• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

එදා ආරක්ෂක ලේකම්: අද ජනපති

May 26, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
එදා ආරක්ෂක ලේකම්: අද ජනපති
Share on WhatsAppShare on Facebook

යුද ජයග්‍රහණයට අනූපමේය මෙහෙයක් ඉටුකළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයාය. 11 වැනි යුද සැමරුම් උළෙලට සහභාගි වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පළකළ අදහස් මෙසේය.

මැයි 19 ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂී දිනයක්. මීට වසර 11කට පෙර 2009 මැයි මස 19දා අපි වසර 30කට ආසන්න කාලයක් මේ රටට ශාපයක්ව තිබූ බෙදුම්වාදී ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කළා.
සේනාධිනායක ලෙස ඒ සඳහා නායකත්වය සැපයූවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසිනුයි. ත්‍රස්තවාදය අවසන් කිරීම මඟින් ජනතාවට බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් වීමටත්, තව මානව අයිතිවාසිකම් නිදහසේ භුක්ති විඳීමටත් හැකි වාතාවරණයක් ඇතිකර දෙනු ලබනවා.
වසර 30ක් වැනි කාලයකට පසු නිදහස් ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් ඇතිකර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු ලැබුවා. මේ රටේ ඕනෑම පුරවැසියකුට බාධාවකින් තොරව රටේ ඕනෑම තැනක නිදහසේ සැරිසරන්නට හැකි වාතාවරණයක් යළි උදාකර දුන්නා. භීෂණයෙන් වෙළී තිබූ රටේ සාමය උදාකිරීම සඳහා අපේ රණවිරුවන් හා ඔවුන්ගේ පවුල් විශාල කැපකිරීමක්, පරිත්‍යාගයක් කළා.
යුද්ධය රෝස මල් යහනාවක් නොවෙයි. විශේෂයෙන්ම නීතිය පිළිනොගන්නා ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදීන් කණ්ඩායමක් සමඟ සටන් කිරීමේදී රණවිරුවන්ට විවිධ කටුක අත්දැකීම්වලට හා දුෂ්කරතාවන්ට මුහුණදෙන්නට සිදුවෙනවා.
ඒ අවුරුදු 30 ඇතුළත එක් ප්‍රදේශයක නෙමේ රටේ සෑම තැනකම අසරණ සිවිල් මිනිසුන් මියගියා. මරාගෙන මැරෙන බෝම්බකරුවන්, බස් බෝම්බ, දුම්රිය බෝම්බ, ගොඩනැඟිලිවලට බෝම්බ ගැසීම ආදිය නිසා මේ රට තුළ විශාල ජීවිත සහ දේපොළ විනාශයක් ඇති වුණා. මානුෂීය මෙහෙයුමේ අවසාන අරමුණ වුණේ රටට දීර්ඝ කාලීන සාමය උදාකර දීමයි. රණවිරුවන් කළ ඒ සුවිශේෂී කැපකිරීම නිසා අද අපට ඒකීය රටක් තුළ නිදහසේ සහ සාමකාමීව ජීවත් වීම සඳහා අවස්ථාව ලැබී තියෙනවා.
බුදු දහමින් පෝෂණය වූ අපේ රටේ තිබෙන්නේ සියලුම ආගමිකයන්ට, සියලුම ජාතීන්ට ක්ෂේමභූමියක් වූ පාලන තන්ත්‍රයක්. ඉතිහාසය පුරා මේ රට තුළ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, මැලේ, බර්ගර් ආදී සෑම ජන කොටසකටම සමානව ජීවත් වීමේ අයිතිය තිබුණා.
අන්තවාදීන්ට අවශ්‍ය වන්නේ අපට බෙදා වෙන් කරන්නටයි. ඔවුන්ගේ අරමුණ ඉටුවුණා නම් අපේ ඉතිහාසය වෙනස් වෙනවා. ජනතාව එකිනෙකාට fවෛර කරන, දේශ සීමාවන් සඳහා නිරන්තරයෙන් සටන් කරන, යුද බිය ජන ජීවිතයේ කොටසක් බවට වූ, තවත් එක් අවාසනාවන්ත, බෙදුන රටක් බවට ලංකාව පත්වෙනවා. ඒ ව්‍යසනයෙන් රට මුදවා ගැනීමේ ගෞරවය, දීර්ඝ කාලයක් මුළුල්ලේ අපේ රටේ සාමය වෙනුවෙන් සටන් කළ සියලුම වීරෝදාර රණවිරුවන්ට ලබාදිය යුතුයි.
දශක 3ක කාලයක් පුරා මේ ජයග්‍රහණය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ ජෙනරාල් කොබ්බෑකඩුව, ජෙනරාල් විජය විමලරත්න ඇතුළු සියලු රණවිරුවන්ව අප මේ අවස්ථාවේදී ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා.
යුද හමුදාවේ අවුරුදු 20ක් සක්‍රිය සේවයේ යෙදුන නිලධාරියකු ලෙසත්, පසුව දස වසරක් ආරක්ෂක ලේකම්වරයා ලෙසත්, පුරවැසියකු ලෙසත් අපේ රණවිරුවන් කළ කැප කිරීම පිළිබඳව මට ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා. යුද්ධයේ වේදනාව මම හොඳින් හඳුනනවා. ඒ නිසා විශාල පරිත්‍යාගයක් කොට සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට සාමය උදා කොට දුන් අපේ රණවිරුවන්ට හිමි තැන හා ගෞරවය නැති කිරීමට ගන්නා උත්සාහයන්ට මම කිසිදු ඉඩක් ලබාදෙන්නේ නෑ. මගේ රජය යටතේ මේ රටේ වීරෝදාර රණවිරුවන්ගේ ගරුත්වය හැම විටම ආරක්ෂා කරන බව මම ඔබට සහතික වෙනවා.
ඔවුන්ගේ අයිතිවාසිකම් හැම විටම සුරැකීම ජාතික වගකීමක්. ලෝකයේ බලවත් යැයි හඳුන්වන රටවල නායකයන් පවා පැහැදිලිවම තමන්ගේ රටේ රණවිරුවන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ලබා නොදෙන බව ප්‍රකාශ කර තිබෙන අවස්ථාවක අපි වගේ කුඩා රටක මේ තරම් කැපකිරීම් කළ රණවිරුවන් අනවශ්‍ය පරිදි පීඩනයට පත් කරන්න මා කිසි විටෙකත් ඉඩ දෙන්නේ නෑ.
ඒ අනුව අපේ රටට අසාධාරණයක් වන ආකාරයට යම්කිසි ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරනවා නම් එම ආයතනයේ හෝ සංවිධානවල සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට මා කිසි විටෙකත් පසුබට වෙන්නේ නෑ.
දශක 3ක් පුරා බෙදුම්වාදයට එරෙහි සටනට දායකත්වය සැපයූ සියලුම රණවිරුවන්ට හා ඔවුන්ගේ පවුල්වලට අපි මේ අවස්ථාවේ ජාතියේ ප්‍රණාමය පුද කරනවා.
රණවිරුවන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් මේ රට සියලු පුරවැසියන්ට සාමයෙන් සතුටින් හා අභිමානයෙන් ජීවත් විය හැකි සෞභාග්‍යමත් දේශයක් බවට පත්කිරීම ඔවුන්ට කළ හැකි ඉහළම ගෞරවයයි. ඒ සඳහා ඔබේ උපරිම දායකත්වය ලබාදෙන ලෙස සියලුම දේශමාමක පුරවැසියන්ගෙන් මේ රණවිරු ස්මාරකය අබියසදී ඉල්ලා සිටිනවා.
ඔබ සැමට ස්තුතියි.
තෙරුවන් සරණයි

SendShareShare
Previous Post

යුද්දෙ දිනපු හැටි: විග්‍රහ කරපු හැටි

Next Post

මහින්ද ලෝකයටම දුන්නු පළමු උත්තරය

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.