• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සීගිරියෙන් මතුවුණු අබිරහස් උමඟ

May 23, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සීගිරියෙන් මතුවුණු අබිරහස් උමඟ
Share on WhatsAppShare on Facebook

සීගිරිය වර්තමානය වන විට ලෝකයත් ආකර්ෂණය කරගත් හරි අපූරු ස්ථානයක්. එහෙම් නැත්නම් ලෝකයේ 8 වැනි පුදුමය කිව්වත් වරදක් නැහැ. දෙස්-විදෙස් මිනිසුන් පුදුමයට පත්කරන මේ අති දැවැන්ත නිර්මාණය නරඹන්නට පැමිණෙන්නකු වරක්, දෙවරක් නොව සියදහස් වාරයක් ගෙන්වා ගැනීමේ අමුතු ආකර්ෂණීය බලයකුත් සීගිරියට තිබෙනවා. මොකද්ද මෙහි රහස? සීගිරිය කියන්නේ ගුප්ත රහස් සැඟවුණු තැනක්ද? එහෙම නැත්නම් මේ තරම් මිනිසුන් මෙතැනට ආකර්ෂණය වෙන්නෙ කොහොමද? සීගිරියට ඇවිත් සීගිරිය බලලා ආපසු යන අයෙක් වුවත් පිටවීමේ දොරටුව ළඟදී යළිත් වරක් ආපසු හැරී බලන්නේ එනිසාම නොවේද? ඇත්තටම ඔබට, අපට ඇසට නොපෙනෙන රහසක් වගේම ජනප්‍රවාදය තුළ පමණක් ඉතිරි වූ රහස් ගණනාවක් මේ දැවැන්ත පර්වතය තුළත් මේ මහා භූමිය තුළත් සැඟවී තිබෙනවාට සැකයක් නැහැ. ඒ මහා රහස් කන්දරාවේ එකින් එක සොයා යන්නයි අපේ මේ උත්සාහය.

පසුගිය කාලයේ සීගිරිය සම්බන්ධයෙන් මතුවුණු කතා අතර ඉහළින්ම කතාබහට ලක්වුණු කතාවක් තමයි සීගිරි පර්වතය තුළ තිබෙනවයි කියන රහස් උමග සම්බන්ධ කතාව. ඇත්තටම මේ විශාල පර්වතය තුළ එවැනි රහස් උමගක් තිබුණද තිබෙන්නට හැකිද එසේ තිබුණා නම් ඒ කුමක් සඳහාද යන්නත් කෙනකුට ගැටලුසහගත විය හැකිය. පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහාද විශාල වශයෙන් කතාබහට ලක්වුණු මෙම කාරණයේදී වඩාත් අවධානයට ලක්වූයේ දෑස් අන්ධභාවයකට පත්ව සිටින වයස අසූවක් පමණ වූ පුද්ගලයකු කර තිබූ හෙළිදරව්වක් සම්බන්ධවයි. එහිදී ඔහු පවසා තිබුණේ තමන් මීට වසර ගණනාවකට ඉහතදී බෙල් මහතා සමඟ සීගිරි පර්වතයේ මුල්ම පුරාවිiා කැණීම් කටයුතුවලට සම්බන්ධ වූ බවයි.

‘සීගිරි ගලේ කැණීම් කටයුතු කරමින් සිටි අපට එහි තිබූ රහස් උමගක් හමුවුණා. ඒ වෙලාවේ බෙල් මහත්තයා අපිත් එක්ක ඒ උමගට ඇතුල් වෙලා පරීක්‍ෂා කරමින් ඉදිරියට ගමන් කළා. උමගේ තැනින් තැන කුටි ඉදිකර තිබුණා. උමග තුළ ගමන් කරන කෙනකුට විඩාව නිවා ගන්නට හැකි අයුරින් ඒවා හදලා තිබුණු බව අපටත් තේරුම් ගියා. ඒ කුටි ඇතුළෙ වටිනා කියන දේත් තිබුණා. බෙල් මහත්තයා ඒ සියල්ල පිටතට රැගෙන ඇවිත් අපට කිව්වා, උමගෙ දොරටුව කොන්ක්‍රීට් දමා වසා දාන්න කියලා. ඒ වැඬේට අපේ පිරිසක් සම්බන්ධ වුණා. අපේ රාජකාරිය තමයි බෙල් මහත්තයා කියන දේ කිරීම. ඉතින් අපි ඒ වැඬේ කියපු විදියට කළා. ඒත් ඊට කාලයකට පස්සෙ ඒ වැඬේට සම්බන්ධ වෙච්ච හැමෝටම යහපතක් නම් වුණේ නැහැ. එක දවසක් උදේ ඇහැරිලා බලද්දි මගේ හොඳට තිබුණු ඇස් අන්ධවෙලා තිබුණා. මං හිතන්නෙ උමග වසා දමපු එකේ ශාපය තමයි අපිට වැදුණේ.’

මේ කතාව අනුව සීගිරිය පර්වතය මැදින් රහස් උමං මාර්ගයක් තිබූ බවක් තමයි හෙළිවන්නේ. මෙහි සත්‍ය, අසත්‍යතාව කල්පනාකාරීව සොයා බැලිය යුතු වුවද එවැනි රහස් උමගක් තිබුණාය කියන කාරණය විශ්වාස කරන්නට හේතු සාධකද බොහෝමයක් හමුවේ. අද වන විට සීගිරි පර්වතය තරණය කරන්නට ඇති පඩි සහිත මාර්ගය එක්තරා ආකාරයකට යම් වෙහෙසක් දරා දහදිය වගුරමින් ගමන් කළ යුතු මාර්ගයකි. රජ කෙනකු මේ තරම් ආයාසයකින් අනාරක්‍ෂිතව මෙම පඩි සහිත මාර්ගයේ ගමන් කරාවිද යන්න සැක සහිතය. එසේම පහළ උiානයේ දිය කෙළියට පැමිණෙන රජු යළිත් දහදිය දමාගෙන අව් රශ්මිය විඳිමින් පඩි නැග්ගා යැයි අනුමාන කරන්නටද හැකියාවක් නැත. එසේ නම් මෙයට වඩා පහසු ක්‍රමයකින් රජු සීගිරි පර්වතය තරණය කළ යුතුය. එහිදී අනෙක් මතය වන්නේ ගල මතු පිටින් ඉහළ පහළ යා හැකි කර්කටක යන්ත්‍රයක් පැවැතියාය යන මතයයි. එවැනි යන්ත්‍රයක් ඉහළ පහළ ගමන් කළා යැයි හඳුනාගත හැකි සලකුණු සීගිරි පර්වතයේ එක් පසෙක දක්නට ලැබුණද රජු එහි නැඟී ගමන් කළාද, එසේත් නැතිනම් භාණ්ඩ ඉහළ පහළ හුවමාරු කිරීම සඳහා පමණක් කර්කටක යන්ත්‍රය භාවිත කළාද යන්නත් විවිධ මතවාද පවතී.

ඇත්තටම මොකද්ද මේ රහස් උමගේ කතාව? අපිත් මේ සම්බන්ධයෙන් සොයන්නට යම් වෙහෙසක් ගත්තා. ඒ වෙනුවෙන් සීගිරියට ගිය අපිට විවිධ පුද්ගලයන් මේ සම්බන්ධව දරන අදහස් සහ ඔවුන් අසා දැක තිබූ කරුණු කාරණාද දැනගන්නට ලැබුණා.

ඔහොම කතාවක් අපිත් අහලා තියෙනවා. ඒ කාලේ අපේ අත්තා ජීවත් වෙලා ඉද්දි නිතරම සීගිරි ගලේ උමගක් ගැන කතා කියලා තියෙනවා. හැබැයි ඒක පස්සෙ එතැන තිබුණෙ නැහැ කියලත් කියනවා. ඒක අද්භූත බලයකින් විවරවන, ආයෙත් වැහිලා යන අමුතු උමගක් කියලයි ඒ දවස්වල අපි හිතුවේ. හැබැයි අපි සීගිරියට යද්දි නම් එහෙම එකක් දකින්න ලැබුණෙ නැහැ. ඔය කතාව අපට පැවැසුවේ සීගිරියට සමීප ගම්මානයක පදිංචි පුද්ගලයෙක්. සීගිරියට යන අතරමග ස්ථානයකදී ඇති වූ සාකච්ඡාවකදී අපට එසේ පැවසූ එම පුද්ගලයා පරම්පරා කිහිපයක් එම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි දැනගන්නට ලැබුණේ.

ඔය අතරේ සීගිරියට අයත් භූමියට ඇතුළු වූ පසු විවිධ වූ අත්දැකීම්වලට මුහුණ දුන් පුද්ගලයන්ද අපට හමුවුණා. එවැනි අත්දැකීමක් විඳි පුද්ගලයකු අප සමඟ පැවැසුවේ මෙවැන්නක්.

සීගිරිය කියන්නේ අපි දන්න කියන සාමාන්‍ය රාජධානිය නෙවෙයි. ඔතැන මහා බලගතු තැනක්. ඔතැනට රාවණ රජ්ජුරුවන්ගෙ ඇල්ම, බැල්ම තියෙනවා. රාවණ රජ්ජුරුවො ඔතැන කාලාන්තරයක් ඉඳලා තියෙනවා. අනෙක් එක තමයි තාත්තා මරලා සහෝදරයට බයේ හැංගිච්ච මහමාල රජෙකුට ඔය වගේ සංකීර්ණ නිර්මාණයක් කරන්න පුළුවන්ද කියලා කාට වුණත් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා සීගිරිය කියන්නෙ රාවණ රජ්ජුරුවන්ගෙ නිර්මාණයක් කියල හිතන්න පුළුවන්. අදට වුණත් ඔය සීගිරි රාජධානි භූමියට ගියාම හිටි හැටියේ සමහර තැන්වලදී විශාල පර්වතය නොපෙනී යනවා. මේවා මේ නිකන්ම වෙන දේවල් නෙවෙයි. මහා බලයක් තිබුණු අපේ රාවණ රජ්ජුරුවෝ ඒවා ඒ විදියට තමයි හදන්න ඇත්තෙ.’

මෙවැනි විවිධාකාර ජනප්‍රවාද, මතවාද සීගිරිය සම්බන්ධයෙන් ඇහෙනවා, කියැවෙනවා. මේ බොහෝ කරුණු කාරණා ජනප්‍රවාද ඇසුරු කොටගෙන පැවැත එනවා මිස ඒ සම්බන්ධව ඇසින් දුටු අයකු හෝ සම්බන්ධව ලිඛිත සාක්‍ෂි හමු වී නැහැ. එහෙත් මේවා අසත්‍ය හෝ හරයකින් තොර යැයි කියා ඉවත දැමීමට කිසිදු සාධාරණ හැකියාවක්ද නැහැ. මන්ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අප කතා කරන සීමාවෙන් ඈතටද විහිද යන්නක් බවට මේ වන විට හෙළිවෙමින් පවතින අතර, එය රාවණ රජ සමයක් දක්වා ඈතට දිවෙන ජනප්‍රවාදයන් සමඟින් එකිනෙක ගැටගැසෙමින් පවතී. එහෙයින් මේ කරුණු කාරණා බොරු යැයි කියා තර්ක කිරීමේ හැකියාව කිසිවකුටත් නොලැබෙනු ඇත.

කෙසේ නමුත් සීගිරියේ රහස් උමග ගැන හෙළි කළ ඇස් අන්ධ සීයාත් ඒ හා සම්බන්ධ ජනප්‍රවාදත් පවසන අන්දමට සීගිරි පර්වතය අභ්‍යන්තරයේ රහස් උමං මාර්ගයක් තිබුණා නම් එය කාශ්‍යප රජුගේ නිර්මාණයක් යැයි පැවසීම ගැටලුසහගතය. එසේ නම් එහි අයිතිය මහ බල රාවණ රජු සමය දක්වා අතීතයට ගමන් කරන බවද රහසක් නොවේ.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

ග්‍රහයො පිට පටවන පිරිමින්ගේ වැරදි

Next Post

පතනා බෝධියක නිවන් දකින්නෙ කොහොමද

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.