ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE මේ වසරේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය නිමිත්තෙන් විනෝදය සපිරි සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා රැසකින් සමන්විත ඩිජිටල් අවුරුදු ක්‍ර්‍රීඩා පෙළක් හඳුන්වා දෙන ලදී. සමාගමේ නවතම වැඩසටහන වන මෙය ශ්‍රී ලාංකිකයින්ට තම නිවෙස්වල සුරක්ෂිතව සිටියදීම තම ආදරණීයයන් සමඟ අවුරුදු සමය සතුටින් ගත කිරීමට අවස්ථාව ලබා දීම සඳහා වන සමාගමේ සාමූහික උත්සාහයේ ප්‍රතිඵලයකි.
HNB FINANCEහි ‘අපේ ගෙදර අවුරුදු’ ඩිජිටල් ක්‍රීඩා තුළින් සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා රැසක් ඉදිරිපත් කරන ලද අතර එහිදී සියලුම ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ නිවෙස්වල පහසුවෙන් හිඳිමින් ඒවාට සහභාගි වී තරග කළ හැකි විය. කොට්ට පොර, කණාමුට්ටිය බිඳීම, ලිස්සන ගහ, අලියට ඇහැ තැබීම මෙන්ම අවුරුදු රස පාන් ටි්‍රවියා ආදා තරග රාශියකින් මෙය සමන්විත විය. තවද, මෙම ඩිජිටල් අවුරුදු ක්‍රීඩා පරිශීලකයින්ට දිනුම් ඇදීමක් සඳහා ලියාපදිංචි වීමට අවස්ථාවක් ද ලබා දෙන ලදි.
HNB FINANCEහි ‘අපේ ගෙදර අවුරුදු’ ඩිජිටල් වැඩසටහන සමග මැයි මස පළමු සතිය දක්වා අන්තර්ජාලය ඔස්සේ පාරිභෝගිකයින්ට එක්ව ක්‍රීඩා කිරීමට අවකාශ සලසා දී තිබුණු අතර තරගවලින් ජයග්‍රහණ ලැබූවන් සඳහා ආකර්ෂණීය ත්‍යාග පිරිනැමීමටද HNB FINANCE සමාගම පියවර ගන්නා ලදී.











