කොරෝනා ව්‍යාප්තිය මධ්‍යයේ වුව මහමැතිවරණය පවත්වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සදහා හදිසි පෙරහුරු මැතිවරණයක් ලබන සතියේ පැවැත්වීමට සෞඛ්‍ය අංශ සැලසුම් කර ඇත.
මැතිවරණ කොමිසමේ සියලුම සාමාජිකයන් ඇතුළු පාර්ශ්ව රැසක් මෙම මැතිවරණ ක්‍රියාදාමයට සම්බන්ධ වීමට නියමිත බව දැනගන්නට තිබේ.
මෙහිදී ජන්ද පොළක් සකස් කළ යුතු ආකාරය, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ජනතාව ජන්ද පොළ වෙත පැමිණිය යුතු ආකාරය, ජන්දය භාවිත කළ යුතු ආකාරය, දුරස්ථභාවය පවත්වා ගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් සියලුම පාර්ශ්ව දැනුවත් කිරීමට නියමිතය.
මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීමට හැකි පරිදි රට සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාද පසුගිය සතියේ ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා වෙත ලිපියක් යොමු කරමින් දැනුවත් කර තිබිණ.
දකුණු කොරියාවේ මහමැතිවරණය කොරෝනා ව්‍යාප්තිය මැද මුන් ජේ ඉන් ජනාධිපතිවරයා පැවැත්වූයේ මෙසේය.












