• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ජනාධිපති ගෝඨාභය අමෙරිකාව අතහරියි

May 18, 2020
in News, Politics
Reading Time: 6 mins read
A A
ජනාධිපති ගෝඨාභය අමෙරිකාව අතහරියි
Share on WhatsAppShare on Facebook

“ඇමෙරිකාව ගෝඨාභය අත්හරී…”
මේ පසුගිය 8 වැනිදා අපේ රටේ සියලුම මාධ්‍ය විශේෂ පුවතක් ලෙස වාර්තා කර තිබූ පුවතය. එම පුවතින් කියැවුණේ ඇමෙරිකානු එක්සත් ජනපදයේ ද්විත්ව පුරවැසිභාවය අත්හල පුද්ගලයන්ගේ නාම ලැයිස්තුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමද පවතින බවකි. 2020 ජනවාරි 01 වැනිදා සිට මාර්තු 30 වැනිදා දක්වා වූ කාලය තුළ ඇමෙරිකානු පුරවැසිභාවය අත්හල පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව එහි සටහන්ව තිබිණ.
කෙසේ වෙතත් මේ පුවතට පළමු ප්‍රතිචාරය දක්වා තිබුණේ වෙන කවුරුවත් නොව හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාය. මාර්තු 09 වැනි දිනම සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මංගල කියා සිටියේ “ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසියකු වශයෙන් සිටියදී ජනාධිපති ධුරයට පත්ව ඇති බවත්, ඒ හරහා හෙතෙම ව්‍යවස්ථාව උල්ලංඝනය කොට ඇති බවත්ය.
“එහෙනම් මංගල කියන විදියට ගෝඨාභය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලාද?”
“ගෝඨාභය ජනාධිපති ධුරයට පත්වෙද්දී ඇමෙරිකානු පුරවැසියෙක්ද?”
“ජනාධිපතිවරණ කාලයේදී ගෝඨාගේ පුරවැසිභාවය අහෝසි කරපු ලේඛනය මෙන්න කියලා පොහොට්ටුවෙ කට්ටිය පෙන්වපු ලේඛනය බොරුවක්ද?”
මේ ගැන හොයලා බලන්න නම් ටිකක් අතීතය හාරා අවුස්සන්න වුවමනාය.

හරියටම කියනවා නම් 2019 ජනාධිපතිවරණයට ගෝඨා ලෑස්ති වූ ආකාරය පිළිබඳ සොයා බලන්න වුවමනාය.
ගෝඨාභය 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට සැලැසුම් සකස් කළේ වසර ගණනාවකට පෙරාතුව සිටමය. 2015 යහපාලන ආණ්ඩුව ආ හැටියේම 19 වැනි සංශෝධනය ගෙනැවිත් රාජපක්ෂ පවුලේ සියල්ලන්ටම එකවර බැරියර් දැම්මේ යළිත් මේ කපේට ලංකාවේ රජ පුටුව රාජපක්ෂවරුන්ගෙන් ඉවත් කරන්නටත්, රාජපක්ෂවරුන්ව දේශපාලනයෙන් අතුගා දමන්නටත්ය. වාර දෙකකට වඩා ජනාධිපති ධුරයේ කටයුතු කළ නොහැකි බවට සීමා පනවා තිබීම නිසා රාජපක්ෂවරුන්ගේ ජනප්‍රියම දේශපාලන තරුව වූ මහින්දට ජනාධිපති ධුරයට තරග කිරීමේ ඉඩකඩ අහුරා තිබිණි. එමෙන්ම ද්විත්ව පුරවැසියන්ට ජනාධිපතිවරණයට, මහ මැතිවරණයට තරග වැදීමද අහෝසි කර තිබූ බැවින් ගෝඨාභයට සහ බැසිල්ටද ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ ඉඩකඩ අහුරා තිබිණි.
මේ නිසාම ගෝඨාභය කළේ 2019 අප්‍රේල් මාසයේ හදිසියේම ඇමෙරිකාවේ සංචාරයක නිරතව ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගැනීමය. එනම් එම සංචාරයේදී එරට පුරවැසිභාවය අවසන් කිරීම සඳහා වූ සියලු නිල ලේඛන බාරදීමට ගෝඨා කටයුතු කර තිබිණි. ඉන් අනතුරුව අවුරුදු නිවාඩුවෙන් පසු ලංකාවට පැමිණි ගෝඨා මෙරට කටයුතු ආරම්භ කරමින් සිය නිල ඉල්ලුම් පත්‍රය මෙරට පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත භාරදීමට පියවර ගත්තේය. එහිදී තමන් සතු ඇමෙරිකානු ගුවන් ගමන් බලපත්‍රය පවා තානාපති කාර්යාලයට ලබාදීමට ගෝඨා පියවර ගෙන තිබිණි. ඒ අනුව එහි ‘අවලංගුයි’ යනුවෙන් සටහන් වූ මුද්‍රාවද එකල මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමට පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත් ප්‍රශ්නය පැන නැඟුණේ ජනාධිපතිවරණයේ නාමයෝජනා ලබාදෙන දිනය ළං වන විටදීය. ඒ වන විටත් පොහොට්ටුවෙන් අපේක්ෂකයකු නිල වශයෙන් නම් කර නොතිබුණද ගෝඨාභය ඉදිරිපත් වන බව කනින් කොනින් තහවුරු වී තිබිණ. එය නිල වශයෙන් තහවුරු කළේ 2019 අගෝස්තු 11 වැනි දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුවේදීය. එදින පොහොට්ටුවේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ නම් කෙරුණු අතර පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මහින්ද විසින් ගෝඨාභය නිල වශයෙන් නම් කරනු ලැබීය.
ගෝඨාභය ඉලක්ක කර ආණ්ඩුවේ සැබෑ ප්‍රහාරය එල්ල වීමට පටන්ගත්තේ ඒත් සමඟය. රාජ්‍ය මාධ්‍ය පමණක් නොව පෞද්ගලික මාධ්‍යයද උපයෝගි කරගනිමින් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කෙරුණු අතර ඉන් නැඟුණු ප්‍රබලතම චෝදනාව වූයේ ගෝඨා තවදුරටත් ඇමෙරිකානු පුරවැසියෙක් බවත්, ඇමෙරිකන් පුරවැසියකුට රටේ ජනාධිපතිකම ලබාදීමට රටේ ජනතාව සූදානම්ද යන්නත්ය.
ඒ සඳහා එකල ප්‍රධාන උදාහරණයක් ගෙනහැර පෑමට ආණ්ඩුව සමත් විය. ඒ ගීතා කුමාරසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහිමි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුවය. ගීතා 2015 පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් ලෙස දිවුරුම් දුන්නද පසුව එය අධිකරණය හමුවේ අභියෝගයට ලක්කෙරිණි. ගීතා අධිකරණයට කියා සිටියේ තමන් ඒ වන විට සිය ස්විට්සර්ලන්ත ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගැනීමට කටයුතු කර තිබූ බවකි. නමුත් දීර්ඝ නඩු විභාගයකින් පසු අධිකරණය 2017 මැයි 03 වැනි දින තීන්දු කළේ ගීතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහෝසි කිරීමටය. 19 වැනි සංශෝධනයට අනුව ගීතා පාර්ලිමේන්තුවට තේරී පත්වන විට ද්විත්ව පුරවැසියකු ලෙසට කටයුතු කර තිබීම ඊට හේතුව වී තිබිණි.
ඒ අනුව ගීතා උදාහරණයට ගනිමින් ආණ්ඩු පක්ෂය එදා දැඩිව කියා සිටියේ ගෝඨාද තවමත් ඇමෙරිකානු ද්විත්ව පුරවැසියකු බවත්, ගීතා අනුව යමින් ගෝඨාට ජනාධපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවත්, ඉදිරිපත් වූවත් එහි නීතිමය වලංගුභාවය පිළිබඳ ගැටලුවක් පැනනඟින බවත්ය.
මෙහි කූඨප්‍රාප්තිය දක්නට ලැබුණේ ජනාධිපතිවරණයට මාස එකහමාරක් තියා එනම් ඔක්තෝබර් 03 වැනි දින සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනකු වන ගාමිණී වියන්ගොඩත්, චන්ද්‍රගුප්ත තේනුවරත් ගෝඨාභයගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමත් සමඟය. එය අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනුණු අතර එහි තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවේ ජනාධිපතිවරණයට හරියටම මාසයක් තියාය. එනම් ඔක්තෝබර් 16 වැනි දිනය. එහිදී පිටු 43කින් යුත් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කරමින් අදාළ නඩුකරය ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය කටයුතු කිරීමත් සමඟ ගෝඨාභයට එරෙහිව පැවැති ප්‍රධානම චෝදනාව අහෝසි වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. එය ගෝඨාභයගේ ජයග්‍රහණයට ආණ්ඩු පක්ෂය විසින්ම කපාදුන් පාරක් වූ අතර ආණ්ඩු පක්ෂයට එම චෝදනාව භූමරංගයක් වී ආපසු කැරකී ගිය ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
ඒ සමඟම තවත් විශේෂ කරුණු 02ක් ජනාධිපතිවරණය කට මුල තියා ගෝඨාභයගේ වාසියට එළියට ආවේය. ඉන් පළමුවැන්න වූයේ ජනාධිපති නීතිඥ අලි සබි්‍ර විසින් මාධ්‍ය හරහා ඉදිරිපත් කළ ලියවිල්ලකි. එය ඉදිරිපත් කරමින් අලි සබි්‍ර කියා සිටියේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඉදිරිපත් කළ ලියැවිල්ල පිළිගෙන ඇමෙරිකානු රජය නිකුත් කළ ලියැවිල්ල මේ යැයි කියාය. නමුත් එයට අභියෝග කිරීමට ආණ්ඩු පක්ෂය කටයුතු කළත් එය ජනතාව හමුවේ තහවුරු කිරීමට ආණ්ඩු පක්ෂයට නොහැකි වීම විශේෂ කරුණක් විය.
දෙවැනි කරුණ වූයේ මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය මැතිවරණය කට මුල තියා නිකුත් කළ ප්‍රකාශයකි. එකල ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවය මහත් ආන්දෝලනාත්මක මාතෘකාවක් වෙද්දි සියලුම මාධ්‍ය උත්සාහ කළේ ඒ සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ මතය දැනගැනීමටය. ඒ අනුව ගෝඨාගේ පුරවැසිභාවය ඇමෙරිකාව විසින් ඉවත් කර ඇතිනම් එය ෆෙඩරල් රෙජිස්ටි්‍රයේ ඇතුළත් නොවන්නේ මන්ද යන කාරණය විමසා සිටි විට ඇමෙරිකානු තානාපති අලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය කියා තිබුණේ එසේ පුරවැසිභාවය අත්හරින ලද පුද්ගලයන්ගේ නම් ප්‍රකාශයට පත්වීමට තරමක් කාලයක් ගත විය හැකි බවකි.
ඇමෙරිකානු තානාපතිනියගේ මෙම ප්‍රකාශයද එකල ගෝඨාභයගේ ජයග්‍රහණයට කැපුණු අලුත් පාරක් විය.
ඒ අනුව ඇමෙරිකානු තානාපතිනිය කී පරිදිම පුරවැසිභාවය අත්හල ගෝඨාගේ නම ඇමෙරිකානු ෆෙඩරල් රෙජිස්ටි්‍රයේ ඇතුළත් වූයේ පසුගිය 08 වැනි දිනය. එනම් ගෝඨා ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී මාස 7කට ආසන්න කාලයක් ගතවීමෙන් අනතුරුවය.
නමුත් එදා ආණ්ඩු පක්ෂයේ සිට අද විපක්ෂයේ සිටින මංගලලා නැවැතත් ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ කාරණය කරළියට ගෙනැවිත් තිබේ.
“එහෙනම් ආයෙමත් ගෝඨාභයට එරෙහිව විපක්ෂය ද්විත්ව පුරවැසිභාවය අල්ලගෙන උසාවි යයිද?”
“ගීතාට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයේම ඉඳගෙන ද්විත්ව පුරවැසිභාවය හින්දා ගෙදර යන්න වුණා වගේ ගෝඨාටත් ජනාධිපති පුටුවේ ඉඳගෙන ද්විත්ව පුරවැසිභාවය හින්දා ගෙදර යන්න වෙයිද?
මේ ඔක්කොම තීන්දු වෙන්නේ විපක්ෂය ගෝඨාට එරෙහිව අදින ඊළඟ තුරුම්පුවත් එක්කය.

රටත්-ලෝකයත් රැවැට්ටුවා – නීතීඥ අජිත් පී. පෙරේරා

ජනාධිපතිවරණය වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇමෙරිකානු පුරවැසියෙක් බව අපි කීවට ඔවුන් ඒක නැහැ කියලා රටත් ජනතාවත් රැවැට්ටුවා. නාමයෝජනා ලබාදෙන්න කිට්ටු වෙද්දිත් අපි මේ ගැන ඇහුවාම ඔවුන් කීවා ඇමෙරිකානු රජයෙන් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරපු ලිපිය ලැබුණා කියා. එදා ඔවුන් දිනයකුත් සඳහන් කළා. හැබැයි ඒ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගන්න ඉල්ලුම් කරපු දිනය තමයි ඒ පෙන්නුවේ. ඒක වැරැදියි කියලා දැන් ඔප්පු වෙලා තියෙනවා. මොකද එතුමාගේ නම ඇමෙරිකානු ෆෙඩරල් රෙජිස්ටර් එකේ සඳහන් වන්නේ ජනවාරි 01 වැනිදා සිට මාර්තු 30 දක්වා කාලය තුළ ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරපු නාමලේඛනයේයි. ඒ නිසා මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා පේනවා. නමුත් මේ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර මොකක්ද කියලා අපි තවම සාකච්ඡා කරලා නැහැ.

පුරවැසි බවේ ප්‍රශ්නය ඉවරයි- නීතීඥ ප්‍රේමනාත් සී. දොලේවත්ත

ඉතාමත් සරලයි. මේ රටේ ජනතාව දැන් එතුමා රටේ ජනාධිපතිවරයා ලෙස පත්කරගෙන ඉවරයි. විපක්ෂයට දැන් කියන්න දෙයක් නැතිව තමයි ආපහු මේක ප්‍රශ්නයක් කරගන්න යන්නේ. මේක ගැන එදා බලයේ හිටපු අය අධිකරණය හමුවට ගියානේ. නමුත් අධිකරණය ඒ පෙත්සම ඉවත දැමුවා. අධිකරණය පිළිගත්තා එතුමාගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් මේ අප තර්ක කරන්නේ දිනය ගැනනේ. ඔප්පුවක් වුණත් වලංගු වෙන්නේ ඒ ඔප්පුව ලියපු දිනයේ ඉඳලයි. ඒක ලියාපදිංචි වෙලා ගෙදරට එන දිනය නෙවෙයි. මෙතනත් ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

මාධ්‍ය සංදර්ශන තියනවාද-රට අරින්නේ වැරදි වෙලාවෙද-විශ්‍රාම ගිහින් දේශපාලනයට එනවාද: චෝදනාවලට ජාසිංහ උත්තර දෙයි

Next Post

යුද ජයග්‍රහණයෙන් ජාතියට නිදහස ලැබුණා: රනිල්ගේ යූ.එන්.පී. එක නිවේදනයකින් කියයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

මේ වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියනයක විදේශීය ණය ගෙවීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. Sri Lanka Latest News...

Read more
යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.