උගන්ඩාවේ ජනාධිපති Yoweri Kaguta Museveni මහතා ශ්‍රී ලංකාවේ අභිනවයෙන් තේරී පත් වූ 9 වැනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි. උගන්ඩා ජනාධිපතිවරයා සිය පණිවිඩයෙන් ජනාධිපති දිසානායක මහතාගේ නායකත්වය සහ ජාතිය ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාව ඔහු කෙරෙහි තබා ඇති විශ්වාසය අගය කළේය. (Sri Lanka Latest News)
අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීතාවයේ පදනම මත ගොඩනැගුණු උගන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සහ මිත්‍රශීලී සබඳතා ඔහු අවධාරණය කළේය. ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට සහ වෙළඳාම, ආයෝජන සහ තිරසාර සංවර්ධනය ඇතුළු හවුල් උනන්දුවක් ඇති ක්ෂේත්‍රවල සහයෝගීතාවය සඳහා නව අවස්ථා ගවේෂණය කිරීමට උගන්ඩා ජනාධිපතිවරයා සිය කැපවීම ප්‍රකාශ කළේය.
දිසානායක මහතා ජනාධිපති ධූරයේ කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන අතර ශ්‍රී ලංකාවාසී ජනතාවගේ සාමය සහ සෞභාග්‍යය අඛණ්ඩව පැවතීමට එතුමාගේ සුභාශිංසන පළ කළේය.











