ගෝලීය අර්බුදය හේතුවෙන් මෙරට සමස්ත පාසල් පද්ධතියම වසා දමා තිබුණ ද පෞද්ගලික පාසල් බලධාරීන් අප්‍රේල් මාසයෙන් ඇරඹෙන දෙවන පාසල් වාරය සඳහා නියමිත සම්පූර්ණ පාසල් ගාස්තු ගෙවන ලෙස එම පාසල්හි ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ දෙමාපියන්ට මේ වනවිටත් දන්වා ඇති බවත්, මේ හේතුව මත එම දෙමව්පියන් මහත් අපහසුතාවට පත්ව ඇති බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.
අමාත්‍යවරයා යැවූ ලිපිය මෙසේය.
ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා,
අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය,
අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.
2020.05.26
ගරු අමාත්‍යතුමනි,
පෞද්ගලික පාසල්වල දෙවන වාරයේ ගාස්තුව සම්පූර්ණයෙන් අය කිරීම සම්බන්ධවය.
කොවිඩ් – 19 ගෝලීය අර්බුදය හේතුවෙන් මෙරට සමස්ත පාසල් පද්ධතියම වසා දමා තිබුණ ද පෞද්ගලික පාසල් බලධාරීන් අප්‍රේල් මාසයෙන් ඇරඹෙන දෙවන පාසල් වාරය සඳහා නියමිත සම්පූර්ණ පාසල් ගාස්තු ගෙවන ලෙස එම පාසල්හි ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ දෙමාපියන්ට මේ වනවිටත් දන්වා තිබේ.
සමස්ත ලෝකවාසීන්ට මෙන්ම මෙරට ජනතාවට ද ආර්්ථීක දුෂ්කරතා මෙන්ම වෙනත් බොහෝ දුෂ්කරතා මැද දිවි ගෙවීමට සිදුව ඇති මෙවැනි ගෝලීය වසංගත සමයක මෙරට පෞද්ගලික පාසල් බලධාරීන් ගෙන ඇති ඉහත තීරණයෙන් ඒවායේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් බලවත් අපහසුතාවකට පත්ව ඇති බව නොරහසකි. මෙරට අධ්‍යාපනය හා බැඳී ඇති මෙම ප්‍රශ්නයට මැදිහත්ව සාධාරණ පිළියමක් යෙදීමට කටයුතු කරන ලෙස ඔබතුමන් වෙතින් කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තූතියි,
මෙයට හිතවත්,
විමල් වීරවංශ (පා.ම)
කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ,
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය