒ වගේම සෙනසුරු කුම්භ රාශියේ වක්‍රයි. ඒක ආණ්ඩුවේ බලය අතදරන අයටත් අවාසියක්. එතකොට මේ ඡන්දය පැවැත්වෙනකොට විපක්ෂයත් දුර්වලයි. ජනාධිපතිතුමා විසින් ඇතිකරපු භාරකාර ආණ්ඩුවත් දුර්වලයි. එතකොට විපක්ෂයයි ආණ්ඩුවයි දෙකම දුබල වූ වෙලාවක තමයි මහ මැතිවරණය පැවැත්වෙන්නේ. මේ වාසි අවාසි දෙක දෙපැත්තටම බෙදිලා යනවා. මේක දිගුකාලීනව ගත්තොත් විපක්ෂයට වාසියි. මොකද තමන්ට මුහුණ දීමට තිබුණු දරුණු පරාජයෙන් ගැළවෙන්න අවස්ථාවක් ඔවුන්ට ලැබුණා. ඒ වගේම කෙටි කලකදී නැවත සංවිධාන වීමේ හැකියාවකුත් තබාගනිමින් තමයි ඔවුන් පරාජයට පත්වෙන්නේ. මේ තත්ත්වය වත්මන් ජනාධිපතිවරයාටත්, ඒ ආණ්ඩුවටත් අභියෝගයක් වෙයි. නමුත් ඒ අභියෝගය ජයගන්න ඔවුන්ට පුළුවන්. 3%ක ඡන්ද ප්‍රතිශතය 50%කට ආසන්න ප්‍රමාණයකට වැඩිකර ගත්තා නම්, මේ අභියෝගය ජයගන්න බැරිවෙන්නේ නැහැ. නමුත් ග්‍රහචාරයේ ස්වභාවය විග්‍රහ කර දීම අපේ කාර්යභාරයයි. ඉතිහාසයේ හැම විටම මෙවැනි අවස්ථාවක බලය ලබාගත්ත ආණ්ඩු ඒ තරම් කල් පැවැතිලා නැහැ. ඔවුන්ට නැවත ඡන්දයකට යන්න සිදුවෙලා තිබෙනවා. එහෙම නැත්නම් විපක්ෂයේ කොටස් එක්ක එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හැටියට හෝ දැවැන්ත සභාග ආණ්ඩුවකට හෝ ජාතික සාමූහික ආණ්ඩුවකට හෝ යන්න සිදුවෙනවා. එක අතකට එහෙම සිදුවෙන එක හොඳයි. පක්ෂ විපක්ෂ වශයෙන් නොබෙදී සියලු දෙනාම ජාතික න්‍යායපත්‍රයකට, පොදු දේශපාලන-ආර්ථික වැඩපිළිවෙළකට අනුව වැඩකරනවා නම් ඒක අගය කළ යුතු දෙයක්.

කෙසේ නමුත් වත්මන් ජනාධිපතිවරයා මේ මහ මැතිවරණයෙන් භාරගන්නේ තමන්ගේ පාර්ලිමේන්තු බලය අභයෝගයට ලක්විය හැකි අවස්ථාවකුයි. අපි බලමු ඔහු ඉදිරියේදී ඒ අභියෝගය ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා.

මගේ මධ්‍යස්ථ මතය අනුව මේක ආණ්ඩු බලය ගත්ත අයටවත්, විපක්ෂයට යන අයටවත් සුබදායක තත්ත්වයක් නෙවෙයි. දෙපැත්තම හතර හන්දි කඩාගෙන තමයි මේ ඡන්දෙට යන්නේ. කවුරු දිනුවත් ඒ අයගේ ජයග්‍රහණ අභියෝගාත්මකයි. එතැනින් පස්සේ සිදුවෙන්න පුළුවන් දේවල් තියෙන්නේ 3යි. එක්කෝ තවත් මැතිවරණයකට යන්න වෙයි. එහෙම නැත්නම් විපක්ෂයත් එක්ක එකතු වෙලා ජාතික, සභාග ආණ්ඩුවකට යන්න සිදුවෙයි. එහෙමත් නැත්නම් රට අස්ථාවර නොවී සමාජ දේශපාලන ආර්ථික වශයෙන් කැලඹීම් අවම කරගන්නා වූ අලුත් වැඩපිළිවෙළකට යන්න සිදුවෙයි.

ඒ හැකියාව ලැබෙන්න කියලා අලුත් ජනාධිපතිතුමා ඇතුළු අලුත් ආණ්ඩුවටත්, බලයට පත්වෙන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවටත් සුබ පතනවා. ඔවුන්ගේ ජයග්‍රහණය නම් වළක්වන්න බැහැ. නමුත් ලබන්නා වූ ඒ ජයග්‍රහණයේ පරිමාව සහ එහි දිගුකාලීන පැවැත්ම තමයි අභියෝගාත්මක වෙන්නේ. අපි බලමු මේ අභියෝගය ඔවුන් ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කේ.සී.ජේ. රත්නායක
(KCJ Astrology යූටියුබ් නාලිකාවෙනි)

SendShareShare
Previous Post

පක්ෂයේ ලකුණයි පාටයි වෙනස් කරගෙන JVP එක විතරක් චේන්ජ් වෙලා! සිස්ටම් චේන්ජ් නම් වෙලා නෑ! රට යන්නේ පරණ සිස්ටම් එකේමයි! ‌පාස්පෝට් පෝලිම් මදිවාට පොල් පෝලිම් පවා ඇවිත්! VIDEO PHOTOS I Sri Lanka Latest News

Next Post

පළපුරුද්ද තියෙන්න ඕනේ! තරුණයෙක් වුණත් වෘත්තියක් කරලා උසස් අධ්‍යාපනයක් හදාරපු සුදුස්සෙක් වෙන්න ඕනේ! රැල්ලට මන්ත්‍රීවරු තෝරන්න ගිහින් රට ආයෙත් විනාසයට ඇදලා දාන්න එපා! ජනතාවට හිතන්න දෙයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

Load More
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී එක්සත් ජාතික පක්ෂය මාස ගණනාවකට පසු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.