• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මාධ්‍ය සංදර්ශන තියනවාද-රට අරින්නේ වැරදි වෙලාවෙද-විශ්‍රාම ගිහින් දේශපාලනයට එනවාද: චෝදනාවලට ජාසිංහ උත්තර දෙයි

May 18, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
මාධ්‍ය සංදර්ශන තියනවාද-රට අරින්නේ වැරදි වෙලාවෙද-විශ්‍රාම ගිහින් දේශපාලනයට එනවාද: චෝදනාවලට ජාසිංහ උත්තර දෙයි
Share on WhatsAppShare on Facebook

කොවිඞ් 19 වසංගත තත්ත්වයත් සමඟ මෙරට ජන සමාජය තුළ විශාල වශයෙන් කතාබහට ලක්වන සහ කුඩා දරුවන්ගේ සිට මෙරට සියලුම ජනතාව අතර පිළිගැනීමටත්, ජනප්‍රියත්වයට පත්වූ ඒ වගේම මේ මොහොතේ කවුරු කියන දේ නොපිළිගත්තත් මේ අය කියන දේ පිළිගත යුතු යැයි කියා ජනතාව අතර විශ්වාසයක් ගොඩනැඟුණු සුවිශේෂී පුද්ගලයන් පිරිසක් සිටිනවා. ඒ අතරින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට හිමවන්නේ සුවිශේෂී තැනක්. ඉතින් ඇඳිරි නීතිය ලිහිල්කොට රට යම් තරමකට විවෘත කරන මොහොතක කොවිඞ් 19 හමුවේ ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු ගැනත් මේ තත්ත්වයට රට මුහුණදෙන ආකාරය ගැන ‘Truth with Chamuditha’ යූටියුබ් නාළිකාව සමඟ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සාකච්ඡාවක් කර තිබුණා.
කොහොමද ඔබතුමාට ගතවෙච්ච කාලය වෙහෙසයිද?
සමහර වෙලාවට වෙහෙසයි. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්.
සමහර දිනවලදී රූපවාහිනී වැඩසටහන්වලදි අපි දකිනවා වෙහෙසකර බවක්. ඇතැම් දිනවල රාත්‍රියට නිදාගත්තාම අවදි වෙන්න වෙලාවක් නැතුව ඇති නේද?
ඔව්. එහෙම දින තියෙනවා. ඒක ඉතින් පුරුදු වුණාම ගැටලුවක් නැහැ. මේක ඉතින් ජොබ් එකනේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තමයි මේ වගේ අවස්ථාවක නිසි බලධාරියා වෙන්නේ. ඔහුට තමයි පනත තුළ බලය ලැබෙන්නේ. නිසි බලධාරියා විදියට ආපසු හැරිලා බලද්දි ඔබ සාර්ථකද කොවිඞ් 19 පාලනය සම්බන්ධව?
මං හිතන්නෙ අපි රටක් වශයෙන් ගොඩක් සාර්ථකයි. නැත්නම් මේ තත්ත්වයට පත්වෙන්න බැහැ. ඇත්ත වශයෙන්ම එහිදී මම නිසි බලධාරියා. ඒ නිසි බලධාරියාට හිමි බලය තමයි අනෙක් අයට බෙදලා දීලා මේ සම්පූර්ණ කටයුත්ත කළේ.
නිසි බලධාරියා විදිහට සාර්ථකත්වයත් අසාර්ථකත්වයත් මේ දෙකම ඔබ සතුයි. ඉතින් කොයි හෝ යම් තැනක අපිට වැරැදීමක් වෙලා තියෙනවා කියලා හිතනවද?
වැරැදීම් වුණ අවස්ථා කිහිපයක් තිබෙනවා. නැත්තේම නෑ. ඕව එක්වරම අහද්දි මට ඒ වැරැදීම් වුණ හැම තැනක්ම මතක් වෙන්නෙ නැහැ. නමුත් එක තැනක් උදාහරණයක් විදිහට කියන්න පුළුවන්. නාවික හමුදාවේ සිද්ධිය. අපි මේ ප්‍රශ්නය පාලනය කරගෙන ගිහින් යම් තැනකට එනකොට ඒ කියන්නෙ ජය කණුව කියන්න බැහැ. මොකද ජය කණුවෙන් එහාටත් අපට මේ සටන තියෙනවා. එහෙම තියෙද්දි අපිට මේ ප්‍රශ්නය පාත් වෙනවා. ඒක යම්කිසි අත්වැරැදීමක්. ඒ නොවෙන්නට අපි මේ වන විට යම් හොඳ තැනක ඉන්න තිබුණා. අනෙක් අතට තාක්ෂණික ප්‍රශ්න එනවා. උදාහරණයක් විදියට ඔය ලැබ් පරීක්ෂණ පිළිබඳ ප්‍රශ්නයට අපිට මුහුණ දෙන්න වෙනවා. ඔය පිළිබඳව එක එක අය විවිධ කතා කියනවා. මේ කොවිඞ් 19 පරද්දනකොට විවිධ කටුක දේවල්වලට මුහුණ දෙමින් යන්න වෙනවා.
අපි මේ රට විවෘත කරන්නේ විවෘත කළ යුතු සුදුසුම මොහොතෙද?
නාවික හමුදාවේ ගැටලුව තිබුණෙ නැතිනම් රට මීට පෙර විවෘත කරලා. නමුත් විවෘත කරනවා කියන්නෙ වක්කඩ කැඩුවා වගේ අරින එකක් නෙවෙයි. අපි මේ ගැන ජනතාවට පැහැදිලි කරලා දීලා තියෙනවා ඇති වෙන්න. ඉතින් මේක කලින් කරන්න තිබ්බ දෙයක්. පොඞ්ඩක් පහුවෙලා මේ කරන්නේ.
තාම අනතුර සම්පූර්ණයෙන් පහව ගිහිල්ලා නැහැ?
මේ තියෙන තත්ත්වය යටතේ රෝගීන් බින්දුවට පත්වෙනවා කියන එක ලේසි නැති දෙයක්. හැබැයි ලෝකයේ එහෙම වෙලත් නැහැ. අනිත් එක අපි දන්නවා අපි මේක යම්කිසි පාලනයකට ගත්තා. ඒ පාලනය ගත්තාට පස්සෙ සමහර වෙලාවට තව ටිකක් කල් යනකොට ආයෙත් ටිකක් වැඩිවෙන්න පුළුවන්. එතකොට හැබැයි ඒ වැඩිවෙන එකට ඉබාගාතේ යන්න දුන්නොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ.
එවැනි අවස්ථාවකට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂණිකව මුහුණ දෙන්න සූදානම්ද?
ඔව් අනිවාර්යෙන්ම. මෙවැනි බැරෑරුම් අවස්ථාවකට අපි මුහුණ දුන්නානම් අපිට මොකද බැරිවෙන්නෙ. දැන් මේක හඳුනාගෙන ඉවරයි. වෙන්නෙ කොහොමද? යන්නේ කොහොමද? මොකක්ද ප්‍රශ්නෙ කියලා අපි හොඳට ඉගෙනගෙන ඉන්න අවස්ථාවක අපිට බැරිවෙන්නෙ නෑනේ.
මුල ඉඳලාම බොහෝ දෙනෙක් කිව්වා PCR පරීක්ෂණ වැඩි කරන්න කියලා. නමුත් ඒක සිදුවුණේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා?
දැන් තමයි තිස්දාහකට පැමිණියේ. නමුත් අපි දන්නවා මේක පටන් ගත්තේ එම්.ආර්.අයි. ලැබ් එකෙන්. නමුත් එම්.ආර්.අයි. පටන් ගන්නකොට ආසියාවෙන්ම මේ පහසුකම තිබුණේ ඉන්දියාවේ පූනේ සහ කොළඹ එම්.ආර්.අයි. එකේ පමණයි. අපි මුල් අවස්ථාවල කළේ පරීක්ෂණ දහය පහළොව. දහය විස්ස ඒ වගේ. නමුත් අනුක්‍රමිකව අපි මේක වැඩි කළා.
චෝදනා කරපු අය කියපු කාලේ PCR පරීක්ෂණ වැඩිකර ගන්න හැකිවුණා නම් අපේ රෝගීන් මීට වඩා අඩුකරගන්න තිබුණාද?
නැහැ. ඒක එහෙම වෙන්නෙ නෑ. මොකද මේ රෝගීනුත් වැඩිවුණේ අනුක්‍රමිකව. මේ රෝගීන් එතකොට වැඩිවෙලා තිබුණෙ නැහැ. ක්‍රම ක්‍රමයෙන් තමයි වැඩිවුණේ. ඒක දිහා බලාගෙන තමයි අපි වැඩ කළේ.
පසුගිය දවසක පුවත්පත් සාකච්ඡාවකින් කිව්වා පෞද්ගලික අංශයෙන් කරන පරීක්ෂණවල විශ්වාසනියත්වය අඩුයි කියල. උදේ පොසිටිව් වෙනවා හවස නෙගටිව් වෙනවායි කියලා. මොකක්ද මේකෙ තත්ත්වය?
පෞද්ගලික අංශයටත් වඩා ඔය කිව්වේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නොවන වෙනත් පරීක්ෂණ ගැන. ඒක එහෙම කියන්න බැහැ. ඕක තමයි මං කිව්වේ තාක්ෂණික ගැටලු කියලා. අපි මේ හැම ලැබ් එකම වැලිඬේට් කරන තත්ත්වයට පත්වෙනවා. අපි ඒ ඒ ලැබ් අභ්‍යන්තරව වැලිඬේට් කරන එක ඊට පස්සෙ අපි ජාත්‍යන්තරව ප්‍රකට ලැබ් සමඟ එක එක ලැබ් වැලිඬේට් කිරීම සහ පසුව තුන්වන පියවර විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ වැලිඬේට් කිරීම. අපේ පළමුවැනි වැලිඬේට් වුණ ලැබ් එක තමයි PCR ලැබ් එක.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මා සමඟම පැවැති සාකච්ඡාවකදී කිව්වා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළෙ කිසියම් මාෆියාවක් ක්‍රියාත්මකයි කියලා. ඒ මාෆියාව තුළ ඔවුන් මේ ඡක්‍ඍ කරන්න දෙන්නෙ නැහැ. සමහර වෙලාවල්වලට මේ වාර්තා දෙන්නෙ නෑ. සමහර අය මේවා කඩාකප්පල් කරනවාය කියලා. එහෙම තත්ත්වයක් තියෙනවද අමාත්‍යාංශ ඇතුළෙ?
මෙහෙමයි. මම දන්නෙ නැහැ ඔවුන් එහෙම කිව්වද කියලා. හැබැයි ඉතින් මාෆියා කියන වචනෙ කොහෙද පාවිච්චි වෙන්නෙ නැත්තෙ. මං හිතන්නේ මාෆියා නැති තැන්වල වැඩියෙන් පාවිච්චි වෙනව තියෙන තැන්වලට වැඩිය. මෙහෙමයි ඕවවල වෙනසක් තියෙන්න පුළුවන්නෙ. හැමෝම එක මතයෙ ඉන්නවා නම් අපිට දෙයක් කරන්න බැහැනේ.
ඔවුන් කිව්වා මුලින් ගණන් ගත්තෙ නැහැ. පස්සෙ තමයි එකඟතාවලට ආවේ. එතකොට රට ආපස්සට ගිහිල්ල කියලා?
හැම මතයක්ම සැලකිල්ලට ගන්නවා සැලකිල්ලට ගන්න ඕන අවස්ථාවේ. ඒ නිසා තමයි මං කිව්වේ අනුක්‍රමික වශයෙන් වෙලා කියලා. අපි අනුක්‍රමික වශයෙන් රෝහල්වල සූදානම වැඩි කළා. එහෙම තමයි යම්කිසි මුහුකුරා ගිය පද්ධතියක් කටයුතු කරන්නේ. අපි ඔක්කොම කෑම ටික වගේ මේසෙට බෙදන්නෙ නැහැ. එහෙම අවශ්‍යතාවක් නැහැ. අපිට තව මේක වැඩි කරන්න ඕන නම් තව වැඩිකරන්න පුළුවන්.
සමහර වෙලාවට සමහර පුවත්පත් සාකච්ඡාවලදී චෝදනා එල්ල වුණා මාධ්‍ය පිළිබඳව. ඒ කියන්නේ මාධ්‍ය සංදර්ශනයක් පවත්වනවා කියන කාරණාව ගැන මොකද මාධ්‍ය සංදර්ශනයක් පැවැත්තුවද?
අපි කළේ මොකක්ද? උදේට ජනතාවට තොරතුරු ලබා දුන්නා. පස්සෙ හවසට තොරතුරු ලබා දුන්නා. එතකොට මං හිතන්නේ ඒ තොරතුරු ඔස්සේ තමයි මිනිස්සු සන්නද්ධ වුණේ. ඒ විදියට කටයුතු කළේ. ඉතින් සංදර්ශන පවත්වන්නේ විනෝදෙට. මේක පවත්වන්නෙ විනෝදෙට නොවෙයි.
මේ චෝදනා එන විට ඔබ මේ දෙස බලා සිටියේ කොහොමද?
ඒක එහෙම එච්චර ලොකුවට දැනෙන්නෑ. මොකද උදාහරණයක් විදිහට මට නම් වැඩට බැස්සාම වැඩ කරනකොට ඔය හුඟාක් දේවල් මම දන්නෙත් නැහැ. වටේ පිටේ තියෙන දේවල් ගැන අවධානය යොමු කරන්න ගිය මිනිස්සු ඉතිහාසයේත් අසාර්ථක වෙලා තියෙනවා.
අනිල් ජාසිංහ කියන්නේ තමන්ගෙ පෞද්ගලික දක්ෂතා ගැන විශ්වාස කරන පුද්ගලයෙක් විනා දේශපාලනයට කඬේ යන පුද්ගලයෙක් නෙවෙයිද?
නෑ. කිසිසේත්ම නෑ.
තමන්ගෙ තනතුරක් ලබා ගැනීම සඳහාවත් කිසිම ආකාරයක දේශපාලනික බලය හෝ දේශපාලනික උපාය උපක්‍රමයන් භාවිතා කරන්නෙ නැහැ?
නැහැ. කිසිසේත්ම නැහැ. රටට මාව අවශ්‍ය නම් ඒ අවශ්‍ය විට මාව යොදවා ගනීවි. ඒක තීරණය කරනු ලබන්නන් විසින් තීරණය කරන දෙයක්. මං කරන්නේ මගේ රාජකාරිය.
රට විවෘත කරලා මොහොතකට ගෙදර ඇවිල්ලා දරුවෙක් සමඟ හොඳ හුස්මක් අරන් ඉන්න විට මොකද හිතෙන්නේ. සාර්ථක මිනිහෙක් කියලා හිතෙනවද?
අනිවාර්යෙන්. යුද්ධයෙ වැඩි කොටස අපි හරියට කළා. සුනාමියේ ලොකු වැඩ කොටසක් අපි කරලා මේ අවස්ථාවේ අපි ඊටත් වඩා තීරණාත්මක රටේ නිසි බලධාරියා විදිහට වැඩ කළා.
අපි මේ කොරෝනා කියන නමවත් අහලා තිබුණේ නැහැ. ඉතින් මේ විෂය සම්බන්ධව ඔබ සාර්ථක මිනිසෙක් කියලා හිතනවද. මේ සඳහා දියයුතු හොඳම දෙය රට වෙනුවෙන් දුන්නා කියලා හිතනවද?
ඔව්. මේකට අපේ රටේ විස්තර නෙමේ ජාත්‍යන්තරයේ පිළිගැනීමක් තියෙනවා. ඉතින් අර්බුදයකින් ජාත්‍යන්තර පිළිගැනීමක් ගන්න පුළුවන් නම් වෙනත් මලල ක්‍රීඩාවෙන් එවැනි තරගයකින් ගන්නවට වඩා වටිනාකම වැඩියි. අර්බුදයකින් ජයග්‍රහණය කිරීම සතුටට කරුණක්. හැබැයි මේක ඉවර නැහැ. මේ සටන අවසන් වෙලා නැහැ.
නිසි බලධාරියා විදිහට ඇඳිරි නීතිය ඉවත් කිරීම පිළිබඳව ඔබ ඔබේ අනුමැතිය දුන්නාද?
අනිවාර්යෙන්.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෙසු අය මීට එකඟද?
ඔව්. ඒ සියල්ල එකඟ බව තමයි මට පෙනී යන්නේ.
කිසි අයුරකින් විරුද්ධත්වයක් ප්‍රකාශ වෙලා නැහැ?
නැහැ. එහෙම මේ විදියට විවෘත කරන්න එපා කියලා මට කිසිම අංශයකින් එහෙම ලිඛිතව කිසි කෙනෙක් දැනුම් දීලා නැහැ.
මේ කටයුත්ත ඇතුළේ කලකිරුණු තැන් තිබුණාද ඔබට?
මං හිතන්නේ ඉතාම ස්වල්ප වශයෙන්.
ඔබ කලකිරුණු තැන් මොනවද?
කලකිරුණා කියලා ඒක අපි මහ විශාලෙට අරන් නැහැ. පොදු අරමුණට යනකොට ඒ පොදු අරමුණට යන්න ඕන. සමහර විදියට ඒකෙන් පොඞ්ඩක් පිටට යනකොට සමහර වෙලාවට දුක හිතෙනවා.
මං නැවැතත් අහනවා ඇත්තටම ආපසු හැරී බලන විට කොවිඞ් 19 මර්දනය පිළිබඳව ඔබ තෘප්තිමත්ද?
මේ දක්වා ගත්තාම අපි කොවිඞ් 19 මර්දනය පිළිබඳව අපි තෘප්තිමත්. හැබැයි මෙතනින් එහාට වෙන දේ ගැනත් අපි තෘප්තිමත් විය යුතුයි. ඒ සඳහා අපිට රාජකාරියක් තියෙනවා. ජනතාවට රාජකාරියක් තියෙනවා.රජයේ අංශවලට රාජකාරියක් තියෙනවා. පෞද්ගලික අංශයට රාජකාරියක් තියෙනවා. මේ ඔක්කොම එකතු වුණොත් තමයි ඉතුරු ටිකත් අපිට තෘප්තිමත් වෙන්න පුළුවන්.
මැතිවරණ කොමසාරිස්තුමා සමඟ කතා කරනකොට මට ඔහු කිව්වා සෞඛ්‍ය අංශ කියන්නම අවශ්‍යයි. මැතිවරණයක් තියන්නට සුදුසුද නැද්ද කියන කාරණාව ගැන කියල. ඉදිරි කාලයේ එහෙම සුදුසු තත්ත්වයක් පේන්න තියෙනවද?
එතුමා තීරණය කළාම මැතිවරණයක් තියෙනවා කියලා අපි මේ සඳහා අවශ්‍ය නිර්දේශ දෙනවා. දැනටමත් අපි නිර්දේශ සකස් කරමිනුයි ඉන්නේ.
අනිල් ජාසිංහ දැන් රටේ ප්‍රකට චරිතයක්. පුංචි දරුවාගේ ඉඳලා හැම කෙනෙක්ම දන්නවා. විශ්‍රාම ගියාම දේශපාලනයට එන්න වගේ බලාපොරොත්තුවක් තියෙනවද?
මගේ එහෙම අදහසක් තිබිලා නැහැ. දේශපාලනය දන්නවා ටිකක්. දේශපාලන පවුල්වලින් පැවත එනවා. නමුත් මගේ හැමදාම තිබුණේ වෘත්තීයභාවය. ඒ වෘත්තීයභාවය ඔස්සේ මිනිසුන්ට යමක් කරන එක.
ලංකාවේ දේශපාලනය එපා වෙලාද?
දේශපාලනයේ නිරත වෙලා ඉන්න අය දේශපාලනය කරනවා. ලංකාවේ දේශපාලනයේ හැටි අපි දන්නවනෙ නේද? දැන් මම දන්න දේ කරගෙන ඉන්න එක හොඳයි නේද.
දැන් ඔය ධුරය දරලා ඇතිවෙලා. එහෙම නෑනේ නේද?
මෙහෙමයි. ඉතින් වෙන මොනවද මම කරන්නේ.
සමහරුන්ට හිතෙනවා කාලයක් ගියාම දැන් මම විශ්‍රාම යන්න ඕන කියලා. ඔබට එහෙම හිතිලා තියෙනවද?
නෑ. මට එහෙම හිතිලා නැහැ. අපිට තියෙනවනේ විශ්‍රාම යන වයසක්. ඒ විශ්‍රාම යන වයස ගියාට පස්සෙත් එල්ලි එල්ලි තව මට වැඩ කරන්න දෙන්න කියන්න නම් මම හිතන්නෙ නැහැ.
මොකක්ද විශ්‍රාම ගිහිල්ලා කරන්න බලාපොරොත්තුව?
විශ්‍රාම ගිහිල්ලා ඉතින් විශ්‍රාම සුවය තමයි.
විශ්‍රාම ගියපු සමහර අය තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්නවා මං දන්නවා?
ඔව්. මං වඩා කැමතියි විශ්‍රාම සුවයට. එහෙම නැත්නම් සාමාන්‍ය බරපතළ විදියට වගකීමක් නැති ටිකක් තමන් කැමැති දෙයක් කරගෙන ඉන්න.

SendShareShare
Previous Post

රට හදන හැටි: මේ සතියේ කබ්රාල්…

Next Post

ජනාධිපති ගෝඨාභය අමෙරිකාව අතහරියි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.