• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

රට හදන හැටි: මේ සතියේ කබ්රාල්…

May 18, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
රට හදන හැටි: මේ සතියේ කබ්රාල්…
Share on WhatsAppShare on Facebook

අජිත් නිවාඞ් කබ්රාල් මහතාව බොහෝ දෙනකු හඳුනන්නේ මහ බැංකුවේ හිටපු අධිපතිවරයා ලෙසටය. 2006 වසරේ ජූලි මස 01 වැනිදා සිට 2015 වසරේ ජනවාරි 09 වැනි දින දක්වා දීර්ඝ කාලයක් ඒ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළේය. වරලත් ගණකාධිකාරවරයකු වන කබ්රාල් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයකු ලෙසින්ද ප්‍රකටය.
කොවිඞ් 19 හමුවේ බිඳ වැටුණු ලෝක ආර්ථිකය සහ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව අලුත් ආරක කතාබහක් ඇරඹීමේ පළමු පියවර “දැන් ඉරිදා මව්රට” ඔස්සේ අපි ඔබ වෙත ගෙන ආවෙමු. එම මාතෘකාව ඔස්සේ හිටපු මහබැංකු අධිපතිවරයා lanka lead news යූටියුබ් නාළිකාව සමඟ පසුගිය සතියේ දිනෙක අදහස් දක්වා තිබුණි. රටේ අනාගත ආර්ථිකය සම්බන්ධ වැදගත් කරුණු රැසක් ඒ හරහා ඉස්මතු වූ බැවින් එම සාකච්ඡාව මෙලෙස ඔබ වෙත ගෙන ඒමට අප අදහස් කළෙමු.
කොවිඞ් 19න් රෝගී වන රෝගීන් සුවපත් කර ගැනීමට ලෝකය උත්සාහ ගනිද්දී, කොවිඞ් 19න් ඇතිවන ආර්ථික බිය පලවා හරින්නේ කොහොමද?
මෙතැනදී අපි බලන්න ඕනෑ කොවිඞ් 19න් මොකක්ද අපිට වන බලපෑම කියන එක. දැනටමත් ඒ ගැන අපිට යම් මට්ටමක තේරුමක් තියෙනවා. කෙනෙක් ගෙන ඇහුවොත් හැමෝටම කොවිඞ් 19 බලපෑම වැටහිලා තියෙනවා. මූලිකව දැනුණේ සෞඛ්‍ය පැත්ත. සෞඛ්‍ය පැත්තෙන් හිතලා රෝගයෙන් වැළකෙන්න ඕනෑ කරන දේවල් අපි කෙරුවා. උපදෙස් පිළිපැද්දා. ඊට පස්සේ අපිට තේරුණා මේකෙන් තවත් බලපෑමක් තියෙනවා කියන එක. ඒ තමයි ආර්ථිකයට වෙන බලපෑම. ලෝකයේ ආර්ථික බලපෑම, රටේ ආර්ථික බලපෑම විතරක් නෙවෙයි, මිනිසුන්ට පුද්ගලිකවත් ඒ බලපෑම එන බව තේරුණා. පඩි අඩු වුණා. ව්‍යාපාරවල වෙළෙඳාම අඩු වුණා. බිස්නස් නැතත් පොලිය ගෙවන්න ඕනෑ වගේ බලපෑම් ගොඩක් දැනෙන්න පටන් ගත්තා.
භූමි කම්පාවක් ආවට පස්සේ එයින් වන හානියට වඩා පසු හානිය වැඩියි. ඒ හරහා භූ තල වෙනස් වීමෙන් සිදු වන තත්ත්වයන්ගෙන් ලොකු පාරිසරික වෙනස්වීම් සිදු වෙනවා. කොවිඞ් 19ත් එහෙම එකක්ද?
භූමි කම්පාවට වඩා මේකට ගංවතුර කියන උදාහරණය යොදා ගන්න මම කැමැතියි. ගංවතුර එද්දිම විශාල ව්‍යසනයක් සිදු වන බව අපි දන්නවා. ඒත් ඒක ඉවර වෙන්නේ කොතැනින්ද කියන්න අපි දන්නේ නැහැ. ගංවතුර ගලා ගෙන යනවා හැමතැනම. ඒ හින්දා ඒක ඉවර වෙන්නේ කොතැනින්ද කියන එක අපිට හිතා ගන්න බැහැ. කොවිඞ් 19ත් ඔය ප්‍රශ්නය තියෙනවා. මේක කොතැනින්ද ඉවර වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. දූවිල්ල ටික විනාශ වෙනකම් මොකක්ද වෙලා තියෙන විනාශය කියන එක අපිට පේන්නේ නැහැ. දැන් වෙමින් පවතින්නේ ඒක. දැන් ටික ටික විනාශය පෙනෙමින් තියෙනවා. අපි දැන් ඊළඟට මොකක්ද කරන්නේ කියන එක සැලසුම් කරන්න ඕනෑ.
මේ පවතින ආර්ථික විශාදයත් එක්ක රටේ විශාල පිරිසක් අනාත වෙලා. රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වෙලා. රැකියා විශාල ප්‍රමාණයක් අහිමි කරන්න සිද්ධ වෙනවා. මේකට තියෙන පිළියම මොකක්ද?
මෙතැනදී රැකියා අහිමි වීම යම්කිසි විදියක තාවකාලික සිදුවීමක් කියලයි මම හිතන්නේ. සදහටම සිදුවන දෙයක් නෙවෙයි. ඒ වුණාට දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඒක කොපමණ කලකටද කියන එක. හැබැයි ඒ ප්‍රශ්නෙට හරියට උත්තරයක් දෙන්න මට තවම බැහැ. මේකෙන් මිදිලා යථා තත්ත්වයට ලෝකය එනවා කියලා මම දන්නවා. ලොකු ව්‍යවසනවලට පස්සේ ලෝකය නැවත යථා තත්ත්වය ඇවිත් තියෙනවා. මේ ව්‍යවසනයෙන් පස්සෙත් ලෝකය යථා තත්ත්වයට ඒවි කියලා අපිට කියන්න පුළුවන්. ඒත් ඒ කාල සීමාව මේකයි කියලා අපිට කියන්න බැහැ. ඒ කාලය තුළදී අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියන එක තමයි වැදගත්.
රටේ ආර්ථික උත්පාදනය බලපෑම් සහගත ලෙස නැවතිලා. එතකොට මේ ආර්ථික උත්පාදනය නැවත සක්‍රීය කර ගන්නේ කොහොමද?
මම පිළියම් දෙකක් දකිනවා. පළමුවැනි දේ තමයි ව්‍යවසනය වෙන කාලෙදි අපි පොඩි ටයිම් අවුට් එකක් ගන්න ඕනෑ. අරගෙන ප්‍රශ්නයෙන් ඈත් වෙලා බලන්න ඕනෑ මේකෙන් වෙලා තියෙන විනාශය. අන්න ඒ අවස්ථාවේ තමයි අපි දැන් ඉන්නේ. දැන් අපිට පේනවා මේකෙන් බලපෑම්වලට යටත් වන ක්ෂේත්‍ර. කොයි ක්ෂේත්‍රද වැඩි බලපෑමට ලක් වෙන්නේ කියලා අපිට පේනවා. ඊට පස්සේ අපිට ඒ ගැන යම් වැටහීමක් ලබා ගන්න පුළුවන්. ද්‍රවශීලතාවය පිළිබඳ ප්‍රශ්නයක් එයි. සංචාරක ක්ෂේත්‍රය, ඇඟලුම් ක්ෂේත්‍රය, පිටරටවලින් ගලා එන ප්‍රේෂණවල වගේ යම් කිසි අඩුවීමක් පෙනෙන්නට පුළුවන්. ඒ පැත්තත් එක්ක යම් හිතකර දේවලුත් තියෙයි. තෙල් මිල අඩු වීම වගේ. තව ටික කලක් යද්දී මේ දේවලුත් වෙනස් වෙනවා. ඒ කාලය තුළදී මේකෙන් බැට කන අය, බැට කන ආයතන, බැට කන ව්‍යාපාර, කොහොමද අපි රැක ගන්නේ කියන එක ගැන තමයි අපි හිතන්න ඕනෑ.
ව්‍යාපාරවලට, ආයෝජනවලට බැංකු ණය දෙන්න කියලා රජය කිව්වට, ණය දෙන්න බැංකුවලට සල්ලි නැහැ?
ඉතා හොඳ ප්‍රශ්නයක්. ණය දෙනවා කියන්නේ කෙටි කාලීන විසඳුමක්. ණය පිට ණය දීමෙන් මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. දැන් බොහෝදෙනෙක් තමන්ගේ ණය සීමාවන්වලට ඇවිල්ලා තියෙන්නේ. එතැනින් එහාට තව ණය ලැබෙනවා කියන්නේ ණය පිට ණය ලැබෙන එක. එතකොට පරණ ණය ගෙවන්න ඕනෑ. පරණ ණය වෙනුවෙන් පොලිය ගෙවන්න ඕනෑ. අලුත් ණය ගෙවන්න ඕනෑ. අලුත් ණය වෙනුවෙන් පොලිය ගෙවන්න ඕනෑ. නමුත් ආදායම එතැනමයි. එතැන යම් කිසි ආකාරයක දුර්වලතාවයක් තියෙනවා කියන එක ඕනෑම කෙනකුට තේරෙනවා. අලුත් ප්‍රාග්ධනයක් එකතු කර ගැනීම තමයි මේකට විසඳුම. මම ඒක තමයි යෝජනා කළේ. අපි යම් කිසි අලුත් ප්‍රාග්ධනයක් එන විදියේ වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනෑ කියන එක. ඒ වගේම කෙටි කාලයක් සඳහා පොලිය පමණක් ගෙවලා මූලික ගෙවීම නොගෙවා ඉන්න තියෙනවානම් හොඳයි. එතකොට අර මම කලින් කිව්ව ටයිම් අවුට් එක ලැබෙනවා. එතකොට ඒ කාලසීමාව තුළදී ව්‍යාපාරිකයන්ව බේර ගෙන යන්න පුළුවන්. එතකොට බැංකුවලටත් ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නය අවම වෙන විදියට තමයි පොලිය විතරක් ගන්න කියන්නේ. එතකොට බැංකුවට එන ආදායම තියෙනවා. මහ බැංකුව බොහොම සීරුවෙන් ඒක අධ්‍යයනය කරන්න ඕනෑ. ඒ ගමන් මහ බැංකුවේ තියෙනවා ද්‍රවශීලතා අරමුදල කියලා එකක්. මම මහ බැංකුවේ අධිපතිවරයා විදියට ඉන්න කාලේ තමයි ඒක හැදුවේ. බිලියන එකහමාරකින් හැදුව අරමුදල අද වෙද්දී බිලියන හැට පහක් දක්වා වැඩි වෙලා තියෙනවා. මේ වගේ අවස්ථාවලදී බය නැතිව ඒක පාවිච්චි කරන්න ඕනෑ. නමුත් රෙගුලාසි මත රෙගුලාසි දාගෙන මේවා භාවිතා කරන්න බැරි තත්ත්වයක් තමයි බොහෝ විට ඇති වෙන්නේ. එතකොට අවශ්‍ය දේවල් කරන්න බැරි වෙනවා. කෙරෙන්න නම් එඩිතරව ඒ තීන්දු තීරණ ගන්න ඕනෑ. තීන්දු තීරණ අරගෙන සද්භාවයෙන් ඒවා කරන්න පුළුවන් වෙන්න ඕනෑ. නැත්නම් මේ පද්ධතිය රැක ගන්න බැහැ. අපි බැංකු ක්ෂේත්‍රයත් රැකගන්න ඕනෑ. මූල්‍ය ක්ෂේත්‍රය රැකගන්න ඕනෑ. ඒ ගමන් ව්‍යාපාර රැකගන්නට ඕනෑ. මේ සියලු දේම රැකගැනීම සඳහා ආර්ථිකමය වශයෙන් අපි හොඳ බැලන්ස් එකක් ගන්න ඕනෑ. ඒ සමතුලිතතාවය ගන්නේ කොහොමද කියන එක තමයි රහස.
ලංකාවේ අපනයන ආර්ථිකයෙන් වැඩි කොටසක් හිමි ඇමෙරිකාවට. චීනය හා සැසඳීමේදී ඒක විශාල වෙනසක්. ඒත් කොවිඞ් 19 නිසා අසරණ වුණු ඇමෙරිකාවෙන් හෙට ඒ ඉල්ලුම බලාපොරොත්තු වෙන්න බැහැ. ඒකට මොන වගේ උත්තරයක්ද තියෙන්නේ?
ඇමෙරිකාවේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි වෙන විකල්ප සොයන්නට ඕනෑ. ඇමෙරිකාවේ ප්‍රශ්නය ඒ ගොල්ලෝ විසඳගන්නවා. ඒක මම දන්නවා. නමුත් ඒ ප්‍රශ්නය තියෙන තෙක් අපිට ඒක විසඳෙනකම් ඉන්න බැහැ. ඒ නිසා ඉතාමත් කෙටි කාලයක් තුළ අපි වෙන විසඳුම් සොයන්න ඕනෑ. ගොඩක් වෙලාවට විසඳුම් නැති වෙන්නත් පුළුවන්. ඒ වුණාට අපි හෙව්වේ නැති වුණොත් අපිට මේ ගමන යන්නට බැහැ. අපිට තියෙන කැපෑසිටි එක ඇතුළේ ඒක පාවිච්චි කරන්න පුළුවන් රටවල් මොනවද කියලා අපි හොයන්නට ඕනෑ. චීනයත් එක්ක අපිට යම් කිසි ගනුදෙනුවක් තියෙනවා නම් කොහොමද ඒක කර ගෙන යන්නේ. වැඩි කලක් යන්නට කලින් චීනයෙන් සංචාරකයන් අපිට ගේන්න පුළුවන් නම් අපි එතැනට යොමු වෙන්නේ කොහොමද. ගුවන් මෙහෙයුම් අපි කොහොමද පටන් ගන්නේ. ඒ වගේ තීරණවලට අපි ඉතාමත්ම ඉක්මනින් යොමු වෙන්නට ඕනෑ. එහෙම වුණොත් අපිට මේකෙන් සිදු වන පාඩුව අවම කර ගන්න පුළුවන්.
දැන් අපේ ආර්ථික මොඩලය වෙනස් කරන්න වුවමනායි කියලා ඔබ හිතන්නේ නැද්ද?
යම් තැන්වලදී අපිට හොඳ පාඩම් ටිකක් ඉගෙන ගන්න පුළුවන් වෙලා තියෙනවා කියලා මටත් හිතෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් කෘෂිකර්ම ක්ෂේත්‍රය තවදුරටත් වර්ධනය කර ගන්න පුළුවන් කියන එක අපිට පැහැදිලිව පෙනී යනවා. අපේ රටේ දළ දේශීය නිෂ්පාදන ගත්තොත් රුපියන් ටි්‍රලියන පහළොවක් විතර තමයි තියෙන්නේ. ඒකෙන් ටි්‍රලියන එකක් විතර තමයි කෘෂිකර්මය. අපිට ඒක වැඩි කරගන්න පුළුවන්. ඒත් කෘෂිකර්මයෙන් පමණක් මේකෙන් ගොඩ එන්න පුළුවන් කියලා අපි හිතන්න නරකයි. කෘෂිකර්මයේ යම් පිරිසක් රැඳිලා ඉන්නවා. ඒ ක්ෂේත්‍රයේ කටයුතු කරනවා. ඒත් එක්කම කෘෂිකර්මය හරහා අපේ දළ දේශීය නිෂ්පාදනයට ලබා දෙන දායකත්වය ටි්‍රලියන එකයි. ඉතිං සමහර විට ඒ ටි්‍රලියන එක දෙගුණ කරන්නට තරම් අපිට වෑයම් කරන්න සිදු වෙනවා. මොකද අපේ රටේ ආහාර සුරක්ෂිතභාවය රැක ගන්නට ඕනෑ. දැන් තමයි ඒක බොහෝ දෙනකුට තේරෙන්නේ. 2005දි මහින්ද චින්තනය හදන කාලෙදි මට මතකයි ආහාර සුරක්ෂිතභාවය ගැන කතා කරද්දී සමහර අය අපිට විහිළු කෙරුවා. මොනවද මේ කතා කරන්නේ මේවා වෙන රටවලින් ගේන්න පුළුවන් කියලා කිව්වා. ඒත් අපි ඒ මතයේ හිටියා. දැන් පිටරටවලට බඩු එවන්නේ නැහැ කියලා සමහර රටවල් කියලා තියෙනවා. විශේෂයෙන්ම කෑම බීම. ඒ නිසා අපි ඒ පාඩම ඉගෙන ගෙන අපේ රටට අවශ්‍ය වන ආහාර භෝග අපි වගා කරන්නට කටයුතු කරන්නට ඕනෑ.
රටේ ආහාර සුරක්ෂිතතාවය ග්‍රාමීය ආර්ථිකයත් එක්ක ගැඹුරින් ගැට ගැහෙන්න ඕනෑ නේද?
ගැට ගැහිලා ඒක තව දුරටත් වැඩි කරන්න ඕනෑ. අපි දන්නවා අපි ආනයනය කරන ආහාර භෝග රාශියක් තියෙනවා. ඒකෙන් කොටසක් අපිට අපේ රටේම හදන්න පුළුවන්. 100%ක් කියලා මම කියන්නේ නැහැ. නමුත් කොටසක් පුළුවන්. අපි ආනයනය කරන ඖෂධ තියෙනවා. එයින් කොටසක් අපිට හදන්න පුළුවන්. අපි ආනයනය කරන තවත් භාණ්ඩ සහ සේවාවන් රාශියක් තියෙනවා.
ඔබ හොඳ තැනකට එනවා. දැන් රටේ සහල් උත්පාදනයක් තියෙනවා. අපිට හාල් පිටි හදා ගන්න පුළුවන්කම තිබිලත්, අපි තිරිඟු පිටි පමණයි ගෙන්වන්න හදන්නේ. අපිට හොඳ කිරි සම්පතක් තියෙනවා. ඒත් අපි කිරිපිටි තාම පිටරටින් ගෙන්වා ගන්නවා. ඇයි රජය එවැනි දේ වෙනුවෙන් හරි තීරණයක් ගන්නේ නැත්තේ?
මං හිතන්නේ දැන් අරන් තියෙනවා. ඒ වගේම තමයි මත්ස්‍ය සම්පත. අපේ රට දූපතක්. දූපත වටේ ඕනෑ තැනකින් අපිට මාළු අල්ලන්න පුළුවන්. ඒත් අපි මාළු ගෙන්වනවා. ඒක ඇත්තටම ලැජ්ජාසහගත ක්‍රියාවක්. ඉතිං ඒ වගේ අපිට මෙහෙ කරන්න පුළුවන් දේවල් අපි මෙහේ කරන්නට ඕනෑ. අපි ඒ දේවල්වලට යොමු වෙලා මදි. යම් ආකාරයකින් යොමු වුණත් ඒ ආව ගැම්ම 2014 දි නැවතුණා. නැවත වරක් ගැම්මකින් ඒක පටන් ගන්න දැන් හොඳ අවස්ථාවක් තියෙනවා. මේකෙන් හොඳ දේවල් දෙකක් වෙනවා. පළමු එක අපිට අවශ්‍ය දේවල් රට තුළ නිෂ්පාදනය කර ගන්න අපි උනන්දු වෙනවා. දෙවැනි එක අපිට ඒ වෙනුවෙන් වැය කරන්න සිදු වෙන විදේශ විනිමය රට තුළ ඉතිරි වෙනවා.
එදා සිරිමාවෝ මැතිනියගේ ආරක්ෂණවාදී කෘෂි ආර්ථිකය, එදා සිට පිරිස් විවේචනය කළාට කොවිඞ් 19න් බැට කන සමාජය ඒ ආර්ථිකය දැන් ඉල්ලනවා නේද?
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයෙයි අද තියෙන තත්ත්වයෙයි යම් කිසි සමානත්වයක් තියෙනවා. ඒ වුණත් ඒකේ වෙනසකුත් තියෙනවා. වෙනස තමයි බණ්ඩාරනායක මැතිනියගේ කාලයේදී අපි තත්ත්ව පාලනය ගැන සැලකිලිමත් වුණා මදි. අපේ රටේ නිෂ්පාදනය කරපු බොහෝ දේවල් පිටරට ඒවා එක්ක බලද්දී බොහෝ දුර්වල මට්ටමක තමයි තිබුණේ. ඒවා බොහෝ දෙනෙක් පිළිගත්තේ නැත්තේ ඒ හින්දා. ඒ නිසා තමයි ඒ අප්‍රසාදය ගොඩ නැඟුණේ. මේ සැරේ ඒ වැරැද්ද කරන්න නරකයි. මේ සැරේ අපි මොන දේ මේ රට තුළ සිදු කළත්, ඒක ජාත්‍යන්තර මට්ටමින් කරන්න තමයි අපි බලන්න ඕනෑ. මොනවගේ ඇපල්ද තියෙන්නේ, මොන වගේ මාළුද අල්ලන්නේ කියන එක අද හැමෝම දන්නවා. ජාත්‍යන්තරයේ තියෙන ඒවාට වඩා නරක දේවල් අපි දෙන්න පටන් ගත්තොත් ජනතාව තුළ අප්‍රසාදයක් ගොඩ නැගෙනවා. ඒක නොහැදෙන්නට නම් අපි ඒ තත්ත්ව පාලනය ගැන සැලකිලිමත් වෙන්නට ඕනෑ. අපි අපේ ව්‍යාපාරිකයන්ට, නිෂ්පාදකයන්ටත් ඒක පැහැදිලි කරලා දුන්නොත්, මට හිතෙන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලේ තිබුණු ඒ දුර්වලතාවය අපිට මඟ හරවගන්න පුළුවන්. මම මේ එතුමිටය දොස් නඟනවා නෙවෙයි. ඒක තමයි ඒ කාලේ තිබුණු රටාව. මේ සැරේ ඒ වැරැද්ද නොකෙරුවොතින් අපිට ඒක ඉතාම හොඳින් කරන්න පුළුවන් වේවි කියන එක තමයි මගේ අදහස.
අපිට විහිළු කරන්නේ නැති ආර්ථිකයක් අවශ්‍යයි. සෞභාග්‍යා ශ්‍රී ලංකා කියලා ගෙවල්වලට ඇට බෙදුවම මේ කෘෂි ආර්ථිකය ගොඩ නැගෙනවද?
අපි දැක්කා විවිධ රටවල්වල අලුත් නිර්මාණයන් හදනවා. තොරතුරු තාක්ෂණය ඔස්සේ අලුත් දේවල් සිදු වෙනවා. දැන් ඒවට අපේ තරුණ පරපුර යොමු වෙනවා. ඒ අය ඒකට කැමැතියි. අපිත් ඒක දකිනවා. එවැනි තත්ත්වයක අපේ තරුණ පරපුරට එවැනි මාවත්වලට යන්න අපි ඉඩ ප්‍රස්ථාව ලබා දෙන්න ඕනෑ. ඔවුන් දිරිමත් කරන්න ඕනෑ. ඒ වගේම දැනට තියෙන සමහරක් ක්ෂේත්‍ර වුණත් මීට වඩා කාර්යක්ෂමව කරන්න හැකියාව තිබෙන බව අපිට පේනවා.
කොවිඞ් 19 හරහා ලංකාවට අලුත් ආයෝජන අවස්ථා විවර වෙලා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කරල බව අපි දැක්කා. එහෙම පාරවලුත් එන්න හැකියාවක් තියෙනවද?
එහෙම පාරවල් තියෙනවා. හැබැයි ඒවා තාවකාලික වෙන්නත් පුළුවන්. ඒවා සදහටම පවතින එකක් නැහැ. මොකද මේ ලෝකය වෙනස් වෙනවා. ලෝකය වෙනස් වුණාට දැන් තිබිච්ච ටේ‍රන්ඞ්ස් තියෙනවනේ, දැන් තියෙන දිශාවක් තියෙනවනේ. ඒ දිශාව ඉතාමත්ම දැවැන්ත ලෙස වෙනස් වෙන එකකුත් නැහැ. මුළු ලෝකයම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා කියලා අපි හිතන්න නරකයි. සංචාරක ක්ෂේත්‍රය නැවත එයි. නැවත ගුවන් සේවා පටන් ගනියි. නැව් යන්න පටන් ගනියි. බඩු භාණ්ඩ තිබුණු විදියටම යන්න පටන් ගනියි. නැවත වරක් වාහන අපනයන, ආනයනය පටන් ගනියි. මුළු ලෝකයම කඩන් වැටුණා කියලා අපි හිතන්න නරකයි. අපිට යම් ආකාරයක බාධාවක් සිදු වුණා. ඒත් මේ බාධාව ස්ථිර එකක්ද, තාවකාලික එකක්ද කියන එකයි අපි තේරුම් ගන්න ඕනෑ. සමහරක් ඒවා ස්ථිර වශයෙන්ම වෙනස් වෙයි. හැබැයි ආර්ථික කෝණයෙන් බලද්දී ඒ වෙනස තාවකාලිකයි කියලයි මට හිතෙන්නේ. ඒ වෙනස තාවකාලිකයි නම් ඒ ක්ෂේත්‍ර අපි රැක ගන්න ඕනෑ. ඒ ක්ෂේත්‍ර නැවත අපි පණ නංවන්න ඕනෑ. යම් කිසි ආකාරයක ගින්නක් ඇවිල්ලා පැළයක් මැරුණා. මැරුණට මුල තියෙනවා. පැළේ මැරුණයි කියලා අපි මුලත් අරන් දාන්න නරකයි. වතුර ටිකක් දාලා කොහොම හරි ඒ මුල නැවත පැළ වෙන්න අපි ඉඩ හරින්න ඕනෑ. පැළ වුණාම නැවත වරක් අපිට ඒක භුක්ති විඳින්න පුළුවන්.

SendShareShare
Previous Post

කෝටිපති ධම්මික පෙරේරාගේ අනාවැකියක් හරි යයි

Next Post

මාධ්‍ය සංදර්ශන තියනවාද-රට අරින්නේ වැරදි වෙලාවෙද-විශ්‍රාම ගිහින් දේශපාලනයට එනවාද: චෝදනාවලට ජාසිංහ උත්තර දෙයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.