එදා රුපියල් 110ට තිබූ පරිප්පු කිලෝව අද රුපියල් 175ක් බවත්, එදා ආණ්ඩුව යටතේ රුපියල් 98ට පැවති සීනි කිලෝව අද රුපියල් 140 ඉක්මවා ගොස් ඇති බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා සදහන් කරයි.
නමුත් එදා බඩු මිල අඩුව තිබූ සමයේදී පවා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා බඩු මිල සම්බන්ධයෙන් කළ කතා අද අගමැතිවරයාට අමතකව ඇති බවත් ඒ මහතා සදහන් කළේය.
ලෝක වෙළෙදපොළේ තෙල් මිල අඩුව පැවතියදී ජනාධිපතිවරයා එම සහනය ලබා නොදී පරිප්පු සහ සැමන් මිල අඩු කළ බවත්, අද පරිප්පු සහ සැමන් මිල නොසෑහෙන ලෙස ඉහළ දමා ඇති බවත් අලවතුවල මහතා පෙන්වා දුන්නේය.










