• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

පතනා බෝධියක නිවන් දකින්නෙ කොහොමද

May 23, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
පතනා බෝධියක නිවන් දකින්නෙ කොහොමද
Share on WhatsAppShare on Facebook

බුදුදහම අන්තවාදී දහමක් නොවේ. ඒ නිසාම බුදුදහම තුළින් ලද හැකි ඵල එමටය. විශේෂයෙන් සූත්‍ර පිටකයේ මජ්ජිම නිකායේ සම්මා දිට්ඨි සූත්‍රයේ මෙන්ම ඛුද්දක නිකායේ ඉතිවුන්නක පාලිවල සේම අංගුත්තර නිකායේ සඳහන් වන පුණ්‍යා කිරිය වත්තු වැනි සූත්‍රවල සඳහන් පින් – පව්, කුසල් – අකුසල් සම්බන්ධව බෞද්ධයා අවබෝධයෙන් යුතුව දැනුවත් විය යුතුය. බුදුදහමේ අගය නොසලකා හැර ඇති මෙවන් යුගයක බුදු සසුනක් පැවැතියද ඉන් ලැබිය යුතු උපරිම ඵල වර්තමාන මනුෂ්‍යයා නෙළා ගන්නවාද යන වග සිතා බැලීම වටී.

එදත්, අදත්, මත්තටත් සැබෑ බෞද්ධයාට අවශ්‍යව ඇත්තේ හැකි ඉක්මනින් සංසාර දුක අවසන් කර නිවන් දැකීමටය. ඒ නිසාම බොහෝ දෙනා ඉක්මනින් නිවන් දැකීමට කෙටි ක්‍රමවේද සෙවීමට පෙලඹී ඇත. නමුත් සංසාරයේ ආත්ම භාවවල දීර්ඝ ශික්‍ෂණයක් ලබා ලැබිය යුතු උතුම් පදවියක් වූ නිවන එසේ සරලව ලබන්නේ කෙසේද? ඒ සඳහා පාරමිතා පිරිය යුතුය. පාරමිතා පිරීමකින් තොරව ලද හැකි නිවන කුමක්ද යන්න නැණවත් බෞද්ධයාම සිතා බැලීම වටී. විශේෂයෙන් මේ සම්බන්ධ යම් අවබෝධයක් ලබා ගැනීමට මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහ නායක හාමුදුරුවන් ලියූ පාරමිතා ප්‍රකරණය, අභිධර්ම මාර්ගය වැනි පොත් කියවා තේරුම් ගැනීම ඉතාම ප්‍රතිඵලදායකය. එසේ නොමැතිව ධර්මය ධර්මයේ සඳහන් වන ආකාරයට තේරුම් නොගෙන එය තම තමන්ට වාසිදායක ලෙසට කාලානුරූපව ගැළපීම කෙතරම් දුරට සාර්ථකද යන්න ගැටලුවකි.

බුදුවරයකු ජීවමානව නොසිටියත් බුද්ධ ශාසනයක් පැවැතීම සද්ධර්ම ශ්‍රවණයට මහත් වූ රුකුලකි. ඒ නිසා ඉපදෙමින්, මැරෙමින් නැවැත ඉපදෙමින් යන සංසාර ගමන කෙබඳුද යන්න හොඳින් තේරුම්ගත හැකිය. විශේෂයෙන් සෑම ධර්ම දේශනාවක් අවසානයේම දේශකයන් වහන්සේලා යම් ප්‍රාර්ථනා කිහිපයක් කරනවා ඔබ අසා ඇත. නමුත් ඒ සම්බන්ධව ගැඹුරින් මෙතෙක් කල් සිතා බැලුවාද? එසේ කරනු ලබන ප්‍රාර්ථනා අතර ‘පතන්නා වූ බෝධියකින් නිවන් සම්පත් ලබා ගනිත්වා’ යන්න මෙන්ම ‘මටත්, ඔබටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සම්පත්ම ලැබේවා’ යන්න ප්‍රමුඛය. එය එසේ නම් කුමක්ද මේ පතන්නා වූ හෝ ප්‍රාර්ථනීය බෝධිය. මෙකී වාක්‍ය තුළ සමස්ත බුදු දහමේම හරය අන්තර්ගත බව මොහොතකටවත් ඔබට සිතුණාද? කෙසේ නමුත් රුප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයෙන් සුසැදි සත්වයා නිවන් දකින බෝධිය අනුව ත්‍රිවිධාකාරය. එය තවත් ගැඹුරට විග්‍රහ කරන කල පස් ආකාරය. බුදු, පසේබුදු, මහරහත් ලෙස ත්‍රිවිධ බෝධිය අර්ථකථනය කළද එය ඉන් ඔබ්බටද විහිදෙන බව අමතක නොකළ යුතුය. එනම් සියල්ලටම ප්‍රථම ඔබත්, මමත් නොදන්නා කල්පයක නොදන්නා බෝධියකට පෙරුම් පුරණ බව නොයෙසේ නම් පෙරුම් පිරිය යුතු බව සැකහැර අවබෝධ කරගත යුතුය. අප අතුරින් ඇතැමෙක් මේ වන විට යම් බෝධියකට පෙරුම් පිරීමට අරඹා තිබීමට පුළුවන. එසේත් නැත්නම් යම් බෝධියකට පෙරුම් පිරීමට ප්‍රවිෂ්ට වීමක් නොතිබීමටද පුළුවන. මෙකී කිසිදු තත්ත්වයක් මොනම ලෙසකින්වත් මනුෂ්‍යයන් වන අප නොදනී. කළ හැක්කේ ව්‍යාජත්වයෙන් තොරව අව්‍යාජ කරන කියන දෙය දෙස බලා යම් අනුමානයන් කිරීම පමණි. එය එසේ මුත් යම් සත්වයකු කෙදිනක හෝ සසර ගමන තුළ නිවන් දකින බෝධිය මෙසේ වර්ගීකරණය කර දැක්විය හැකිය.

  1. යම් කල්පයක යම් බුදුවරයකුගේ ශාසනයේ රහතන් වහන්සේ නමක් හෝ රහත් මෙහෙණින් වහන්සේ නමක් හෝ ලෙස.
  2. යම් කල්පයක පසේ බුදුවරයකු ලෙස
  3. යම් කල්පයක ප්‍රඥාධික බුදුවරයකු ලෙස
  4. යම් කල්පයක සද්ධාධික බුදුවරයකු ලෙස
  5. යම් කල්පයක වීර්්‍යාධික බුදුවරයකු ලෙස
    යම් සත්වයකු නිර්වාණය ලද හැකි බෝධි සියල්ල සවිස්තරව ඉහත ආකාරයට දැන්විය හැකි අතර. මෙකී බෝධි අතරින් බහුතරයක් නිවන් දකින්නේද, නිවන් දක්නට බලාපොරොත්තු වන්නේද ශ්‍රාවක බෝධියෙන් රහතන් වහන්සේ නමක් හෝ රහත් මෙහෙණින් වහන්සේ නමක් හෝ ලෙසය. මෙකී බෝධිවලින් නිර්වාණය ලැබීමට පෙර සඳහන් කළ ලෙසට ඒ ඒ බෝධියට අනුරූපව පාරමිතා පිරිය යුතුමය. එසේ නොමැතිව නිවන් දැකීම සඳහා අන් විශේෂ කෙටි ක්‍රම ධර්මයේ සඳහන් නොවේ. පාරමිතා සැලකීමේදී එම පාරමිතා පිරිය යුතු ක්‍රමය මත පාරමිතා, උප පාරමිතා හා පරමත්ත පාරමිතා ලෙස ත්‍රිවිධාකාරය. මෙකී පාරමිතා තම තමන් නිවන් අවබෝධ කරන බෝධියට අනුරූපව දස වැදෑරුම්ව, විසි වැදෑරුම්ව හෝ තිස් වැදෑරුම්ව පිරිය යුතුය. කෙසේ නමුත් එක් පාරමිතාවක් පිරීමේදී අනෙකුත් පාරමිතාවන්ද ඒ සමඟම පිරෙනා බව බොහෝ දෙනෙක් නොදනී.
    යමකු දස පාරමිතා පිරීමේදී තම වස්තුව කැප කරමින් දස පාරමිතා පූරණය කළ යුතුය. එසේම උප පාරමිතා පිරීමේදී ශරීරයේ අවයව, අංග කැප කරමින් පාරමිතා පිරිය යුතුය. තවද ඒ ඒ බෝධිය සඳහා පාරමිතා පිරිය යුතු කාල ධර්මයේ සඳහන් වනුයේ බුදුවරයකුගේ ආශිර්වාදයෙන් හෙවත් නියත විවරණයෙන් පසුවය. එසේ බෝධි සඳහා පාරමිතා පිරිය යුතු කාල මෙසේ පෙන්වා දිය හැකිය.
  6. රහතන් වහන්සේ නමක් හෝ අසූමහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වීමට පිරිය යුතු පාරමිතා කාලය කල්ප ලක්‍ෂයකි.
  7. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමකගේ පාරමිතා කාලය එක් අසංඛ්‍යක් හා කල්ප ලක්‍ෂයකි.
  8. පසේ බුදුවරයකුගේ පාරමිතා කාලය ද්වි අසංඛ්‍යක් හා කල්ප ලක්‍ෂයකි.
  9. ප්‍රඥාධික බුදුවරයකුගේ පාරමිතා කාලය සාර අසංඛ්‍යක් හා කල්ප ලක්‍ෂයකි.
  10. ශ්‍රද්ධාධික බුදුවරයකුගේ පාරමිතා කාලය අටා අසංඛ්‍යක් හා කල්ප ලක්‍ෂයකි.
  11. වීර්්‍යාධික බුදුවරයකුගේ පාරමිතා කාලය සොළොස් අසංඛ්‍යක් හා කල්ප ලක්‍ෂයකි.
    මෙහිදී ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින අය දස පාරමිතා පමණක් පූරණය කළ යුතු අතර, පසේ බුදු බෝධියෙන් නිවන් දකින අය පාරමිතා, උප පාරමිතා යන දෙකොට්ඨාසය විසි වැදෑරුම්ව පිරිය යුතුය. එසේම සම්මා සම්බුදුවරයකු ලෙස නිවන් දැකීමට නම් පාරමිතා, උප පාරමිතා හා කර්මාන්ත පාරමිතා ලෙස සමස්ත පාරමිතා තිස් වැදෑරුම්ව පිරිය යුතුය. මෙසේ පාරමිතා පුරා වීර්්‍යයෙන් සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස, කාම රාග, පටිඝ, රූප රාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන දස සංයෝජන ධර්ම දුරුකළ යුතුය. ඒ හරහා නව ලෝකෝත්තර ධර්ම අවබෝධ කර එනම් සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය, සකෘදාගාමී මාර්ගය, සකෘදාගාමී ඵලය, අනාගාමී මාර්ගය, අනාගාමී ඵලය, රහත් මාර්ගය, රහත් ඵලය හා නිවන ආදී කොට ඇති මාර්ග ඵල ලැබිය හැකිය.

    විශේෂයෙන් බුදුවරුන් සම්බන්ධව බැලීමේදී අනියත විවරණ කාලය හා නියත විවරණ කාලය ලෙස විවරණ කාල දෙයාකාරය. සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ ප්‍රේතවත්තු පාලිවල හා විමාන වත්තු පාලිවල සඳහන් වන ආකාරයට අප ගෞතම බුදුන් වහන්සේ බ්‍රහ්ම දෙව බුදුන් දවස සිට බුදු වන බව සිතින් සිතමින් මනෝ ප්‍රනිධාන ලෙස පාරමිතා පිරූ කාලය අසංඛ්‍ය කල්ප 7ක් වන අතර, සර්ව භද්‍ර අසංඛ්‍යයේ පුරාණ ගෞතම බුදුන් දවස සිට බුදුවන බව වචනයෙන් ප්‍රකාශ කරමින් වාග් ප්‍රනිධාන ලෙස පාරමිතා පිරූ කාලය අසංඛ්‍ය කල්ප 9කි. මෙකී මනෝ ප්‍රනිධාන හා වාග් ප්‍රනිධාන පූර්ණය කරනු වස් පාරමිතා පිරීමට ගතවූ සමස්ත පාරමිතා කාලය අසංඛ්‍ය කල්ප 16කි. මෙකී මනෝ ප්‍රනිධාන හා වාග් ප්‍රනිධාන පාරමිතා කාල සීමා අයත් වනුයේ දීපංකර බුදුන්ගේ පාද මූලයේ නියත විවරණ ලැබීමට පෙර අනියත විවරණ කාලයටය. මෙම අනියත විවරණ කාලයෙන් මනෝ ප්‍රනිධාන පාරමිතා කාලය තුළ අප ගෞතම බුදුන් වහන්සේ බුදුවරු 125,000ක් උදෙසාද වාග් ප්‍රනිධාන පාරමිතා කාලය තුළ බුදුවරු 387,000 උදෙසාද, ලෙස බුදුවරු 512,000ක් විෂයෙහි මහදන් පැවැත්වූ බව ධර්මයේ සඳහන් වෙයි. මින් අනතුරු නියත විවරණ කාලය ලෙස සේල අසංඛ්‍යයේ දීපංකර බුදුන් දවස සිට පාරමී, උප පාරමී හා පරමත්ත පාරමී පුරමින් අසංඛ්‍ය කල්ප 4ක් හා කල්ප ලක්‍ෂයක් පෙරුම් පිරූ අප ගෞතම බුදුන් වහන්සේ සමස්ත පාරමිතා කාලය ලෙස අසංඛ්‍ය කල්ප 20ක් හා කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරා උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්වූ සේක.
    ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
SendShareShare
Previous Post

සීගිරියෙන් මතුවුණු අබිරහස් උමඟ

Next Post

ලෝකයක් සුවපත් කළ ෆ්ලෝරන්ස් නයිටින්ගේල්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.